දඹදිව බුද්ධගයාවට පසු ගියදා එල්ල වූ ප‍්‍රහාරයෙන් අනතුරුව දඹදිව සිද්ධස්තාන වන්දනාමාන කිරීම සඳහා ගමන් ගන්නා ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂක තත්වය සම්බන්දයෙන් සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියෝ ප‍්‍රමුඛ දූත පිරිසක් අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දඹදිව බලා පිටත්ව ගියහ.
ජනාදිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහන සෝමානන්ද සහ පූජ්‍ය කහවත්තේ සරණංකර හිමියෝද මෙම දූත පිරිසට එක්ව සිටිති.
ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 171 දරණ ගුවන් යානයෙන් අස්ගිරි මහ නාහිමියෝ ඇතුළු දූත පිරිස බැංගලෝරය බලා පිටත්ව ගිය අතර එම පිරිස දින පහක කාලයක් දඹදිව සිද්ධස්ථානයන් කරා ගොස් එහි වත්මන් තත්වය සොයා බැලීමට නියමිතය.
තමිල් නාඩු ප‍්‍රාන්තය හරහා ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකීය බොදු බැති මතුනට විඳින්නට සිදු වන විවධ හිරිහැර හා බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවට දඹදිව සිද්ධස්ථාන වන්දනා මාන කිරීම සඳහා බැංගලෝරය හරහා නව මාර්ගයක් හඳුන්වාදීම මෙම ගමනේ අරමුණ වෙයි.
මීට අමතරව රටට, දැයට සෙත් පතා ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමක්ද ලබන 04 වෙනිදා පස්වරුවේ බුද්ධගයා පරිශ‍්‍රයේ පිහිටි ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අස්ගිරි මහා නාහිමියන් ප‍්‍රධාන මහා සංගරත්නය විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගියදා බුද්ධගයාවට එල්ල වූ ප‍්‍රහාරය හේතුවෙන් දඹදිව වන්දනාවේ යාමට බොහෝ බැතිමතුන් බියට පත්ව සිටියද මේ වන විටත් ඉන්දීය මධ්‍යම රජයේ බිහාර් ප‍්‍රාන්ත ආරක්ෂක අංශ වල උපරිම ආරක්ෂාවක් බුද්ධගයාවට හා සෙසු සිද්ධස්ථානයන් වෙත ලැබී ඇති බවද වාර්ථා විය.
දූත පිරිස පිටත්ව යාමට මත්තෙන් විශේෂ සෙත් පිරිත් සජ්ඡායනාකාවක්ද ගුවන්තොටුපොළේදී පැවැත් වූ අතර ඉන් අනතුරුව අස්ගිරි මහ නා හිමියෝ පැවසූවේ.
‘‘ මෑත භාගයේදී දඹදිව වන්දනාවේ ගිය අපේ බෞද්ධ පින්වතුන්ට මෙන්ම මහා සංඝරත්නයට ඉතාම කනගාටුදායක අවස්ථාවන් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ සියළු ගැහැට සිදුවුනේ මදුරාසි නගරයෙදී. ඒ නිසා මදුරාසි නගරය හරහා යාම බියකරු තත්වයක් වුනා. ඒ නිසා මදුරාසි නගරය මගහැර බැංගලෝර නගරය හරහා බුද්ධගයාව, බරණැස ආදී සිද්ධස්ථාන වැද පුදාගැනීමට අවස්ථාවක් සලසන්නයි අපි මේ ගමන අද යන්නේ.
බුදු කෙනෙකුගේ උත්පත්තිය, බුදු වීම, දම්සක් දේශනාව, පිරිනිවන් පෑම යන මේ ස්ථාන හතර යම්කිසි කෙනෙකුට වැද පුදා ගැනීමට ලැබෙනවා නම් ඒක ජීවිතයේ උදාවෙන ඉතාම වාසනාවන්ත අවස්ථාවක් බව බුදු රජානන් වහන්සේ පවා දේශනා කර තිබෙනවා.
බුදු රජානන් වහන්සේ බුද්ධත්වයට පත් වුනු උන්වහන්සේ ධර්මය දේශනා කරපු ඉසිපතනාරාමය වැනි බෞද්ධ සිද්ධස්ථාන ලංකාවාසී සිංහල බෞද්ධයන්ට ඉතාම උතුම් ස්ථාන හැටියටයි අපි සඳහන් කරන්නේ.
දඹදිව සියළුම සිද්ධස්ථානයන් අපේ ලංකාවට අපේ බෞද්ධ ජනතාවට වැද පුදා ගැනීමට පහසු කම් සැලසුවේ ඒ ස්ථාන සංරක්ෂනය කිරීමට මූලිකත්වය ගත්තේ අපේ අනගාරික ධර්මපාල තුමා.
එතුමන්ගේ ඒ දැඩි උත්සාහය නැත්නම් අපිට දඹදිව ඒ ඉතාම උතුම් වටිනා ස්ථාන දැක වැද පුදාගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.
අනගාරික ධර්මපාල තුමා පසුව දේවමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් පැවිදි බාවයට පත්ව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තවයි ඒ ස්ථාන රැක බලා ගත්තේ, ආරක්ෂා කර ගත්තේ.
එසේ රැකගත් නිසා තමයි ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලෝකයේ අනිත් සියළුම බෞද්ධ රටවල ජනතාවටත් දඹදිව සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට අවස්ථාව උදා වුනේ.
අපේ ලංකාවාසී බෞද්ධ ජනතාව මෙතෙක් කල් හිරිහැරයක් නැතුව කරදරයක් නැතුව ශ‍්‍රී ලංකා රජයේ ආදාර උපකාරයෙන් සහ ඉන්දීය රජයේ සහ ජනතාවගේ සහයෝගයෙන් ඒ සිද්ධස්ථාන වැදපුදා ගැනිමට ගියා. ඒ වගේම මේ දක්වාමත් යනවා.
ඒත් මැත භාගයේදී අපිට ඉතාමත් කනගාටුදායක අවස්ථාවන් කිහිපයකට මුහුණ පාන්න සිද්ද වුනා. අපේ ජනතාව විශේෂයෙන්ම ඒ ස්ථාන වැඳපුදා ගැනීමට මුල ඉදලම ගියේ දකුනු ඉන්දියාවේ මදුරාසි නගරයට. ගිහින් එතනින් තමයි කෝච්චි වල බස්වල සහ අනෙකුත් ස්ථාන වැඳපුදා ගැනීමට ගියේ.
නමුත් මෑතකදී සිදු වූ දේවල් නිසා අපේ බෞද්ධ ජනතාව දඹදිව වන්දනා ගමන යාමට ඉතා බියකරු තත්වයකට පත් වුනා. ඒ නිසා ශ‍්‍රී ලංකා රජයත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමත් මේ තත්වය කල්පනා කරලා අපේ ජනතාවට පහසුවක් සහ කරදරයක් නැති ගමන් මාර්ගයක් සලසා දිමටයි මේ ගමන යාම සඳහා කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ.
ශ‍්‍රී ලංකාවෙන් පිටත් වෙලා බැංගලෝර නගරයට ගිහිල්ලා බැංගලෝර නගරය හරහා බුද්ධගයාවට, ඒ වගේම බරණැස ආදී සිද්ධස්ථාන වැදපුදා ගැනීමට අපේ බෞද්ධ ජනතාවට පහසුවක් සැලසීමේ අදහසින් මේ ගමන සුදානම් කර තිබෙන්නේ.
ඒ නිසා අපේ ජනතාවට සන්තෝස වෙන්න පුලූවන් මින් ඉදිරියට අපිට කිසිම කරදරයක් නැතිව ඒ ද්‍රවිඩ ජනතාවගෙන් හිංසාවක් පීඩාවක් නැතිව සැනසීමෙන් මේ ගමන යන්ඩ පහසුකම් ලැබීම ගැන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වියදමින් ආරක්ෂා සහිතව වැඩි ස්ථාන ප්‍රමාණයක් ආවරණය කරගෙන වන්දනාවෙ යන්න පුලුවන් චෙන්නායි හරහා ගියොත් පමණයි (නි)
මහව පියරතන හාමුදුරුවො කියන කතාව ඇත්ත. මමත් බැන්ගලෝ හරහා දඹදිව යන්න ගිහින් අමාරුවෙ වැටුන(දී)
කතෝලික අයට වතිකානුවට යන්න පුලුවන්නම් .ඉස්ලාම් භක්තිකයින්ට මක්කමට යන්න පුළුවන් නම් ,බෞද්ධ අය දඹදිව යාමේ ඇති වැරැද්ද කිමද අන්‍යාගමික නෝනා මහත්වරුණේ. (දී)
මම වසර 12 ක සිට චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයේ වැඩ ඉන්නෙ. පසුගිය කාලයේ කියන තරම් කරදර තිබුනෙ නැහැ. (නි)
