නාරාහේන්පිට තිඹිරිගස්යායේ පදිංචි බුද්ධිමා ෂෙහාරා දෙව්මිණී (07) දැරියට කඩිනමින් ඉන්දියාවේ ග්ලෝබල් හෙල්ත් සිටි රෝහලේ දී අක්මා බද්ධ සැත්කමක් සිදු කිරීම සඳහා රුපියල් පනස් හය ලක්ෂ විසි පන් දහසක් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ගෝමදී නවසිංහම් මහත්මිය කියන්නීය.
ළමාරෝග විශේෂඥ වෛද්‍ය පුෂ්පා පුංචිහේවා මහත්මිය පවසනුයේ ඇය ජීවත්කරවා ගැනීමට නම් ඇගේ පියාගේ අක්මාවෙන් කොටසක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බවයි.
පෞද්ගලික රියදුරකු වන යූඑල් චමින්ද ශ්‍රීකුමාර මහතා (දැරියගේ පියා) තම අක්මාවෙන් කොටසක් දියණියට පරිත්‍යාග කිරීමට යයි. කුලී ගෙදරක ජීවත් වන තමාටත් රැකියාවක් නැති තම බිරියටත් මෙවැනි මුදලක් සොයා ගැනීමට කිසිසේත්ම නොහැකි බව චමින්ද මහතා කියා.
රුපියල් සියයයේ ටිකට්පත් විකිණීමෙන් දැනට රුපියල් ලක්ෂ 15ක් සොයාගෙන ඇතත් ඉතිරි මුදල් මාස හයක් ඇතුළත සොයා ගැනීමේ හැකියවක් නැති නිසා එම මුදල් සපයා ගැනීමට මහජන සහාය පතයි.
ලංකා බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ යූ එල් චමින්ද ශ්‍රී කුමාර නමින් ඇති අංක 75204193 දරණ ගිනුම් අංකයට පරිත්‍යාග බැර කළ හැකිය.
පියාගේ දුරකතන අංක 077 611 38 61 / 075 40 98 250








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන හපලුවට උගේ පැටියා මැණිකක් ලු. (ර)
මමත් 1000 තැන්පත් කළා.(බ)
මම උදව් කරනවා... උදව් ඉවරවෙලත් කියන්නම්. (ර)
ලංකාදීප සමග ඉන්නා පාඨකයන් සැබෑ මානව හිතවාදීන් බව ඔප්පු කර හමාරයි. ඔබට මගේ ආචාරය. මමද හැකි උපරිමයෙන් දායක වෙමි. (බ)
අපි ඊයේ සල්ලි තැන්පත් කළා 1750 ක් , නිදහස් වෙළඳ කලාපේ ශාඛාවෙන් (බ)
මම අද තැන්පත් කළෙමු. ඔබට ඉක්මන් සුවය පතන්නෙමු! ඔබට දළදා සමිඳු පිහිට පතමු (ම)
මම 5000 ක් තැන්පත් කළා අද . තෙරුවන් සරණින් ඔබේ අවශ්‍ය මුදල ඉක්මනින් එකතු වේවා (අ)
මට ගොඩාක් සතුටුයි ලංකාදීපේ කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලය එසැන පාඨකයන්ගේ ඉල්ලීමට කළ ගරුත්වයට මා හදවතින්ම ස්තුති කරනවා...! මේ දරුපැටියගේ පින්තුරේ අදාල පුවත පලවෙනි පිටුවේ පලකරලා තිබෙනවා දුටුවම ඒ වගේම අපේ ඉර හද වැනි දයාබර පාඨකයින්ගේ අදහස් පරිත්‍යාගය දුටුවම අසරණ මිනිසෙකුට පිහිටවෙන්න අත්වැල් බැදගෙන ඉදිරිපත්වෙන මගේ පුංචි රටේ ඔබවැනි මිනිසුන් අතරේ මාත් ඉපදීම කොයිතරම් ආඩම්බරයිද ..කියල හිතුන ..අපි සැවොම අත්වැල් බැදගෙන මේ අසරණ දරුවට ඔපරේෂන් එකට අවශ්‍ය මුදල සොයාගන්න අත් උදව් දෙමු ..!!! (බ)
