IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දුරකතනයෙන් සල්ලි ගරන ගෑනු දෙන්නෙක් සැකපිට

දුරකතන ඇමැතුම් මගින්  සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනකු බත්තරමුල්ලෙන් හා හෝමාගමින් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ අංශය කියයි.

රාජගිරියේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන්  හා නුගේගොඩ කථිකාචාර්ය වරයකුගේ බිරියගෙන් ලක්ෂ හයහමාරක මුදල් තැන්පත් කරවාගෙන ඇතැයිද ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට පොලිස් වෙසින් චෝදනා කැර ඇතැයිද පොලිසිය කියයි.

කථිකාරචය බිරිය සිය කනකර උගස් කර එම මුදල් දෙවරකදී බැංකු ගිණුමේ තැන්පත් කැර ඇත.

කප්පම් කෑ මුදලින් කොටසක්ද සොයාගෙන ඇත.මෙවැනි දේට හසු නොවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා යළිත් මහජනයාට අවවාද කරයි.  

 

 

 

 



අදහස් (0)

දුරකතනයෙන් සල්ලි ගරන ගෑනු දෙන්නෙක් සැකපිට

ආරියසේන Wednesday, 27 November 2013 09:51 PM

මේ අයගේ මුහුණු වහලා ගෙනිහිල්ලා වැඩක් නැහැ.මුළු සමාජයටම මොවුන් දැක බලාගන්න තියෙනවා නම් හොඳයි. (නි)

:       0       0

කවීන්ග Wednesday, 27 November 2013 09:53 PM

හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තිබෙනවා. (නි)

:       0       0

මධු Wednesday, 27 November 2013 03:09 PM

මෙච්චර මෝඩ මිනිස්සු රටේ ඉන්නවාද? (නි)

:       0       0

රාහුල් Saturday, 30 November 2013 12:43 AM

මෙම රාජකාරියේ යෙදෙන පොලිස් මහතුන්ට මගේ ස්තුතිය. (නි)

:       0       0

ධම්ම Wednesday, 27 November 2013 03:46 PM

මෙවැනි ඇමතුමක් ලැබුන කෙනෙකුට ඇතිවන මානසික පීඩනය ගැන හිතා ගන්න එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නම ඕනෑ. එවැනි අත්දැකීම් නැති අය තමයි මේ ගැන බොහොම සැහැල්ලුවෙන් කතා කරන්නේ. (නි)

:       0       0

පී. Thursday, 28 November 2013 12:13 AM

අනේ අම්මපා! පොලිසියේ ආරක්ෂාව ඇතුව මුහුණ වහගෙන පාරේ යන්නත් පෙර පින් කරලා තියෙන්න ඕනෑ ආයුබෝවන්ඩ.. අපට පින් මදි. ඒකයි අපි තව මහා පාරේ... (නි)

:       0       0

දොඩන්ගොඩ Thursday, 28 November 2013 02:43 PM

මෙවැනි වංචාවල් කරන්නේ එදා වේල කන්න නොමැති අය නෙමේ. හොඳට කන්න බොන්න තිබෙන එහෙත් වංචාවට පුරුදු වූ බෙහෙවින් මුදල් වියදම් කිරීමට පුරුදු වූ අය. මොවුන් පසු පස සංවිධානාත්මක කල්ලියක් හෝ කෙනෙකු සිටින්නට පුළුවන (ස)

:       0       0

ටිරෝන Thursday, 05 December 2013 07:51 AM

මේ අයගේ මුහුණු ඇරලා තමා යවන්න ඕනේ. එතකොට සමාජය ඒ අයගෙන් ප්‍රවේසම් වෙනවා. මේ දෙන්න විතරක් නෙවේ, වැරදී කරන ඕනෙම අයගේ මුහුණු එලියට දමනවා නම් අනිත් අය මේවා දැකල පාඩම් ඉගෙන ගනීවි. එතකොට වැරදී කරන අය ටිකක් හරි අඩු වේවි. (ස)

:       0       0

නරනප්පා Thursday, 28 November 2013 02:05 AM

අල්විස් මහත්මයා, නිර්මල මහත්මිය ලියා අැති දේ තේරුම් ගැනීමට ඔබට තවත් සියවස් බාගයක්වත් යාවි (නි)