ඔයකියන විදියට බැන්ගලෝර් හරහා යද්දි කිසි පහසුවක් නැහැ. හරිම දුෂ්කරයි. මමත් අගෝස්තු වල බැන්ගලොර් හරහා වන්දනාවෙ ගිය නිසා අත්දැකිමෙන් කියන්නෙ. (නි)
ඇත්තටම සමාජයට සිදුවන සුගතිය මොකක්ද??? (නි)
මෙම අගෝස්තු මස සිට මේ වනතෙක් දඹදිව බැතිමතුන් 10,000 ට වඩා පිරිසක් ඉතා හොද ආරක්ෂාවක් ඇතුව චෙන්නායි හරහා වන්දනාවෙ ගියා. බැන්ගලොර් වලින් ගමන් ආරම්ඹ කරන දුම්රියත් බරණැස යන්නෙ චෙන්නායි හරහා. (නි)
සදුනි කියනවා වගේ සමාවෙන්න අපේ මහානායක හිමි සදුනි. දඹදිවට වඩා අපේ උතුරු නැගෙනහිර වෙහෙර විහාර ස්ථාන රැක ගන්න උත්සාහ දරනවා නම් කොපමණ හොඳඳ? (නි)
චෙන්නායි හරහා ගිහින් අඩු වියදමින් දමිලයන්ගෙන් ගුටි කනවට වඩා, ජයලලිතාට අපේම සල්ලි දීලා අපිට බැණ ගන්නවට වඩා වැඩි වියදමින් බැංගලෝර් හරහා හෝ වෙනත් විකල්පයක් ඉතා හොඳය. (නි)
මෙම අගෝස්තු 04 වෙනිදා මමත් කණ්ඩායමක් සමග චෙන්නායි හරහා සාංචි ඇතුලු දඹදිව සිද්ධස්ථාන වැදගෙන ආවා. අපිට නම් කිසිම වෙනසක් දැනුනෙ නැහැ. (නි)
ගුටි නොකා ගිහින් එන්න තිබුනත් හොදටම ඇති (දී)
අන්‍යාගම්කාරයන් බොහෝ දෙනා මේකේ ප්‍රතිචාර දාලා තියෙන්නේ බොරු නම් වලින් (නි)
චමිල හිතන විදිහටම තමා මමත් හිතන්නේ (නි)
ගරු අස්ගිරි මහනායක හාමුදුරුවනේ, අපේ දුප්පත් ගම්වල,දුප්පත් පන්සල් සහ එම ගම වැසියන් නගාසිටුවීමේ වැඩ පිළිවෙලක් හදා දෙන්න. නැගෙනහිර පළාතේ සිංහල ගම්මාන පිහිටුවා බෞද්ධ පුනර්ජීවනයක් අරඹන්න. ඔබ වහන්සේට අපේ ගෞරවය. (නි)
අපේම රටේ කොපමණ බෞද්ධ සිද්ධස්ථාන තිබෙනවාද ? මේවා අප සියලුම ආගමිකයන් අතර දැනුවත් කර ඉන්දියාවේ සිටිනා බෞද්ධයන් පවා මේ රටට ගෙන්වා , අපේ රටේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන වන්දමාන කරවා රටටත් බෞද්ධ ආගමටත් සේවයක් කරනවා නම් මීට වඩා හොඳයි (නි)
නියම සිංහල බෞද්ධයක් හැටියට මම නම් මෙය අගය කරනවා. සම හරක් මෙතන අදහස් දාලා තියෙන්නේ හරියට ඒ අයගේ වියදමින් ගියා වගේ. (ස)
සමාවෙන්න අපේ මහානායක හිමිසදුනි.දඹදිවට වඩා අපේ උතුරු නැගෙනහිර වෙහෙර විහාර ස්ථාන රැක ගන්න උත්සාහ දරනවා නම් කොපමණ හොඳඳ? (ස)
නුවර මාලිගාව ළඟින් යන පාර වහල දැන් අවුරුදු කීයක් වෙනවද ? මේ නිසා කොපමන් පෙට්‍රල් වැඩිපුර සහ කාලය යනවද? ඉතින් දැන් එන්නේ කවුද බොම්බ ගහන්න. අනික ගහන්න ඕනේ නම් වැවේ අනික් පැත්තේ ඉඳලා පුළුවන් ගහන්න. ලගටම එන්න ඕනේ නැහැ ඉතින් අඩුම වශයෙන් කාර් සහ බස් වලට යන්න ඉඩ දෙන්න බලනවා නම් මේ දඹදිව යන පාරවල් හොයනවට වැඩිය හොද නැද්ද ? අනුර, රජු, තිස්ස කියන දේවල් හරි. (ස)