අපේ රටේ තියෙන්නේ නොමිලේ දෙන සෞඛ්‍ය සේවයක්නේ. ඉතින් ඇයි මේ දරුවාව ඉන්දියා ගෙනියන්නේ. අපේ රටේ වෛද්‍යවරු රෝගීන් වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද? ඔය වකුගඩු බද්ධ කිරීමත් නොමිලේම කරදෙයි. ලංකාවේ වෛද්‍ය වරුන්ගේ සංගමයෙන් කාරුණිකව ඉල්ලා සිටින්න ඒ අය ඒක ඉෂ්ඨ කර දෙයි. ඒ අතර මමත් සුළු ආධාරයක් කළා එය සතුටින් භාර ගන්න. දරුවට ඉක්මන් සුවය ලැබේවා!! (බ)
භද්‍රානි සොයුරිය, මේ දුර්ලබ සැත්කම් ලංකාවේ තාමත් අත්හදාබැලීම් පමණයි කරලා තියෙන්නේ. ඉතින් ඒවාට සුදුසු පහසුකම් තාමත් ලංකාවේ නැහැ. . අපේ ලංකාවේ දක්ෂ වෛද්‍යවරු හිටියට රටේ බලවතුන්ගේ නොසැළකිල්ල සහ අපේ අවාසනාවට පහසුකම් නැතිවීම. අනික මෙතන තියෙන්නෙත් ඔපරේෂන් දෙකක් නේද? පියාගෙන් දරුවට ලිවර් එකේ කොටසක් ලබාදෙනවිට පියාගේ ශරීරෙ ඔපරේෂන් එකකුත්, දරුවාගේ ඔපරේෂන් එකකුත් ඔපරේෂන් දෙකක් සිදුවෙනවා මෙතන (නි)
භද්‍රානි, මෙම ඔපරේෂන් එක කරන්නේ ඉන්දියවේ ග්ලෝබල් හොස්පිටල් එකේ... මෙය වකුගඩු බද්ධ කිරීමක් නෙවෙයි. අක්මාවෙන් කොටසක්. (ර)
පුංචි දියණියට ඉක්මන් සුවය පතමි. අද දින රුපියල් 10,000 මුදලක් පරිත්‍යාග කලෙමි. ඔබට හැකි පමණින් උදව් කරන්න. (ර)
මමත් මේ දරුවට යම් උදව්වක් කරනවා. පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම රුපවතීට ආරාධනා කරනවා ස්වාධීන ලෙස ලංකාවේ ඡන්දයට එන්න කියාලා. මේ වගේ 26 ක් විතර එකතු උනොත් ලංකාව ගොඩ ගන්න එක අමාරු නැත. (ර)
ස්තුතියි ලංකාදීප! හෙටම මගේ මුදල මම පුංචි දියණිය වෙනුවෙන් තැන්පත් කරනවා. (නි)
අපි හැකි අයුරින් මේ දරු පැටියට උදව් කරමු. (ර)
මෙම තොරතුරු මුහුණු පොත හරහාද පිරිස දැනුවත් කරන්න. මම මෙම ලිපිය මුහුණු පොතට ඇතුළත් කළා. එවිට බොහෝ පිරිසක් මෙය දකීවි. ඔබට පින්. (නි)