:       0       0

දස්තකීර් Wednesday, 27 November 2013 04:46 PM

මෙවන් අයගේ ඡායාරූප විදහා පෙනන විදියට ප්‍රදර්ශනය කරන ලෙස මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. කරන ඔක්කොම කරලා මුහුණ වහගෙන යන්න අවශ්‍යතාවයක් නහැනේ ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 27 November 2013 05:01 PM

මූහුණ වහගෙන යන්න එපා. (නි)

:       0       0

යු. එස්. ඒ Wednesday, 27 November 2013 05:15 PM

ලැජ්ජාසහගත ක්‍රියා කර නීතියේ රැහැනට අසුවුණාට පසු මුහුණ වසන් කරගෙන යන්නට සිතේ ලැජ්ජාවක් ඇතිවෙලා වාගේයි. අහිංසක මිනිසුන් ගැහැනුන් රවටා බය කර මුදල් ගන්නා විට මෙම ලැජ්ජා බිය කොහෙද තිබුණේ? (නි)

:       0       0

උපාලි Thursday, 28 November 2013 04:55 AM

මේ කාන්තාවෝ දෙන්නා මෙහෙම අය කියලා හිතන්නත් අමාරුයි. මට නම් හිතෙන්නේ අපිට හිතාගන්න බැරි පටලැවිල්ලක් මේ කතාවේ පසුබිමේ තියෙනවා කියලයි. ඒ පසුබිමේ ඇත්තේ කාන්තාවන් නෙමෙයි, පිරිමි වියහැකියි. (නි)

:       0       0

හේරත් Wednesday, 27 November 2013 05:18 PM

මෙවෙනි අය නිසා පොලිස් දෙපාර්තමේන්තුවේද නම කැත වෙනවා. පොලිසියේ මුවාවෙන් සමහරු මෙය කරන්නේ. මොවුන්ගේ මුහුණ පැහැදිලිව බලා ගන්න දමන්න. එකත් එක්තරා දඬුවමක් මොවුන්ට (නි)

:       0       0

රාජුන් Thursday, 28 November 2013 05:04 AM

දොන්සේතන්, මම හිතන්නේ ඔබ කළේ විහිළුවක් (නි)

:       0       0

සිල්වා Thursday, 28 November 2013 05:50 AM

ශ්‍රී ලංකාව කියන රටේ දැන් ජීවත් වෙන්න බැහැ. මේක විනාශ වෙලා ඉවරයි. නීතියක් නැහැ මේ රටේ. පිටරට අය මගෙන් එන්න ඇහුවම ,මං කියනවා එපා කියලා. මට බයයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 November 2013 05:45 PM

මගේ අම්මෝ! දැන් පාරේ බැහැලා යන්නත් බයයිනෙ. චණ්ඩි ශ්‍යාමලා හැමතැනම ! (නි)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Wednesday, 27 November 2013 05:51 PM

බලන්න අර පොලිසිය නෝනා නිදි වගේ. ඔය දෙන්නා පැනලා යාවි. කල්පනාවෙන් (නි)

:       0       0

තිස්ස Wednesday, 27 November 2013 05:56 PM

මේවායේ ඇත්ත නැත්ත දන්නේ නැතුව අදහස් කියන්න අමාරුයි (නි)

:       0       0

පැංචි Thursday, 28 November 2013 07:44 AM

අර රාලහාමි නෝනා මන් දැක්කේ නෑ..මට ඇහුනා..කියල පනිවි බෙල්ලට ඕනේ වෙලාවට.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 November 2013 06:05 PM

අනේ අම්මපා! මේ ගැහැනුන්ට මේවා කරන්න හොදයි, මුහුණ පෙන්නනකොට තමා ලැජ්ජාව මතක් වෙලා තියෙන්නේ. මෙයාලට දෙන්න ඕනෑ සෞදි අරාබියේ දඩුවම්. (නි)

:       0       0

රෝයි Thursday, 28 November 2013 08:04 AM

මුදල් දීමට පෙර කරන්ට දෙයක් තිබුනෙම නැද්ද ...?(නදී)

:       0       0

රෝයි Thursday, 28 November 2013 08:11 AM

ඉල්ලන කොට නිකම් දෙන්න තරම් එයාලට ලක්ෂ ගණන් මුදල් ඇති . කරලා තියෙන වැඩ වල හැටියට මුහුණ වැසීම තහනම් කලානම් හොද නැද්ද. (නදී)

