‘හෙට අපේ‘ යන තේරුම දෙන දෙමළ ගීතයේ තනුව වාදනය කැරුණු පෙරහරකින් යාපනය මුනියප්පර් කෝවිලේ සිට වීරසිංහම් ශාලාවට පැමිණි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ඊ ටී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැමිණ නොසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න දීපු අත හපාකන්න එපා (නි)
සියලුම ජාතිකය හා රජයේ උත්සවවල ජාතික කොඩිය ජාතික ගීය අනිවර්යය කළ යුතුයි (අ)
දැනටම උතුර දීල කියල තේරෙන්නේ නැද්ද? පුදුම බයක් ආණ්ඩුවට තියෙන්නේ? ඒ ඇයි? ඔච්චර බලයක් එයාලට දුන්නේ සැපවිඳ විඳ ඉන්නද ? රටටම නීති හදන්නද? රුවන් කියන විදියට රටේ සල්ලිත් තවත් දෙන්නේ ඇයි? මෝඩයෝ කියලා මෙහෙමත් ඔලුව අල්ලගන ඉන්නවද? බලතන්හාව ද? හැබැයි අනිත් පක්ෂ වලට ගියොත් ඔයිට වඩා විනාසයක් කරන්නේ. කියල බලමු මෙයාලට. ගොටාභය කොහෙද? විග්නේශ්වරන් දිවුරුම් දීල නැහැ නේද? ඇමරිකාවට මෙච්චර බය ඇයි? අනේ සිංහල රටට යන කල. හරි මිනිස්සු ඉන්නවා නම් කොයි තරම් දියුණු කරන්න පුලුවන්ද?(දිල්)
උතුරේ නිපදවන දේ දකුණේ අයම නේද කන්නේ? මේවත් හිතන්න මිනිසුනේ..එයාලට මේ තරම් රටට නින්දා කරන්න දීල බලන් ඉන්නේ කවුද කියලා හිතන්න. කළගුණ නැති බව දන දැනම තවත් යටවෙලා ඉන්නේ ඇයි? මේවද ළමයින්ට දෙන ආදර්ශ? (දිල්)
චානක , මේ අය බටහිරයි ඉන්දියාවටයි වදිනවා. ආවේග අපේ ආණ්ඩුවට විතරයි. අපි ඔලුව නමන එකයි කැත. (දිල්)
ජාතික කොඩියත් නැහැ. පෝස්ටරයේ සිංහල අකුරක්වත් නැහැ ...? (නි)
අරගොල්ලෝ මුදල් දෙනවා. ඒවායින් තව කට්ටියක් සැපවිඳිනවා. (නි)
කැලේ මුවන් ගොයම් කෑවහම මුව හමට තඩි බාපල්ලා. සන්තක දේ ඇස්සට දීල දත නියවන්න පුරුදු වෙච්ච නිවට රැලක් රට කරනවා. ජාතික කොඩිය ඔසවන්න බැරි රජයට සම්බන්ධ ආයතන තිබෙන්න පුලුවන්ද? එසේ නොකරන එවැනි ආයතන නිත්‍යානුකුලද? මම රටේ පාලකයා නම් මෙහෙව් නොහොබිනා වැඩ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. බැරිනම් වහ කනවා. (නදී)
රටේ අවාසනාව. අර පිල්ලේ නෝනටත් නිදහස් මන්දිරයේ බෞද්ධ කොඩිය විතරක් තිබුන එක පෙනුනට, උතුරු පළාත් සභාවේ බැනර් එකේ දෙමළ විතරක් තිබුන එක කන්නාඩි දැම්මත් පෙනෙන එකක් නැහැ. (නි)
තවත් යම් විනාශකාරී ක්‍රියාදාමයක ආරම්භයක්ද යන්න මගේ හිතට දැනෙනවා(මම කිවුවේ මට හිතෙන දේ) (නි)
ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.යී.එක උත්සහ කෙරුවේ ලංකාවෙ කොටසක් අත්පත්කරගෙන ස්වයං පාලනයක් ආණ්ඩුවක් පිහිටවීමටය.නමුත් යුද්දයෙන් බැරි වුණදේ ඡන්දයකින් ලබා ගත්ත.වෙනසකට තිබෙන්නේ කොටි යුද්දය දිනුවා නම් උතුරේ සංවර්ධනය ඔහුන් විසින්ම සිදුකලයුත්යි.(අ)
යම් යම් වාසි ගැන නොතකා වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි (නි)
මෙම සංඛ්‍යාවෙන් කියා තිබෙන දෙය හිතාගන්න පුළුවන් අපිට (නි)
කෝ හින්දු පූජකතුමන්ලා නැද්ද? (නි)
පානදුරේ වැඩි හරියක් ඉන්නේ සිංහල බෞද්ද ජාති වාදීන් කියල මතයක් තියෙනවා ද චමිල. ඔබේ ජාතික කොඩිය සේවිල්ලෙනුත් එක පෙනෙනවා.කොහොම වුණත් ඔබේ මතය හරි.ඔබ සැමට ජයෙන් ජය. (අ)
කෝ බොදු බල සේනා ? (දිල්)
දිව්රුම් දුන්නේ මොනවා කියලද? (අ)
මම අගයකරනවා ඒ උත්සහයට
