සිරිකොත මන්දිරය ඉදිරිපිට මහ පාරේ රැස්වීමක් පවත්වමින් සිටි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තතේ ඥාණසාර හිමියන් ඇතුළු සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග නුගේගොඩ නාලන්දාරාමධීපති තිනීයාවල පාලිත හිමියෝද මින් මද වේලාවකට පෙර වැඩම කළහ.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවි කරුණානායක හා රුවන් විජයවර්ධන මහත්වරු ඒ හිමියන් සමග ආහ.
රවි කරුණානායක මහතා කතා කරද්දී හු හඩ නැගී ආවේය.
ඥාණසාර හිමියන් කියා සිටියේ සංඝරත්නයට පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමාව ගත යුතු බවයි.
දයා ගමගේ මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
ඥාණසාර හිමියන් ඇතුළු බොදු බළ සේනා සංවිධානය සිරි කොත මන්දිරයට වඩින ලෙස ආරාධනය කරන බවත් ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපේ හාමුදුරුවන්ට කැසිනෝ නොපෙනේද?" මොකක්ද ප්‍රශ්නය ඔබ කැසිනෝ ගහන්නෙත් නැති නම් මම කැසිනෝ ගහන්නෙත් නැති නම් පිට රටින් එන එකා කැසිනෝ ගැහැව්වම අපට ඇති රුදාව මොකක්ද. මත්පැන් තහනම් මුස්ලිම් රටක් වන කටාර් වල පිටරැටියන්ට පමණක් මත්පැන් සඳහා බලපත දුන්න නමුත් එරට අයට නැහැ එම මිනිස්සු එයට විරුද්ද උනෙත් නැහැ මොකක්ද එයාලගෙන් හම්බකරන සල්ලි නැවත එයාලටම දීල යන්න කියල. ඒවගේ පිටරටින් ගෙනෙන සල්ලි මෙරටට දීල යන්න නමුත් අපේ යට කැසිනෝ තහනම්. වරදක් තියනවද අපට කැසිනෝ තහනම් නම්?(නදී)
බොදු බල සේනාවේ හාමුදුරුවන්ට පහර දුන්නට සමාව ලැබෙයි කියමුකෝ , එත් එතුමන්ලාට සිරිකොතට වඩින්නට හේතුවුණා කාරණාවට ජාතියෙන් කවදාවත් සමාවක් ලැබෙයිද ?(දිල්)
කෝ අද සිංහල නම් වලින් එදා බොදුබල සේනාවට මඩගහපු අය (දිල්)
කට වහ ගනිව් ඔක්කොම .(අ)
අජන්ත කැසිනෝ වලට බොදුබලය විරුද්ධ නුනට දැන් අපේ සිංහල ජාතියෙන් සමාව ඉල්ලන්න කියලයි මම නම් කියන්නේ (අ)
කුඩු අල්ලපු පොලිසියේ මහත්තුරු පවුල්පිටින් කපල කොටලා මරනවා. කුඩු ගෙන්වන ව්‍යාපාරිකයන්ට විරුද්ද වෙන්නේ නැත්තේ ඇයි (අ)
ශක්ති චැනල් 4 වීසා දුන්නේ කවුද? පැකර් කැසිනෝ හොදද? අපේ හාමුදුරුවන්ට කැසිනෝ නොපෙනේද?ළමා අපචාර , මුදල් දුෂණ ,මිනීමැරීම් , බුරු පොලවල් ,කුඩු,පොලිසියේ හදිසි මාරුවීම් යන දේවල් නොපෙනේද? ඒවා ඔබ වහන්සේලාට අකැපද? (ස)
