නිධානයකින් ගත් රන් හා මැණික් බව පවසා ජනතාව රවටා ව්‍යාජ රන් හා මැණික් පෙන්වා මුදල් ගරා ගන්නා කල්ලියක දෙදෙනකු මිහින්තලේ මහකනදරාව වැව් බැම්මේදී මිහින්තලේ පොලිසියට අල්ලා දීමට ලංකාදීප ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායම සමත් විය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ දඹුල්ල නගරයේ මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 60ක මුදලකට මැණික් ගල් පහක් අළෙවි කිරීමට ගිය අවස්ථාවේදීය. ව්‍යාපාරිකයා මුලින්ම කළේ ලංකාදීප මාධ්‍යවේදියාට මේ ගැන දැනුම් දීමයි.
ඉන් පසු ජාවාරමුන් කොටු කිරීමේ සැලසුම සැකැසිණි.රුපියල් කෝටියක් කෝටි එකහමාරක් වටිනා ගල් ටික ගත්තොත් මුදලාලි ගොඩ යනුවෙන් ජාවාරමුන් දැමු ඇම ගිලින්නට ඇතැයි ජාවාරමුන් සිතුවත් එය එසේ සිදු නොවීය.
මුදලාලි එය දඹුල්ල මාධ්‍යවේදීයාට දැනුම් දුන්නේය.
දඹුල්ලේ සිට ව්‍යාපාරිකයා හා දඹුල්ලේ සිටි තැරැව්කරුවන් දෙදෙනකු සමඟ දුරකතනයෙන් කතා කරගත් පරිදි ඉස්කූටරයකින් මිහින්තලයට ගිය අතර ජාවාරම්කරුවෝ මිහින්තලේ මහ කණදරාව වැව් තාවුල්ලට එන ලෙසට පැවසූහ. ඒ අනුව එම ස්ථානයට ගොස් මද වේලාවකින් යතුරු පැදියකින් දෙදෙනකු පැමිණ එක් අයකු දඹුලු ව්‍යාපාරිකයා හා මාධ්‍යවේදියාට හොඳ මැණික් ගලක් පෙන්වා මැණික් බව හදුනා ගත් පසු ඉතිරි මැණික් ගල් රැගෙන එන තුරු රැඳී සිටින්නැයි දැන්වීය.තම සගයින් හරියට ක්‍රියාත්මක වෙතියි මුදලාලි ඇතුළු පිරිසද ජාවරම් කරුවෝද සිතුහ.
මැණික් රැගෙන පැමිණියේ යතුරු පැදියෙනි .
පැයකට පසුව තුන් දෙනකු ඉතිරි ගල් ද සමග පැමිණ ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වූහ.
ඒ ගල් සියල්ල බොරු ගල් බව ව්‍යාපාරිකයාත් මාධ්‍යවේදියාත් දැන සිටියත් ඒ බව හැඟවූයේ නැත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් සී රුක්මල් රත්නායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම රහසින් ඒ අසළට ගෙන්වා ගැනීමට මාධ්‍යවේදියා සමත් විය.
එහෙත් එක් අයකු පොලිසිය දැක දුවන්නට විය.
අනෙක් දෙදෙනා ද යතුරු පැදිය හා මැණික්ගල් තුනක් ද පොලිසිය අල්ලා ගත්තේය. බොරු මැණික් ගල් දෙකක් වැවට විසි කළ බව පසුව හෙළි විය.
පිරිස අත්අඩංගුවට පත්වී ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක සැරිසරමින් ව්‍යාජ ලෙස සැකසූ මැණික් හා රන් කැබැලි ජනතාව රවටා අළෙවි කරන ප්‍රධාන පෙළේ කල්ලිය මේ බවයි.
