දිඹුලාගල ආරණ්‍යය සේනාධිපතිව වැඩ විසු කිතලගම සීලාලංකාර නා හිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර වසර 19 කට පසු නාමිහියන්ගේ පිළිරුවක් මනම්පිටිය මඩකළපුව මං සන්ධියේදී ඉදි කිරීමට යයි.
රුහුණේ ඉපිද රජරටට වැඩම කොට මහවැලිය අරඹන්නටත් පෙර සිටම දිඹුලාගලට මහ මෙහෙවරක් කළ සීලාලංකාර නා හිමි පළාතේ සිංහල,දෙමළ,මුස්ලිම් සියලු දෙනාගේ ජනප්‍රසාදයට ලක්විය.
දිඹුලාගල ආරණ්‍යය සේනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියන් පැවසුයේ පොළොන්නරුව පුරා කළ සාසන මෙහෙවර වෙනුවෙන් බොහෝ විට පයින්ම වැඩම කළ සිලාලංකාර නාහිමියනට එදා තිරික්කලයක් පුජා කළ ස්ථානයේ ඒ හිමියන්ගේ පිළිරුව ඉදි කරන බවයි. ආදී වාසී නායක ඌරු වරිගේ වන්නියල ඇත්තන්ද මුල් ගල තැබීමට පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් සහ මතවාද නිදහස් මාධ්‍යකින් ප්‍රකාශ කිරීම සහ සම්ප්‍රපලාප කියා අනුන්ගේ කාලය කා දැමීම යනු දෙකකි. නීල් රනා නමින් පෙනී සිටින පුද්ගලයා මෙයවත් නොදත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ මී ගවයෙකි. මොහුගේ මනස විකෘති වී ඇති බවක් මට පෙනේ. ඔබ මෙය කියවන්නේ නම් යුහුසුළුව ගොස් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. මුල්ල්රියාව රෝහලෙන් පැන ආවේ නම් නැවත ගොස් බාර වෙන්න. (නි)
නීල් රණා ,තමන් දන්නේ නැති දේවල් ගැන බූරුවෙක් වගේ අදහස් දාන්න එපා. දුටු ගැමුණු රජතුමා ගැන දාපු අදහස් වැරදියි. ඉතිහාසයේ එහෙම සඳහන් වෙන්නේ නෑ. ලංකාවේ පිළිම වන්දනාව ඈත ඉතිහාසයේ සිට පැවතෙන ආගමික හා සංස්කෘතික අංගයන් බව වටහා ගන්න. ගරු කටයුතු, පුජනීය උතුමන්ගේ පිළිම සෑදීම වරදක් නොවේ. කිතලගම සීලාලංකාර නාහිමි අමරණීය සේවයක් කල උතුමෙක්. එතුමාගේ පිළිමයක් සෑදීම ඉතා හොඳ කටයුත්තක්. (ස)
මම නම් හිතන්නේ නීල්-රණා යනු මුස්ලිම් අයකු බවයි. (ස)
වඳුරු පරම්පරාවට අයත් කේවට්ටයෝ අප අතරත් ඉන්න බව වැටහුනේ නීල් රනාගේ අදහස දැක්කම. ඌරුවරිගේ ඇත්තෝ මුට වඩා වැදගත්. (ස)
මෙතන අදහස් දාපු හනුමන්තලා වලිග ගිනිතියාගෙන දැන් ඒවයෙන් රටම ගිනි අවුලන බවක් පෙනෙනවා. (නදී)