ඉදලා ඉදලා නායකත්ව මණ්ඩලයක් හදලා ගොඩ එන්න හැදුවා. ඒකත් ඉවරයි දුකයි පක්ෂය ගැන අත්තෙන් අත්තට පැනපූ කුරුල්ලා බිමට වැටිච්චන් ඡෝරු කුරුල්ලා ඔය නායකත්ව මණ්ඩලය දන හිසෙන් උඩට ගමේ පාක්ෂිකයා ගණන්ගන්නේ නැති වගයි පේන්නෙ
මුන්ට පිස්සු සමාව ගන්නවා..(අ)
මිලියන බාගයකට පමණ දමිළයන් සිටින නගරයක් ටොරොන්ටෝ . මෙහිත් සිටිනවා එකතරා සිංහල කිහිපදෙනෙක් චැනල් 4 සදාරණිය කරන යුද්දය අවසන් කාලයේ අපේ හමුදාව අතින් අහිංසක දමලයන් මේරුව කියන මානුෂික අයිති වාසිකම රජය නැති කරා කියන . ඔවුන් එසේ කරන්නේ හොරෙන් චානදවට ඇතුළු වී සරනා ගත විසා ලබා හත් හෙයින් සහ ඒවා ලබා ගැනිමට දමිළයන් උදව කර නිසාත්ය . තමන්ගේ බඩ ගොස්තර වාදය රේක ගෙනිමට රටත් ජාතියත් පවා දෙන සිංහලුන් ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන වල සිටිනවා . මම මෙය ලිව්වේ ඇත දෙකිම් සහ මම හොඳට දන්නා නිසා වගකිමෙන්ය (අ)
එදා හාමුදුරුවෝ වඩිද්දී අවසර හාමුදුරුවනේ මොකක්ද ප්‍රශ්නේ එන්න ඇතුලට කියල ආරාධනා කරලා ගිලන් පස ටිකක් එහෙම වලදන්න කියල ආපු කාරණේ ගැන කතා කෙරුවනම් ඔය සමාවල් ගන්න වෙන්නේ නැහැ නේද? අනෙක එදා වැඩියේ හමුදුරුගොල්ල හත් අට දෙනෙක්. මේවගේ දෙයක් තේරුම් ගන්න බැරි නායකයෝ ඉන්නකොට ජනතාව එයිද? (අ)
එජාපයට කොන්දක් තියන වද අපි ඉතිඑන් මේවගේ අයද පත් කරන ඕන (අ)
දයා ගමගේ සමාව ගත් එකනම් අගය කරන්න ඕනෑ. නමුත් සමාව ගන්න ඕනෑ එයා නෙමෙයි කියලයි මම නම් කියන්නේ (නි)
දයා ගමගේ සමාව ගත්තා නම් එය අගය කරන්න ඕනේ. ඒත් සමාව ගන්න ශ්නේ රනිල් මහත්තයයි මංගල ගෝලයයි. රටේ මිනිසුන්ගේ මදවත් හදුනා නොගත්තොත් රට දිවන්න නම් බැහැ.(නදී)
මෙතන සමහරු වලිගෙ පාගාගෙන හෝ හුදෙක්ම කඩේ යාමේ ප්‍රතිපත්තිය මත ප්‍රතිචාර දැක්වීම ගැන කණගාටු වෙමි. චැනල් 4 නාලිකාවට ඉන්දියාව විසිනුත් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී ඔවුන්ට වීසා නිකුත් කලේ අප විසිනි. මෙය බරපතල වරදකි. කොටින්ම, ඔවුන් සැරසෙන්නේ මොකටදැයි දැන දැනම අප විසින් කරගත් ඉල්ලන් කෑමකි. අපට කල යුතුව තිබුනේ අපේ රට ගැන සාවද්‍ය තොරතුරු ලොවට කියා පෑමේ හේතුව ගෙනහැර පාමින් ඔවුන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමයි. එසේ කලානම්, සිරිකොතේ ප්‍රශ්නයක් මතුවන්නේ නැත. ඊටත් වඩා, පොදු රද සමුළුව සාර්ථකව නිම කර ගැනීමට හැකියාව තිබිණ. මොවුන්ගේ පැමිණීමෙන් සිදුවූයේ ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමයි. දැන්, අවසාන ප්‍රතිපලය කුමක්ද? 2009 සිට 2013 දක්වා පමණක් මානව හිමිකම් කඩවී දැයි අපට සෙවීමට සිදුවීමයි. මාර්තු මස එය අවසන් නොකළ හොත් බ්‍රිතාන්‍ය විසින් මානව හිමිකම් කවුන්සලයට අපට එරෙහිව අන්තර්ජාතික මෙහෙයුමක් දියත් කරනු ඇත. ඉදිරියේදී මුළු රටටම පිරිත් පැන් ඉසීමට දැන් අපට සිදුවනු ඇත. (නදී)
"ගහන්න ඕනෑ වෙලාවට ගහනවා.. වඳින්න ඕනෑ වෙලාවට වඳිනවා .. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් " ඒත් මේ සමහරු කරන්නේ මැක්රේලට ගහන්න ඕනෑ වෙලාවට දණගහනවා, සිවුරට වඳින්න ඕනෑ වෙලාවට ගහනවා වගේ වැඩනේ (නි)
අජන්ත මහත්මයා, ඔය කැසිනෝ කියන වචනය බුදු බණේ සඳහන් වෙලා නැහැනේ. ඔය කවුරුත් ඒකට විරුද්ධ නොවෙන්නේ ඒක වෙන්න ඇති. ලංකාවට ආවා වගේද සිරිකොතට ගියා කියන්නේ, ඒක ලොකු වරදක්?? (නි)
"මේ අයට පිස්සු සමාව ගන්නවා." ඒක තමයි බෞද්ධ ක්‍රමය. නැතුව මහා පාරේ බෙල්ල කපන එක නොවෙයි (නදී)
ඇයි මැක්රේව කුස්සිය පැත්තෙන් සිරිකොතට ගෙනාවේ? (නදී)
රටක් දියුණු වෙන්න නම් කුඩු,ගංජා, කැසිනෝ,ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් , දූෂණය වංචා තියෙන්නම ඕනේ. ඒ අතින් අපේ බොදු බල සේනාව කරන දේ හරියටම හරි. (නදී)
අරවින්ද,එතකොට ප්‍රතිරූපය නංවන්න කියලා කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා මැක්රේව ලංකාවට ගෙන්වපු එකට ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ නැද්ද? (නි)
මුහුණ දුටුවිට බොහෝ දේ දැනේ (නි)
අනේ හාමුදුරුවනේ බුද්ධ චීවරයේ ගෞරවය රකින්න.ධර්මයේ හැසිරෙන්න. බුදුන් මරන්නට ආපු අංගුලිමාල ගෙන් බුදුන් සමාව ඉල්ලුවාද? (ස)
"රටක් දියුණු වෙන්න නම් කුඩු,ගංජා, කැසිනෝ,ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් , දූෂණය වංචා තියෙන්නම ඕනේ." හොඳයි ඕව නැති දියුණු රටක් කියන්න. (නදී)
" මැක්රේව ලංකාවට ගෙන්වපු එකට ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ නැද්ද?" බොරු කියන මැක්රේව ලංකාවට ගෙන්නුවේ අපට හංගන්න දෙයක් නැත ඇත්ත තත්වය බලාගන්න කියන අදහසින්. එවිට මැක්රේ බොරු කීවත් දෙසැරයක් හිතනවා. (නදී)
"මුහුණ දුටුවිට බොහෝ දේ දැනේ" බුද්දිමත් නම් මුහුණ දුටුවිට හදවත පෙනේ (නදී)
