වයඹ පළාත් සභාවේ සභාපති ලෙස මහ ඇමැති විසින් යෝජනා කැරුණු අපේක්ෂිකාව අද පරාජයට පත්වූවාය.
එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා පහසු ජයක් හිමි කර ගත්තේය.
ඡන්ද 22ක් ලබා පරාජයට පත් වූයේ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රාණි දසනායක මහත්මියයි.
ඡන්ද 30ක් ලබා ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් නම යෝජනා කළ ධර්මසිරි දසනායක මහතා ය.
වයඹ පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 52කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා.., මෙතන දාපු අදහස් වලින් හොදම අදහස ඔබේ අදහසයි ., ඒ මගේද අදහසයි....!!!!(නදී)
කවුරු දිනුවත්, කවුරු පැරදුණත් බඩේ පොත්ත පිටටම ඇලෙන්නේ මේ ලියන අපේ. ඒ නිසා මෝඩ අදහස් දාන්න එපා යාලුවනේ! (නි)
දියේ ගිලෙන්න යන එකට පිදුරු ගහක හරි එල්ලෙන්න බලන්නේ. (අ)
රනිල් පැරදුනා නම් කතාව වෙනස් වෙයි (නි)
අපේ රටේ සිද්ධවෙන සේරම වැරදි වෙන්නේ රනිල් නිසා වගෙයි. හැමදේටම රනිල්.එජාපය සේරම පැත්තකින් තියල නායක කමට පොර කනවා.අන්ත්මට වැඩක් කරන්න හිටිය සේරම ආණ්ඩුවට පැන්නා. ඉතුරු වෙලා ඉන්න කට්ටිය තාමත් නායක කමට පොර. (අ)
දැන් සනීපයි නේද? (ත)
නිවෙන්ට යන පහන දැල්වෙනවා වැඩියි. දයාසිරි ලොක්කගේ පරාජයේ ආරම්භයද?(දිල්)
සමහරු ඉස්කෝලවලට ගිහින් ගුරුවරු දනගස්වද්දී යන්තම් දයාසිරි ජෝකියට දාල ඡන්දෙ දිනාගත්ත. දැන් ඉතින් කට්ටිය එකතුවෙලා ඒ අහිංසකයාගේ බෙල්ල කපපල්ලා. ආයේ ඡන්දයක් එනකොට වෙන ජොකියෙක් හොයාගන්න බැරිය. (දිල්)
මේවද කරන්න තියෙන්නේ බලේ ලැබුනම? උතුරේ අයගෙන් ඉගෙන ගන්න තමන්ගේ මිනිස්සුන්ට වැඩ කරන හැටී. වස ප්‍රශ්නේ. වන විනාසේ, ගස් හිටුවීම, ඒවයි විසදන්න ඕනේ. එළවලු වෙළද පොලට යැවීමට ලොරි ගෙන්න එයාලට කාර් ගෙන්න ඉස්සර. රටේ ඉඩම් අල්ලගන්න එපා. අනේ කවුරු හරි මෙයාලව දන ගස්සල වගකීම් ගැන කියල දෙන්න. (නදී)
නව සබාපති ධර්මසිරි දසනායක මහතාට අපි සුබ පතනවා.(නදී)
ධර්මසිරි දසනායක හොද මිනිහෙක්, සහයෝගෙන් වැඩක් කරාවී, සුබ පැතුම්.(නදී)
ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. අපි ඔබ සමගයි. නිහඩව ඔබගේ කාර්යය කරගෙන යන්න මහා ඇමතිතුමනි. (නි)
දයාසිරි මහත්තයටත් අත්දැකීමක් ලබාදෙන්න වගේ (නි)
ඇමැති තුමාට පක්ෂේ කවුරුත් නැද්ද (දිල්)
ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නම් කරන්න පැනල ඉල්ලගන දීල එහෙමවත් දිනුමක් ලැබුන කියල එක්සත් ජාතික පක්ෂයේ උදවිය සනසන්න හදන එකෙන්ම පෙනෙනවා කොච්චර බංකොලොත්ද කියල (දිල්)
මෙතන ඉන්න දෙන්නෙක් සහෝදර සහෝදරියෝද? (නි)
සියල්ලෝම කතාකරන්නේ දිනුම පැරදුම ගැනයි. රටට වැඩක් කරන්න කවුරුත් හිතන්නේ නැහැ නේද? (නි)
එයාලත් සමග දැන් මොන දීගද දයාසිරි මහත්තයෝ? දෑවැද්ද අරගෙන අවසානනේ. දැන් ඉතින් වෙන්නේ දික්කසාද වෙන්න තමයි. (නි)
හොඳ පෙර නිමිත්තක්. ජයවේවා! (නි)
මේක සිදුවීම් වැලක එක් පුරුකක් පමණයි. (නි)
දයාසිරි පැරදුනේ එ.ජා .ප .යෙන් ගිය දවසේමයි (නි)
එහෙනම් අවශ්‍ය දේ සිද්ධ වුණා (නි)
මට නම් හිතෙන්නේ දයාසිරිව අමතක කරලා දැම්මා කියලයි (නි)
දයාසිරි පරාද නැහැ.එයා කොහොමත් මහ ඇමතිනේ. සහයෝගයෙන් වැඩ කරාවි.එජාපයට දිනන්න පුළුවන් ඔය වගේ තැන් වල පමණයි (නි)