අතීතයත් සමග වත්මන් කල ගුණ සැලකීම පටලවා ගැනීම මෝඩ කමකි. (නදී)
ඉන්දියානු බෞද්ධයන්ට කළගුණ සළකන හැටි අපි දන්නවා. (නි)
ඉන්දියානු බෞද්ධ සංක්‍රමණිකයන්ට මේරටේ තියෙන්නේ අවුරුදු 2200 ක වංශ කතා අතීතයක් වුණාට ස්වදේශික අපිට මෙහි වසර ලක්ෂ ගණනක ඉතිහාසයක් තිබෙන බවත්, ඊට සියලු දෙනාම ගරු කළයුතු බවත් නොදැන අදහස් නොදමන්න. (නි)
ඔබ වහන්සේ මතු බුදු වේවා (දී)
කුෂන් චාමර නිල් රණා ඔයාලගේ මොලේ පස්ස පැත්තේද අනේ තියෙන්නේ. වීරවරයෙක් ගේ පිළිරුවක් හැදුවා කියල වරදක් නැහැ. අනික පිළිරුවක් තිබුන පලියටම ඒකට වඳින්න ඕනෙත් නැහැ. මේ කාර්ය ඉතාම වටිනවා අපේ අනාගත පරපුරට මේ වගේ උත්තමයින් හිටියා කියලවත් මතක් වෙනවා අනික උතුරේ කොටියාගේ නමින් පාරවල් නම් කරනවා නම් ඇයි අපිට රටට සේවයක් කරපු කෙනෙක් අමතක කරන්නේ.(නදී)
නීල් රනා, වාල්මිකී ලියු 'රාමායනය' ප්‍රබන්ධය ඔලුව අස්සේ තියාගෙන බහුබූත තව දොඩවන්න. එය පාඨකයන්ට විනෝදයක් ගෙන දෙනවා. සිංහලයා සහ බෞද්ධයා ගැන කතා කරනකොට ඔවුන්ගේ ගෞරවය රැකෙන පරිදි කතා කරන්නේ නම් මැනවි. මෙම ප්‍රබන්ධ චරිත වලට වඩා නරකද ලංකාවේ හිටිය බවට සාක්ෂි තිබෙන 'දුටුගැමුණු' වැනි චරිතයක් ගැන කතා කරන එක? මේ ලෙස ඔබ කතා කරන ආකාරයෙන් තේරුම් යන්නේ ලංකාවේ විවිධ වකවානු වල සිටි පාලකයන් ගෙන්වන ලද දකුණු ඉන්දියානුවන් ගෙන් හෝ අප්‍රිකානු කාපිරියන්ගෙන් කවලම් වූ උප්පත්තියක් ඇති ඔබ එය අවමානයක්ම යැයි සිතා වසා ගන්න දඟලන බවකි.(නදී)
කාරුණික ඉල්ලීමක් ලංකාදීපෙන්, එසන පුවත් වලට අදහස් පල කිරීමට අවස්ථාව ලබා දී තිබීම ගැන අපි ස්තුතිවෙමු. "මාතෘකාවට අදාල නොවන, ඉතිහාසය විකෘර්ති කර, බුදු දහමට අලුත් අර්ථ කථනදී විකෘති කර නින්දා කිරීමට ගන්නා උත්සාහයට නිදහස දීම, පාඨකයන්ගේ මණස අවුල් කරණ "නීල් රණා" නැමත්තා සෑම මාතෘකාවකදීම පාඨකයන් කුපිත කරමින් අසත්‍ය කරුණු මුදාහැරීමට ඉඩ නොදෙන්නේ නම් මැනවි. අන් පාඨකයන්ගේ අදහස්ද මා බලාපොරොත්වෙමි.(නදී)