පොලිස් පරීක්ෂක රණසිංහ, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයන් 28096 කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 59436 දිසානායක, 57341 රණතුංග, 12417 බණ්ඩාර යන මහත්වරු මේ වැටලීමට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඔබේ සිත් පෑරවීමට කිවුවා නොවෙයි. මේ කොල්ලයේ තවත් පැත්තක් ගැන කිවුවේ " ඔව් මම ඒක දන්නවා. එකක් සත්‍යයයි. එනම් දෙපැත්තේම කොල්ලය තිබෙනවා. එහෙම නේද? පොඩි සංවාදයකට ඉඩ සැළසීම ගැන ලංකාදීපයට ස්තුති කරනවා. (නි)
මහකනදරාවටම ඇවිල්ලා පාඩමක් ඉගෙනගත්තා වගෙයි (නි)
කවුරු බෙර ගනීද දන්නේ නේ (අ)
කව්රු කොහොම හිතුවත් ලංකාදීපය ලොකු මෙහෙවරක් රටට කරන්නේ.මමහිතනවා මේවගේ වංචාකාරයෝ අල්ලන්න සහයෝගේ දුන්නත් ලංකාදීපේ නම ප්‍රසිද්ද කරන එක ඔබලාගේ කට්ටියෙට අනතුරක් වෙන්න පුළුවන් මොකද දැන් ලංකාව මිනුස්සුන්ගේ ඔළුවල තියෙන්නේ අදික තණ්හාව, වෛර ක්‍රෝදය මිස කොයි කව්රු ආගම් අදහව්වත් එක මුනිච්චාවට පමණි.(අ)
නුවණැති සහ නිර්භීත ව්‍යාපාරිකයෙක්.දිනෙන් දින දියුණු වේවා! ජාවාරම්කාරයෝ දේසපාලන අනුහසින් ටික දිනකින් නිදහස් වේවි. (නි)
මට හිතුනදේම ,ඇෆ්ගන් ලියලා තිබෙනවා.ඔව්, ලංකාදීප කරන හැමදෙයක්ම ප්‍රවේශමෙන් කරන්න. මෙම වැටලීමට සහය දැක්වූ සැමටම ස්තුතියි ...!!! (නි)
බමුණු, ඔබේ සිත් පෑරවීමට කිවුවා නොවෙයි. මේ කොල්ලයේ තවත් පැත්තක් ගැන කිවුවේ (නි)
ඒ කාලවල නම් මැණික් ගල්වලට ප්‍රසිද්ධ වුණේ මුස්ලිම් ව්‍යාපාරිකයෝය. නමුත් අවාසනාවකට කොහෙද කිසිම දෙයක් මැණික් ගැන දන්නේ නැති අයව අරගෙන මැණික් ගල් සංස්ථාවක් ඉදිකළා,එදා සිටම ලංකාවේ මැණික් ගල් කර්මාන්තයට කණකොකා හැඩුවා.පිටරට වලත් දැන් කව්රුවත් ලංකාවේ මැණික් ගල් ගන්නේ නැහැ. ගන්නත් බයයි (නි)
නොයෙකුත් මාර්ග වලින් මිනිස්සු හොරකම් කරන්න පුරුදු වෙනවා. (නි)
නාමල් මහතා, මම 1977න් පසු කිසිම පක්ෂයකට ඡන්දෙ දුන්නේ නැත. එම නිසා මේවාට මම සම්මාදන් වී නොමැත. (නි)
මේ අසරණ මිනිස්සු හොරු වුණේ ඇයි? ඒ මිනිස්සු නොමිනිස්සු කළේ රටේ දේශපාලකයෝ.දරිද්‍රතාවය අහස උසට. දෙවියනේ, සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ටිකක් අපක්ෂපාතී වෙලා අපි අත්වැල් අල්ලාගෙන හිතමුකෝ අඩු තරමින් අපේ රට වෙනුවෙන්වත් (නි)
මම බමුණුට එකතු වෙනවා (නි)
හරි ලස්සන වැඩේ හොඳේ (නි)
