IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දුව කෙළෙසූ පියා වසර සීයක් හිරේ

තම දස හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ද ගෙන ඇය කළක් තිස්සේ කෙළෙසීයැයි කියන රියදුරු පියෙකුට බරපතල වැඩ සහිත වසර සියයක සිර දඩුවම් නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය රුපියල් අනූ දහසක දඩද, රුපියල් ලක්ෂයක වන්දි ද නියම කළාය.

චෝදනා දොළහටම ඔහු වැරදිකරු විය.

තම දියණියගේ ආරක්ෂකයා විය යුතු පියා ඇය කෙළෙසා ඇතැයි ද, එවැනි ක්‍රියා හැඳින්වීමට සිංහල භාෂාවේ වචන නැතැයි ද විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.

 

 



අදහස් (0)

දුව කෙළෙසූ පියා වසර සීයක් හිරේ

ගුණරත්න Monday, 25 November 2013 04:28 PM

මේ වයසේ දරුවෙක්ව සෝදලා, පිහලා, ඇදුම් අන්දවන්න තාත්තෙකුට පුළුවන්.දුවක් පිළිසරණක්, රැකවරණයක්, හුරතලයක් පතන්නේ තමන්ගේ තාත්තාගෙන්.මේ වගේ මිනිස්සු හදුන්වන්න "පිය" කියන වචනය සුදුසු නැහැ. පුදුම කම්පාවක්, වේදනාවක් දැනෙනවා. (නි)

:       0       0

ලාල් මහනුවර Tuesday, 26 November 2013 02:33 AM

හොරු, මංකොල්ල කාරයෝ ,,මිනීමරුවෝ ,බල අපරාද කාරයෝ හිරේ දන්නා කලින් මාසයක් ප්‍රසිද්ද තැනක ගැට ගසා මහජනයාට දැකගන්න සලස්සනවානම් ගොඩක් හොදයි .(අ)

:       0       0

අබ්දුල් Monday, 25 November 2013 04:39 PM

හොද තීන්දුවක්. නමුත් මෙම පුද්ගලයාට කිසිදු අවස්ථාවකදී නිදහස ලැබීමට ඉඩ නොතැබිය යුතුයි (නි)

:       0       0

සන්දිය(මාදිපොල) Monday, 25 November 2013 04:43 PM

එල්ලුම් ගස සුදුසු වන්නේ මෙවැනි පුද්ගලයින් හට බව මාගේ හැගීමයි (නි)

:       0       0

හේරත් Monday, 25 November 2013 04:57 PM

මේ පුද්ගලයාට අපේ බදු මුදලින් හිරේ දමා කන්න දෙන්නට සුදුසු නැති බව මාගේ හැගිමයි (නි)

:       0       0

සත්‍යයා Tuesday, 26 November 2013 03:19 AM

"තම දියණියගේ ආරක්ෂකයා විය යුතු පියා ඇය කෙළෙසා ඇතැයි......." මේ වාක්‍යම "තම රට වැසියා ආරක්ෂා කලයුතු පාලකයින් රටේ ජනතාව කෙලෙසා ඇතැයි...." කියා වෙනස් කළහොත් එහි තේරුම විශාල පරතරයක් තිබිය හැකිද? (අ)

:       0       0

නාලක Monday, 25 November 2013 05:00 PM

මෙයාට හිරේදී ලැබේවි හොද පාඩම් අනෙක් හිරකාරයින්ගෙන් (නි)

:       0       0

මාර්ක් Monday, 25 November 2013 05:02 PM

කෝ හැමදාම දකින්න ලැබෙන්නෙ මෙවැනි ප්‍රවෘත්ති. ඔය නීති පොත තවම අලුත් වූයේ නැද්ද මොවුන්ට මීට වැඩිය හොද දඩුවමක් දෙන්න? (නි)

:       0       0

දමිදු Monday, 25 November 2013 05:03 PM

මෙලෙස කරන්නේ නම්, මෙවන් මිනිසුන් ඇයි දරුවන් හදන්නේ? (නි)

:       0       0

රුවන් චාමර (මාතලේ) Monday, 25 November 2013 05:09 PM

හොදම හොද තීන්දුවක් (නි)

:       0       0

ධනුකේ Monday, 25 November 2013 05:09 PM

මේවා අහන්න ලැබීමමත් අපේ අවාසනාවක් නොවේද? (නි)