බුදු කෙනෙකුගේ උත්පත්තිය, බුදු වීම, දම්සක් දේශනාව, පිරිනිවන් පෑම යන මේ ස්ථාන හතර යම් කිසි කෙනෙකුට වැද පුදා ගැනීමට ලැබෙනවා නම් ඒක ජීවිතයේ උදාවෙන ඉතාම වාසනාවන්ත අවස්ථාවක් බව බුදු රජානන් වහන්සේ පවා දේශනා කර තිබෙනවා. ඉතින් එවැනි ස්ථාන ලංකාවේ පිහිටා නැති බැවින්, අපි හැම දෙනාටම යාමට නොහැකි උනත් දඹදිව වෙත යා හැකි අයවලුන් වෙත කෙසේ හෝ මාර්ගයක් සලසා දීම පිළිබඳව මම ගෞරව පුර්වකව ස්තූති වන්ත වෙමි.ඇතමුන් පවසන පරිදි ලංකාවේ සිට හොඳ බෞද්ධයෙකු ලෙසට ජීවත් වීමට හැකි. එය සත්‍යකි. නමුත් දඹදිව යාමට හැකි අයවලුන් එහි යාම පිළිබඳව අපි සතුටු වීම මිස එහි යන අයවලුන් වෙත හෝ යාමට මාර්ග සලසා දෙන්නන් වෙත අප්‍රසාදයෙන් කතා කිරීම හොඳ බෞද්ධයක්ගේ ක්‍රියා කලාපයක් නොවේ යැයි මා සිතමි. (ස)
බැන්ගලොර් වලින් යන ගමන දුෂ්කරයි කියලා මේ ගොල්ලෝ කියන්නේ අත්දැකීම් වලින්. (නි)
චෙන්නායි සිටින මහානාම හිමිය අවශ්‍ය . කට්ටිය චෙන්නායි ගෙන්න ගන්න . බන්ගලොරේ හරහා යන කොට එම පන්සලට කට්ටිය වෙළදාම අඩු නිසා . මහානාම හිමිට තියෙන්නේ බැංගලෝර් වල පන්සලක් දාගන්න (දී)
වාසනා කරුණාරත්නගේ කතාව සම්පුර්ණ සත්‍යයක් . ඕක තේරුම් ගන්න බැරිනම් චෙන්නායි ගිහින් සල්ලි දීලා ගස්සා ගන්න (නි)
අමාරුවෙන් හරි ටිකක් වැඩි මුදලක් ගියත් බැංගලෝර් හරහා යන්න සිංහලකමත් බෞද්ධකමත් රැකගෙන .ද්‍රවිඩයන් අපේ හිමිවරු කීප දෙනෙකුට ගැහුවා. අපේ සිංහල අයට ගැහුවා. ජයලලිතා සහ වයිකෝ අපේ රටට අපහාස කරනවා. චෙන්නායි වලට ගිහින් වියදම් කරන සෑම සතයක්ම යන්නේ අපටම විරුද්ධව කටයුතු කිරීමට (නි)
දඹ දිව වන්දනාවත් දැන් ආගමික පැත්තට වැඩිය වෙළඳ ව්‍යාපාරයක් . කතරගම ගිහින් එන ගමන් තලගොයිත් මසුත් අරන් එනවා වාගේ . මේකට සමහර අපේ බික්ෂුන් වහන්සේලාත් සම්බන්දය (දී)
මොනවා වුණත් අන්තිමට අහිංසක මිනිස්සුනෙ අමාරුවෙ වැටෙන්නෙ (නි)
නියම බෞද්ධ වන්දනාව, බෞද්ධ දර්ශනය අනුව ජීවත් වීමයි. ඒකට ඉන්දියාවේ යන්න අවශ්‍ය නැහැ.අනෙක ඔය දඹදිව වන්දනාවේ යන ගොඩක් අය ජීවිතේ වයසට යනකොට බුදුන් මතක්වු අය. (ස)
කතෝලික අයට වතිකානුවට යන්න පුලුවන් නම්, ඉස්ලාම් භක්තිකයින්ට මක්කමට යන්න පුළුවන් නම්,බෞද්ධ අය දඹදිව යාමේ ඇති වැරැද්ද කිමද? (නි)
මුලින්ම කරන්න ඕනෑ ඉන්දියන් රජයට බලකරන්න ඕනෑ අපේ වන්දනා ජනතාවට ආරක්ෂාව සළසන්න. ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලටත් නොපැකිල හොට දමන ඉන්දියාව වෙනම හමුදාවක් දමලා හරි ආරක්ෂාව සලසන්න ඕනෑ අපේ බැතිමතුන්ට. එක ඉන්දියන්කාරයෙකුට ලංකාවේදී කවුරු හරි පහර දුන්නා නම් ඉන්දියන්කාරයෝ එන්නේ කොහොමද? (නි)
