ගල්ගමුව මීගලෑවේ දිනිදු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සැකකරුවෝ සිව් දෙනා ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා සමරදිවාකර මහත්මිය විසින් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මංජුල සඳකැලුම් (32) , සනත් චතුරංග (27) , දිනේෂ් ප්‍රියසාත් (23) හා සංජීව විජේකෝන් (21) ඔවුහුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදුනා ගැනීමේ පෙරට්ටුවෙන් පස්සේ වහන්නේ නැහැ . සැක කාරයන් උසාවියෙන් හදුනාගන්න එපායැ (නදී)
ඇයි අප්පා මෙයාලගේ මුහුණ වහගෙන එක්ක යන්නේ.දැන්ද ලජ්ජා වෙන්නේ කළ වැරැද්දට.(අ)
එහෙනම් පැහැරගත් දරුවා නිදහස් කිරීම නිසා මල්මාලයක් දාල අගය කරමු. පහර ගැනීම කල වරදට උසාවිය හරහා දඩුවම් කරවමු. (දී)
මනුෂගේ අදහසට 100% ක් එකඟයි. මම මීට කලින් පුවතක කියෙව්වා දරුවා පැහැරගත් අය දරුවාගේ කැතකුණු අතගා රැකබලාගත් බවත් , දරුවට කෑම බීම දී ඇති බවත්. මොවුන්ගේ පරමාර්ථය නරක වුණත් ඒ කොටස ගැන මගේ හිතේ පැහැදීමක් ඇති වුණා. මොනවා නැතත් දරුවාට කරදරක් නොකර ආරක්‍ෂිත විදිහට මුදාහැරිය එක ගැන හිතනකොට මට මේ මිනිස්සු ගැන හිතට එන තරහ අඩුවෙනවා. (නි)
නියමයි. හොඳ තීරණයක් (නි)
මේ වගේ අයට එකවරම දෙන දඩුවමක් දෙන්න. අපරාදේ මේ වගේ අය වෙනුවන් බන්ධනාගාරයේ කාලය නාස්ති කරගන්නේ (නි)
මංගල, මටත් මේ වගේම පොඩි ළමයෙක් ඉන්නවා. බොහෝ දෙනාට වගේ මගේ ළමයා මට මගේ ජීවිතයටත් වඩා වටිනවා. මට මේ දේ වුණා නම් මගේ ළමයාට කිසිදු හිංසාවක් නොකර බාරදුන්නාට යම් තරමකින් හෝ සළකා බැලිය යුතු නැද්ද? (නි)
සෙනරත් ආනන්ද මිලානෝ, අනේ ඔබතුමා දන්නා තරම. ඉතාලියේ ඉන්න ලාංකිකයින් ගොඩක් ඔබ වගේ මොකුත් නොදැන දන්නාකම එළිපිටම පෙන්නන්න හදනවා. (නි)
මනූෂ, ළමයා පැහැරගන්න කලිනුත් ඔය කියන මනුස්සකම තිබුණා නම් මේ ප්‍රශ්ණ නැහැ නේද? ඔයාගේ අදහස් ඉතාම සමානයි අපේ රටට විරුද්ධව මානව හිමිකම් ගැන කථාකරන අයගේ අදහස් සමඟ. (නි)
තනිකරම අසාදාරන වෙන්න එපා කම්මෙන්ට් ලියනවිට. මිට පෙර ළමයි පැහැරගත් අයට වඩා සාපේක්ෂ වශයෙන් හෝ මේ අය ළඟ යම් තරමට මනුෂ්‍යත්වය තිබිල තියෙනවා නේද? (නදී)
මේ හොරුන්ට මොන පෙරට්ටුද? මේ අයම කිව්වා නේද මුළු කතාවම ඉතින් තව මොනවද ? (නදී)
මේ වගේ අපරාද කාරයන්ව වහගෙන යන්නේ නැතුව සියලු ජනතාවට පේන්න ගෙනියනවා නම් මිට වඩා වටිනවා. (නදී)
මේ අය වහන්න බන්ධනාගාරයෙන්ම රෙදි සපයනවද ? (නදී)
ආයුද පෙන්නන්නේ නැද්ද ? (නදී)
ඒක නම් ඇත්ත (නදී)
ඇත්තටම මේ වගේ අය නොපෙන්විය යුතුයි කියා නීතියක් තියනවද? (නදී)
සෙනරත් ආනන්ද, මේ අයව වහගෙන යන්නේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කල යුතු නිසයි. මීට ටික කලකට පෙර අනුරාධපුර පැත්තේ උසාවියකට සැකකාරයින් එළිපිට රැගෙන ඒමේ හේතුව මත ඔවුන්ව පෙරෙට්ටුවට තැබීමට නොහැකි උනා. ඒක පොලිසියේ වරදක්. නමුත් අවසානයේ සැකකරුවන් චෝදනා වලින් නිදහස් කිරීමට පවා සිදුවුනා. (නදී)
අර කිව්වා වගේ වැරද්දත් කරලා කියල ඔප්පු වෙලා තියෙද්දිත් තව වහගන යන්නේ මොන එකකටද. (නදී)
බලන් කඩතුරා හැර දෑසේ (නදී)
දැන්මම එල්ලුම් ගහට යවනවා නම් මම කැමතියි. මේගොල්ලෝ රටම අපයක් කරන්න හැදුවට (නදී)
හරියට නිකන් බබාලා වගේ. ගෝනිබිල්ලෝ වගේ (නදී)