දුරකතන ඇමැතුම් මගින් සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනකු බත්තරමුල්ලෙන් හා හෝමාගමින් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ අංශය කියයි.
රාජගිරියේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් හා නුගේගොඩ කථිකාචාර්ය වරයකුගේ බිරියගෙන් ලක්ෂ හයහමාරක මුදල් තැන්පත් කරවාගෙන ඇතැයිද ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට පොලිස් වෙසින් චෝදනා කැර ඇතැයිද පොලිසිය කියයි.
කථිකාරචය බිරිය සිය කනකර උගස් කර එම මුදල් දෙවරකදී බැංකු ගිණුමේ තැන්පත් කැර ඇත.
කප්පම් කෑ මුදලින් කොටසක්ද සොයාගෙන ඇත.මෙවැනි දේට හසු නොවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා යළිත් මහජනයාට අවවාද කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් දීමට පෙර කරන්ට දෙයක් තිබුනෙම නැද්ද ...?(නදී)
''ගෑනුත් දැක්කා ....මේ වගේ ගෑනු නොදැක්කා...'' (නි)
අනේ පොලීසිය, මුහුණ වහන්න දෙන්නා එපා කාටවත්. අපිට බලාගන්න දෙන්න (නි)
නිර්මලා,ඔබගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා.100% ක සත්‍යයයි (නි).
සාමාන්‍යයෙන් කප්පම් කියන්නෙ බොහොම වටිනා දෙයක්. (නි)
මේවත් හොරකම්ද රටේ ලොකු ලොකු අය කරන හොරකම් දෙස බලනකොට? (නි)
මේ අයගේ මුහුණු වහලා ගෙනිහිල්ලා වැඩක් නැහැ.මුළු සමාජයටම මොවුන් දැක බලාගන්න තියෙනවා නම් හොඳයි. (නි)
හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තිබෙනවා. (නි)
අනේ අම්මපා! පොලිසියේ ආරක්ෂාව ඇතුව මුහුණ වහගෙන පාරේ යන්නත් පෙර පින් කරලා තියෙන්න ඕනෑ ආයුබෝවන්ඩ.. අපට පින් මදි. ඒකයි අපි තව මහා පාරේ... (නි)
අල්විස් මහත්මයා, නිර්මල මහත්මිය ලියා අැති දේ තේරුම් ගැනීමට ඔබට තවත් සියවස් බාගයක්වත් යාවි (නි)
මේ කාන්තාවෝ දෙන්නා මෙහෙම අය කියලා හිතන්නත් අමාරුයි. මට නම් හිතෙන්නේ අපිට හිතාගන්න බැරි පටලැවිල්ලක් මේ කතාවේ පසුබිමේ තියෙනවා කියලයි. ඒ පසුබිමේ ඇත්තේ කාන්තාවන් නෙමෙයි, පිරිමි වියහැකියි. (නි)
දොන්සේතන්, මම හිතන්නේ ඔබ කළේ විහිළුවක් (නි)
ශ්‍රී ලංකාව කියන රටේ දැන් ජීවත් වෙන්න බැහැ. මේක විනාශ වෙලා ඉවරයි. නීතියක් නැහැ මේ රටේ. පිටරට අය මගෙන් එන්න ඇහුවම ,මං කියනවා එපා කියලා. මට බයයි. (නි)
අර රාලහාමි නෝනා මන් දැක්කේ නෑ..මට ඇහුනා..කියල පනිවි බෙල්ලට ඕනේ වෙලාවට.(නදී)
අපෝ ඉදලා ඉවරයි! මෙන්න දැන් ගැහැණුත් පටන් අරගෙන සෙල්ලම.දෙන්න ඕනෑ දඩුවමක්, සහලෝලා උණ ගන්න. ඔය මුහුණ වහගෙන ගියාට දැන් සායම හේදිලා ඉවරයි නගෝ(නි)