"බුදුන් මරන්නට ආපු අංගුලිමාල ගෙන් බුදුන් සමාව ඉල්ලුවාද?" බුදුන් අංගුලිමාලගෙන් සමාව ඉල්ලුවෙත් නැහැ. බොදුබල සේනාව යුඑන්පී එකෙන් සමාව ඉල්ලුවෙත් නැත. බොදුබල සේනාව වගේ එකක් නැති නම් මේ විවෘත ආර්ථිකයේ බුද්දාගම සිංහල කමට යන එන මගක් නැතිවේවි. 1956 කලින් සිංහලයට බුද්දාගමට තිබුන තැන ගැන දන්නවද? සිංහල බෞද්ධ අපේ රටේ අපි තුන්වෙනි පන්තියේ පුරවැසියෝ. (ස)
වීසා දීපු එකත් වැරදි නම්,චැනල්l 4 ගෙන්නගත්ත එකත් වැරදි නම්,මොකටද සිරිකොතට එන්න වීසා දුන්නෙ (අ)
මේකනේ ටිකිරි බන්ඩො සමාව ගන්නවානම් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවම මහජනතාව ළඟ වැඳ වැටිලා සමාව ගන්න ඕන. (ස)
බොදුබල සංවිධානයට එක්වෙන්න පුලුවන් නම් දන්වන්න (නි)
මටත් ඕනෑ බොදුබල සංවිධානයට බැදෙන්න (නි)
මේක බොන්නන් සහ පෙරන්නන් අතර ප්‍රශ්නයක් මම ඔය දෙකටම අදාල නැහැ .(w)
බොහොම පරක්කුයි. මොකද මැක්රේට අවශ්‍ය ආයුද සපයල ඉවරයි. බෞද්ධ චිවරයට බටහිරින් කරන නිගාවලට හොඳ තල්ලුවක් දුන්නා.(නදී)
රසික - කවුද ? කවුද ???? ඔබ ඔය කියන නායකයා ? එයාටද "හු" කියුවේ ? සමාව ඉල්ලපු කෙනාද ?(දිල්)
හොඳ දෙයක් ...(දිල්)
ක්‍රියාව හොදා, මොන ප්‍රශ්නේ නමුත් වැඩි දුර ඇදගෙන යාම හොද නැහැ. අපි නිහතමානී වෙමු.(දිල්)
එජාපයට හොද අවස්ථාවක් (නි)
කෝ එතකොට අද බොදු බල සේනාවට ගහන්න දත කට මැදගෙන හිටපු නඩය. දේශපාලනය මොනා වුනත් සංඝයන් වහන්සේලාට අත උස්සපු එකනම් යූ.ඇන්.පී කාරයෙක් විදිහට මම නම් අනුමත කරන්නේ නෑ. (ස)
දයා ගමගේට මොලේ තියෙනවා. (ස)
දයා ගමගේ මහතා හොඳ සිංහල බෞද්ධ නායකයෙක්. ඔබතුමා කළ ක්‍රියාවට මගේ පැසසුම්. ඔබතුමා වගේ අය ඔය පක්ෂයේ නායකත්වයට එනවනම් ඒක රටට ඉතාමත් හොඳයි. (ස)
නීතියට ගරු කරන මහත්තුරු එහෙමයි ! !වැරැද්ද හදාගෙන යා යුතු ගමන යනවා !! ජයවේවා! (ස)
අපිත් යූ.එන්. පී. හැබැයි රනිල් මහත්තයා ඉන්නකම් ඡන්දය නම් දෙන්නෙ නැහැ (නි)
මෙය සජිත් සහ බුද්දීකගේ ජයග්‍රහණයක්. (අ)
දයා මහත්තයව වැඩිය වර්ණනා කරන්න එපා. එයාවත් කපල දාන්න ඉඩ තියෙනවා. (ස)
පක්ෂ භේදයකින් තොරව කල හොඳ දේ අගය කල යුතුයි. (ස)
එහෙනම් එදා ගහගත්තේ මොකටද? දැන් කව්ද වැරදි? අපිද? (ස)
හැමෝම එක්ක එකතුවෙලා හාමුදුරුවන්ට ගහල දැන් සමාව ඉල්ලලා වැඩක් නැත. (ස)
ලක්සිරි සංඝයා වහන්සේලා උනත් හැසිරෙන ක්‍රමයක් තියෙනවා. (ස)
අන්න විපක්ෂයට හොඳ නායකයෙක්. ඔබ විපක්ෂය පැත්තෙන් කාලෙකට පස්සේ හොඳ දෙයක් කලා. (ස)
