දෙණියාය තලපලකන්දේ කළුවගහ කොරටුවේ උගුලකට අසුවු කලු දිවියකු මැරි සිටි බව වනජීවී නිලධාරී නීල් කෝකිල හරින්ද්‍ර මහතා කීය.
ඉතා දුර්ලභ ගණයේ දිවියකු වන මේ දිවියා ජානමය වෙනස්වීමකින් බිහි වී ඇති බව පෙනේ යැයිද සිංහරාජය ආසන්න ප්‍රදේශයන්හි දි මෙවැනි දිවියන් තිදෙනකු පමණක් සොයාගෙන ඇතැයිද ඔහු පැවසීය.
දිවියා උගුලට අසු වී තිබියදීම හක්ක කපා ගෙන ගොස් ඇතැයිද ඔහු කියයි.
දිවි සිරුරේ ඉතිරි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම වෛද්‍ය විද්‍යාලයට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන වියදම දරා ගන්න බැරි තරමට වැඩි හින්දා දැන් ලංකවේ මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වෙට පත්වෙලා ඉන්නේ. උගුල ඇට වුයේ වෙන සතෙක්ට වෙන්න ඇති.ඒත් දිවියව දැක්කම උගෙනුත් වාසියක් ගන්න පුළුවන් හින්දා හක්ක කපන් යන්න ඇති (ස)
ජානමය වෙනස් කම් කියුවට මේ මැරුණේ කී වෙනි කළු දිවියද???? බොරු බයිලා ගැහිල්ල අත් ඇරලා මේ සත්තු ගැන මීට වඩා දැනුවත් වෙලා මේ සම්පත් ආරක්ෂා කරගන්න එක නේද කරන්න ඕනේ... (ස)
ඉන්දියාවෙන් ඇවිල්ලා මේ රටේ පැලපදියම් වුණු මිනිසුන් යැයි කියාගන්නා සත්තු, කැලේ කොටි මරා උන්ගේ දත් පළඳිනවා, කැලේ සතුන්ගේ ඔළු යොදාගෙන හූනියම් කරනවා. සමහර චීවරධාරීන් තමුන්ගේ වාසියට මේ ඔක්කොම නොදැක්කා සේ බොරු බණ දෙසනවා. ලංකාවේදී ලියපු අභිධර්මය වෙනුවට සතුන් රැකගන්න හැටි, වැසිකිළි පාවිච්චි කරන හැටි ළමයින්ට කියලා දෙන්න කටයුතු කළා නම් කොපමණ අගේද? (නි)
හෙණ ගහනවා මේ කරන අපරාධ වලට (නි)
දයා අලහකෝන්,මී හරක් රාජයෙක් වුණාට කමක් නැහැ. සද්දෙට වටේටම දැනගන්න කෑගහන්න එපා (නි)
අන්‍ය ආගමික බෞද්ධ නොවන රට වල ඔය වගේ වැඩ කරන්නේ නැහැ (නි)
ජානමය වෙනස්කමක් නෙමෙයි. මට නම් පෙනෙන්නේ මු කළු දිවි රාජයෙක් වගේ. මේවා සහගහන අපරාධ. මගේ ප්‍රාර්ථනාව නම් උගුලට අහුවෙලා ඉදිද්දි හක්ක කපාගෙන ගිය කෙනාවත් උගුලකටම හක්ක අහුවෙලා නිවන් යන්න කියලයි. ගොඩක් දුරට ඔය දිවි රාජයාගේ හක්ක මේ වෙද්දී දේශපාලුවෙක්ගේ ගෙදර තියෙන්නත් පුළුවන් (නි)
පිටබැද්දර ජයා මහත්මයා හරියටම හරි.... (නි)
පිළිගන්න නොගන්න එක කොහොම උනත් මිනිසුන්ගේ විස්වාසයක් තියෙනවා සතුන්ගේ ඇට දත් , කෙඳි වගේ දේවලින් යම් යම් සහන තියෙනවා කියලා. මම කියන්න යන්නේ ඒක නෙවෙයි. මේ තරම් බුද්ධිමත් මිනිසා මැරුණම කාටද ඕනේ කාටද පුළුවන් එක දතක්,ඇට කෑල්ලක්, මිනි අළු ටිකක් ගෙදරක තියාගන්න. නැත්නම් යහපත් වැඩකට යොදා ගන්න. ඒකත් ගනියි පුලුවන් නම් සුනියම් වගේ තව කෙනෙකුට කරදරයක් වෙන වැඩකට, මේකෙන් තේරෙනවා නේද අපි ජීවත් වෙලා ඉන්න කනුත් අපි අපිට විතරක් නෙවෙයි වනේ ඉන්න වන සතාටත් කරදරයි. මලාට පස්සේ ඉන්න මිනිසුන්ටත් කරදරයි. ඔන්න මනු සතාගේ තරම. කනගාටුයි මේ සතාගේ මරණය වගේම, කනගාටු විය යුතුමයි මිනිසුන් හැටියට අපි අපි ගැනම (ස)
