දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 80ක පමණ මිලක් දෙන්නැයි ලූනු ගොවීහු ඉල්ලති.
මේ දිනවල සාධාරණ මිලක් නොමැතිකම හා ලූනු අලෙවි නොවීම නිසා ඔවුහු අසරණවී සිටින බව කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලුනූ කිලෝවක් රු 40 සිට රු 60 දක්වා මිලක පවතින බවත් එම මිලට හෝ තම අස්වැන්න මිලදී ගැනීමට වෙළෙන්ඳන් මැලිකමක් දක්වන නිසා ලුනු තොග දින ගණන් වෙළදපොලේ තබාගෙන සිටීමට සිදුව ඇති බවත් ගොවීහු කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ඒකමතිකව තීරණය කර ඇත්තේ මාස තුනක් යන තුරු දඹුල්ල වෙළදපලේ විදේශීය ලුනු අලෙවි නොකරන බවත් ගෙන්වීම නවතා දැමීමටත් ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන මිල වැඩිවෙනකොට කෘමිනාශක මිල වැඩිවෙනකොට ගොවීන්ට මිල අඩුකර දීමේ හැකියාවක් නැත. (නි)
මේක මාර කතාවක්නේ බඩු ලාබෙට තියෙනකොට අඬුව ගාන වැඩිකරන්න ඕනේ ගාන වෑඩි වුනාම මිනිස්සු ආන්ඩුවට බනිනවා ජීවන වියදම වෑඩියි ජීවත් වෙන්න බෑහෑ කියලා පුඩුම ආන්ඩුවක්නේ මේක අඩුවට බඩු ගන්න තමා මහජනයාට ඕනේ අස්වෑන්න වෑඩි වෙනකොට ගාන අඩුවෙනව ඒකයි ස්වබාවය (බ)
අපේ රටේ වවන්න පුළුවන් සියලුම දේවල් රටින් ගෙන්නන එක සම්පුර්ණයෙන් නවතන්න ඕන . පිටරටවලට යන සල්ලි නවත්තන්න. (බ)
ඔය ඔක්කොම ලොකු ලූණු දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත අරගෙන ගිහින් ගොඩගහගෙන ඉන්නේ නැතුව ගොවි සංගම් වලට පුළුවන්නේ මේවා කෙළින්ම රටේ අනිත් නගර වල සිල්ලර සහ තොග වෙළෙන්ඳන්ට අළෙවි කරන්න. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ගම්වල කුඩා පරිමාණයේ තොග පොළවල් පවත්වාගෙන යන්න. සාධාරණ මිලක් නියමකරනවා නම් ඕනෑතරම් තොග වෙළෙන්දෝ රටේ අනිත් පළාත් වලින් ඒවි (නි)
කියන තරම් යකා කළු නැහැ දඹුල්ල ආර්ථියේ ලොකු ලූනු ලංකා 68 ත් 73ත් අතර සති දෙකක් විතර ඊයේ රෑත් එහේමයි අද දවල් 80 ත් 100ත් අතර තියෙනවා මේවා බොරු කතා හොද බඩු වලට හොද ඉල්ලුමක් තියෙනවා (බ)
ගොවියොත් එක්ක එකතුවෙලා කෘෂි නිලධාරීන් හදන්න ඕන හැම කන්නෙකටම වගා කරන්න ඕන ප්‍රමාණය. ඕනවට වඩා ලුණු වවල කොහමද. පාරිභෝගිකයනුත් බොහොම අමාරුවෙන් දෙවේල පිරිමහගන්නේ. වී ගොවිතැනත් එහෙමයි (බ)
"මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් හොඳයි" කිව්ව නිසා දෝ දුක්විඳින ගොවියන්ව නැවත නැවතත් මඩේ ඔබ ඔබා ඔබ රජෙක් කිව්ව එක තමයි හැම දේශපාලුවාම කළේ. (නි)
හැමදාම ගොවියෝ ආරක්ෂා කර කර ඉඳලා හරියන්නේ නැත. පාරිභෝගිකයෝ ගැනත් හිතලා බලන්න. ලුණු මිලත් ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන්න ඉඩ හරින්න. ඉන්දියාවෙන් නැවු ගාස්තු, රේගු බදු ගෙවලා ලංකාවට ගෙන්වන ලුණු වලට තරඟයක් දෙන්න අපේ ගොවියාට පුළුවන් වෙන්න ඕනෑ (නි)
මෙහෙමත් පුදුම රටක්! (නි)
ඡන්දෙ කාලෙටනම් කියන්නෙ ගොවියා රජකරවනවලු.ගොවියෙකුගේ පුතෙක් රජපුටුවට යවන්නලු.ඩී.එස්. අැරුණු කොට මෙතෙක් ඹය පුටුවෙ වාඩිවුණ හැම පුතාලම කෙරුවෙ ගොවිය බලුකරපු එක. (ම)
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ හොඳ ලොකු ළූණු කිලෝවක් ගොවි මහතුන් විකුණන මිල ලංකා මුදල් රුපියල් 15 යි. (හේ)
කෙළින්ම නගර වලට ඇවිල්ලා කෙළින්ම පාරිභෝගිකයාට දෙන්න. රුපියල් 80/= ට දෙන්න පුළුවන්. (නි)
ඇයි ලංකාවට තායිලන්තෙන් වගේ ඉගෙනගන්න බැරි? රජයේ උදවුවෙන් ක්‍රමානුකූල මිල මට්ටමක් ඒ රටේ පවත්වාගෙන යනවා. මිල වෙනස ඉතා අල්පයි. (නි)
අවුරුදු 40 කට වඩා විසඳාගන්න බැරි ගොවීන්ගේ මිලගණන් ප්‍රශ්නය වගේ සුළු දෙයක් සැළසුම් කරන්න බැරි පාලකයෝ ඉන්නා රටක දියුණුවක් බලාසිටින්නේ කොහොමද? (නි)
ගොවියෝ නම් කැමති ඇති ඔවුන්ගේ නිෂ්පාදනවලට ඉහළම මිලක් ලැබෙනවා නම් නමුත් වෙළඳපොලේ බදුවල මිල නියම වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත.(ම)
රටේ ගොවීන් ආරක්ෂා කරන්න හොඳම වැඩ තමයි, වෙළඳ සහ කෘෂිකර්ම අංශ දෙකම එක්කෙනක් දැරිය යුතුයි. (ම)
වී,මිරිස්,අල,ලූනු අස්වනු නෙලන කාලෙට මේ ප්‍රවෘත්තිය අපිට අලුත් දෙයක් නෙම්. (ම)