මෙතන සමහර මී හරක් වගේ අදහසුත් දාල තියෙනවා. දැන් මේ රට තුල සිංහල බෞද්ධයින්ට ප්‍රසිද්ධියෙ තමාගෙ අයිතිවසිකම් ගැන කතා කරන්නවත් බැහැ. ඒක ජාතිවදි අගම්වදී වෙනවා. හැබැයි ඔය කියන සුළු ජාතීන්ට එහෙම නැහැ. ඒ අයට තමගෙ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තරයෙන් පවා සහයෝගය ලබා දෙනවා. ඒක උතුරේ පහුගිය ඡන්දෙනුත් ඔප්පු කලා. මම නම් හිතන්නෙ අපේ හමුදුරුවො කල වැඩ කොටස උතුරෙත් ක්‍රියාත්මක කල යුතුයි. (ස)
ගරුබුහුමන් දක්වන්නට මල්මාලා පළදවන්නට ප්‍රථිමා ඉදිකරන්නට පුද්ගලයා මැරෙනතුරු බලා සිටිය යුතුද? (නි)
රත්න මහත්මයා, දියුණු සමාජයක් අනුන්ගේ අදහස්, තමන්ගේ පෞද්ගලික අදහසට විරුද්ධ වුනත් ඉදිරිපත් කිරීමට විරුද්ධ වන්නේ නැහැ. නීල් රනා ට දිගටම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙමු. පිළිගැනීම නොගැනීම තම තම නැණ පමණින්.. (නි)
කියවන්නෝ කට පමණින් කියවති.අසන්නෝ කණ පමණින් හැසිරෙති. මී හරක් හැකි පමණින් ගොරවති.මනුස්සයෝ මොළ ලද විට ඉවසති. (නි)
සුමන ගැමුණු රජු අහසින් පාත්වුණු ඕපපාතිකයෙක් නෙමෙයි. ඔහුගේ මීමුත්තා රාවණාගේ හා සීතාගේ පුත් සුමන සමන් දෙවියන්. ගැමුණු රජු ප්‍රමුඛ සූර්ය දේව පරපුර කිසිවෙකුටත් යටත් නොවී අදීනව මේ රටේ ජීවත් වුණු මහේෂාක්ය විලාශය ගැන දිඹුලාගල, පුල්ලිගොඩ ගල් ලෙණේ ක්‍රිවර්ෂ ආරම්භයේ අඳින ලද අලංකාර සිතුවම් දෙස් දෙනවා. නමුත් අපේ දේශීය සූර්ය දේව වන්දනාව යටපත්කර වෙනත් සම්ප්‍රදායන් ඉස්මතුවීම නිසා අද අපි ලෝකෙටම ණය කාරයෝ. රන් ආභරණ, හිස් පළඳනා පැළඳ ගත් අලංකාර සූර්ය දේව පිළිම වෙනුවට අද අපට උරුම නැහැ. බොහෝ අය හිස මත පටවාගෙන ඇත්තේ ඉන්දියාවෙන් ආ හිස් දේවල්. රත්න, මෙහි දැක්වෙන මගේ අදහස දිඹුලාගල හා සම්බන්ද ඉතා වැදගත් ඉතිහාස මූලාශ්‍රයක්. කොටින්ගෙන් වෙඩි කෑවේ ඔය හාමුදුරුවෝ විතරක් නෙමෙයි.(නදී)
මෙහි සැබෑ සත්‍ය නමි අතීතයේ ඕලන්දයෙන් පෘතුගිසින් ලංකාවට සපැමිනි යුගයේදී සටහන්වු සෙල්ලිපි බොහොමයක් තමයි දිඹුලාගල පවතින්නේ පසුකාලීනව අන්‍ය ආගමිකයින් ඒහි ජනාවාස ඉදිකල බවත් ඒහි සාධකයන් මකා දැමීම සදහා සමහරක් සෙල්ලිපි විනාස කර ඇති අයුරු දැනුදු දැකගැනීමට පුලුවන.(නදී)
කොහොම වෙතත් කවුරු කොහොම කිවුවත් නිල්-රනා කියන කතාවෙත් ඇත්තක් තිබෙනවා. (නි)
නිල්-රානා ගේ කතාවෙත් සත්‍යයක් තියෙනවා. අපි නිකන් මෝඩයෝ වගේ අදහස් දාන්නේ නැතුව (දැන් කාලේ ඡන්දෙ දානවා වාගේ) ටිකක් හොයලා බැලුවහම නරකද. (නි)