මෙතන දැනට අදහස් ලියල තියෙන ඒවා විශ්ලේෂණය කලහම පේන්නේ 50% වැඩි පිරිසක් බෞද්ධයාට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇති බවයි. මේ සියලු දෙනාම අබෞද්ධයින් යයි අනුමාන කරන්න බැහැ. සැලකිය යුතු පිරිසක් බෞද්ධ ජන්මයක් සහිත ආගම, ජාතිය ගැන හැගීමක් නැති, රටට, ජාතියට, ආගමට තිබෙන අනතුරු, තර්ජන ගැන වැටහීමක් නැති වල්මත් වූ අදහස් පමණක් ඇති අයයි. අන්‍යන්ගෙන් අපේ රට, ජාතිය, ආගම බේරා ගන්න කලින් මේ අයගෙන් රට ජාතිය ආගම බේරාගත යුතුයි. ඔවුන් කරන මේ විවේචන තුරන් කරන දේවල් වලට වඩා භයානකයි. අපේ රටට ලොකුම හෙණේ මේ ද්‍රෝහිත්වයයි. අස්ගිරි නායක හිමියන් කල මේ මග පෙන්වීම වැදගත් වන්නේ අපිට හතුරුකම් කරන තමිල්නාඩුවට ආර්ථික වාසි දෙන අපේ වන්දනා කරුවන් නතර කිරීමයි. ඒක ඉතාම කාලෝචිතයි. (ස)
ඇත්තටම මේ ප්‍රශ්න ගැන ලොකුවට හිතන්න එපා (නි)
අපේ රටේ මොනතරම් දේවල් තියෙනවද කරන්න? අද සමාජය කොතෙක් දුරට පිරිහිලාද බලන්න අපේ හාමුදුරුවනේ? (නි)
සියලු සංඝයා වහන්සේලාගේ පුර්ණ ආශිර්වාදය සහිතව දේශප්‍රේමී දේශපාලකයන්ට රට මේ තැනට ගෙනඒමට දායක වුන සියලු දෙනාටම මගේ ප්‍රණාමය. (නි)
බහුතරයක් මිනිසුන් ජීවත් වෙන්න මොන තරම් දුක් විදිනවද?උදේට හවසට රැකියාවට කොළඹ යන මිනිසුන් කෝච්චියේ,බස් වල එල්ලිලා යන හැටි දැක්කම ඒක මොනවට පැහැදිලි කරනවද? (නි)
ශානුක ප්‍රියන්ත තිලක්, අනුර, ලුම්බිණි වගේ අන්‍ය ආගමිකයන් කොහොමත් බලාගෙන ඉන්නේ කොහොමද අපේ හාමුදුරුවරුන්ට මඩ ගහන්නේ කියලා. (නි)
දඹදිව වන්දනා කරනවා තියා බහුතරයක් අසරණ මිනිසුන්ට දරුවන්ට අද වේලක් කන්න දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ.සෙරෙප්පු දෙක දාගෙන,කහට තේ කෝප්පය බීලා බඩගින්නේ පාසල් යන දරුවන් මොන තරම් ලංකාවේ ඉන්නවද? (නි)
හරියට බඩට වේලක්වත් නොමැතිව ඉගෙන ගන්නා දරුවනි, ඔබට මා හිස නමා ආචාර කරමි (නි)
සිංහලකමත් බෞද්ධකමත් ඕනෑ නම් ලාභය බලන්න එපා , බැංගලෝර් හරහා යන්න (නි)
ලුම්බිනී නායක හාමුදුරුවෝ මේ ගමන යන්නේ කතෝලික පල්ලියේ වියදමින්වත් මුස්ලිම් පල්ලියේ වියදමින්වත් වෙන්න බැහැනේ. ඇයි ඔබ බයවෙලා වගේ.(නදී)
තිස්ස ඔබ හරි. (ස)
කොයිපාරෙන් හරි එහෙන් ආපු අය එහෙටම යනවනම් ලංකාවට සැනසීමක්. (නදී)
කාලෙකින් ආවේ. මේවා කියෙව්වම කට කහනවා. ඒත් සද්ද නැතුව ඉන්නවා. (ස)
කාටවත් බන්නින එපා. තමන් දන්නා සීලයේ පිහිටලා අනුන්ට කරදරයක් කරන්නේ නැතුව, අනුන්ගේ දොස් හොයන්නේ නැතුව ඉන්න. එතකොට ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හම්බවෙයි. (ස)
පිරිත් නුල් නම් ගැට ගහනවා එකසිය ගානට.ඒත් අවුරුදු 85 වයසක ආච්චි කෙනෙකුටවත් අවසන් කාලය සාමකාමීව ජීවත් වෙන්න තිබුන පරිසරය විනාශ වෙලා. (නි)