:       0       0

ලංකා Monday, 25 November 2013 05:17 PM

රට කොයිබටද? (නි)

:       0       0

ප්‍රසන්-132 Monday, 25 November 2013 05:19 PM

විනිසුරුවරියට මගේ ආචාරය. (නි)

:       0       0

සනත් Monday, 25 November 2013 05:22 PM

එක දවසට කස පහර දෙක ගානේ ලබා දෙන්නත් නියම කළා නම් මම සතුටුයි. එතකොට තමයි මේ පුද්ගලයාට මතක් කර කර විඳවන්නත් ඉඩක් ලැබෙන්නේ (නි)

:       0       0

ප්‍රිය Monday, 25 November 2013 05:23 PM

අනේ මෙහෙමත් පියවරු? අනේ! තාත්තා නේද දරුවෝ ආරක්ෂා කරන්න ඕනෑ? නිකන් නොවෙයි ලංකාවට සුනාමි අාවේ, මේ වගේ පව්කාරයන්ට මොකක්ද කරන්න ඕනෑ? කවදාද නීති තද කරන්නේ? අනේ මගේ රටට ගිය කලක්! කවදාද ලංකාව ශ්‍රී ලංකාවක් වෙන්නේ? (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Monday, 25 November 2013 05:24 PM

මට නම් හිතාගන්නවත් බැහැ මේ පුද්ගලයා ඇත්තටම මනුස්සයෙක්ද කියලා (නි)

:       0       0

ශිරෝමි Monday, 25 November 2013 05:28 PM

මෙහෙම දේවල් අහන්න අපිත් පවු කරලා තිබෙනවා (නි)

:       0       0

අසංග Monday, 25 November 2013 05:32 PM

දේසපාලන බලපෑම් නොමැතිව මේ වගේ තීරණ ගැනීමට අධිකරණයට බලය තිබිය යුතුයි. විනිසුරුවරියට මගේ ප්‍රණාමය...! (නි)

:       0       0

රුවින් Monday, 25 November 2013 05:51 PM

විනිසුරුවරියට මගේ ආචාරය! ස්ත්‍රී දුෂණ සිය ගණනින් සිදුකර උත්සවාකාරයෙන් සැමරූ දේශමාන්‍ය මහත්හොරු එහෙමත් ඉන්නවා. බැරිද මේ අයටත් දඬුවමක් දෙන්න? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 25 November 2013 06:02 PM

මගේ හිතට එන දේ ලියන්න බැහැ. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 25 November 2013 06:02 PM

මෙවැනි දඬුවම් සම්බන්ධව මෙයට වඩා අපි කල්පනාකාරී විය යුතුව තිබෙනවා. මෙවැනි සිදුවීමක් අහනවිට පමණක් අපි ලේ රත්කරගෙන සැවෝම එල්ලුම් ගසක් ගැන පුන පුනා කියනවා. ඒකේ ඇති පලය කුමක්ද?අපි කියන ඒවා කාටවත් ඇහෙනවාද? අපි අළුත් වීණාවක් නිෂ්පාදනය කරගනිමු, බිහිරි අලින්ට ඇසෙන්නට වාදනය කරන්න ! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 25 November 2013 06:05 PM

මිහිපිට තිරිසන් සතුන් වගෙයි දැන් දැන් පාපතර කමතුරයන් හැසිරෙන්නේ.තමාගේ දරුවෙකුට තබා පිට දරුවෙකුටවත් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද දෙයියනේ! ගුණරත්න කියනවා වගේ මේ වයසේදී අනේ තාත්තානේ නාවන්නේ කියලා මටත් මතක් වුණා.ගැහැනු ළමයි ගොඩක් කැමතියි තාත්තාත් එකක් හුරතල් වෙන්න.මේ අදමයන් නිගාවක් 'පිය' කියන උතුම් වචනෙටත්. (නි)

:       0       0

රෝහිත Monday, 25 November 2013 06:10 PM

අපේ සල්ලි නාස්ති වීම නේද හිරේ යැවීමෙන් වන්නේ? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 06:11 PM