දිලූ,ඔයාලා වගේ අයට පින්සිද්ධ වෙනවා (නි)
නීල්, ඔබේ අදහස නිවැරදි නම් එක්කෝ රාවණා අර පරණ ස්ත්‍රී දූෂණ චෝදනාවට වැරදිකරුවෙකු විය යුතුයි. නැත්නම්, සීතා ඉන්දීය සම්භවයක් නොමැති කාන්තාවක් විය යුතුයි. තතු පහදන්න. (නි)
ආරියපාල, සීතා ඉන්දීය සම්භවයක් ඇති කුමරියක් නොවෙයි. ඇගේ පරපුර වර්තමාන චෙකොස්ලෝවැකියාවේ සිට උතුරු ඉන්දියාව කරා සංක්‍රමණය වුණා. ඔවුන් මැදපෙරදිගින් ආ මෑත කාලීන ආර්යයන් නෙමෙයි. කෙසේ වෙතත් දෙවියන් කළ දේ ප්‍රශ්ණ කරන්නත් ඒ ගැන ඔබේ විග්‍රහ ඉදිරිපත් කරන්නත් ඔබට බැහැ. රාවණා අකාලිකයි හෙවත් කාල ප්‍රඥප්තියෙන් විණිර්මුක්තයි. විශ්වය බිහිකළ කෙනාට මේ විශ්වයේ කැමැත්තක් කළ හැකියි. නමුත් දෙවියෙක් තීරණ ගන්නා ක්‍රමයක් තිබෙනවා. ඒ නිසයි අවසානයේ රාම අතින් සිදුවෙන දෙයක් ලෙස පෙනෙන්නට ඔහුගේ කය හැරදා වෙනත් දේහයක් ගැනීමට විඥානය මුදාගත්තේ. (ස)
නීල් රනා සීතා ගැන කියන කතාවත්, කතෝලිකයන් මරියතුමී ගැන කියන කතාවත් දෙකම සමානයි. මොන නමින් පෙනී හිටියත් මේ එකම දෙවියන් තමයි (නි)
කළගුණ සැලකීමක්.දිඹුලාගල නාහිමියන්ට නිවන් සුවය පතමි. (අ)
වසර 19 කට පස්සේ හරි මේ රුහුණු රටෙන් බිහිවුණු ශ්‍රේෂ්ට නායක හිමිගේ පිළිරුවක් ඒ මනම්පිටිය හන්දියේ හදන එක මහා ගෞරවයක් . අපේ පරපුරෙන් බිහි උණු මමත් උපන් ගමේම මේ හාමුදරුවෝ සිංහල ජාතියට පමණක් නෙවි අනික්ජාතීන්ට කල සේවය මුළු ලෝකෙම දන්නවා. මහා ත්‍රස්තවාදියා මේ ගාතනය කලේ ඒ පළාත අඳුරේ දාලා විනාස කරන්න. අපි ජාතික එකමුතුවෙන් ඒ නායක හාමුදුරුවෝ කල සේවය ඇගයීම රටේ දරුවන්ට මේවා පෙන්නවන්න ඕනේ. හොඳම හොඳ වැඩක් . පින්කමක්. (දී)
ඉතාමත්ම දුෂ්කර දිවියක් ගෙවූ භික්ෂුවක්. උන්වහන්සේගේ ජීවිත කතාව හදාරන්න වටිනා එකක්. ත්‍රිකුණාමලයේ මුහුඳු සවාරි යනකොට මගදී හමුවන මෙම විහාරස්ථානයටත් ගොඩවෙන්න අමතක කරන්න එපා.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
ලංකාව පුරා පොදු ස්ථාන වල සිදු කරන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා විවිධ දේශපාලකයින්ගේ ප්‍රතිමා ස්ථාපිත කිරීම වහාම නැවැත්විය යුතුයි. (ස)