ඉල්ලන කොට නිකම් දෙන්න තරම් එයාලට ලක්ෂ ගණන් මුදල් ඇති . කරලා තියෙන වැඩ වල හැටියට මුහුණ වැසීම තහනම් කලානම් හොද නැද්ද. (නදී)
නිර්මලා,ටිකිරි බන්ඩාර සමග මම එකගයි(නදී)
කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනාවක් එනකොට ඇයි මුදල් දුන්නේ, තමුන් අත කිසි වරදක් නැත්නම්? ඒ කියන්නේ අතීතයේ හෝ මොනවා හරි සම්බන්ධකමක් තිබුණා කියන එකද? එසේනම් වෛද්‍යවරයාවත්, කථිකාචාර්යවරයාවත් ප්‍රශ්න කල යුතුයි.(නදී)
මේ කාන්තාවෝ දෙන්නාට කප්පන් ගන්නේ නැතුව අර පරණම රැකියාව කලානම් ඉවරයි නේ. (නදී)
කප්පම් දුන්න අය ගැනත් සොයා බැලිය යුතුයි. (ස)
නිර්මලාගේ අදහස් වලට එකඟයි. එමෙන්ම මෙතන ප්‍රශ්නයේදී වෙන්න ඇති දේවල් ගැන බලපුවහම තවත් පැත්තක් ගැන බලන්න වෙනවා. මොකද දුරකථන පණිවිඩයකින් මුදල් බැංකු ගිණුමකට දමන්න තරම් ඔවුන් බය වෙන්න මොනවා හරි වැරදි වැඩක් කරලා ඇති. මට කවුරු හරි දුරකතනයකින් කතා කරල් කීවොත් මොකද මම ගිණුමට මුදල් දමනවාද? එම නිසා පාර්ශව දෙකම පරීක්ෂා කෙරුවොත් තව ගොඩක් දේවල් එලිවේවි. (දිල්)
මේවා මටනම් ..හිතාගන්නත් අමාරුයි ..අපිට ඕනෑම දෙයක් හිතට නැගෙන ආකාරයට මෙහි ලියන්න පුළුවන් ..? ඒ ත් ..ප්‍රශ්නය ඒක නෙවේ ..? මේ මිනිසුන් කප්පන් ගන්න මුල පිරුවේ කොහොමද කෝල් එක දුන්නේ මොන ආකාරයටද ..? තීරණ ,,ක්‍රියාවල් සැලසුනේ මොනා ආකාරයෙන්ද ..? කියල පසු බිම ගැන හොද අවධානයකින් ..නිරීක්ෂණය කල යුතුයි ..? නැතිනම අපිටත් මිනිසුන් කෝල් දෙන්න එපැයි..? ඔබත් කොටියෙක් ..ඔබලගත් බෝම්බ තියනවා ..අපි ඔබව මරනවා අපිට ලක්ෂ 10 ක් දීපන් ජීවිතේට ආදරේනම් ..? එහෙම කියාගෙන එනකොට අපි දැනගන්න ඕන කොතනින්ද පටන් ගත යුත්තේ කියල ..? මිනිසුන් සමාජයේ හොදටම පිහිරිලා ...? (දිල්)
මෙවැනි වංචාවල් කරන්නේ එදා වේල කන්න නොමැති අය නෙමේ. හොඳට කන්න බොන්න තිබෙන එහෙත් වංචාවට පුරුදු වූ බෙහෙවින් මුදල් වියදම් කිරීමට පුරුදු වූ අය. මොවුන් පසු පස සංවිධානාත්මක කල්ලියක් හෝ කෙනෙකු සිටින්නට පුළුවන (ස)
දොන් සේතන්, ඔයාට වැරදීලා සමහරක් වෙලාවල ඇස්පිල්ලම ගහන වත් එක්කම කාචය ක්‍රියාත්මක උනහම ඔහොම වෙනවා. ඔබ මුලා වෙලා.(නදී)
දැන් මිනිස්සුන්ට නැත්තේ සිතේ සතුටයි. සතුට ලං කරගන්න මුදල් සොයාගන්නේ නොමනා වැඩ කරලයි. මනෝ විද්‍යාත්මකව මම දකින්නේ ඒ විදියටයි.(නදී)
මෙම රාජකාරියේ යෙදෙන පොලිස් මහතුන්ට මගේ ස්තුතිය. (නි)
මේ අයගේ මුහුණු ඇරලා තමා යවන්න ඕනේ. එතකොට සමාජය ඒ අයගෙන් ප්‍රවේසම් වෙනවා. මේ දෙන්න විතරක් නෙවේ, වැරදී කරන ඕනෙම අයගේ මුහුණු එලියට දමනවා නම් අනිත් අය මේවා දැකල පාඩම් ඉගෙන ගනීවි. එතකොට වැරදී කරන අය ටිකක් හරි අඩු වේවි. (ස)