පිය පදවියට අවමානයක්, පිරිමිකමටත් නින්දාවක්. තම දරුවෝ ඔවුන්ගේ පියාගෙන් ආරක්ෂා කරන්න මවුවරුන්ට සිදුවීම මොනතරම් අභාග්‍යක්ද? විනිසුරුවරිය ප්‍රකාශ කළ ආකාරයට ශබ්ද කෝෂයේ පවා මොහුව හැදින්වීමට වචන නැහැ. මොහුව වැදු දෙමාපියන් පවා ලැජ්ජා වෙනවා ඇති මොනතරම් වරදක් ඔවුන් කළාද කියා. මේ වගේ සිදුවීම් අනන්තව මේ රටේ සිදුවෙනවා. කවදාද? කවුද? ඉදිරිපත් වන්නේ මෙවැනි පාපතරයින්ට මරණ දඬුවම දෙන්න (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 25 November 2013 06:18 PM

අසංග,තවම නම් අපේ අධිකරණය දේශපාලනයට යටත් වෙලා නැහැ.හොද තීන්දුවක්.දියණියගේ අනාගතය යහපත් වේවායි පතමි. (නි)

:       0       0

සාරින්ද Monday, 25 November 2013 06:22 PM

මෙවන් දඩුවමක් දුන් විනිසුරුවරියට මගේ ආචාරය! (නි)

:       0       0

මාගලී Monday, 25 November 2013 06:24 PM

වැඩක් නැහැ, මම නම් කියන්නේ සිර දඩුවම් දීලා වැඩක් නැහැ. නැවත නොකරන්න දැනෙන්න දෙයක් කරන්න ඕනෑ (නි)

:       0       0

නිමල් Tuesday, 26 November 2013 06:04 AM

ඔබලාට පින් මේ දුන් දඩුවමට (නි)

:       0       0

සුගත් Tuesday, 26 November 2013 03:42 PM

කිසිවක් කරන්න එපා. මේ වෙබ් පිටුව හැමදාම කියවන්න දෙන්න. ඒක ඇති ඔහුට විදවන්න (නි)

:       0       0

ප්‍රමුඛ. Monday, 25 November 2013 06:25 PM

ඔය වගේ ඇතුළට ගිය ගොඩක් අය අද එළියේ. සමහරවිට තව අවුරුද්දකින් විතර මෙයාවත් එළියේදී අපට දැක ගත හැකි වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ෂාෆික් Monday, 25 November 2013 06:29 PM

එල්ලුම් ගහ නැති එකේ ප්‍රතිවිපාක (නි)

:       0       0

ඈපා Monday, 25 November 2013 06:36 PM

දැන් හිරගෙදර හිරකාරයෝ සූදානමින් ඉන්නවා ඇති මොහුව පිළිගන්න. නියම දඩුවම් ලැබෙන්නේ එතැනදී තමා (නි)

:       0       0

අරුණ Monday, 25 November 2013 06:41 PM

අපි මේ ලියන දේවල් දරුවාවත් තාත්තාවත් , සමාජයේ අගතිගාමී කොටස්වත් බලන්නෙ නැහැ. අපි අපිටම දොස්නගා ගනිමින් , මේවා ලියනවා පමණයි. යමක් හිතන්න පුළුවන් ජවය ඇති මැති ඇමතිවරුන් සිටි නම් ඉදිරිපත්ව රට පාලකයන්ට කියා අරගල කර හෝ ප්‍රායෝගික විසදුමක් ගෙනෙන්න බලන්න (නි)

:       0       0

සුලෝචන පෙරේරා Tuesday, 26 November 2013 07:01 AM

හිර ගෙවල් වැඩක් නැ මේ වගේ අයට. පණ පිටින් පුච්චන්න ඕනේ.(නදී)

:       0       0

රේණු Tuesday, 26 November 2013 08:19 AM

මේවට අරාබි නීතිය ගේන්න ඔනේ තමන්ගේ දරුවාට මෙවැනි තිරිසන් දේවල් කරන පියවරු බිහි නොවන්න. ප්‍රසිද්ධියේ වද දීලා මරන්න ඔනේ. මේ මනුස්සා ලොව උතුමි පදවි දෙකෙන් එකක් වන පිය පදවියටත් අවමානයක් (නදී)

:       0       0

හාෆිස් Monday, 25 November 2013 07:31 PM

ශරියා නීතියේ තිබෙනවා මේවට බෙහෙත්. ඒ වගේ නීති ඕනෑ අපේ රටටත් (නි)

