(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල යාපාගම ප්‍රදේශයේ වයස අවුරුදු එකක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස බීමේ සිද්ධියක් අද (15) වාර්තා වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම මව දරු දෙදෙනා සමඟ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කර ඇත. පසුව ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වස ශරීර ගතවීම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල යාපාගම ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට මෙම පිරිස පැමිණි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇගේ සැමියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රියදුරෙකු බවද පොලිසිය කියයි.
පවුල් ආරවුල් වලදී මෙවැනි දැඩි ඉතින් දු තීරණය ගැනීම නිසා අසරණ දරුවන් දැඩි ලෙස කම්පනයට පත්වන බවත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට කිසිදු ආකාරයෙන් දෙමාපියන්ට අයිතියක් නැති බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්පි එදිරිසිංහ මහතා පැවසීය.
දරුවන් දෙදෙනාව වස පොවා ඝාතනය කිරීමේ තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන්ට වස පොවා මවත් වස බොයි