කළු දිවි හමවත් පාඩමක් කර රැක ගනිමු. (ස)
යුරෝපයේ රටවල් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන සත්ව කරුණාව, මෛත්‍රීය, අනිත් පුද්ගලයාගේ අයිතියට ගරු කිරීම, තමා ගැන පම්පෝරි නොගැසීම වැනි හොඳ ගුණාංග මේ බෞද්ධ රටෙන් පිරිහෙන්නේ ඇයිද යන්න සමාජ විද්‍යා පර්යේෂකයන් විසින් සොයා බැලිය යුතුය. (ස)
මමත් අපේ වෙලේ ඉන්න සුදු නයෙක් දැකල තියෙනවා. ගොයම් කපන කාලේට හුඟක් අය දකිනවා. ඒ නයා අඩි අටක් දහයක් විතර දිගයි. පෙනේ පැත්ත හරිම ලස්සන තැඹිලි පාටට හුරු රෝස පාටක් තියෙන්නේ. කාටවත් හිරිහැරයක් නැහැ. (ස)
අකුරු ලියන්න පුළුවන් හරක් ඉන්නකන් මේ රට හරියන්නේ නෑ." අලි හක්ක, දිවි හක්ක යම් යම් රෝග සුව කිරීමට භාවිතා වෙනවා" පෙනෙනවා නේද තරම.එයත් විශ්වාස කරනවා.මෙහෙම රටක මොන සතාද ඉතුරුවෙන්නේ.මේවා අමුලික ගොන් බොරු.රැවටෙන හරක් තොග පිටින්.ඉතුරුවෙලා ඉන්න දෙන්නත් ඉවර කරලා දාපල්ලා. (ස)
මේ කළු දිවියන් අපේ සාමාන්‍ය දිවියන්ගෙන්ම බිහිවෙන විශේෂයක් . මීට ඉතිහාසයක් තියෙනවා. මහනුවර විමලධර්මසූරිය රජ කාලෙත් රජතුමා සතුව කළු දිවියෙක් සිටි බව ඉතිහාසයේ කියවෙනවා. ස්පිට්ල් මහත්තයාගේ සුදුවැද්දා පොතේ තියනවා. ඒක නව කතාවක් උනාට එතුමා වැදි ජනතාවගෙන් අසාගත් බොහෝ සත්‍ය අත්දැකීම් මේ පොත් ලියන්න උපයෝගී කරගත්තා. මෙවැනි අප්‍රකට හෙවත් නිලීන ජාන ජීවීන් තුල තිබිය හැකියි.අහම්බයකින් එම ජාන ප්‍රමුඛ වෙලා එම ජානය පලකරන රුපීය ලක්ෂණ පහල වෙන්න පුළුවන්. කළු වඳුරන් අතර සුදු වඳුරන් බිහි වෙන්නෙත් එහෙමයි. ඉතා කලාතුරකින් සුදු අලියෙක් එහෙමත් බිහිවෙනවා. වරක් ලංකාදීපෙම තිබුනා සුදු ගොනෙක්ගේ පින්තුරයක්. සුදු නයි ගැරඬි පිඹුරෝ එහෙමත් තියෙනවා. (ස)
අලි හක්ක, දිවි හක්ක යම් යම් රෝග සුව කිරීමට භාවිතා වෙනවා.දිවියගෙ හක්කෙ දත් ඉනේ පැලඳවීමෙන් යම් යම් රෝග වලට ප්‍රති කර්මයක් ලෙස අපේ රටේ සැලකෙනවා. (ස)
අනේ මෙහෙමත් කාලකණ්ණි මිනිස්සු ජාතියක්.... (ස)
ලංකාවේ කළු දිවියෙක් ගැන ඇහැව්වෙත් , දැක්කෙත් ප්‍රථම වතාවට. එසැනට ස්තුතියි. සමහර විට වල් ඌරෙකුට ගහපු මද්දක් වෙන්න ඇති.නමුත් දිවියාගේ හක්ක කපාගෙන යාම් නම් අභිරහසක්. (ස)
මේ රටේ මිනිස්සු වැඩි දවසක් යන්න කලින්ම ඔක්කොම සත්තු ටික ඉවරයක් කරල දානවා. මිනිස්සුන්ට සත්තුන්ගෙ ගහකොළ වටිනාකම ගැන අවබෝධයක් දෙන්න කවුරුවත් කටයුතු කරන්නෙ නැ. මීට කලිනුත් කළු දිවියෙන් උගුලකට අහුවෙලා මිය ගිහින් තිබුනා. පගේ ශිෂ්‍යත්ව විභාගය වගේ විභාග වෙනුවට ළමයින්ට සත්තු ගහකොළ ගැන කියා දුන්නා නම් රටට වගේම මිනිස්සුන්ටත් වැඩක් වෙනවා. (ස)
පුදුම අපරාධයක්නේ. මොනවා වුණත් මූ ජාතික සම්පතක් (නි)
ලංකාවේ කළු දිවියෝ කොච්චර ඉන්නවද ?හැමදාම කියන්නේ ජානමය වෙනස්කම් කියලා තමා. මෑත ඉතිහාසයේ කොච්චර මේ සත්තු මැරිලා ප්‍රවෘත්ති වල ගියාද? (නි)