IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දෙයියන්ගේ පිහිටෙන් දැන් තාත්තට සනීපයි

2017-01-06-ent-05

 

ජනිත් වික‍්‍රමගේ වගේම එයාගෙ මල්ලි සංකේත් වික‍්‍රමගේත් එයාලගෙ අම්මා ප‍්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරුත් පසුගිය වසරේදී බොහෝම දුකින් කාලය ගතකළ බව කියන්න පුළුවනි. හැබැයි ඔන්න 2017 වසරේදී නම් අලූත් හුස්මක් අරගෙන සැනසිල්ලේ ජීවිතයට මුහුණ දීමේ අවකාශය උදාවෙලා. සුබ අලූත් අවුරුද්දක් වේවා කියන අරුත හොඳින්ම දැනෙන මොහොතක පසුගිය කාලයේ මුහුණ දුන් සිදුවීම් ගැන වගේම මේ වසරේ සැලසුම් කරලා තියෙන වැඩ කටයුතු ගැන සහ තවත් විස්තර කතා කරන්න ජනිත් සඳැල්ලට ආ විදියයි මේ.

 

ජනිත් මේ දිනවල කියන කරන වැඩ ගැන මුලින්ම සඳහනක් කළොත්?

2017-01-06-ent-06කැලූම් පාලිත මහීරත්නගේ ”දේවිය සුගලා” නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව සුදත්ත තිලකසිරිගෙ ”මගේ කවිය” සහ ”මායාවී” නාට්‍ය ද්විත්වයෙහි රූගත කිරීම්වලට දායක වෙනවා. ඊට අමතරව හිරු ටිවී ”දාන්න පහක්” වැඩ සටහන මෙහෙයවනවා.

 

පසුගිය කාලයේදී බොහෝම දුකෙන් නේද හිටියේ?

ඇත්තෙන්ම ඔව්. අපේ තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අපි බොහෝම දුකෙන් හිටියේ. දෙයියන්ගේ පිහිටෙන් දැන් තාත්තාගෙ සෞඛ්‍ය තත්ත්වය ගොඩාක් හොඳයි. ගිය අවුරුද්ද ඉවර වෙන්න කියා තිබියදී චිත‍්‍රපටියක ආරාධිත අංගනයකටත් එක්වුණා. ඉතින් ඒක ඇත්තටම අපට හරි සතුටක්. ගිය අවුරුද්දෙ අපේ අම්මා, මම සහ මල්ලී බොහෝම කැපවුණේ තාත්තාව සනීප කර ගන්නයි. ඉතින් දැන් තාත්තාගේ සනීපවීම නිසා අපට ලොකු සතුටක් දැනෙනවා.

 

තාත්තා මොනවද කියන්නේ?

තාත්තාට බොහෝම සතුටුයි. පසුගිය කාලයේදී අසනීප තත්ත්වය නිසා තාත්තා සෑහෙන්න දුක් වින්දා. කොහොම වුණත් මේ ස්වභාවය යටතේ අපට මිනිස්සු ගැනත් ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වුණා. අපි කිසි විටෙකත් නොහිතපු මිනිස්සු තමයි අපට උදව් කළේ. සුජීව නමැති තරුණයා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. වකුගඩුවක් පරිත්‍යාග කළේ ඒ තරුණයායි. මේ සියලූ දේ අවසන අපේ පවුලේ බැඳීමත් පෙරටත් වඩා තව තවත් ශක්තිමත් වුණා.

 

ඒ වෙලාවේ ක්ෂේත‍්‍රයෙන් ලැබුණු සහයෝගය මොන වගේ ද?

හිටපු ජනාධිපතිතුමා පවා අපට උදව් කළා. ඒ වගේම ජයන්ත ධර්මදාස මහතාගේ නාමයත් විශේෂයෙන් මතක්කරන්න ඕනෑ. ඒ වගේ තවත් බොහෝ උදව් කළ අය හිටියා. නමුත් තාත්තාගේ අසනීප තත්ත්වය අපි මාධ්‍යයට ප‍්‍රචාරය කරන්න ගියේ නැහැ. ප‍්‍රදර්ශන, සංදර්ශන කරලා සල්ලි හොයමු කියන යෝජනා පවා ආවා. නමුත් අනවශ්‍ය විදියට අපට ඒ කිසි දෙයක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. කලාකරුවා හිඟන්නා කියන මතය විටෙක සමාජයේ පවතින දෙයක්. ඒ ත්තත්වයට වැටෙන්න අපි කැමැති නැහැ. අපි කොහොමහරි වැඬේ ගොඩදාගත්තා.

 

අම්මා මොනවද මේ දිනවල කරන්නේ?

අපේ පවුලේ වැඬේදි තාත්තාව ගොඩදාගන්න මායි, මල්ලියි දිවා රාත‍්‍රී නොබලා මහන්සි වෙලා වැඩ කළා. ඊට නොදෙවෙනිව අපේ අම්මා කැපවෙලා වැඩ කළා. පුදුම ධෛර්වන්ත කාන්තාවක්.

 

අලූත් වසරේ අලූත් බලාපොරොත්තු මොනවා ද?

වේදිකා නාට්‍යයක මුලින්ම රඟපෑවේ මගේම නාට්‍යයක් වූ ”මිනිස්ටාර්” නාට්‍යයේ. ඉන්පසුව වේදිකාවේ තවත් දායක වෙන්න නොසිතුවත් සුදත්ත තිලකසිරිගෙ අමුතු වැඩකට දායක වෙන්න ලැබුණා. ඒක බොහෝම ආසාවෙන් බාර ගත්තා. ඒ නාට්‍ය මාර්තුවලදී වේදිකාවට ඒවි. ඒ වගේම මම පස්වැනි වතාවටත් සංවිධානය කරන ලේ දන්දීමේ පිංකම මේ වසරේදීත් සංවිධානය වෙනවා. ඊට දායක වෙලා ලේ දන් දී මහා පුන්‍යකර්මයකට එක්වන්න කියා මගේ ආදරණීය රසික රසිකාවියන්ට ආරාධනා කරනවා.

 

දැන් නම් ගෙදරට ලේලියක් ඕනෑමයි කියා අම්මා කියන්නේ නැද්ද?

පසුගිය වසරේ තිබුණු තත්ත්වය එක්ක ඒ කිසි දෙයක් ගැන හිතුවෙ නැහැ. හරි වෙලාවට හරි කාලය ආවාම සියල්ල සිදුවේවි.

 

ඇයි ඔබ සහ මල්ලි එකට රඟ නොපාන්නේ?

දෙන්නාම කාර්යබහුලයි. අපි දෙන්නා එකට ඉඳල ෆොටෝ සූට් එකකට පෙනී සිටියෙත් බොහෝම අමාරුවෙන් දිනයක් දාගෙන. මම අම්මා, තාත්තා එක්ක රඟපාලා තියෙනවා. මල්ලි එක්කත් රඟපාන්න ඕනෑ. සමහරවිට මේ අවුරුද්දේ ඒ අවස්ථාවත් ලැබේවි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-01-06-ent-09
2017-01-06-ent-08
2017-01-06-ent-07



අදහස් (0)

දෙයියන්ගේ පිහිටෙන් දැන් තාත්තට සනීපයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1313 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2338 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1022 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9550 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3580 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site