:       0       0

සෆීන් Monday, 25 November 2013 07:37 PM

මෙහි අදහස් දක්වා ඇති 90%ක්ම කියන්නේ මෙම පුද්ගලයාට මරණ දඬුවම දිය යුතුයි කියාය. මිනිසුන්ව වැරදි කිරීමේ මානසිකත්වය දුරු කිරීමට මෙම මරණ දඬුවම බොහෝ දුරට ඉවහල් වුවත් සමාජය යහ මාර්ගයට යොමු කිරීම අප කාගේත් වගකීම බවට අප සියලුදෙනා මතක තබා ගත යුතුයි. ඒ සඳහා සියලු පාර්ශවයන් එක්රැස් කර මෙම ගමන යා යුතුයි. කවුරු හෝ කියනවා නම් අපට කුමටද මේ අනවශ්‍ය වැඩ කියා සත්‍ය වශයෙන්ම ඔහු හෝ ඇය මේ මනුෂ්‍ය ලෝකයට සුදුසු කෙනෙකු නොවන්නේය. ලොව සියලු දෙනාවම අපට නිවැරදි කළ නොහැකි වුවත් ඒ සඳහා දායක වීම මහා පිනකි. (නි)

:       0       0

පර්සියා Wednesday, 27 November 2013 11:16 AM

මේ වගේ හැසිරෙන තව පියව‍රුන්ට හොද පාඩම් මේවා. මේ වගේ තිරිසනුන්ට පණ පිටින් විදවන්න හොද දඩුවම් දෙන්න ඕනා.(නදී)

:       0       0

ගොඩගේ ප්‍රියන්ත Monday, 25 November 2013 08:06 PM

ඇත්තටම පියවරුන්ටත් අපහාසයක්. කියන්න කණගාටුයි. විනිසුරුවරියට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

අජන්ත පතිරණ Monday, 25 November 2013 08:49 PM

සමහර විට නිතිය අඩුපාඩු තියන්න පුළුවන් මේ ළමය 02 වැනි බිරිදගේ දුව වන්න ඇති වැඩේ වැරදි දඩුවම් කරන්න ඕන (අ)

:       0       0

ශාන්ත- හෝමාගම Monday, 25 November 2013 02:23 PM

ඔය වගේ පාපතරයන්ව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට නීති සැකසිය යුතුයි (නි)

:       0       0

ප්‍රමුඛ Monday, 25 November 2013 09:24 PM

අරාබි නීතියට අනුව ගල් ගසා මරණයට පත්කිරීමට සුදුසු වන්නේ මෙවන් අයවයි (නි)

:       0       0

මේනකා ලොකුපතිරණ Monday, 25 November 2013 02:25 PM

වසර 100ක් හිරේට දානවට වැඩිය මරණ දඩුවම එයාගෙන් ක්‍රියාත්මක කළා නම් මීට වඩා හොදයි නේද.එහෙම කළොත් මේ සිදුවෙන අපරාධ නතර වෙයි (නි)

:       0       0

ලුම්බිණි Monday, 25 November 2013 02:26 PM

අහෝ පරිහානියක තරම! (නි)

:       0       0

ඉර්පා Tuesday, 26 November 2013 10:17 AM

දයාබර මිතුරනේ, මෙවැනි නරුමයන්ට ෂරියා නීතිය හොඳ නැද්ද?(නදී)

:       0       0

අසන්ක Monday, 25 November 2013 02:32 PM

පුවක් ගස් දෙකක බැදලා, දෙකට ඉරන්න ඕනෑ මේ වගේ අයව, ඉස්සර රජ කාලේ වගේ. සතෙක්වත් කරන වැඩද මේවා? (නි)

:       0       0

රාජුන් Monday, 25 November 2013 02:41 PM

දඬුවම නම් හොදයි වගේ. නමුත් වන්දිය නම් මගේ හිතට හොඳටම මදි (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 25 November 2013 02:41 PM

මෙහෙමත් තාත්තලා? මොන හිතකින්ද තමන්ගේම දියණිය කෙළෙසන්නේ? (නි)

:       0       0

වන්නි තිලක් Monday, 25 November 2013 02:44 PM

සමාජයේ මතය නම් මෙවන් තිරිසනුන්ට මේ දඬුවමත් හොඳ වැඩියි කියායි. (නි)

:       0       0

රෙමා Monday, 25 November 2013 02:46 PM

හිරේ ගියත් දැන් කාලේ ඒක දඬුවමක් නොවේ. අපේම සල්ලි වලින් කාලා බීලා ජීවත් වෙනවා. ඒ ළමයගේ අනාගතයත් ඉවරයි දැන්. මේවට නම් නීති හදන්න වෙනවා අලුතින්. (නි)

