දඹදිව බෞද්ධ සිද්ධස්තාන වන්දනා මාන කිරීම සඳහා යාමට මින් ඉදිරියට කිසිම බියක් ඇති කර ගත යුතු නැතැයි කතානායක බිරිඳ චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පැවසුවාය. ඇය සංඝමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ සභාපතිනියයි.
චන්ද්‍රා මහත්මිය එසේ පැවසුවේ බුද්ධගයාවේ බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනිමට ගොස් දිවයිනට පැමිණි අවස්ථාවේ දී ය. දකුණු පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය මහත්මියද, සංඝමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ සම ලේකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් රේනුකා නවගමුව මහත්මිය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිනියන් කිහිපදෙනෙකුද, සංගමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ නිලධාරීනියන් අතුලූ සාමාජිකාවෝ 68 දෙනෙක් මෙම දඹදිව වන්දනා සංචාරය සඳහා එක්ව තිබිණි.
දඹදිව බුද්ධගයාවට පසු ගියදා එල්ල වූ ප‍්‍රහාරයෙන් අනතුරුව දඹදිව සිද්ධස්තාන වන්දනාමාන කිරීම සඳහා ගමන් ගන්නා ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවධ කතා බහ ඇති විය.
එහෙත් පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියෝ ප‍්‍රමුඛ දූත පිරිසක් දඹදිව බලා වැඩම කිරීමෙන් අනතුරුව එහි යාමට ශ‍්‍රී ලාංකිකයන් තුළ තිබු බිය දුරු වී යළිත් එහි යාමේ ප‍්‍රවනතාවයක් ඇති බවත් ඇය කීවාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද‍්‍රා රාජපක්ෂ මහත්මිය
‘‘පහුගිය කාලය තුළ අපේ වන්දනා නඩ වලට මෙන්ම පොදුවේ ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේදී සිදු වු විවිධ කරදර නිසා කාටත් විශාල බියක් හටගෙන තිබුනා දඹදිව යන්න.
අපිටත් අවශ්‍යතාවයක් තිබුනා ඇත්තටම මේ කියන දේවල් ඇත්තද කියා සොයා බැලීමටත්, වන්දනා මාන කිරිමට යන විට ලාංකික බැතිමතුන්ට තියෙන ගැටළු මොනවද, පහසුකම් මොනවද කියා සොයා බලන්නත්.
අපි කිසිම කරදරයක් නැතිව බුද්ධගයාවට ගියා. ඒ වගේම බුද්ධගයාවේ සිට කිසිම කරදරයක් නැතිව ඕනෑම බෞද්ධ සිද්ධස්ථානයකට යන්න පුළුවන්. බරණැස, ඉසිපතනාරාමය, මිගදාය, ගිච්ඡු කූට පර්වතය, සැවත් නුවර,විශාලා මහනුවර, රජ ගහ නුවර, කපිලවස්තු පුරය ඇතුළු සියළුම ස්ථානවලට අපි ගියා කිසිම කරදරයක් හෝ බිය වීමට කාරණාවත් එහි තිබුනේ නැහැ.
ඒ හැම බෞද්ධ සිද්ධාස්තානයකම වැඩකටයුතු ඉතා හොදින් සංවිධානය වී තිබුනා. අපේ ස්වාමීන් වහන්සේලා ඒ සිද්ධස්ථානවල වැඩ වාසය කරනවා. උන්වහන්සේලා ඉතාමත් හොඳින් සියළු කටයුතු එහි සංවිධානය කර තිබෙනවා‘‘.
ශ‍්‍රද්ධාකර පදනමේ සම ලේකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් වරියක වන රේණුකා නවගමුව මහත්මිය මෙසේ කීවාය.
‘‘ඇත්තටම තමිල් නාඩු ප‍්‍රාන්තය හරහා ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකීය බොදු බැති මතුනට විඳින්නට සිදු වන විවධ හිරිහැර හා බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් තමයි මේ ගමන කෙලින්ම බුද්ධගයාවට ගියේ.
මේ ක‍්‍රමය වෙහෙසාකාරී නැහැ. දැන් මිහින් ලංකා ගුවන්සේවය බුද්ධයාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම තෙහෙට්ටුවක්, මහන්සියක් නැතුව මේ ගමන යන්න පුළුවන් වුනා. ඒ වගේම මහනායක හාමුදුරුවෝ පසුගිය කාලේ ගිහින් බැංගලෝරය හරහා බුද්ධගයාවට යන්න අළුත් ගමන් මාර්ගයක් සකස් කර දී තිබෙනවා.
