දරුවන් පාසල්වලට ඇතුළු කිරීමට මව්පියන්ට දේවාලයෙන් දේවාලයට ගොස් භාර හාර වීමට සිදුවී ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) කොළඹ රාජකීය විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.
පාසලට දරුවන් ඇතුළු කිරීමේදී ඇතිවන ගැටලු විසඳීමට මෙරට බලයේ සිටි ආණ්ඩු ගනු ලැබූ සෑම පියවරක්ම අසාර්ථක වූ බවද කී ජනපතිවරයා නිදහස් අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කළ එකම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව යැයි ද කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්ව සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා අවුරුදු ගණනක තිබෙන ප්‍රශ්නය කියල එ්කට විසදුමකුත් නැතිව කතාව ඉවර කරනවා. අධ්‍යාපනයට වියදම් කළා විතරක් කියන එක හරි නැහැ නේ. කලින් ආණ්ඩු වියදම් කළානේ. අනෙක කැබිනට් අමාත්‍ය කෙනෙක් හැටියට වසර 20 පමණ මෙතුමා අත උස්සපු එකත් අසාර්ථක වෙලා. (බ)
අදහස් දැමු සියලු දෙනාට මගේ ප්‍රණාමය! (නි)
රටේ දැවෙන ප්‍රශ්න නැතුවාටද මේ සුපුරුදු කතා? (නි)
ජනප්‍රිය පාසල් වල වගේම, ගමේ පාසලේත් ඉන්නා ගුරුවරු එකවගේම දක්ෂයි. අපේ මිනිසුන්ට මේක නොතේරෙන එකයි පුදුමේ (නි)
අර ඖෂධ ප්‍රතිපත්තියට මොකද වුණේ? (නි)
බොහොමයක් දේශපාලඥයෝ කරන්නේ ප්‍රශ්නය අපට කියන එක. එ්ත් කමක් නැහැ කියමුකෝ, මහජනයා යෝජනා කරන විසඳුම්, ඒ කියන්නේ දිස්ත්‍රික්කයට ජාතික පාසල් කීපයක් බැගින් රෝයල් එකේ තත්වෙට බැරි නම් ඒ ආසන්නයටවත් ගෙනෙන එක වගේ විසඳුම්, පිළිගන්නවද? ඒත් නැහැනේ. ඒක හින්දා හොඳම දේ ප්‍රශ්නෙත් අපට නොකියා ඉන්න එකයි. අපි දෙයියන්ටම කිය කියා ඉන්නම්. (නි)
මේවා කිවුවා කියලා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැනේ (නි)
අනේ මන්දා ඉතින් අපි මොනවා කරන්නද? ඔබතුමා දන්නවනේ ඔබ රටේ ජනාධිපති කියලා. ඔබතුමාගේ වැඩත් අපිට දෙන්න එපා (නි)
මමත් අවුරුදු 40ක් විතර දේශපාලනය කළා නම් ඕකම තමයි කියන්නේ. (නි)
ඉතින් දැන් මොකක්ද මේ ප්‍රශ්නයට විසඳුම? (නි)
දැන් අපිද මේකට විසදුම් හොයල දෙන්න ඕන ...? (බ)
හිටපු නායකයන්ට මෙවැනි ප්‍රශ්නයක් තිබුණ බවක්වත් දැනුනේ නැත. යන්තන් එය මෙතුමාවත් හඳුනා ගැනීම සතුටට කරුණකි. මේ සඳහා මෙතුමාගේ විසඳුම අපි බලා සිටින්නෙමු. (නි)
මොන මොනවාහරි කියලා යන්තන් රජයේ කාලය ගෙවාගන්න ලැබුනොත් ඇති. (නි)
මෙතන අදහස් දාලා තියෙන වැඩිදෙනාගේ අදහස් වලින් තේරෙනවා මෙතුමලා ගැන කෙමෙන්,කෙමෙන් තේරුම් ගනිමින් සිටින වග !! (නි)
අපි හැමදාම බයිලා අහනවා. ජනපති, මැති ඇමති සේරම අපට වෙන් කළයුතු මුදලින් සුර සැප විඳිනවා. අපි අපාදුක් විඳිනවා. අපේම ගොන්කම තමා මේ. (නි)
