ගින්නලිය ඌරුබොක්ක මාර්ගයේ ගින්නලිය විදුහල ඉදිරිපිට පදිකමාරු කහ ඉර අද ලකුණු කළ බව පොලීසිය කියයි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය අද (9) කහ ඉර සලකුණු කළේය.
ගින්නලිය පාසලේ තුෂර විශ්මිත (6) ශිෂ්‍යයා ලොරියකට යටවී මිය ගිය ස්ථානයේ කහඉර සළකුණු කරන ලෙස මාස ගණනාවක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට දැන්වූවත් දරුවා මිය යන තුරු එය ඉටු නොවීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් බලන්න. මෙම පදික මාරුව දෙපස පදිකයිනට රැඳී සිටීමට සුදුසු වටපිටාවක් තිබෙනවද? කරුණාකර මග දෙපස හැකි ඉක්මනින් එළිකරන්න. (නි)
දැන් ඉස්තාලේ වැහුවට වැඩක් නැහැ (දී)
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහුවාට වැඩක් නැහැ (දී)
ඕක කලින් කරන්න බැරි උනාද (දී)
දැන් ඕන කහ ඉරි නෙමෙයි සුදු කොඩි (ස)
මෙහෙමත් වැඩ
දරුවා මැරුණාට පස්සේ මොනවත් කලාට වැඩක් නැහැ , කවුද මේවාට වග කියන්නේ (දී)
නැවත තවත් කෙනෙකුට වෙන්න කලින් මෙවන් දෙයක් කල එක හොදයි , නමුත් මේ පිළියම කරන්න තිබ්බෙ මිට කලින් (දී)
විපතක් උනාට පස්සේ පිළියම් කරලා වැඩක් නැත (දී)
මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන් මේ සඳහා වගකිව යුතුයි නේද ??
මේවාට දැන් පිළියම් හොයල වැඩක් නැහැ , ඒ ළමයාට පන එනවාද (දී)
මාර්ග සංවර්ධන අධිකාරියේ ලොකු තැන්වල ඉන්නේ මේ රටේ සංවේදීබවින් අඩුම නිලධාරීන් කොටසක් බව නොපැකිළව කියමි. මගේ මේ අදහස මේ පුවතින් ඔප්පු වෙයි. (නි)
කහ ඉරි නෙමේ මොනවා තිබුණත් වැඩක් නැහැ රියදුරෙකුට තමන්ගේ වාහනේ නවත්ත ගන්න බැරිනම්. හැම රියදුරෙක්ම වාහනය පදවන්න ඕන හදිස්සියකදී නවත්තන්න බලාගෙන. (ස)
දැන් මොනවා කරන්නද ? මෙච්චර කල් කිව්වා ඇහුනේ නැද්ද ? (ස)
අශ්වයා ගියාට පස්සේ තමයි ලංකාවේ අය ස්ථාලේ වහන්නේ (ස)
අපේ අයට මේ වගේ දේවල් කරන්න උවමනාව නෑ. වෙන වෙන දේවල් තමයි අත්‍යවශ්‍ය (ස)
වරද පිලි ගන්න, (දී)
ඕක ඉතින් අපේ රටේ විදියනේ... (නි)
අනිත් රටවල්වල දහයක් වැඩ කරනකොට, එක්කෙනයි වැඩ බලන්න ඉන්නෙ. මොනවද වටවෙලා බලාගෙන ඉන්නෙ....? ගිහිල්ල තියෙන වැඩක් බලගන්න (ස)
මිට කලින් ඇන්දානම් මේ දරුවත් ඉන්නවානේ (දී)
වැඩ කරන්නෙ එක මිනිහයි. දහයක් විතර බලාගෙන... අනේ මෙහෙමත් රටක්..... (ස)
කහ ඉර විතරද? ඇයි පාර දෙපස සුදු ඉර අඳීන්න තව බීල්ලක් ඕනෑද? (ස)
මොනවා කරන්නද දැන් හරි කහ ඉරි අඳින එක හොඳයි (ස)
මොකටද මෙහෙම නිලධාරීන් (ස)
බොරු වැඩ කරන්න එපා (දී)
අශ්වයා පැන ගිය පසු ස්ථාලය වැසීම වැනිය (ස)
මේකට අදාල බලධාරීන්ට නඩු පැවරුවානම් නේද හොඳ ? (ස)
ගහලා එලවන්න ඕන (ස)
කහ ඉරේ තමයි අනතුරු වැඩිම (ස)
අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වහන එක අපේ අයගේ පුරුද්දක්. (නි)
වගකිවයුතු ගොඩක් ආයතනවල වැඩ මෙහෙම තමයි. ප්‍රමාදයි (ස)
විපතක් වුණාම තමයි බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ .මේ ක්‍රමය ඉක්මනින්ම වෙනස් කරන්න වේවි (ස)
මැරුණට පස්සේ කොච්චර ඉරි ඇන්දත් දැන් මැරුණු මල්ලියාට පණ ගන්න බෑනේ. (ස)