:       0       0

මානෙල් Wednesday, 27 November 2013 06:19 PM

මොකද මුහුණ වහගෙන යන්නේ? ඔය මුහුණු ප්‍රසිද්ධ කළ යුතුයි (නි)

:       0       0

,ගාල්ලේ Thursday, 28 November 2013 08:35 AM

නිර්මලා,ටිකිරි බන්ඩාර සමග මම එකගයි(නදී)

:       0       0

මධු Wednesday, 27 November 2013 06:33 PM

සල්ලි ගන්නකොට ලැජ්ජා නැහැ. අහුවුණාම තමයි මුහුණ වහගන්න හදන්නේ (නි)

:       0       0

රකිත් Thursday, 28 November 2013 08:49 AM

කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනාවක් එනකොට ඇයි මුදල් දුන්නේ, තමුන් අත කිසි වරදක් නැත්නම්? ඒ කියන්නේ අතීතයේ හෝ මොනවා හරි සම්බන්ධකමක් තිබුණා කියන එකද? එසේනම් වෛද්‍යවරයාවත්, කථිකාචාර්යවරයාවත් ප්‍රශ්න කල යුතුයි.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 28 November 2013 05:08 PM

දොන් සේතන්, ඔයාට වැරදීලා සමහරක් වෙලාවල ඇස්පිල්ලම ගහන වත් එක්කම කාචය ක්‍රියාත්මක උනහම ඔහොම වෙනවා. ඔබ මුලා වෙලා.(නදී)

:       0       0

නිර්මලා. Wednesday, 27 November 2013 06:36 PM

මේ ආර්ථික සමාජයීය ක්‍රමය තුල මේ වැනි දේ සිදු නොවුනොත් තමා පුදුම.රටේ අසීමිත වියදම පියවා ගැනීමට කිසිම ආදායම් උත්පාදන වැඩපිළිවෙලක් නැතුව ලුණු කටේ සිට සෑම ආහාර පාන මෙන්ම අනෙකුත් පරිභෝජන භාණ්ඩ වලට හිතුවක්කාරීව බදු පැනවීමෙන් මෙවන් සමාජ ප්‍රශ්න අපේක්ෂා කල හැකිය.බීඩි ඔතන මිනිසාගේ පමණක් නොව හිගන්නන්ගේ මුදල් පවා පැහැර ගන්න ප්‍රවනතාවක් දක්නට ලැබේ.තව තවත් මේ දර ගත නොහැකි පීඩනය ජනතාව මතම පැවරුවහොත් ලගදීම පාරට බහින්න බැරි තත්වයක් උදාවේවි.මංකොල්ල කෑම ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙගුණ තෙගුණ වේවි.(දිල්)

:       0       0

අනු Thursday, 28 November 2013 09:27 AM

මේ කාන්තාවෝ දෙන්නාට කප්පන් ගන්නේ නැතුව අර පරණම රැකියාව කලානම් ඉවරයි නේ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 27 November 2013 06:58 PM

අපිත් ගැහැණු තමයි. එහෙත් මේ දේ කරන්න කලින්නේ මේ අයට ලැජ්ජා,බය,සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන්න තිබුණේ. මේ දෙන්නටත් දැන්ද විලි බිය ඇති වුණේ? අනුන්ට ගින්දර දෙනවා වගේම ඒවා තමන්ටත් පත්තු වෙද්දී දැනෙනවා ඇති මොන වගේද කියා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 28 November 2013 05:53 PM

දැන් මිනිස්සුන්ට නැත්තේ සිතේ සතුටයි. සතුට ලං කරගන්න මුදල් සොයාගන්නේ නොමනා වැඩ කරලයි. මනෝ විද්‍යාත්මකව මම දකින්නේ ඒ විදියටයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 27 November 2013 12:36 PM

වෛද්‍යවරයයි කතිකාචාර්‍යවරයයි ගැන කියන්න ඕනේ නැහැ. උගත් අය. එහෙත් ඔවුන්ගේ බිරිදන්දෑවරුන් ගැන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.(නදී)