අම්මලා මේ කාරණයට දේවාල ගානේ විතරක් යනඑක වැරදියි කියලයි මටත් හිතෙන්නේ. ඇයි මේගොල්ලෝ පන්සල්, පල්ලි වලටත් නොයන්නේ. කැතයි කැතයි මේ වැඩ (නි)
කතාද දැන් රටේ අවශ්‍යතාවය? (නි)
සමහර අම්මලා තාත්තලා දේවාල ගානේ යන්නේ දරුවන් පාසල් වලට ඇතුළු කිරීමට කියලා ජනාධිපතිතුමා කිවුවට, සමහර අප්පච්චිලා දේවාල ගානේ යන්නේ හොරපොල් ගහලා, ගම්මිරිස් අඹරලා, යහපාලන රජය පෙරළන්න බව මොකද එතුමා නොකිවුවේ? (නි)
මොනවා වුණත් ඔබතුමලගේ ප්‍රශ්න ටික නම් විසඳාගන්නවා. මහජනයා වන අපේ ප්‍රශ්න එතනමයි. ඔබතුමාලා කටින් බතල හිටවනවා විතරයි. තව මොන කතාද මහත්තයෝ. දැන් තියන්නේ වැඩ කරලා පෙන්වන්න (නි)
1977 සිට මේ දක්වා වර්තමාන ජනාධිපතිත් අගමැතිත් ඇමතිකම් දරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම එක්ක ගත්තහම මෙයාලා දෙන්නම මේවට වගකියන්න ඕනෑ නේද? ඇත්තටම කළයුතු හොඳම දෙය ජාතික පාසල් වල ප්‍රාථමික පන්ති ඉවත්කර, ශිෂ්‍යත්ව විභාගයෙන්ම දරුවන් ජාතික පාසල් වලට ඇතුළත්වීමේ ක්‍රමය ඇති කිරීමයි. (නි)
මොනතරම් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කළත් වැඩක් නැහැ, අනාගත පරපුරට ජීවත්වෙන්න රටක් ඉතුරුකළේ නැත්නම් (නි)
අපි දේශපාලකයෝ පත්කරන්නේ ඒවාට විසඳුම් හොයන්න. අපිටත් පේනවා තියෙන ප්‍රශ්න. මෙතුමන්ලා ඒවම අපට කිය කියා ලතවෙනවා. රටට යමක් කරන්න. හැමදාම දුක් ගැනවිලි අපිට කියනවා. (නි)
දැන් පත්වෙලා අවුරුද්දකට වැඩිනේ. කියන්නකො බලන්න ප්‍රශ්න විසඳනවද මේ රටේ ප්‍රශ්න වැඩිකරනවද කියලා. (නි)
මහත්තයෝ, ඒ ප්‍රශ්නේ හැටි එහෙමයි කියලා අපිත් දන්නවා, ඔබතුමාලා පත්කරලා තියෙන්නේ ඒවාට විසඳුම් දෙන්න මිසක් අපිටම අාපහු ප්‍රශ්නය කියන්න නෙමෙයි! (නි)
අනේ මන්දා මහත්තයෝ ඔය කතා! (නි)
විසඳුමක් සඳහා අපි ඔබට කියන්න ඕනෑ දේ ඔබ අපිට කියනවා. (නි)
ඕවා කිය කියා ඉඳලා වැඩක් නැහැ. විසඳුමක් දෙන්න. (නි)
තවමත් එහෙමමයි. ඉදිරියටත් එහෙමමයි. ඔය ජනතාව රවටන්නට කරන කතා විතරයි. කළයුත්තේ රෝයල් සමානව හදපු තවත් විදුහල් වලට ගිහින් ඔය වගේ කතා පවත්වන එක. එහෙම කරන්නෙත් නැහැ. වෙන්නෙත් නැහැ. (නි)
මෙතුමා ආණ්ඩු පක්ෂයේ අවුරුදු 10 ඉඳලත් දැන් මෙහෙම කතා කරනවා? (නි)
මේක ජාතික ආණ්ඩුවක් නොව, විලිලැජ්ජා නැතිකමක් ලෙසයි අපි දකින්නේ. තමන්ගේ මිනිස්සු පාවාදීලා විරුද්ධ අය සමඟ දීගකෑමක් (නි)
ඔබතුමන්ලා මොනවද නිදහස් අධ්‍යාපනයට කරලා තියෙන්නේ. (නි)
මෙතුමාගේ කතාවල මම ආසම කොටස තමා "අපි හැමදෙනාගේම වගකීම වෙනවා" කියන කොටස. (නි)
අපට දැන් මෙතුමන්ලාගේ දුක්ගැනවිලි අහන්නත් වෙලා. (නි)