IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


දෙමස්සිනෝ කපා කොටා ගනිති

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට තෙප්පනාව කලුකැලේ ප්‍රදේශයේ අධික ලෙස බීමත් දෙමස්සිනාලා දෙදෙනෙක් අතර  ඇතිවූ ආරවුලකින්  බරපතල කැපුම්තුවාල ලැබූ  ඒක් අයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ තෙප්පනාව, කලුකැලේ ලිපිනයේ පදිංචි හඳගලගේ වික්‍රමරත්න (53) යන අයයි. තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මියගිය තැනැත්තා තිදරු පියෙක් බව පොලීසිය කීවේය. දරු තිදෙනාත් බිරිඳත් අතහැර වෙනත් කාන්තාවක සමග ජීවත්වන්නේ යැයි ද තුවාල ලැබූ තැනැත්තා මරණකරුගේ නංගී කෙනෙක් සමග විවාහවී සිටි තැනැත්තා බවද පොලීසිය සදහන් කළේය.

තුවාලකරුට පසුගියදා මැණික් ගලක් ලැබී එය විකුණා යම් මුදලක් අතමිට තිබී ඇත. සිද්ධියවූ 05දා රාත්‍රී ඔහු බීමත්ව ඔහුගේ මුල් විවාහක බිරිද සිටි නිවසට ගොස් තිබේ. ඒවන විට ඇය දරුවා සමග ජීවත් සිට ඇත්තේ ඇගේ මවගේ මහ ගෙදරය. ඇගේ සහෝදරයන් කිහිප දෙනෙක් එම නිවසේ ජීවත්ව සිටින බව ද පොලීසිය පැවසුවේය.

සැකකාර තුවාලකරු එහි එනවිට මරණකරු ද එම නිවසට පැමිණ සිට තිබේ. ඒ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී දෙදෙනාම තියුණු ආයුධවලින් කපාකොටාගෙන ඇති බවට තොරතුරු ලැබුණ බව ද පොලීසිය කීවේය.

බරපතල තුවාල ලැබූ දෙදෙනාම රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ පසු වික්‍රමරත්න යන තැනැත්තා මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය.

 



අදහස් (3)

දෙමස්සිනෝ කපා කොටා ගනිති

Raveendra Monday, 06 September 2021 02:19 PM

පැරණි කියමනක් තියෙනවා "ළිඳට බහිනකොට ලණුව අතට දෙන්නේ තමන්ගේ මස්සිනාට විතරයි කියලා". මක්නිසාද යත් ඒ තරමටම මස්සිනා විශ්වාසයි... ලණුව කිසිවිටකත් අත්නොහරින බව. ඒ සියල්ල අද කාලයට නොගැලපෙන්නේ ගිනිවතුර සංස්කෘතිය අප රටේ ඉහළින්ම වැජඹෙන බැවිනි..

:       1       18

kamal Monday, 06 September 2021 02:36 PM

රටේ ප්‍රශ්න මදිවට

:       0       10

Hafeel Monday, 06 September 2021 05:18 PM

රට පුරා තව තවත් සුරාබදු සැල් විවෘත කරන්න. මේ පාර්ලිමේන්තුවේ බොහෝ අයට විවිධ නම් වලින් සුරාබදුසැල් තියනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 710 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1741 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 818 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 716 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1047 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 500 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site