රංගිරි දඹුල්ල සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉවත් කෙරෙන පවුල්වලට රජයෙන් ඉඩම් ලබා නොදෙන නිසා හඳුනාගත් පවුල් 33 කට රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය සතු ඉඩම් සංවර්ධනය කැර බෙදා දීමට තීරණය කළ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ පවසති.
වසර 30 ක් මේ ජනතාව රජයෙන් ඉඩම් ලබා දෙන තුරු සිටි බවත් එය නොවු තැනදී ජාති භේදයකින් තොරව ඉඩම් ලබා දීමටත් ඔවුන්ට නිවාස ඉදි කැර දීමටත් දඹුල්ල සංවර්ධන පදනමේ අවධානය යොමු වු බව මහනා හිමියෝ කියති.
දඹුල්ල පුජා භූමි සංවර්ධන වැඩසටහන යටතේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම සියලු ඉඩම් දඹුල්ල නාගරික ප්‍රදේශයෙන් පිරි නමන බව මහ නා හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මුහුදු මහා විහාරයක් වෙයිද? (නදී)
ආරාමයකට අයත් ඉඩ කඩම් සඝ සතු කොට පවරාදුන් පසු කිසිවෙකුට නැවත තම බූදලයක් ලෙස බෙදා දීමට නොහැකිය. අනාගතයේදී අන්‍ය ආගමිකයන්ගේ බලාපොරොත්තුව බෞද්ධ සිද්ධස්තාන විනාශ කීරීම.(නදී)
ඔන්න බලන්න බුදුදහම බබලන ආකාරය. හාමුදුරුවනේ ඔබට නිරෝගී සුව.(නදී)
මෙතෙක් කල් ගමෙන් පන්සලට. ඔය දැන් පන්සලෙනුත් ගමට තියෙන්නේ. ඒකත් ජාති ආගම් බේදයකින් තොරව.අනේ සාදු සාදු! (නදී)
හොද වැඩක් (දිල්)
පින්සිද්ද වෙනවා (අ)
ඉතාම ආදර්ශමත් වැදගත් ක්‍රියාවක්. මම හිතන්නේ අපේ ලංකාවේ ඉන්න ලොකු ධනවත් පන්සල්වල හිමිවරු මේ ගැන හිතාවි කියලා. අපේ නායක හිමියන්ගේ මෙම ක්‍රියාවට ආශීර්වාද කරනවා. තව තවත් මෙවන් හිමිවරු පහල වේවා. (නදී)