වැරද්දක් කරලා එය පිළිගෙන සමාව ඉල්ලපු එක මහත්මා ගතියක් . සමාව ඉල්ලන්න කරුණු දෙකක් තියෙනවා . චීවරයක් දරා ගත් අයට පහර දීමත්. අනික් කරුණ රට පවා දීමට චැනල් ෆෝ එකේ මක්රේ ගෙන්වා කරපු දෙයටත් .සමාව අයදිය යුතුය . ලංකාවේ ජාත්‍යන්තර සමුළුවක් තිබෙන වෙලාවේ එය මඟ හැර එයට විරුද්ධව සහ හමුදාව පාවා දීමත් කර තිබෙනවා . සමාව ගන්න එන්න ඕනේ පක්ෂ නායකයා ඇතුළු පිරිස. ඔවුන් තමා මෙය පටන් ගත්තේ. (ස)
බොදු බල සේනාවට ජය වේවා....! (නදී)
දයා මහත්තොයෝ, ඔය මංගල උන්නැහෙගෙ වැඩ. සඟ රුවනට පහර ගහල යු අන් පීයට කවදාවත් දිනන්න බැහැ. දයා මහත්තයෝ ඔයා විතරක් නොවෙයි මංගල රනිල් රවි ඇතුළු සැවොම දණ්ඩ නමස්කාරයෙන් සමාව ගත යුතුයි.(නදී)
බළලුන් ලවා කොස් ඇට බෑවීම (අ)
ගහන්න ඕන වෙලාවට ගහනවා .. වඳින්න ඕන වෙලාවට වඳිනවා .. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ! (ස)
ඉදලා ඉදලා නායකත්ව මණ්ඩලයක් හදලා ගොඩ එන්න හැදුවා. ඒකත් ඉවරයි (නි)
මොනවා වුණත් අපේ දේශපාලන ඉතිහාසය ගත්තම මේ වගේ කළ වරදකට සමාව ගත් එකම මහත්තයා දයා ගමගේ මහත්තය වෙන්න ඕනෑ. ඔබට මගේ ප්‍රණාමය! (නි)
චැනල් 4 වීසා දුන්නේ කවුද? පැකර් කැසිනෝ හොදද? අපේ හාමුදුරුවන්ට කැසිනෝ නොපෙනේද?ළමා අපචාර , මුදල් දුෂණ ,මිනීමැරීම් , බුරු පොලවල් ,කුඩු,පොලිසියේ හදිසි මාරුවීම් යන දේවල් නොපෙනේද? ඒවා ඔබ වහන්සේලාට අකැපද? (නි)
මිනිසුනි, ඔයාලට තේරෙන්නේ නැද්ද?චැනල් 4 එකට වීසා දුන්නා චෝගම් එන්න. නමුත් ජාතියක් විදියට අපිට කොන්දක් තිබිය යුතුයි. ඔවුන් කළ නින්දාසහගත විදියට අමතක නොවෙන පාඩමක් උගන්වන්න.රට,ජාතිය ගැන තැකීමක් නැති අයට අපේ රත්තරන් මුරලි ආදර්ශයක් (නි)
බෞද්ධ ගිහියන් පැවිද්දන් යන දෙගොල්ලම චණ්ඩි වගෙයි නේද? (නි)
ඔය වැරැද්දට දයා ගමගේ සමාව ගත්තට මදි. බොදු බල සේනාවේ හිමිවරු කරන්නේ එතුමන්ලාට ඉතිහාසයෙන් පැවරුන උරුම වගකීමයි. එතුමන්ලා පවුල් ගොඩ නගන්නවත්, නිලතල ගන්නවත් ධනය හම්බකරන්නවත් නොවෙයි, අපේ සිංහල ජාතිය රට ආරක්ෂා කරන්නයි උත්සාහ කරන්නේ. (නි)
කැසිනෝ වලට බොදුබලය විරුද්ධ නුනට දැන් අපේ සිංහල ජාතියෙන් සමාව ඉල්ලන්න කියලයි මම නම් කියන්නේ (නි)
බොදු බල සේනාවට ජය වේවා....! (නි)
දයා ගමගේ විතරක් නොවේ, එතන සිටි එජාපයේ සියලුම දෙනා බොදු බල සේනාවෙන් සහ මහ ජනතාවගෙන් සමාව අයදිය යුතුයි . (නි)