:       0       0

ජේ Monday, 25 November 2013 02:48 PM

මෙවැනි අධම තුච්ච නිහීන පුද්ගලයන් හට 'පියා' කියන නමවත් නොකිව යුතුමයි. (නි)

:       0       0

ඉම්රාන් Monday, 25 November 2013 02:50 PM

මරණ දඬුවම් දුන්නා නම් හරි නේද? සිරදඬුවම් දෙනවට මම නම් අකමැතියි (නි)

:       0       0

සිරියලතා Tuesday, 26 November 2013 10:32 AM

ඔය මනුස්සයා අවුරුදු 100 ක් වෙනතුරු ජිවත් වේවිද? (නි)

:       0       0

විජේ Monday, 25 November 2013 02:56 PM

අනේ මෙහෙම අයව හිරේ දාගෙන මහජන මුදල් වලින් නඩත්තු කරන්න එපා. අලුත් නීති සම්මත කරගෙන හරි කමක් නැහැ එක්වරම නිශ්චිත දඩුවමක් දෙන්න. මුළු සමාජයටම යහපතක් වෙනවා මිස කාටවත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 25 November 2013 10:19 PM

තීන්දුවෙන් ආංඩුව නේ පරිප්පු කන්නේ කරන්න ඔිනදේ ලිව්වත් පල කරන එකක් නැහැ (ස)

:       0       0

ශශීමාල් Monday, 25 November 2013 02:56 PM

අනේ සාදු! හොද දඩුවමක් (නි)

:       0       0

මධු Monday, 25 November 2013 02:58 PM

මට කියන්න වචන නැහැ. (නි)

:       0       0

කොස්වත්ත Monday, 25 November 2013 03:00 PM

නියම තීන්දුවක් (නි)

:       0       0

සිරියලතා Monday, 25 November 2013 03:01 PM

ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 25 November 2013 03:03 PM

මෙවන් පුවත් අසන්නට ලැබෙන මා මොනතරම් පව් කළ කෙනෙක්ද කියා දැනේ. දැකලාවත් නොමැති පාපිෂ්ටයෙක් කළ දෙයක් කියවා අප මොනතරම් දුකට පත් වෙමුද? (නි)

:       0       0

රන්ජිත් Monday, 25 November 2013 03:05 PM

විනිසුරුවරිය ඉතාමත් අගනා කතාවක් සහ නියමිත දඬුවම් ලබා දී තිබෙනවා. දැන් දැන් මිනිසුන් තිරිසනුන් වාගේ හැසිරෙන්නේ. (නි)

:       0       0

කුමාරසිරි Monday, 25 November 2013 03:12 PM

බලමු අපි. ගෙනෙමුද අරාබි නීතිය? (නි)

:       0       0

නෙතුමි Monday, 25 November 2013 03:14 PM

මෙහෙමත් තාත්තලා? (නි)

:       0       0

දීපාල් Monday, 25 November 2013 03:16 PM

මේ ආකාරයේ අනෙකුත් තාත්තලාටත් හොදම පාඩමක් (නි)

:       0       0

ජෝන් Monday, 25 November 2013 03:16 PM

මෙවන් මිනිසුන් එල්ලා මැරිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 November 2013 03:19 PM

විනිසුරුතුමිය හොද දඩුවමක් දීලා තියෙනවා.මේ වගේ පියවරුන්ට,[මොවුන්ට නම් පියවරු කියලා කියන්නත් හොඳ නැහැ] දරුවෝ වෙලා උපදින්නේත් පුරුවේ කරුමයට. අධිකරණයට අපේ ගෞරවය (නි)

:       0       0

විරාජ් කාලිංග Monday, 25 November 2013 03:19 PM

විනිසුරුතුමියනි, ඔබගේ පැහැදිලි කිරීම අගෙයි. මොවුන්ව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනෑ. නැත්නම් සමාජය හදාගන්න බැහැ. ලංකාවේ තිබෙන ලොකුම වැරැද්ද තමයි වැරදිකරුවන්ට දඩුවම් නැති වැරැද්ද (නි)

:       0       0

නීල් Tuesday, 26 November 2013 11:15 AM

මොහුට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

නිශාන්ත් Monday, 25 November 2013 03:25 PM

එල්ලා මැරීමට සුදුසු මෙවන් පුද්ගලයින්වයි (නි)