ලංකාව පුරා පොදු ස්ථාන වල සිදුකරණ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා විවිධ දේශපාලකයින්ගේ ප්‍රතිමා ස්ථාපිත කිරීම වහාම නැවැත්විය යුතුයි. (දී)
නීල් රණා ..මට නම් හිතෙන්නේ ඔයාට පිස්සු කියලා. සමහරවිට ඔයාගේ දෙමාපියන්ගේ පිළිරුවක් වත් කනත්තෙ හදන එකක් නැහැ. (ස)
නිල් රණා, තමුන්ගෙ තාත්තගෙ අප්පාගේ පිළිරුවද එපා නම් හදන්ඩ ඕනේ. රටට සේවයක් කරපු අයට කළගුණ සැලකීමක් කරන්නේ අන්න ඒක දැනගන්නවා... (ස)
නිල් රණා තමුන්ට ජාතියක්, ජන්මයක්, ආගමක්, දේශයක් නැතිකම ප්‍රචාරය කරන්න එපා. (ස)
කළ ගුණ සැලකීමක්, අගේ කිරීමයි ඒ නාමය අමතක කරන්න බැහැ (අ)
අද බොහෝ කතා කරන ..යුද්ධයේදී විශාල මෙහෙවරක් කරපු එස් ටී එෆ් එක බිහිවුනේ මේ හාමුදුරුවෝ සහ රවී ජයවර්ධන මහතා නිසා.... (ස)
1978 කාලයේ නා හිමිගේ පළාතේ උන මහා සුළි සුළඟකින් අනාත උන දරුවන්ට පාසල් පොත් පත් බෙදා දීම සඳහා ලංකා වානේ සංස්ථාවේ ලොරියකින් එහි නිලධාරීන් කීප දෙනෙකු සමඟ මමද ගිය අතර දිඹුලාගල අරණ්‍ය තුල රාත්‍රී නවතන් ගත්තේ පසුදා අපේ කාර්යය ඉටු කිරීමටය. එදා උන්වහන්සේ අපි වෙනුවෙන් රාත්‍රී කෑම සකස් කර අපිට සංග්‍රහ කොට අහිංසක ළමුන්ට පොත් බෙදා දීමට අපි සමඟ පාද ගමනින් සැතපුම් ගණනක් ගිය ආකාරය සිහිවන විට මෙවන් යතිවරයකුට ගෞරව කරන්නට මීටත් වඩා යෝධ පිලිරු සෑදේවා. (ස)
මේ හාමුදුරුවන් එදා සිංහලයන් පදිංචි කරමින් ඔවුන්ට දුන් රැකවරණය සදා අමරනීයි.මීට පෙරම කරන්න තිබුන වැඩක් .දිඹුලාගල හාමුදුරුවෝ සදා අමරනීයයි (දී)
ලංකාවේ බෞද්ධ ප්‍රචාරක ව්‍යාපාරයට ඉන්දියානුවන්ට ගැමුණු රජතුමා අවසර දුන්නේ සංඝාවාස වල සහ ගල් ලෙන් වල ජීවත් වීමට පමණයි. නමුත් ඉන්දියාවේ වත් තිබුණේ නැති පිළිම සංස්කෘතියක් ඔවුන් ලංකාවට සහ ඇෆ්ඝනිස්තානයට ගෙනාවා. එසේ කළේ රාජාඥාවට එරෙහිව බැවින් ඒවා නීති විරෝධී කටයුතු. අපේ ස්වදේශික ආගමේ සූර්ය දේව පිළිම පමණයි මෙහි තිබුණේ. නමුත් ඒවා ඉන්දියානුවන් ඔවුන්ගේ බෝධිසත්වයින් කරගෙන තිබීමත් බරපතල වැරැද්දක්. පොළොන්නරුවේ විසූ ද්‍රවිඩයින්ගේ වන්දනාව පිණිස ඔවුන්ගේ සම්ප්‍රදායික ඌරුවට පොළොන්නරුවේ පැරණි වැව ළඟ සෑදූ සුමන ගැමුණු සූර්ය දේව පිළිමය බෝසත් කරගන්න