අපේ ලංකාදීප මාධ්‍යවේදීන්ට සිරිමහ බෝ සමිඳු පිහිටයි ! (ස)
කැනඩා දිසා හිතන විදිය හරි. ලංකාවේ විනයගරුක දරුවෙක් හදන්ට ඇවැසි වටපිටාවක් තියෙනවද? අපි හැමෝටම මතකයිනේ ගිරා පෝතකයෝ දෙන්නගේ කතාව.අපි අපේ රටට ආදරෙයි. (දී)
කොහොමද ටිකිරි මොලේ ?ඔය කට්ටිය ඉන්නේ අපුරුවට. (දී)
".අපි අපේ රටට ආදරෙයි." මමත් රටට ආදරෙයි. නමුත් එහි මිනිසුන්ට ආදරේ නැත. (ස)
අනේ බමුණු මහත්තයෝ, අපේ දරුවන්වත් සත පහක්වත් වියදම නැතිව පිටරටක රස්සාවකට අරින හැටි අපි කාටත් කියා දෙන්න.ළමයන්ට උපාධිත් තියෙනවා. ඉංග්‍රීසිත් පුළුවන්. කොඩි වනලත් නැහැ. ක්‍රමවේදය පමණක් මෙම තීරුවෙන් දක්වන්න. (ස)
ජීවිතය පරදුවට තබමින් අපේ මාධ්‍යවේදීන් රටේ සිදුවන වැරදි හැකි පමණින් හෝ මෙසේ ඔප්පු කර පෙන්වාදීම ඉතාමත් අගය කරන බව ස්තූති පූර්වකව කියා සිටිමි. (ස)
ඔබ උත්සාහයෙන් මහන්සියෙන් සහ කැපවීමෙන් හරි හම්බ කරගන්න. තණ්හාව නිසා දුක හට ගන්නා බව හොඳට අවබෝධ කරගන්න. ක්ෂණික ලාබ නො සොයන්න. ඇති දෙය ගැන සතුටු වෙන්න. මේ වගේ කිසිවකුට මා කිසිම දිනක අසුකර ගත නොහැකි තරමට බුදු බණ ප්‍රතිපදාවක් කර ගැනීමට හැකිවීම ගැන නිහතමානිව පවසනුයේ ධර්මයේ සත්‍ය බල මහිමයයි. "තණ්හාය ජායති සෝකෝ' (ස)
'අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා..." ඕක දැන්ද තේරුනේ. අපි ඕක දැනගෙන බොහොම කල්, ඒ නිසයි අපේ ළමයින්ව පිටරට යැවුවේ. (ස)
ඉතා උසස් වැඩක්, කියලා නිම කරන්න බැරි තරම්, බලන්න පොලිස් නිලධාරීන් කියන්නේ මේ වගේ දක්ෂයන්ට, කීප දෙනෙක්ගේ අඩුපාඩු වලට හැමෝටම දොස් කියන එක වැරදී කියලා ඔප්පු උන තව එක උදාහරණයක්. ඒ වගේම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් සී රුක්මල් රත්නායක හොඳ දක්ෂ නිලධාරියෙක්. ජය වේවා - කාංචන හේරත්, ඉන්දියාවේ ඉඳන් (ස)
මෙම පසුබිමක් තුල වංචාව, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම, ජනතා මුදල් සූරා කෑම ලොව අන් රටවල් සමඟ සසඳන විටදී ශ්‍රී ලංකාවට සුවිශේෂි නාමයක් ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට. (ස)
බමුණු මහත්තයෝ , ඔයාගේ ළමයින්ව පිටරට යවන්න ඔයාට පුළුවන් උනාට, ඒක කරන්න හැමෝටම බැහැ, ඔයා ඉපදුන රට කියලා හොඳට මතක තියා ගන්න. හොඳ දෙයක් කලහම ඒක අගය කරන්න පුරුදු වෙන්න. (ස) , මිහින්තලේ පොලිසියට අපෙන් මල් මිටක් !!! .
