IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙමළ මහා සෑය පිළිසකර කරයි

පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතිය අරමුදල අද ඇරැඹීය.

1982 දී ඇරැඹුණු ප්‍රතිසංස්කරණ අතර මග නතර වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනපති අණින් මෙවර ප්‍රතිසංස්කරණය කැරෙන බව අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ රණවීර මහතා කියයි.

අඩි 1950ක වට ප්‍රමාණයකින් යුත් සෑයේ උස අඩි 625කි. මුල් අදියරේ දී අඩි 500ක් හෙවත් සෑයෙන් හතරෙන් එකක් සංරක්ෂණය කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

දෙමළ මහා සෑය පිළිසකර කරයි

සුනිමල් Friday, 07 March 2014 10:04 AM

ජගත්, නිමල් ලලිතා ඔයාල නියම ලාංකිකයෝ. අපේ රටේ අපේ ඉතිහාසයට ඕනේ ඔයාල වගේ යුග පුරුෂයෝ. අනේ වාසනාවන් පොතක් පතක් කියවලාවත්, ඉතිහාසය කෙසේ වෙතත් පොඩි පොඩි දේවල් ටිකක් වත් ඉගෙන ගන්න.(නදී)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 10:09 AM

මන්නාරමේ හමුවූ ඇටකටු වසර 50ක් හෝ 60ක් වන නිසා පුරා විද්‍යාවට බාර කළා වගේම දෙමළ සෑයේ කාල නිර්ණායකය ද නන්දිකඩාල් වල මියගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් නම හා සසඳා තීරණයක් ගනු ඇත.(නදී)

:       0       0

විද්‍යා Saturday, 08 March 2014 03:49 AM

බලාගෙන නිදන් එහෙම ඇති.(නදී)

:       0       0

මගලී පොන්සේකා Friday, 07 March 2014 12:59 PM

සුනිමල් ජගත් නිමල් ඇහුවේ නොදන්නා දෙයක්.ඉතින් ඔයා දන්නවා නම් කියන්නකෝ. මම දන්නෙත් නැ.මොකක්ද සිංහල සෑය කියලා දෙයක් නැහැ. ඉතින් දෙමල සෑය උනේ කොහොමද. ඔව් ඔයාම කියන්න එහෙම උනේ කොහොමද කියලා.(නධී)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 11:45 AM

කෙනත් වැනි දේශප්‍රේමී උගතෙකුගෙන් වැඩක් ගන්න එක දේශපාලඥයෙක් හෝ තානාපති කෙනෙක් මේ වන තුරු උත්සාහයක් ගෙන තිබේද? ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පැන නගින ප්‍රශ්නවලදී "මුදලාලිලාගේ" සහයෝගය ගන්නවා වෙනුවට දැන්වත් රජය කෙනත් වැනි රටින් පිට ජීවත්වන අවංක උගතුන්ගේ සහය ලබා ගත යුතුයි.(නදී)

:       0       0

චින්තක Friday, 07 March 2014 02:04 PM

දෙමහල් සෑය කියන එක තමයි අපේ මිනිස්සු දෙමල මහ සෑය කියා කියන්නේ.(නදී)

:       0       0

ජගත් සෞදි Thursday, 06 March 2014 06:53 PM

දෙමල මහා සෑය යනු කුමක්ක්ද? දන්නා කෙනෙක් තේරුම් කර දෙන්න පුලුවන්ද? (නදී)

:       0       0

රොෂාන් Friday, 07 March 2014 03:27 AM

අනේ සාදු! (නදී)

:       0       0

නිමල් ලලිතා Friday, 07 March 2014 08:15 AM

මොකක්ද මේ දෙමල මහා සැය කියන්නේ ? (නදී)

:       0       0

කවී Friday, 07 March 2014 09:10 AM

මහා පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවේ සෝලි රාජධානිය ආක්‍රමණය කිරීමෙන් පසු එරටින් ගෙන එන ලද දෙමළ සිරකරුවන් ලවා මෙම ස්ථුපය කරවන ලද නිසා මෙයට 'දමිළ මහා සෑය' යනුවෙන් නම ලැබුණු බව ජනප්‍රවාදයේ පවතී. එමෙන්ම, මෙම ස්ථූපය මහල් දෙකකින් ඉදිකල හෙයින් 'දෙමහල් සෑය' ලෙස දක්වා පසුකලෙක එය 'දමිළ මහා සෑය' වූ බවද සඳහන් වේ. (අ)