තිස්සගේ අදහස මමද අනුමත කරමි.දිල්ලියට ලාභදායි ගුවන් ගමන් ලබාදීම ප්‍රායෝගික එකම විසදුමයි. (නි)
සමාවෙන්න හාමුදුරුවනේ. මීට වඩා කොයිතරම් ප්‍රශ්ණ අපිට තියනවද? පොඩ්ඩක් බිමට බැහැලා මහපොළොවේ ඇවිදලා බලන්න.අනුර, ඔබගේ අදහසට මට තවත් කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. (නි)
අවසර, වෙන පාරවල් මුකුත් එපා. දවසකට වාහන 25000 ආසන්නව යන එන නුවර මාලිගාව පාර ගැනත් ඔබ වහන්සේලා සළකා බලන සේක්වා! (නි)
තිලක්-ඩුබායි, ඔයා වගේ ලොකු කතා කියන අයම තමා ආච්චිලටත් ඉන්න දෙන්නේ නැත්තේ. (නදී)
අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට අපගේ ගෞරවණිය නමස්කාරය! (නි)
බැංගලෝරයේ සිට බුද්ධගයාවට දුර කි.මි. 2083 කි. මේ ගමන සඳහා අඩුම වශයෙන් පැය 30 ක් වත් ගතවේ. චෙන්නායි සිට බැන්ගලෝරයට දුර කි.මි.348 කි. එම නිසා මෙම ස්ථාන දෙකේ වෙනස්වීමෙන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ පහසුවක් වෙන්නේ නැත. නායක හාමුදුරුවෝ මේ යන ගමන වෙනුවට මීට වඩා වැදගත් බුද්ධිමත් වැඩපිළිවෙලක් ගැන කල්පනා කර බැලුවානම් කොපමණ හොඳද? ශ්‍රී ලංකා ගුවන් යානා චෙන්නායි සහ බැංගලෝර් වලට අමතරව නව දිල්ලියටද යනු ලැබේ. නවදිල්ලියේ සිට බසයෙන් යන ගමන වන්දනාකරුවන්ට වඩා සැපදායකද වෙනු ඇත. කළයුත්තේ අපේ වන්දනාකරුවන්ට සහනදායී මිලකට නව දිල්ලියට යාමට ගුවන් බලපත් ලබාදීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමයි.වන්දනාකරුවන්ගේ යහපත සැබවින්ම පතන්නේ නම් නායක හාමුදුරුවනේ, මේ යෝජනාව ගැනත් ඔබ වහන්සේගේ අවධානය යොමු වේවා. (නි)
රාජු..කට...ක...කට... නායක හාමුදුරුවන් වහන්සේලාට ගරුසරු ඇතුව කතාකරන්න ඉගෙන ගන්නවා හොදයි. මේ අපේ ආගමික නායකයන් වහන්සේලා. (නි)
බුදුහාමුදුරුවො කියපු හොද දේවල් අමතක කරලා ලංකවෙ කට්ටියට මතක තියෙන්නෙ ඉන්දියාවෙ යන්න කිව්වා කියලා විතරයි. ඒකත් ඉන්දියාවෙ ලණුවක්. බුදුහාමුදුරුවො ප්‍රතිපත්ති පුජාවට මිසක් ආමිස පූජාවට මුල් තැනක් දුන්නෙ නැහැ. (නි)
" මේ මොනවද මේ ගොල්ලෝ කියන්නේ?" කව්රුවත් නැතුව තනියම ඉන්න වෙලාවට කට දාන්න එපා. හාමුදුරුවරුන්ට නිගරු කරලා. ඩෙන්සිස්ලා නැතුව දත් හෙල්ලෙන්න පටන් ගනීවි. කන පතේ පහරන්න එපා. (නි)
අස්ගිරි නාහිමියන්ගේ මේ ගමන කාගේ වියදමින් සංවිධානය කළ එකක්ද? (නි)
ඉතාමත් හොඳ වැඩක් කරන්න මුල්වුනාට නා හිමියන්ට කෘතඥතාවය පුද කරනවා. මේක තමයි ඒ තැන් වලට යන්න හරි මග. දැන්වත් පෙනී යාම වාසනාවක්. මේ වගේ මහා නා හිමිවරු ඉදිරිපත් වෙලා නැගෙනහිර පුද බිම් යලි ගොඩනැගලා ආරක්ෂා කරන්නත් මුල්වෙන්න තාම පරක්කු නැහැ. ඒ බව අමාත්‍යාංශයටත් පෙන්වා දෙනවා නම් කොතරම් හොඳද ? (නි)
