දුර්ලභ කිඹුල් හූනකු ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාකඳුරේ ඩබ්ලිව් ජී හර්ෂණ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප මත මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
හූනා දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසද නියම කැරිණි.
කඹුරුපිටිය ලේනබටුව රක්ෂිතයෙන් අල්ලා ගත් බව කියන මේ හූනා රුපියල් ලක්ෂ 12 කට මොවුන් විකිණිමට තැත් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මුදලාලි වෙසින් කොළඹින් ගිය පොලිස් කණ්ඩායමකට ඔවුන් මෙම හූනා විකිණිමට තැත් කැර ඇත්තේ කඹුරුපිටිය මාපලානේදීය.
මෙම හූනා ශ්‍රී ලංකාවට ආවේණික සතෙකි.කිඹුල් හූනා වියළි කලාපයේ ගස් හා ගත් අතර ජීවත් වේ.ගෙවල්වල සිටින හුනාට වඩා මේ හුනා විශාලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්බෑවට පස්සේ ඒ පාර හූනෙක්.(නදී)
හුනෙක් ලක්ෂ 12ක් වටිනවද ?.ලංකාවේ රුපියල් 1000 ට 2000 ට මිනිස්සු මරනවනේ ?.(අ)
දුර්ලභ සතුන් සන්තකයේ තියාගෙන ඉන්න මිනිසුන් මාර්ගයෙන් මෙම සතුන් පිටරට පටවන ව්‍යාපාරිකයන් අල්ලන්න පුළුවන්නේ. ඔවුන් ටික අල්ලා ගෙන තදබල දඬුවම් දුන්නොත් මේ වෙළඳාම ඉබේම නවතීවි. එසේ නොකලොත් ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මෙම රජයටනේ. කාලයක් තිස්සේ පැරණි ගෘහ භාණ්ඩ පැටෙව්වා. ඒවා ඉවර උනාම සත්තු. ඊ ලඟට අපේ ආච්චිලා සීයලත් පටවල අපිවත් විකුණලා තමා ඉවර වෙන්නේ.(නදී)
අපිට බැරිද ඔය ජාවාරම් කරන අයව රට පටවලා කීයක් හරි හොයා ගන්න. හූනෙක් ඒතරම් වටිනවා නම් මනුස්සයෙක් කොයි තරම් වටීද..? ඒත් මෙ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ව නම් මිල නොකර නිකන් දුන්නත් රටට වටිනවා.(නදී)
තව ටිකක් කල් යන විට මිනුසුන්ගේ ශරීර කොටස් විකුණන ජාවාරම්කාරයොත් බිහිවේවි (දිල්)
මේ වගේ කැත සතෙක් ලග තියාගෙන මොනවද කරන්නේ? (දී)
අනේ දිල්ෂාන් ඔය කියන කතාව අවරුදු ගානකට කලින් පටන්ගෙන තියෙන්නේ
විවිධාකාර තරු,ග්‍රහ ලෝක පිරුණු විශ්වයේ පෘථිවිය අසිරිමත් වස්තුවක්.ගිනි කදු කාන්තාර තියෙන පෘථිවියේ ශ්‍රී ලංකාව අසිරිමත් දිවයිනක්.ඇයි අපි අපේ දේවල් රැක ගන්නේ නැත්තේ?(දිල්)
ඔය සැරේ ගෙවල් වල ඉන්න හූනොත් විකුණාවි.ඒ විතරක් ද ... කිබුල් හූනා පූසෙකුට අහුවුණොත් ? (දී)