:       0       0

නිලන් Friday, 07 March 2014 09:37 PM

උස අඩි 625 ක් නෑ. මේක පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවෙන් ගෙනාපු සිරකරුවන් යොදවා හදපු නිසා දෙමළ මහා සෑය කියන්නේ. දැනට මේකේ උස අඩි 60 ක් විතරයි. පේසා වළලු දක්වා විතරයි ඉදිකරලා තියෙන්නේ. රජුට සමකාලීනව තිබුනු දේශපාලන අර්බුද එක්ක මේකේ වැඩ අවසන් කරගන්න බැරි උනා. දැනට මේ සෑය පොළොන්නරු ගල් විහාරය ලග දකින්න ලැබෙනවා.(නදී)

:       0       0

කෙනත් (යු.එස්.ඒ) Friday, 07 March 2014 09:50 PM

දෙමල මහා සෑයේ ඉතිහාසය මෙසේයි. මෙය ඉදිකළේ පොළොන්නරු යුගයේ මහා පැරකුම්බා රජුයි. (ක්‍රිස්තු වර්ෂ 1153-1186). එකල දකුණු ඉන්දියාවේ සොලී (දෙමල ) බලය වැඩිවීමත් සමග ලංකාවෙන් උදව් ඉල්ලීමට පාණ්ඩය රාජධානියට සිදුවුණා. මහා පැරකුම්බාවන් සිංහල හමුදාව ලංකා දණ්ඩනාතයන් යටතේ දකුණු ඉන්දියාවට යවා පාඩි රට මුදා ගෙන, සොලී රටට පහරදී පරාජය කලා. මේ වනවිට අද තමිල්නාඩු ප්‍රාන්තයම පාහේ සිංහල රටට යටත් ප්‍රදේශයක් වුනා. පෙර කාලවලදී (විජයබාහු කලා ) සොලීන් ලංකාවට කල හානියට දඩුවමක් ලෙස විසාල සොලී සිරකරුවන් පිරිසක් ලංකාවට ගෙනවිත් ඉන්දියාවට පෙනෙන තරම් උසට සෑයක් තනවන්ට රජුට ඕන වුනා. නමුත් පේස වළලු 3න් පසු එය සම්පුර්ණකර ගත නොහැකිව අතහැර දැමුවා පැරකුම්බාවන් බුරුමය යටත් කිරීමට ගිය නිසා. පසුව මෙය මත කුඩා සෑයක් පසුකලෙක ඉදි වුනා. "දෙමහල් සෑය" යන්නම පසුව දෙමල සෑය වුනා. දෙමල අය ලවා ඉදිකළ නිසා මේ නම ලැබුන බව තවත් මතයක්. මෙය සම්පුර්ණ උනානම් අඩි 570ක් උස වෙනවා. රුවන්වැලියත් උස අඩි 300යයි. ලොව විශාලම බෞද්ධ ස්මාරකය මිනිසා විසින් තැනු ලොව විශාලම ගඩොල් ගොඩනැගිල්ල වෙනවා.(නදී)

:       0       0

කෙනත් (යු.එස්.ඒ) Friday, 07 March 2014 10:05 PM

මේ අනුව පොළොන්නරු යුගයේ වත්මන් තමිල්නාඩුව සිංහල ද්වීපයට යටත් ප්‍රදේශයක් වීම නිසා ජාතිවාදයට විරුද්ධව ප්‍රති තර්කයක් නිර්මාණය කරගත හැක. කාලිංග මාඝ යුගයේ සහ මුල් පෘතුගීසි යුගයේ උතුරේ පැවති දෙමල රජයක් ගැන කියමින් , දෙමල නිජබිමක් ගැන සිහින මවනවා නම්, අපට කියන්න පුළුවන් තමිල්නාඩුව එකල ලංකාවේ කොටසක් බව. සිංහලයන් යටතේ පාලනය වුවක් බව. ඒ නිසා එය ලංකාවට අයත් බව. නමුත් අපි දන්නවා යම් භූමියක අයිතිය ඇදෙන්නේ එහි සිෂ්ඨාචාරය ගොඩනගපු ජන වර්ගයට බව. ඒ නිසා දෙමල සිස්ඨාචාරය වන සොලී රට වරක් අල්ලාගත් පමණින් එය අපේ නිජබිමක් ලෙස දක්වන්න සිංහල අපි මුද්ගයන් නොවෙමු. මෙලෙසින්ම සිංහල සිස්ඨාචාරයේ හදවත බදු උතුරු නැගෙනහිර වරක් අල්ලාගෙන හිටි පලියට එය දෙමල නිජබිමක් නොවන බව දැනගත යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2155 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2215 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2777 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5803 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1901 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6545 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18470 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 90 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site