අම්පාර දිස්ත්‍රික්කයේ රුපියල් 4500000 ජංගම දුරකතන කුළුනු බැටරි සියයක් සොරා ගෙන ඇති බව පොලිසිය කියයි.
ඉගිනියාගල සම්මන්තුරේ කල්මුණේ උහන පදියතලාව මධ්‍යම කදවුර වැනි ප්‍රදේශයන්හි දුරකතන කුළුනුවල බැටරි මෙසේ ගලවාගෙන ගොස් ඇත.
බැටරියක් රුපියල් හතලිස් පන්දහසක් පමණ වන බව පොලිසිය කියයි.
විදුලිය විසන්ද්ධි වූ විට ප්‍රයෝජන ගැනීම සඳහා මේ බැටරි යොදාගෙන ඇත.
ඉගිනියාගල දුරකතන කුළුනු දෙකක බැටරි විසි අටක්, මධ්‍යම කඳවුරේ බැටරි දහසයක්, කල්මුණේ බැටරි දහසයක්, සම්මන්තුරේ බැටරි දොළහක්, උහන බැටරි දොළහක්, පදියතලාවේ බැටරි දහසයක් සොරා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සංවිධානාත්මක හොරුන්ගේ වැඩ. (දී)
ඔය තියෙන්නේ වැඩි වුන විදුලි බිලට විකල්පයක්.නියමයිනේ (නි)
මේවා කරන්නේ ඇතුලෙ අයගේ උදව්ව අරගෙන පමණයි. (අ) කුමාර්.