මේවායේ ඇත්ත නැත්ත දන්නේ නැතුව අදහස් කියන්න අමාරුයි (නි)
දැන් පොලිසිය හදන්නේ එයාල කරන වැරදී ඔක්කොම පොලිසිය විදිහට වෙන අය කරනවා කියල පෙන්වන්නයි. මුළු රටක් කරන්න හදන්නේ බොරුවෙන් වංචාවෙන් (නදී)
අනේ අම්මපා ගෑනුන්ට ගිය කල...දැන් පරිස්සන් වියයුත්තේ පිරිමින්ගෙන් නෙවේ ගෑනුන්ගෙන්. (නදී)
ඕ න් බලන්න ස්වයං රැකියා බිහිවෙලා තියෙන හැටි තව තියෙනවා කුඩු විකිණීම බෙදාහැරීම මාල කැඩීම වැනි දේවල් (නදී)
අනේ මටත් ඔහොම තැන්පත් කරන්න කියල කෝල් අවොත් මම කියනව මාව ගෙදර ගිහින් තියාගන්න කියලා. කප්පම් දෙන්න අපිට සල්ලි නැහැ කියල. (නදී)
මෙච්චර මෝඩ මිනිස්සු රටේ ඉන්නවාද? (නි)
මෙවැනි ඇමතුමක් ලැබුන කෙනෙකුට ඇතිවන මානසික පීඩනය ගැන හිතා ගන්න එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නම ඕනෑ. එවැනි අත්දැකීම් නැති අය තමයි මේ ගැන බොහොම සැහැල්ලුවෙන් කතා කරන්නේ. (නි)
මෙවන් අයගේ ඡායාරූප විදහා පෙනන විදියට ප්‍රදර්ශනය කරන ලෙස මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. කරන ඔක්කොම කරලා මුහුණ වහගෙන යන්න අවශ්‍යතාවයක් නහැනේ ? (නි)
මූහුණ වහගෙන යන්න එපා. (නි)
ලැජ්ජාසහගත ක්‍රියා කර නීතියේ රැහැනට අසුවුණාට පසු මුහුණ වසන් කරගෙන යන්නට සිතේ ලැජ්ජාවක් ඇතිවෙලා වාගේයි. අහිංසක මිනිසුන් ගැහැනුන් රවටා බය කර මුදල් ගන්නා විට මෙම ලැජ්ජා බිය කොහෙද තිබුණේ? (නි)
මෙවෙනි අය නිසා පොලිස් දෙපාර්තමේන්තුවේද නම කැත වෙනවා. පොලිසියේ මුවාවෙන් සමහරු මෙය කරන්නේ. මොවුන්ගේ මුහුණ පැහැදිලිව බලා ගන්න දමන්න. එකත් එක්තරා දඬුවමක් මොවුන්ට (නි)
මගේ අම්මෝ! දැන් පාරේ බැහැලා යන්නත් බයයිනෙ. චණ්ඩි ශ්‍යාමලා හැමතැනම ! (නි)
බලන්න අර පොලිසිය නෝනා නිදි වගේ. ඔය දෙන්නා පැනලා යාවි. කල්පනාවෙන් (නි)
වෛද්‍යවරයයි කතිකාචාර්‍යවරයයි ගැන කියන්න ඕනේ නැහැ. උගත් අය. එහෙත් ඔවුන්ගේ බිරිදන්දෑවරුන් ගැන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.(නදී)
අනේ අම්මපා! මේ ගැහැනුන්ට මේවා කරන්න හොදයි, මුහුණ පෙන්නනකොට තමා ලැජ්ජාව මතක් වෙලා තියෙන්නේ. මෙයාලට දෙන්න ඕනෑ සෞදි අරාබියේ දඩුවම්. (නි)
මොකද මුහුණ වහගෙන යන්නේ? ඔය මුහුණු ප්‍රසිද්ධ කළ යුතුයි (නි)
සල්ලි ගන්නකොට ලැජ්ජා නැහැ. අහුවුණාම තමයි මුහුණ වහගන්න හදන්නේ (නි)
