IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දරුවකුගේ නිරෝගි වකුගඩුව ඉවත් කිරීම අධිකරණයටත් යයි

(නිමන්ති රණසිංහ)

තම පුතණුවන්ගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් දකුණු වකුගඩුවද අත් වැරදීමකින් ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ වකුගඩු සැත්කමකදී මියගිය තුන් හැවිරිදි දරුවාගේ මව සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (31) කරුණු වාර්තා කර ඇත.

තුන් හැවිරිදි තම පුත්‍රයාගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ සැත්කමක් විශේෂඥ වෛද්‍ය නවින් විජේකෝන් මහතා විසින් ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ බවත්, එහිදී මෙම සිද්ධිය සිදුවූ බවට එම රෝහලේ වෛද්‍යවරුන් තමා සහ තම සැමියා ගෙන්වා දැනුම් දුන් බවත් මියගිය දරුවාගේ මව වන ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි පාතිමා රිසානා අබ්දුල් කාදර් (41) යන අය ප්‍රකාශ කර ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම් අයි සී යූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් නමැති තුන් හැවිරිදි දරුවා මෙලෙස මියගොස් තිබු බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

තම පුත්‍රයා ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 11 වැනිදා කාසල් කාන්තා රෝහලේදී උපත ලද අතර උපතේදී නීරෝගීමත් බර කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 550ක දරුවකු බවත්, මාස හයක් පමණ වන විට ඔහුගේ උදරයේ ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බැවින් පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍ය පරික්ෂණයක් සිදුකර ගත් බවත් දරුවාගේ මව සිය ප්‍රකාශයෙන් දක්වා ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 



අදහස් (4)

දරුවකුගේ නිරෝගි වකුගඩුව ඉවත් කිරීම අධිකරණයටත් යයි

shantha Monday, 31 July 2023 11:56 PM

දොස්තර මුස්ලිම් ජාතිකයෙක් වෙලා මියගිය දරුවා සිංහල වුණා නම් අද ලංකාවේ තත්වය කොහොම තියේවිද? ඔපරේෂන් එක කරන්න කලින් ස්කෑන් පරීක්ෂාවක් කළේ නැතිද? එහෙමත් නැතිනම් එක්ස්රේ එකක්වත්? එතකොට ඒවාගෙන් පෙන්වනවා වකුගඩුවල පිහිටීම. මම හිතන්නේ චැනල් කරන්න යන්න හදිස්සියට අතට අහුවුන කෑල්ල කපලාදාලා දොස්තර යන්න ඇති. හැබැයි මේ දරුවාගේ පියා මම නම් ඔය දොස්තරයාව පන පිටින් හැමගහනවා ,කාලකන්නි අමනයාව.මිනිමරුවාව.

:       0       0

sanduni Monday, 31 July 2023 11:59 PM

දොස්තරගේ නම ලියලා තියාගන්න. ඔබත් තවදුරටත් ජීවත්වෙන්න කැමැති නම් මේ ගහලයාට ඔබේ සිරුර කපන්න දෙන්න එපා...!!!

:       0       0

Tikiri Tuesday, 01 August 2023 10:40 AM

එන්න එන්නම ලංකාවේ වෛද්‍ය සේවය පිරිහිලා ගිහින්... මෙවැනි ජිවිත සමග සෙල්ලම් කරන වෛද්‍යවරුන්ට, රෝහල් සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට දෙවියන්ගේ ශාපය අත්වේවා...!

:       0       0

Lalla Wednesday, 02 August 2023 09:41 AM

මේක අනවශ්‍ය ප්‍රචාරයක් නොවේද? අවසාන ප්‍රතිඵලය රටට ඉන්න ලමා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් රට හැරයාම...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 221 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 1122 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 193 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 1893 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 529 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 1040 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1432 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site