මේ මොනවද මේ ගොල්ලෝ කියන්නේ? අලුත් පාරක් බැන්ගලොරේ ඉදලා බුද්ධගයාව? (නි)
රත්නායක, ඔයාටත් වෙන වැඩක් නැතුවද මේවා ලියන්නේ. නැත්නම් ඔයාලා ඔක්කොම ක්‍රිස්තියානිද මුස්ලිම්ද රු 60000 ක් අරගෙන ආගම වෙනස් කලාද ?? (ස)
බෞද්ධ නම් වලින් පෙනී සිටින මේ අබෞද්ධයින් වියපත් මහනායක හිමියන්ට මෙලෙස සරදම් කරන ලෙස, අප අදහන විවිධ ආගම් වලින් උගන්වා ඇත්ද? නැත. දෙවියන්ගේ නාමයෙන් එසේ නොකරන්න. (ස)
අපේ තිබෙන බෞද්ද සිදස්ථාන වලටත් විද්‍යුත් මාර්ගවලින් ප්‍රචාරයක් ලබාදෙන්න.(නදී)
කළ යුතු බොහොමයක් දේවල් වලින් එකක් තමයි මේකත්. අපේ මිනිස්සු හොද දේටයි නරක දේටයි සේඑටම බනිනවා. කිසි දෙයක් දිහා ධනාත්මකව බලන්නේ නැති එක කනගාටුවට කරුණක්. කාගේ වියදමින්ද යන්නේ නියලා අහන එක මොනතරම් කැත ප්‍රශ්නයක්ද? ආච්චලා ළමයි දූෂනය වෙන ඒක හැම රටකම වෙනවා. කිසි දෙයක් ගැන ධනාත්මකව හිතන්නේ නැහැ. පුවත් පත් වලින් කළ යුත්තේ මේවායෙහි හොද පැත්ත උලුප්පා පෙන්වීඹ මිස නරක වැටහීමක් ඇති වන කරුණු උලුප්පා පෙන්වීඹයි. ඉරිදා පුවත් පත්ද පිරී ඇත්තේ දුෂන, මංකොල්ල කෑම් වලිනි. හොද ලිපියක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. කොහොම උනත් අපිට බැරි දෙයක් මේ හාමුදුරුවරු කරනවා නම් ඒක ලොකු දෙයක්.(නදී)
මම දුප්පත් හොඳ බෞද්ධයෙක් . එහෙත් මට බෞධයකු වශයෙන් ජිවත් වීමට වන්දනා කිරීමට දඹදිව යෑමට මුදල් නැත. වසරකට වරක් අනුරපුර බෝදි පුජාවට සහබාගි වෙමි. දඹදිව නොගියාට අපට හොඳ බෞද්ධ පුරවැසියෙකු වීමට මිට වඩා දේවල් ලංකාවේම කරන්නට පුළුවන. ඔය වියදම් කරන මුදල් වැඩිහිටි නිවාස, . ළමා නිවාස . දුප්පත් කන්නට බොන්නද නිවසක් නොමැති අයට දීමෙන් .. දඹදිව වන්දනා කරාට වඩා පුණ්‍ය කර්මයක් කර ගැනිමට පුළුවන . අපේ රටේ මුදල් අපේ රටේම ඉතුරුවෙවි. (නදී).
හොඳ බෞධයෙක් වශයෙන් ජිවත් වීමට දඹදිව යන්නට උවමනා නැත . ණයවී . හෝ තිබෙන මුදල් වියදම් කර ඉන්දියාවට පුජා කරලා . මෙම ගමන් සංවිධාන කරනා අයගේ මඩිය තර කරලා . අද බොහෝ විට වටින්නේ හොඳ බෞද්ධයකු වීමට ප්‍රතිපත්ති පුජාවය . දඹදිව බෙලිම ආමිස පුජාවය . නුවණැති අය තෝරා ගන්න . දෙකෙන් එකක් . දඹදිව වන්දනාව බොහෝ විට වෙළඳ ව්‍යාපාරයක් (නදී)
අවසරයි මහනායක හාමුදුරුවනේ . ඔබ වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයෙක් . ඔබ වහන්සේ ක්‍රියා කරලා තියෙන්නේ බෞද්ධයන්ට පසුගිය කාලයේ මුහුණ දෙන්නට සිදුවුණා ප්‍රශ්නයකට සාමකාමී විසඳුමක් සොයන්නට බෞද්ධ භික්ෂුවක් කලයුතු ආකාරයට උත්සහ කිරීමක් . සමහර විට මෙයිට වඩා කෙටියෙන් දඹදිව වඳින්න යන්න පාරවල් ඇති. නමුත් අපේ සමහර අය දමල තියන අදහස් දිහා බලපුවම කල කිරෙනවා. ඔවුන් කැමති ඇති