IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දියවැඩියාවට බෙහෙතක් ඇරිසෝනා සරසවියෙන්

කංසා කොළයේ පවත්නා ටී.එච්.සී හෙවත් ටෙට්‍රා හයිඩ්‍රෝකැනබිනෝල් නම් රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩියාව වළක්වා ගැනීමට හැකි වෙතියි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝසප් ඇල්පට් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කැරුණු පර්යේෂණයක් කියයි.

තවත් බොහෝ මූලික හා සායන පර්යේෂණ කළ යුතු බවත්, දීර්ඝ කාලීන වශයෙන්, පිළිකා දියවැඩියා හා මහල්ලන්ගේ අබල දුබලතා නැති කිරීමට මෙම රසායනය යොදා ගත හැකි බව පෙනෙන බවත්, පර්යේෂණ කණ්ඩායම ‘ඇමෙරිකන් ජර්නල් ඔෆ් මෙඩිසින්‘ නම් වෛද්‍ය බසඟරාවට සිය පර්යේෂණ ප්‍රතිඵල අළලා ලියූ ලිපියෙන් මහාචාර්යවරයා සදහන් කරයි.

කංසා ශරීර ගත වූවන්ගේ ඉන්සියුලීන් ප්‍රමාණය ශරීර ගත නොවූවන්ගේ ඉන්සියුලීන්වලට වඩා සියයට 16කින් අඩු වූ බව මහාචාර්ය ඇල්පට් කියයි.

ලොකු ඉඟක් ඇති අයට දියවැඩියා අනතුරක් ඇති බව ද මේ පර්යේෂණයේදී සොයා ගැනිණි.



අදහස් (0)

දියවැඩියාවට බෙහෙතක් ඇරිසෝනා සරසවියෙන්

පද්මිණි Friday, 17 May 2013 10:04 AM

අපේ රටේ ඕනෑතරම් තියෙන කරවිල කනවා නම් ඒකත් දියවැඩියා පාලනයක්. ගොවීන්ටත් අදායමක්. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 16 May 2013 09:51 PM

ඔන්න බොලේ, ලංකාවටත් කප්රුකක්... පොහොර, කෘමිනාශක නොදමා, අඩි 8 ක් උසට වැවෙන මෙම ඖෂධ ගසේ වටිනාකම්,නොදන්නා අය ගිනි තියනවා. රජයට ජාතික ආදායමක් ලැබෙන මෙම පැළෑටිය රජයෙන් හෝ වගා කරලා විදේශ විනිමයක් ලබා ගන්න වග බලා ගත යුතු වේ. ඇමරිකාවට පින් අපෙන් මිලදී ගත්තොත් (නි)

:       0       0

මිණිපේ Thursday, 16 May 2013 09:55 PM

එක එක කාලෙට එක එක දේවල්. අරකට හොදයි, මේකට හොදයි කියලා කියනවා. අවසානෙදි ඉස්පිරිතාලෙට ගිහින් තමයි නවතින්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 May 2013 10:02 PM

සුභ පුවතක්. අතුරු ප්‍රතිඵල නැද්ද? (නි)

:       0       0

පද්මිණි Thursday, 16 May 2013 10:59 PM

ඉන්සියුලින් යනු දියවැඩියාව රෝගියෙකුට අවශ්‍ය දෙයක්නේ. මේ කියමන පරස්පර විරෝධි නැද්ද ඉතින්? කියන්ට ඕනෑ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වුනා කියලා නේද? (නි)

:       0       0

චන්දි Thursday, 16 May 2013 11:52 PM

දැන් අපේ ලංකාවේ අය දිගිට හරහට ගංජා ගහන්න පටන් ගනීවි. පොලිසියෙන් ඇල්ලුවොත් කියාවි දියවැඩියාවට හොද නිසා ගත්තා කියලා (නි)

:       0       0

හේරත් Thursday, 16 May 2013 11:55 PM

එන්න අපේ පළාත් සබාවට.අහන්න අපේ මන්ත්‍රිතුමාගෙන්. ගංජා කංසා ගැන උපාධියක්ට වුණත් කියලා දේවි. පර්යේෂණ ඕනේ නැහැ වදේ (නි)

:       0       0

බමුණුසිංහ Friday, 17 May 2013 04:30 AM

ඔන්න අපේ යට කංසා ගහන්න හොඳ පොයින්ට් එකක්. (නි)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 06:48 AM

ඕවයේ වටිනාකම දන්නා නිසා තමයි උඩවලවේ කැලේ ඕවා වැව්වේ. කෝ පානදුරෙන් ඇවිත් ඔක්කොම පිට්චුව නේ. (නි)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 07:32 AM

අපි වවමු රට හදමු සංකල්පෙට කංසා වගාවත් එකතු කළොත්, දියවැඩියා බෙහෙතුත් හදලා කංසා අපනයන බෝගයක් කළහැකියි (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 06:19 PM

ලංකාවෙ ගංජා බේතට හොඳ බවත්, ඒවා පාවිච්චි කිරීමට ලාංකිකයන්ට අවස්ථාව දිය යුතු බවත් පහුගිය කාලෙ සේනා සංවිධානයක් කිව්වෙ. ඒ කියන්නෙ අපේ අය ඈමරිකාවට ඉස්සර මේක හොයාගෙන තියනවා (නි)

:       0       0

සම්පත් Friday, 17 May 2013 08:57 AM

සිංහල වේද කමේ කංසා ගොඩක් ලෙඩ වලට භාවිතා කරනවා. (ස)

:       0       0

නෙතුමි Friday, 17 May 2013 09:03 AM

මිනිසාට අහිතකර සොයාගැනීම් හමුවේ මෙය ගොඩක්ම වටින සොයාගැනීමක්, අද මේ ලෙඩින් දුකක් විදින කී දෙන්නම් ඉන්නවාද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 303 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 453 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 530 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 308 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 173 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site