මේ දිව්රුම් දෙන වැඩසටහන අධීක්ෂණය කරන්න ඕනෑ ආණ්ඩුවෙන් නේද? මොකද කාලයක් යුද්ධයක් පැවතුන පැත්තක පළමුව මේ වගේ වැඩසටහනක් කරනකොට න්‍යාය පත්‍රයක් දෙන්නයි තිබුණේ. ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම,.... ලෙසින්. (නි)
හෙට අපේ කියමින් ජාතික කොඩියත් නැතිව දෙමළ භාෂාවෙන් පමණක් ඇති බැනරයක් සමඟ දිවුරුම් දිලා තියෙන්නේ ඊළාම් සිහිනය බලාගෙන වෙන්න ඇති. මෙකී දෙමළ ජාතිවාදය.සිංහල අයිතිය ගැන කතා කරන අයට ජාතිවාදීන් කියන ද්‍රෝහියන් ටික දැන් මොකද කියන්නේ. (ස)
වැරැද්දක් කියනවා නොවේ, බලන්න පළමු ඡායාරූපයේ පෝස්ටරය දිහා, ඒකේ තියෙන්නේ එක භාෂාවක් විතරයි. දකුණු පැත්තේ ඔහොම උනානම් කෑගහන්න එන් ජී ඕ නඩ ගොඩයි, වාසු මහත්තයත් පෙරටම එයි, මස්සිනා හින්දා කෑගහන්නත් බෑනේ (දිල්)
භාෂා තුනෙන්ම හැමතැනම වැඩ කරන්න ඕනි දකුණේ විතරද? අනේ වාසු.. නොදිටි උතුර ...(දිල්)
කමල් ඒ විතරක් නෙවේ ජාතික කොඩිය පෙන්නත් නෑ(දිල්)
ලංකාවේ ජාතික කොඩිය ඕනේ නේද ජාතික උත්සව වලදී. කෝ මේ අනිත් පක්ෂවල අය?තත්ත්වය බාල කරගෙන නේද? ඔය වැඩේ බොහොම උසස් විදිහට කලානම් තම හොඳ. (දිල්)
කමල් ගේ කතාවේ ඇත්තක් තිබෙනවා . (ත)
අනිත් පළාත් සභා වල වගෙම ව්‍යවස්ථාව රකිනවා කියලද දිවුරුවෙ?? (ස)
පුලුවන්නම් ජයලලිතාගේ කරුණානිධිගේ මාලු හොරු ටික නවත්වල තමන්ගේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසදන්න. මාලු හොරු ගැන ඔය අය කිසිවෙක් කථා කරන්නේ නැහැ. බැරි වෙලාවත් ලංකාවේම දකුණෙ මිනිස්සු ඔහොම මාලු ඇල්ලුවා නම් තමයි වැඩේ. (ස)
හැම දෙයක්ම බලන්න බැරි බව මොලේ කලදක්වත් තිබෙන අපට තේරෙනවා, අතපසුවීම් සිදුවන බවත් පිළිගන්නවා. ඒත් දකුණෙන් නොදැන හෝ වැරදක් උනොත් ලොකු වරදක් විදියට දකින අය වැඩ වරද්දන්න හොද නැහැ නේද? සස හරි ජාතික කොඩිය පේන්නත් නැහැ එය විශාල වරදක්. කෝ මේ සර්ව ආගමික පූජකවරු වෙන ඡායාරූපයක හරි තියනවාද? හැබැයි උත්සවය සරළයි, චාම් අගේ කල යුතුයි (දිල්)
හෙට අපි සැමොගේම. (ස)
මේක අපේ රටේ ජාතික උත්සවයක්ද? ජාතික කොඩිය නැති නිසා මම මේ නිකන් ඇහුව්වේ ? (අ)
මේක අපේ රටේ ජාතික උත්සවයක්ද? ජාතික කොඩිය නැති නිසා මම මේ නිකන් ඇහුව්වේ ? (අ)
අර කාගේද දේවල් කාටද බාරදුන්න වගේ ප්‍රභාකරන් ඉවර කරලා කොටින්ට උතුරු නැගෙනහිර බාරදුන්න වගේ නේද වැඩ ........ අපි නියම සිංහලයෝ වගේ ජිවිත බිලිදීලා ප්‍රභාකරන්ගෙන් රට බෙර ගනු ලැබුවා දැන් අපහු ඒ අයට උතුර දෙන්න අපි ඉඩ තියන් නෑ........ ඕනි දයකට අපි සුදානම් (අ)
මේ අය මෙහෙය වන්නේ ඉන්දියාවයි, බටහර අධිරාජ්‍ය වාදීනුයි. ඉන්දියාව කලක සිටම ලංකාවට අනියම් ලෙස බලහත් කාරකම් කරයි. ත්‍රස්තවාදීන් වෙනු වෙන් මේ නඩය එදත් අදත් හෙටත් පෙනී සිටිති. දමිළ වුවත් වෙනත් පක්‍ෂයකයකට මේ අය අකමැතී වූයේ රහස් හෙලි වන නිසයි. ශ්‍රී ලාංකිකත්වයට පටහැනිව ජාතික කොඩිය අමතක කර කටයුතු කරණ බවනම් පැහැදිලියි. ඉදිරියේදී මේ අයගේ රංගන බලාගත හැකිය. ලබාගත් සාමය ආරක්‍ෂා කර ගැනීම, අපට පමණක් කළ හැකිද?(අ)
වැඩි දුර යන්න පුළුවන්ද බලමුකෝ. මොකද ඔවුන්ට අන්‍ය මතවාද ඉවසන්න බැහැ. හරිම ආවේගශීලීයි. (නි)
හිතමිතුරුකම, සුහදතාවය, ඒකීය රටක් තුල ජීවත් වීමට ඇති කැමැත්ත අවංකවම පෙන්වන්න පුරුදු වන්න, සංකේත මගින් ද සාමයට අත දික් කරන්න 9අ)
කවුද මේවා ගැන කථා කරන්නේ? අපිට එහෙම අය ඉන්නවාද? (නි)
මම හිතන්නේ අපි රැවටිලා වගේ... (නි)