IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දඹුලු ආර්ථිකේ බදු ඔප්පු බෙදා නැවත එකතු කරයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (04) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති රැස්වීමක දී නියෝග කළේය.

පසුගිය පොහෝ දින තමා බඩ ඉරිඟු මිල දී ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට යන විට කළමනාකරු නොසිටි  බව ද ඇමැති කීවේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියනුයේ පොහොය දිනවල එම මධ්‍යස්ථානය වසා තැබෙන බවයි.

අද ඇමැතිවරයා අතින් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 30ක් සඳහා තිස් අවුරුදු බදු ඔප්පු බෙදා දෙනු ලැබීය.

ඇමැතිවරයා පිටව ගිය පසු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නැවත එම සහතිකපත් එකතුකරගෙන ගියේය. ඔහු කීවේ එ්වා රෙජිස්ටර් කර නැති බවයි. ඔප්පු රෙජිස්ටර් කර නැවත දෙන දිනයක් කිව නොහැකි බව ද ඔහු කීවේය.

DSC03778[1] DSC03796[1] DSC03813[1]

web1 web2 web3



අදහස් (0)

දඹුලු ආර්ථිකේ බදු ඔප්පු බෙදා නැවත එකතු කරයි

නිහාල් Thursday, 04 June 2015 03:26 PM

යහපාලනයේ පරිපාලනය මෙහෙමනම්... (ර)

:       0       0

විජයබාහු Friday, 05 June 2015 07:41 AM

තවත් එක විහිළුවක් පමණි (බ)

:       0       0

අනිල් Thursday, 04 June 2015 11:03 PM

අනේ මෙහෙමත් නරිනාටක! මේවට වශී වෙලා දෙකොන මාරුවුණ අයත් වැහිවැහැලානේ රටේ...? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 June 2015 11:17 PM

ගාමිණි ජයවික්‍රම කියන්නේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. එතකොට මේ වගේ වැඩ කරද්දී ඒකේ අවාසිය එතුමාට වගේම පක්ෂයටත් එනවා (නි)

:       0       0

අජිත් Friday, 05 June 2015 01:49 AM

අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 June 2015 03:01 AM

ජයවික්‍රම පෙරේරා කියන්නේ හිටපු දිසාපතිවරයෙක් නේද? බදු ඔප්පු ලියාපදිංචි කර නැති බව නොදැනද ඒවා බෙදුවේ කියන එක හිතන්න අමාරුයි. මෙතන වෙනත් යමක් තිබෙන හැඩයි. (නි)

:       0       0

හේමන්ත Friday, 05 June 2015 03:05 AM

අජිත්ල වගේ දෙපැත්තට වැනෙන අය නිසා තමයි රට අරාජික වෙන්නෙ. (ස)

:       0       0

නිමල් ලාලිත Friday, 05 June 2015 04:00 AM

බලලෝභී දේශපාලනයට අවතීර්ණ වුණාම කාටත් රජයේ සේවකයෙකු වශයෙන් සේවය කළ කාලයේ තිබුන දැනුම අමතක කරන්න වෙනවා. (නි)

:       0       0

දර්ශ Friday, 05 June 2015 12:43 PM

අපි දන්න විදියට නම් පොසොන් පෝය කියන්නේ රජරට පළාතට වෙසක් පෝයටත් වඩා විශේෂ දිනයක්.ආගමික කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා ගොඩක් ආයතන එදාට වසා දමනවා. ආර්ථික මධ්‍යස්ථානය දින දෙකක් වසා තබනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 244 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 201 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1428 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 369 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 805 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 523 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site