"පුදන කොටම - කාපි යකා " කිවුවලු. අනේ ඔහොම කලොත් දයාසිරි මහත්තය ආපසු යයිනේ.මතක අතීතේ ඔයවගේ වෙලාවක තමයි එය එදා එහෙම ගියේ. (අ)
ගණන් ගත යුත්තක් නැත. (අ)
මේක සැලසුම් කරල කරපු දෙයක් පනින්න ඉන්න අය වගේ මේක සුලුවෙන් හිතන්න එපා ජනාධිපති තුමාටත් රජයටත් කම්මුල් පාරක් ඔය විදියට අය වැයට මොනවා කරාවිද වැඩේ කැතයි (අ)
ගණන් ගන්න දෙයක් නැහැ නේද?(නදී)
අහවලාගේ ජනප්‍රියතාවයෙන් ප්‍රයෝජන ගන්නද මන්දා හදන්නේ? (නි)
ඔතන ඉන්න කවුරුත් පරාද නැහැ. ඔක්කොම දිනුම්. ජනතාව තමයි පරාද. (ස)
පැරදුනේ ඔබ නොවේ. ප්‍රගතිශීලි බුද්ධිමත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී විපක්ෂයේ පිහිට පතන්නට සිදු වූ උදවියයි. (නි)
ඔවා ලොකු දේවල නොවේ (අ)
වැඩක් නෑ නේද?? (ස)
දයාසිරි පරදි, ජොන්ස්ටන් දිනුම්. (අ)
ඒ කියන්නේ පක්ෂේ කට්ටියවත් ඡන්දෙ දීලා නැහැ. හ්ම්! (ස)
දයාසිරි මහත්තයා දිනයනෙ ඉන්නෙ.සභාපති කවුරු වුනත් කමක්නෑ. සමඟියෙන් වයඹ දියුණු කරමු.අපි ඔබ සමඟයි.ජය වේවා !!! (ස)
පක්ෂය ඇතුලේ ගියපු ඡන්දයක්නේ . කවුරු හරි දිනන්න ඕන නේ ඉතින්.... (ස)
ඒ දිනුවෙත් ආණෟඩු පක්ෂයේ එක්කෙනෙක්නේ.ඒතු ඇයි එජාපය ආණ්ඩුපක්ෂ කෙනෙක්ව යෝජනා කළේ?මහ ඇමැතිට බහුතරය නෑ කියන්නද?(දිල්)
ඡන්දෙ දිනපු අයම කුලල් කා ගන්නවා නම් ඡන්දෙ පැරදුන අය ගහ මරා ගන්න එක පුදුමයක් නෙවෙයි. (ස)
ඔහොම කියල හරි හිත හොඳ කරගම්මු . දෙන්නම දසනයකලානේ .(දිල්)
දයාසිරි ඕනෑවටත් වැඩිය මනාප ලබා ගත්තු එකට පක්ෂයේ අඩුවෙන් මනාප ගත්තු අනිත් සමහර අය අමනාපයි වගේ. (දිල්)
ප්‍රශ්නයක් නෑ.වයඹ ජනතාව ඔබ සමග සිටින බව මතක තියාගන්න.ඡන්ද කාලේදී මිනිස්සුන්ට කන්න දීල බොන්න දීල තවත් සමාජ විරෝධී දේවල් දීලත් මනාප අඩු වුණ අයගෙම තවත් එක වැඩක් මේක.තව බොහෝ දේ සිදුවේවි.එත් ජනතාව ඔබ සමග(දිල්)
දෙන්නම දිසානායකලා නිසා දෙන්නම දිනුම් (දිල්)
ඡන්දය විමසීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රය දිනුම් !!(දිල්)
දිනුම පැරදුම එක වගේ බාරගන්න පුරුදු වන්න. එතකොට සියල්ලෝම සමග සුහදව ඉන්න පුළුවන්. දයාසිරි කියන්නේ මැජික් දර්ශන පෙන්වන කෙනෙක් නොවේ. (නි)
දයාසිරි මහතාණනි ,සියලුම වයඹ ජනතාව ඔබ සමගයි. (අ)
මම දන්නා විදියට ධර්මසිරි දසනායක කියන්නේ අවංක හොර නැති මනුස්සයෙක්, ඒ නිසා ඔහු දිනපු එක පුදුමයක් නෙමේ. (ස)
එ ජා පෙ කොච්චර දුර්වලද කියුවොත් යෝජනා කරන්න තමන්ගේ පක්ෂයේ කෙනෙක් වත් නැහැනේ. (ස)
පටන් ගත්තා දැන් බලමු ඉස්රහට වෙනේ මොනවද කියල (දිල්)
කම්පියුටර් ජිල්මාට් එකක්ද?(දිල්)
දයාසිරි ජයසේකර මැතිතුමනි, අපි අනාගතයේදී ඔබ තුමාව උප නායකයා හැටියට පත් කර ගන්නවා. (ස)
ඕක මහ ලොකු දෙයක් නොවේ . ඔබ තුමාට ජය වේවා .....! (ස)
එහෙම වත් කියල මෝඩ සොමියක් ගන්න ... කොලේ ඉරාගෙන ...අන්භානක පැරදුන එක මාසයක් යන්න ඉස්සෙල්ල පුෂ්පකුමාර ට අමතක වෙලා වගේ....පව් කියල හිතෙන වා (අ)
ඔරුව පෙරලුනාම?...... පෙරලුන පිට හොඳයි කියනවා!. (අ)
අහෝ දයාසිරි! (නි)
දයාසිරි මහත්තයා කොහොමත් දිනුම්! (නි)
ඉක්මන් කොටයි. ඉරණමට තවම හරියට මුහුණ දුන්නේ නැහැ ඔබතුමා (නි)
වයඹත් දියුණු කරයි කියලා දැනෙනවා අපිට දැන්මම. (නි)
අරගොල්ලෝ ඔහොමවත් හිත හදා ගත්තොත් තමයි හොද. (නි)
හිතන තරම් වැඩේ ලෙහෙසි නැහැ වගෙයි (නි)