බමුණු, ඔයා කියනවා වගේ මේ වංචාව කරෙත් දරුවෝ ටික ලංකාවෙන් පිට කරන්ට සල්ලි හොයන්ට වෙන්නැති. මොකද ලක්ෂ විස්සක් විතර වත් යනවා එක් කෙනෙකුට. (ස)
කවදත් ජනතා සේවයට කැපවුණු ලංකාදීපයට හා මේ කාර්යයට උරදුන් ලංකාදීප මාධ්‍යවේදීන්ට මගේ ආචාරය. කාංචන කුමාර ආරියදාස සොහොයුරාට අර හාමුදුරුවෝ දෙන්න හදපු උපාධිය ඇත්තටම විශ්ව විද්යාලකින් දෙන්න වටිනවා. (ස)
අති විශිෂ්ටයි ලංකාදීපය.මේ වගේම සමාජයෙ සිදුවන මේ ද්‍රව්‍ය, අල්ලස්, ලිංගික අඩත්තේට්ටම්, ආදිය පිළිබඳවත් අවදියෙන් ඉන්න.බොහො බටහිර මාධ්‍යවේදීන් චිඩ් වගේ තමා වැඩ. ඒ නිසා බොහො විට සමාජය මාධ්‍යට බයයි.ඔබ කල වැඩය නිසා කිසියම් පෙරලියක්, පිබිදිමක් වෙනවා නම් සමාජයේ තුනුරුවන් සරණයි, දෙවි පිහිටයි.ඔබ සැමට. (ස)
අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා... (ස)
ලංකාදීපෙට ජය වේවා, තව තව හොර, මැර ජාවාරම් කාරයන් කොටු කර දීමට හැකි වේවා, හිප් හිප් හුරේ, (ස)
බමුණු 'අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා..." ඕක දැන්ද තේරුනේ. අපි ඕක දැනගෙන බොහොම කල්, ඒ නිසයි අපේ ළමයින්ව පිටරට යැවුවේ.ඔබ හරියටම හරි. (ස)
හොරකම් වල මහා මොළකාරයා තවම නිදැල්ලෙනේ.... (ස)
සන්ද්‍යා, බමුණු, තිලක්, ඡන්දෙ දෙනකොට මේක තේරුනේ නැද්ද ? (නි)
මේ හැම දේම වෙන්නේ අපේ මිනිසුන්ගේ තියෙන නොසන්සිදෙන ආසාව තන්හාව කෑදරකම නිසා නේද ? (අ)
බමුණු... ඕකට කියන්නේ "මූහුනත් සමග තරහවී නහය කපා ගැනීම" කියලා.(අ)
"ඔයා කියනවා වගේ මේ වංචාව කරෙත් දරුවෝ ටික ලංකාවෙන් පිට කරන්ට සල්ලි හොයන්ට වෙන්නැති." පත්මිණි මේ ඔයගේ දැනගැනීම පිණිසයි ළමය යැවීමට සත 5 වියදම් වුණේ නැත වෛද්‍ය පරික්ෂණයට ගිය මුදල් පවා ළමය ගෙන්වාගත් සමාගම ආපසු ගෙව්වා.. ළමයි ගියේ හොදින් ජීවත් වෙන්න. දෙසපළුවන් පිටුපස යන නිවටයන් දුටුවම මෙරට එපාවෙනවා. අපේ ළමයි දෙශපලුවන්ට කොඩි වන්න යවන්නේ නැත දැන් එම ළමයි එරටවල පුර වැසියෝ (අ)
'ඒක කරන්න හැමෝටම බැහැ, ඔයා ඉපදුන රට කියලා හොඳට මතක තියා ගන්න. හොඳ දෙයක් කලහම ඒක අගය කරන්න පුරුදු වෙන්න." ජයන්ත මහතා මම කතා කෙරුවේ පොලිස් මහතුන්ගේ වැඩ ගැන නොවෙයි රටේ සුදු කරන දූෂණය සහ වංචාව ගැන. පටලව ගන්න එපා (අ)