මේ ආර්ථික සමාජයීය ක්‍රමය තුල මේ වැනි දේ සිදු නොවුනොත් තමා පුදුම.රටේ අසීමිත වියදම පියවා ගැනීමට කිසිම ආදායම් උත්පාදන වැඩපිළිවෙලක් නැතුව ලුණු කටේ සිට සෑම ආහාර පාන මෙන්ම අනෙකුත් පරිභෝජන භාණ්ඩ වලට හිතුවක්කාරීව බදු පැනවීමෙන් මෙවන් සමාජ ප්‍රශ්න අපේක්ෂා කල හැකිය.බීඩි ඔතන මිනිසාගේ පමණක් නොව හිගන්නන්ගේ මුදල් පවා පැහැර ගන්න ප්‍රවනතාවක් දක්නට ලැබේ.තව තවත් මේ දර ගත නොහැකි පීඩනය ජනතාව මතම පැවරුවහොත් ලගදීම පාරට බහින්න බැරි තත්වයක් උදාවේවි.මංකොල්ල කෑම ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙගුණ තෙගුණ වේවි.(දිල්)
අපිත් ගැහැණු තමයි. එහෙත් මේ දේ කරන්න කලින්නේ මේ අයට ලැජ්ජා,බය,සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන්න තිබුණේ. මේ දෙන්නටත් දැන්ද විලි බිය ඇති වුණේ? අනුන්ට ගින්දර දෙනවා වගේම ඒවා තමන්ටත් පත්තු වෙද්දී දැනෙනවා ඇති මොන වගේද කියා (නි)
රටේ වැඩිවෙන ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි නොවන්නේ නම් ,දුගී දුප්පත් ජනයා තම පන කෙන්ද රැක ගැනීම් වස් කෙසේ හෝ මුදල් සොයා ගැනීමට පෙළබේ. ඔවුන්ට දේශපාලන සම්බන්දතා නොතිබෙන්නට පිළිවෙන. එවන් සම්බන්ධතා ඇති මහා පරිමාන කුඩු සහ වෙනත් නීති විරෝධී ජාවාරම් කරුවන් අසීමිත ධන කුවේරයන් වීමට උත්සහ ගනිද්දී,මෙවන් දුගී පිරිස් තම බඩ වියත සදහා මුදල් සොයති.(නදී)
බලන්න ඔය චුටි මුණ - රෙද්ද අනෙ විසි කරන්න..කොමල දාල හිනා දීල ඉන්නකකො අනෙ හැඩ බලන්න..(නදී)
මෙයාලගේ මුහුණු පෙන්නුවොත් හොදයි. සමහර විට ජනතාවගෙන් මෙයාල ගැන තව විස්තර ලැබෙන්න පුළුවන්,(නදී)
නිර්මලා නමින් ලියන ඔබට හරියට කරුණු අවබෝද වෙලා නැහැ වගේ. (නදී)
මේ ලගදී කාන්තාවක් තිසර පතේ කුඩු සගවා හසු වුනා. තවත් පිරිසක් ගුද මාර්ගයේ රත්තරන් සගවා හසු වුනා. අද මෙසේ කප්පන් ගත්ත කියා කාන්තාවන් හසු වුනා. නිවසට සිරියාව දෙමින් මැහුම් ගෙතුම් කරමින්,සැහැල්ලුවෙන් සිටි කාන්තාව ඇයි මෙහෙම වෙනස් වුනේ. කවුද ඔවුන්ට මේ දරාගත නොහැකි පීඩනය දුන්නේ. වැරදි කල අයට චෝදනා කරනවා වගේම කවුද ඔවුන් මේ තැනට තල්ලු කලේ කියා මදක් කාරුණික වී සාධාරණව සිතන්න. අපේ චරිතය,පාරිශුද්ධත්වය,පිලිබදව කතාකරන ව්‍යාජ සුචරිතවාදීන් මේ කාන්තාවෝ අඩුම වශයෙන් තුන් වේල කාල ඉන්න පුළුවන් ආර්ථික සමාජ පරිසරයක් රටේ තිබෙනවාද කියා බලන්න. ලෝකයට බොරු පුරසාරම් දොඩන අය මේවා නොදකින නිසා තමයි මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙන්නේ. (නදී)
බලහල්ලකෝ අර පොලිස් නෝනා ජීප් එක ඇතුලෙත් නිදි. ඔය කෙල්ලෝ දෙන්නා පැනලා යන්න පුලුවන්.(නදී)
මොකෝ මේ ඔළු මුහුණු වහගෙන කනාමුටිටි බිඳින්න යනවාද ? අලියාට ඇහැ තියන්න යනවාද? (නදී)