අපේ ගමන සාර්ථක කරගන්න සියළු පහසුකම් ලබා දුන් මිහින් ලංකා ගුවන්සේවයට මා ගොඩක් ස්තුතිවන්ත වෙනවා‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හෙවීමේ පරමාර්ථයෙන් පමණක් දඹදිව වන්දනා නඩ ගෙනයන කූට ව්‍යාපාරිකයන්ට අසු නොවන්න. (නි)
ඔය මෙහෙ තියෙන සිද්ධස්ථාන විතරක් වැඳ පුදා ගත්තහම ඇති කියල තියෙන අය බුද්ධාගමේද? (ස)
අසංවර ඇඳුමක් නොවෙයි එතුමිය ඇඳන් ඉන්නේ, මට පේන හැටියට නම්. (ස)
දෙමළුන්ගෙන් ගුටි කාල අතේ තියෙන එකත් නැති කරගෙන එන්න ඕන කෙනෙකුට යන්න පුළුවන්. ගුටි කෑවාට පස්සේ කවුරුවත් නැහැ. මතක තියා ගන්න. (ස)
බය වෙන්නේ මොකට ද?ඉන්දියාව ඉන්නේ අපේ මිනිස්සු නේ..අපේ මුල ඉන්දියාවෙන් ආව කෙනෙක් නේ. බය නැතුව බෞද්ධ නගර වලට එන්න .ගූග්ල් මැප් එක අරගෙන. හින්දි ටිකක් ඉගෙනගත්තම වැඩේ ගොඩ. මුළු ඉන්දියාවම බලලා යන්න තිබුනා.(නදී)
එදා දඹදිව ගියේ සාරි අැදලා (නි)
මහත්තයට කියන්න අපි උපන් දිනේට සුභ පැතූ බව.(නදී)
දඹදිව ගොස් පින් කරන්න.ප්‍රචාරය ගන්න එපා. කැමති කෙනෙක් කැමති පාරකින් යයි මෙහෙත් පාරවල් අමාරු දුෂ්කර පන්සල් තිබෙනවා. (නි)
කෙසේ උවත් ඔබගේ පින් අපටද අනුමෝදනා කරන්න . අපිට යන්න බැරි උනත් ඔබගේ පින් අපට ඇති.(නදී)
මමත් ඉන්දියාවෙ ගිහිල්ල ආවා. චෙන්නායිවල කිසිම කරදරයක් නැහැ. චෙන්නායි මහාබෝධි පන්සලෙන් යන හැමෝටම ගොඩක් උදව් කරනවා(නදී)
ඈන්ගෙ කතාවට මමත් එකගයි. බාල් ගටන්න ගිහින් එනව වගේ(නදී)
අපිට කොයින්ද රාජ්‍ය ආරක්ෂාව? (නි)
ප්‍රශ්නේ සල්ලි නැතිකම නේ.හිත නම් තියනවා. (ස)
වයසේ හැටියට නෙමේ ඇඳුම. ඒ උනාට චමල් ලොක්ක කොච්චර ලස්සනට අදිනවද? (ස)
නැවතත් ප්‍රශ්නයක් වෙනතුරු ඔහොමම වන්දනාව කරගෙන යන්න. බුදු සරණයි (නි)
එතුමිය ගියේ ආරක්ෂාවක් ඇතුව. (ස)
ඒ ආරක්ෂාවෙන් අනෙක් නඩේ ගිය බැතිමතුන්ටත් ආරක්ෂාව ලැබෙන්න ඇති. නඩේටම දෙවි පිහිටයි. (නි)
යන්නේ වන්දමාන කරන්නට නම් කරදර වෙන එකට ලොකුවට හිතන්න ඕනෑ නැහැ. ලබන පින් වලින් ඒවා සමනය වෙනවා. මුස්ලිම් මිනිස්සු සෞදි හජ්ජි ගොස් විඳින දුක් දැක්කම අපේ අයට මොන දුකක්ද සැපසේ ඉඳගෙනම පින් කරන්න ඉතින් මැති ඇමතිවරයෙක්ම වෙන්න ඕනෑ (නි)
අපිනේ බය වෙන්න ඕනෑ. (නි)
කරුණාකර ලංකාවේ තිබෙන සිද්ධස්ථාන වැද පුදාගෙන මෙහෙ ඉන්න (නි)
අපිත් කරදරයක් නැතුව වන්දනා කණ්ඩායම සමඟ චෙන්නායි හරහා ගිහින් ආවා. (ස)
මෙයිට වඩා අඩු වියදමින් හොඳ ආරක්ෂාවක් ඇතුව පහසුවට චෙන්නායි හරහා මම වන්දනා පිරිසක් සමඟ මේ මාසෙ ගිහින් ආවා. (ස)
මේ ගමන හොඳයි යහමින් සල්ලි තියෙන මිනිස්සුන්ට. දඹදිව වන්දනාවෙ යන ඩැඩි පිරිසක් දුප්පත් මිනිස්සු. ලාබෙට යන්න පුලුවන් චෙන්නායි හරහා ගියොත් විතරයි. චෙන්නායි කිසි ප්‍රශ්නයක් නැහැ. (ස)
මෙතුමිය සියලුම ආරක්ෂාව සලසලා එන්න ඇත්තේ. බය නැතුව යන්නයි තියෙන්නේ ! (ස)
සියල්ල මා හොදින් අවබෝධ කරගෙන ඇති නිසා මා කිසිදා ඔය බිමට පා නොතබමි! (නි)
මේ ගමනට පෙර ගෙව්වාට වඩා වැඩිපුර මුදල් ගෙවන්න ඕනැ කියලයි මම හිතන්නේ. (නි)
හා හා එහෙම කියන්න එපා. (නි)
අපේ රටේ තිබෙන සිද්ධස්ථාන වැඳ පුදා ගත්තම මදි ද? ඉන්දියාවට ගිහිල්ල විදේශ විනිමය වියදම් කරන්නේ මොකටද ? තව සල්ලිත් උන්ට දීල ගුටිත් කාපල්ලකෝ. (ස)
කවුරු ගියත් හාමුදුරුවරු යන්නේ ප්‍රවේශමෙන්. (නි)