:       0       0

උදය Monday, 25 November 2013 03:27 PM

කන්න බොන්න දෙන්නෙත් ඉතින් අපේම මුදලින් නොවේද? (නි)

:       0       0

කාමිල් Monday, 25 November 2013 11:24 PM

මේ වගේ වැරැදි වැලෙක්වීමටනම් එකම තීන්දුව දඩුවම ප්‍රබලවිය යුතුයි. ජනතාවගේ එදිරිපිට හිසගසා දැමිය යුතුයි.දඩුවමේ ප්‍රබලතාව අනුව වැරැදි කරන උදවියගේ හිත තුල බයක් ඇති කලයුතුයි,එ‍ෙහම නැතුව අව්රුදු 100 කට අපෙන් අයකරන බදු මුදල් වලින් හිරබත් දුන්නොත් එය රටේ අහිංසක ජනතාවට කරන අපරධයක්..... (ස)

:       0       0

කැළුම් Monday, 25 November 2013 03:33 PM

පව් පොඩි කෙල්ල. මේ නම් තාත්තෙක් කියන්න සුදුසු කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

නුවන් Monday, 25 November 2013 03:39 PM

ගල් ගසා මරාදමන දඩුවම දීමට සුදුසු වන්නේ මෙවැන්නන්ටයි (නි)

:       0       0

රෝසා Monday, 25 November 2013 03:42 PM

ප්‍රසිද්ධියේ එල්ලා මරන දඩුවම දෙන්න හැකි වූවා නම්..... (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 November 2013 03:43 PM

අදහස් පාලනය කරගන්න නොහැකි වූ විට ඔහොම වෙනවා (නි)

:       0       0

ධම්ම Monday, 25 November 2013 03:51 PM

සිරකරුවනේ,මොහුව හොඳින් බලාගන්න. (නි)

:       0       0

අජිත් Monday, 25 November 2013 03:53 PM

අන්න නියම තීන්දුවක්. විනිසුරුවරියට ජය වේවා! ඉදිරියටම යන්න (නි)

:       0       0

දුමින්ද බණ්ඩාර තෙන්නකෝන් Monday, 25 November 2013 03:56 PM

මේ දේවල් රටෙන් ඉවත් කරන්න නම් කරන්න ඕනෑ එල්ලූම් ගහ නැවත ගෙන ඒමයි. (නි)

:       0       0

කුමාරි Monday, 25 November 2013 04:00 PM

අනේ දුවේ, මේ සියල්ල අමතක කර හොදින් ඉගෙනගෙන ඔබට යහපත් අනාගතයක් සාදාගන්නට ලැබේවා! (නි)

:       0       0

චන්දි Monday, 25 November 2013 04:08 PM

ඇත්තටම මටත් කියන්න වචන නැහැ.එල්ලුම් ගහ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ.සියක් වසරක් හිරේ ගියත් අර දරුවාගේ ජිවිතය යළි යථා තත්ත්වයට එනවද.....? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 26 November 2013 12:49 PM

මේ තරම් සංවේදී මාතෘකාවකත් අසත්‍යය මහත්තයා දේශපාලනේ ඇදගෙන තමන්වම කෙලෙස ගන්නවා. මේ මනුස්සයගේ ස්වර්ග රාජ්‍යය එනකම් මේ මනුස්සයට ඉතින් මේ විදියටනම් කෙලෙසී කෙලෙසී තමයි ඉන්න වෙන්නේ. මෙහෙමත් එව්වෝ මේ රටේ ඉන්නවනේ අම්මපා. (නදී)

:       0       0

සාන්ති Tuesday, 26 November 2013 01:59 AM

හිතට එන වේදනාව කියන්ඩ වචන නැහැ (අ)

:       0       0

චන්දි Monday, 25 November 2013 04:14 PM

එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුත්තේ මෙවැනි මිනිසුන්ටයි (නි)

:       0       0

අමල් Monday, 25 November 2013 04:18 PM

මෙවන් මිනිසුන්ට 'පියා' කීම සුදුසු නොවේ (නි)

:       0       0

ලලිත් කුවේට් Thursday, 06 November 2014 04:07 PM

නියම දඩුවම. (බ)

:       0       0

වර්ණ Monday, 25 November 2013 04:25 PM

විනිසුරුවරියට මගේ ආචාරය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 5 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 81 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 195 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 606 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1134 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 845 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site