:       0       0

සජීවනී. Wednesday, 27 November 2013 07:29 PM

රටේ වැඩිවෙන ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි නොවන්නේ නම් ,දුගී දුප්පත් ජනයා තම පන කෙන්ද රැක ගැනීම් වස් කෙසේ හෝ මුදල් සොයා ගැනීමට පෙළබේ. ඔවුන්ට දේශපාලන සම්බන්දතා නොතිබෙන්නට පිළිවෙන. එවන් සම්බන්ධතා ඇති මහා පරිමාන කුඩු සහ වෙනත් නීති විරෝධී ජාවාරම් කරුවන් අසීමිත ධන කුවේරයන් වීමට උත්සහ ගනිද්දී,මෙවන් දුගී පිරිස් තම බඩ වියත සදහා මුදල් සොයති.(නදී)

:       0       0

ලංකා Wednesday, 27 November 2013 12:46 PM

දැන් පොලිසිය හදන්නේ එයාල කරන වැරදී ඔක්කොම පොලිසිය විදිහට වෙන අය කරනවා කියල පෙන්වන්නයි. මුළු රටක් කරන්න හදන්නේ බොරුවෙන් වංචාවෙන් (නදී)

:       0       0

සිරි බිරිස් Wednesday, 27 November 2013 07:45 PM

බලන්න ඔය චුටි මුණ - රෙද්ද අනෙ විසි කරන්න..කොමල දාල හිනා දීල ඉන්නකකො අනෙ හැඩ බලන්න..(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 27 November 2013 12:53 PM

අනේ අම්මපා ගෑනුන්ට ගිය කල...දැන් පරිස්සන් වියයුත්තේ පිරිමින්ගෙන් නෙවේ ගෑනුන්ගෙන්. (නදී)

:       0       0

වරි Wednesday, 27 November 2013 12:54 PM

ඕ න් බලන්න ස්වයං රැකියා බිහිවෙලා තියෙන හැටි තව තියෙනවා කුඩු විකිණීම බෙදාහැරීම මාල කැඩීම වැනි දේවල් (නදී)

:       0       0

චාන් Wednesday, 27 November 2013 08:00 PM

මෙයාලගේ මුහුණු පෙන්නුවොත් හොදයි. සමහර විට ජනතාවගෙන් මෙයාල ගැන තව විස්තර ලැබෙන්න පුළුවන්,(නදී)

:       0       0

අල්විස් Wednesday, 27 November 2013 08:01 PM

නිර්මලා නමින් ලියන ඔබට හරියට කරුණු අවබෝද වෙලා නැහැ වගේ. (නදී)

:       0       0

ප්‍රදීප මහලියද්ද. Wednesday, 27 November 2013 08:02 PM

මේ ලගදී කාන්තාවක් තිසර පතේ කුඩු සගවා හසු වුනා. තවත් පිරිසක් ගුද මාර්ගයේ රත්තරන් සගවා හසු වුනා. අද මෙසේ කප්පන් ගත්ත කියා කාන්තාවන් හසු වුනා. නිවසට සිරියාව දෙමින් මැහුම් ගෙතුම් කරමින්,සැහැල්ලුවෙන් සිටි කාන්තාව ඇයි මෙහෙම වෙනස් වුනේ. කවුද ඔවුන්ට මේ දරාගත නොහැකි පීඩනය දුන්නේ. වැරදි කල අයට චෝදනා කරනවා වගේම කවුද ඔවුන් මේ තැනට තල්ලු කලේ කියා මදක් කාරුණික වී සාධාරණව සිතන්න. අපේ චරිතය,පාරිශුද්ධත්වය,පිලිබදව කතාකරන ව්‍යාජ සුචරිතවාදීන් මේ කාන්තාවෝ අඩුම වශයෙන් තුන් වේල කාල ඉන්න පුළුවන් ආර්ථික සමාජ පරිසරයක් රටේ තිබෙනවාද කියා බලන්න. ලෝකයට බොරු පුරසාරම් දොඩන අය මේවා නොදකින නිසා තමයි මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙන්නේ. (නදී)

:       0       0

දුමින්ද Thursday, 28 November 2013 10:43 AM

කප්පම් දුන්න අය ගැනත් සොයා බැලිය යුතුයි. (ස)

:       0       0

‍දොං සේතං Wednesday, 27 November 2013 08:43 PM

බලහල්ලකෝ අර පොලිස් නෝනා ජීප් එක ඇතුලෙත් නිදි. ඔය කෙල්ලෝ දෙන්නා පැනලා යන්න පුලුවන්.(නදී)