බැරිවූ නිසා දැන් එය පරාක්‍රමබාහු ප්‍රතිමාව බවට හංවඩු ගහලා. තවදුරටත් ඉන්දියානුවන්ගෙන් පැවත එන්නන්ට මේ රට විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. වගේම අපේ පුජනීය ඉතිහාසය විකෘති කරන්න දෙන්නත් බැහැ. පරදේශක්කාරයෝ ඔය වැඩ තමුන් ආපු තැන්වලටම ගිහින් කරගන්න එකයි ඇඟට ගුණ. (ස)
නීල් රානාගේ කතාවට කෝ උත්තර. කෙනෙකුට ගෞරව කරන්න පිලිම හදසන්න ඕනේ නැහැ. බුදු බනේ තියෙනවා ගස් ගල් වලට වදින එක නවත්වන්න කියලා. (නදී)
කරුණා ඇමතිතුමාටත් ආරාධනා කරා නම් නේද හොඳ? (ස)
1977-78 වර්ෂවල මා මාදුරු ඔය ව්‍යාපාරයේ ඉංජිනේරුවකු ලෙස සේවය කළා. ඒ එම ව්‍යාපාරයේ මුල්ම අදියර වල. අපි කෑම බඩු බාහිරාදිය ගත්තේ කදුරුවෙලට හෝ අරලගන්විලෙන්. අපි හිටියේ පිම්බුරාත්තාව වැව ඉස්මත්තේ කෑම්ප් එකක. අපි සමහර නිවාඩු දිනයන්ට දිඹුලාගල පන්සලට ගියා , එහිදී උන්වහන්සේ ඉතමත් නිරහංකාරව , කුළුපගව අප සමග කතා කර අපට සංග්‍රහ කළා . අපට නොයෙක් අයුරින් උදව් උපකාරත් කල අවස්ථා තිබුන. උන්වහන්සේ මහවැලි ව්‍යාපාරයට ලොකු රුකුලක් වුනා උන්වහන්සේ නැති වීම මුළු රටටම පාඩුවක්.(නදී)
මේ හාමුදුරුවන් කල සේවය අදටත් ඒ ගම්වල මිනිස්සු කතා කරනවා. (ස)
නීල් රණා, තමුසෙට පිස්සුද? ගොනෝ හාමුදුරුවන්ගේ පිළිරුව හැදීම වරදක්ද? (ස)
මේක හොඳ දෙයක් කාටත් දැනගන්න මේ වගේ පිළිරුවක් හදන එක කාටත් ආඩම්භරයක්... (ස)
ම්ලේච්ච කොටි ත්‍රස්ත දුර්ජනයන්ගේ වෙඩි පහර උන්වහනසේගේ ජීවිතය උදුරා ගත්තා. ජාතික, ආගමික වශෙයෙන් කළ සේවය අපරිමිතයි, සදාකාලිකයි. (ස)
මේ ආරාමයේ පොඩි තැන කෞතුකාගාරයකුත් සාදලා මෙතුමාගේ ඉතිහාසය, මෙතුමා පාවිච්චි කළ බඩු බාහිරාදී තැබුවොත් නරකද?හැකි නම් මුහුණු පොතේ පිටුවක් ආරම්භ කර මෙතුමාගේ පින්තුර එකතු කර ගමු. (ස)
විශිෂ්ට හාමුදුරු නමක්, උන්වහන්සේ ඔය ගම් පළාත් වලට කරපු සේවය පහුවෙලා හරි මතක් වෙච්ච එක ලොකු දෙයක්. (ස)
නීල් රණා, ඔබට රටක්, ආගමක්, ජාතියක් , ජම්මයක්, කලාවක් , ඉතිහාසයක්, කෘතගුණ සැලකීමක්, දෙමාපියෙක් නැති.ඕප පාතිකයෙක් වුනාට, අන් අය කරන යහපත් දෑ ඉවසා ගන්න අමාරු නම් පැත්තකට වෙලා ඉන්නවා නම් හොඳයි නේද? ඉතිහාසයට හානි නොකර. (ස)