මෝඩ මිනිස්සු පාරට බස්සගෙන සිවුරත් පස්ස පැත්තෙන් උස්සගෙන ලංකාවේ ඉඳගෙන ඉන්දියාවට අභියෝග කරන චීවරධාරීන්ට . ඔය මස් වැද්දෝ කැමති ලෝකයෙන් බුද්ධාගම නැති වෙලාම යනවා නම් . අන්‍යාගමිකයන්ගේ ඩොලර් වලින් ඔය වගේ දේවල් කරලා බුද්ධාගමේ මුලික උගැන්වීම් විනාශ කරන පුද්ගලයන් ගැනත් සොයා බලා ඔවුන්ගෙන් ලංකාවේ බුද්ධාගම බේරගන්න අපේ මහා නායක හාමුදුරුවනේ. (ස)
මහනායක හාමුදුරුවන් දේශපාලන නායකයෙක් නොවේ.රටේ ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. උන්වහන්සේ කුමක් කරන්නද? (නදී)
මට පෙනේන්නේ විවිධ නම් වලින් එකම අයෙක් අදහස් යොමු කරන බවයි.ඒ පුද්ගලයට අවශ්‍ය අපේ ස්වාමීන් වහන්සේලාට අපහස කිරීමට.කෙසේ උවත් ඒ සැමට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා. (ස)
සමාවෙන්න හාමුදුරුවනේ . ඔයිට වඩා කොයිතරම් ප්‍රශ්ණ අපිට තියනවද? පොඩ්ඩක් බිමට බැහැලා මහපොළොවේ ඇවිදලා බලන්න .(නදී)
වෙන වැඩක් නැද්ද. (ස)
ස්වාමීන් වහන්සේලාට වෙන වැඩ නැද්ද? අසරණ සැදැහැවතුන් බොරු වන්දනා යවල ඉන්දියාව පොහොසත් කරන්නද යන්නේ.කරන පින් කමක් ඇයි ලංකාවේ ඉදන් කරගන්න බැරි. (ස)
ඔබ වහන්සේලා කරන්නට යන සමාජ ආගමීය මෙහෙවර ගැන ආඩම්බර වෙමු. කිසිම සත්වයකුටවත් හිංසා නොකරපු අප ගෞතම බුදුන් වහන්සේගේ අති උත්තම සිද්ධ ස්ථාන වලට කරන විනයත් එය වන්දනාමාන කරන්නට යන අහිංසක බැතිමතුන් කරන හිරිහැර වලට පිළිතුරක් සොයන්න යාම ඔබ වහන්සේලා කරන උතුම් කාර්යක්. මෙවැනි දේ මුස්ලිම් ජනතාව උතුම් කොට සලකන මක්කම වෙත කලානම් මෙම අයට මෙලෙස ඉන්න ලැබෙන්නේ නැහැ. ඉස්සර ඔවුන් වෙත තිබුන ආදරය ගෞරවය අපි අතරින් දැන් දැන් ඈත් වෙනවා. එම අතර මේ ගැන ඇතැම් විවේචන කල අය ගැනත් මට ඇතිවුනේ හරිම කලකිරීමක්. මොවුන් මොන මිනිස් ධර්ම අනුගමනය කරන අයවලුන්ද කියලා හිතෙනවා.. (ස)
තිලක්, අනුර, ලුම්බිණි වගේ අන්‍ය ආගමිකයන් කොහොමත් බලන් ඉන්නේ කොහොමද අපේ හාමුදුරුවරුන්ට මඩ ගහන්නේ කියලා. මගේ අදහස අනුව නම් අපේ ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා කරන මේ කාර්ය ගොඩක් අගය කලයුතුයි.දකුණු ඉන්දියානුවන්ට අපේ සංචාරකයන් අවශ්‍ය නැතිනම් අපි එහි නොයා යුතුයි. (ස)
අපේ හාමුදුරුවන්ටත් අපිටත් මීට වඩා කලයුතු දේවල් ගොඩක් තියෙනවා. (ස)
මේ අදහස් දක්වලා තියෙන්නේ බෞද්ධ පිරිසද කියලා සැකයි. මට පෙනෙන්නේ ආගමක් ධර්මයක් නැති අය වෙන්න ඕනා. (ස)
කොයි පාරෙන් හරි එහෙන් ආපු අය එහෙටම යනවනම් ලංකාවට සැනසීමක්. (නදී)
සමාවෙන්න හාමුදුරුවනේ ඔබවහන්සේලාට අපහස කරනවා නොවෙයි. ඒත් ලංකාවේ අපට තියන එකම ප්‍රශ්නය මේකද ? ඔබවහසේලා වෙන කිසිම දෙයක් ලංකාව තුල දකින්නේ නැද්ද ?? (ස)