:       0       0

මධු Wednesday, 27 November 2013 08:46 PM

‍මොකෝ මේ ඔළු මුහුණු වහගෙන කනාමුටිටි බිඳින්න යනවාද ? අලියාට ඇහැ තියන්න යනවාද? (නදී)

:       0       0

ශාන්ත හෝමාගම Wednesday, 27 November 2013 01:39 PM

අනේ මටත් ඔහොම තැන්පත් කරන්න කියල කෝල් අවොත් මම කියනව මාව ගෙදර ගිහින් තියාගන්න කියලා. කප්පම් දෙන්න අපිට සල්ලි නැහැ කියල. (නදී)

:       0       0

ජයා Thursday, 28 November 2013 11:36 AM

නිර්මලාගේ අදහස් වලට එකඟයි. එමෙන්ම මෙතන ප්‍රශ්නයේදී වෙන්න ඇති දේවල් ගැන බලපුවහම තවත් පැත්තක් ගැන බලන්න වෙනවා. මොකද දුරකථන පණිවිඩයකින් මුදල් බැංකු ගිණුමකට දමන්න තරම් ඔවුන් බය වෙන්න මොනවා හරි වැරදි වැඩක් කරලා ඇති. මට කවුරු හරි දුරකතනයකින් කතා කරල් කීවොත් මොකද මම ගිණුමට මුදල් දමනවාද? එම නිසා පාර්ශව දෙකම පරීක්ෂා කෙරුවොත් තව ගොඩක් දේවල් එලිවේවි. (දිල්)

:       0       0

රූපවතී Thursday, 28 November 2013 11:39 AM

මේවා මටනම් ..හිතාගන්නත් අමාරුයි ..අපිට ඕනෑම දෙයක් හිතට නැගෙන ආකාරයට මෙහි ලියන්න පුළුවන් ..? ඒ ත් ..ප්‍රශ්නය ඒක නෙවේ ..? මේ මිනිසුන් කප්පන් ගන්න මුල පිරුවේ කොහොමද කෝල් එක දුන්නේ මොන ආකාරයටද ..? තීරණ ,,ක්‍රියාවල් සැලසුනේ මොනා ආකාරයෙන්ද ..? කියල පසු බිම ගැන හොද අවධානයකින් ..නිරීක්ෂණය කල යුතුයි ..? නැතිනම අපිටත් මිනිසුන් කෝල් දෙන්න එපැයි..? ඔබත් කොටියෙක් ..ඔබලගත් බෝම්බ තියනවා ..අපි ඔබව මරනවා අපිට ලක්ෂ 10 ක් දීපන් ජීවිතේට ආදරේනම් ..? එහෙම කියාගෙන එනකොට අපි දැනගන්න ඕන කොතනින්ද පටන් ගත යුත්තේ කියල ..? මිනිසුන් සමාජයේ හොදටම පිහිරිලා ...? (දිල්)

:       0       0

චන්දි Wednesday, 27 November 2013 09:10 PM

අපෝ ඉදලා ඉවරයි! මෙන්න දැන් ගැහැණුත් පටන් අරගෙන සෙල්ලම.දෙන්න ඕනෑ දඩුවමක්, සහලෝලා උණ ගන්න. ඔය මුහුණ වහගෙන ගියාට දැන් සායම හේදිලා ඉවරයි නගෝ(නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 27 November 2013 09:22 PM

''ගෑනුත් දැක්කා ....මේ වගේ ගෑනු නොදැක්කා...'' (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 27 November 2013 09:28 PM

අනේ පොලීසිය, මුහුණ වහන්න දෙන්නා එපා කාටවත්. අපිට බලාගන්න දෙන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 27 November 2013 09:30 PM

නිර්මලා,ඔබගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා.100% ක සත්‍යයයි (නි).

:       0       0

අමිත් Wednesday, 27 November 2013 09:34 PM

සාමාන්‍යයෙන් කප්පම් කියන්නෙ බොහොම වටිනා දෙයක්. (නි)

:       0       0

චානක. Wednesday, 27 November 2013 09:36 PM

මේවත් හොරකම්ද රටේ ලොකු ලොකු අය කරන හොරකම් දෙස බලනකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 339 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 237 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1123 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 984 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1242 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site