අසරණ දරුවෙකුට දුප්පත් අපි සැවොම එකතුවෙලා ජීවත්වෙන්න උදව් දෙමු. බැරිවෙලාවත් මමත් ඡන්දෙ ඉල්ලුවොත් තවත් මේ වගේ අසරණවෙලා ඉන්න අහිංසකයෙකුට පිහිටවෙන්න තියෙන අවස්ථාව නැතිවෙයි. අද දේශපාලනේ කියන්නේ දුප්පතාට පිහිටවෙනවා කියන එක නොවේ. තමන්ගේ හත්මුතු පරම්පරාවටමයි තවත් පරම්පරා හතකටයි හම්බ කරගන්නවා කියන එකයි (නි)
රුපියල් 2000/-ක ආධාරයක් මා විසින් කරන ලද අතර කුඩා දියණිය ඉක්මනින් සුවපත්වේවායි පතමි. (නි)
මගේ මුදල මා පොරොන්දු වූ පරිදි ලැබෙන්න සැලස්වුව.. මේ සතියේ අවසානේ ඔවුන්ගේ ගිණුමට මගේ ගිණුමින් බැරවෙන බව ලංකාවේ බැංකුව මට දැන්වුවා...! හිතට සතුටුයි රත්තරන් වැනි හදවත් ඇති ආදරනීය පාඨකයෝ ඔබේ මේ පරිත්‍යාගයන්ට ඒ හා සමාන දහස් ගුණයක් ඔබට අවැසි සියල්ල ස්වභාවධර්මයා තිළිණ කරන්නේ මේ ආත්මෙදි මයි එය සිකුරුයි තම උපයා ගත් දෙයින් ටිකක් අසරණයට දෙන්න කවදාවත් පැකිලෙන්න එපා ...!!!! (බ)
මම ගිය සතියේ මට හැකි පමණින් උදවුකළා. අනේ! පුලුවන් විදිහට අනෙක් අයත් උදවු කරන්න (නි)
ලංකාදීප කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩාක් ස්තුතියි මේ පුවත පළකිරීම ගැන. මම ඒ දරුවාගේ දෙමාපියන්ට කතාකළා. පව්! හරිම උත්සාහයක් දරනවා මේ දරුවාගේ ඔපරේෂන් එකට අවශ්‍ය මුදල හොයාගන්න. මේ ලෝකේ අපි හැමෝටම ඇති එකම ධනය නම් නිරෝගීකමයි. අපි හැමෝම මේ දරුවාගේ ඔපරේෂන් එකට මුදල් හොයාගන්න ඔවුන්ට උදව් දෙමු. ඒ පින් බලයෙන් අපි හැමෝගෙම දරුවන් සහ උපදින්නට සිටින දරුවන් පවා නීරෝගී වේවා! ඔබ සියලු දෙනාට හැකි අයුරින් උදව් කරන්න. ඒ පින් අපිට මේ භවයේදීම ලැබෙනවා ඒකාන්තයි (නි)
තෙරුවන් සරණින් මෙම දියණියට ඉක්මන් සුව ලැබේවා! (නි)
අද මම හැකි පමණින් මුදලක් තැන්පත් කළා. (නි)
මමත් හැකි විදිහට ආධාරයක් කළා. ෆේස් බුක් එකෙත් මම මේක ෂෙයාර් කළා. (බ)
තව 2000 දැම්මා. ඔබ සුවපත් වේවා (බ)
හිතට සතුටුයි. අපි හැමෝම උදව්කළා..!! (නි)
මම ආධාරයක් කළා ඔබත් හැකිනම් කරන්න ඇගේ ජිවිතය බේරා ගන්න හැකි අයුරින් දායක වන්න (ම)
රුපිඃ 1000 ගණනේ 4000ස් දෙනෙක් මුදල් පරිත්‍යාග කලොත් හරි. මුලින්ම මම පටන්ගන්නවා. (ම)
සොයුර සොයුරියනේ අපිට හැකි අයුරින් උදව් දෙමු මේ අසරණ දරුවාගේ ජීවිතෙත් ගොඩ ගන්න. අපිට බැරිවෙන්නේ නැහැ උත්සහ කරලා කීයකින් හෝ උදව් කරමු....? (ම)
සොයුර සොයුරියනේ අපිට හැකි අයුරින් උදව් දෙමු මේ අසරණ දරුවාගේ ජීවිතෙත් ගොඩ ගන්න. අපිට බැරිවෙන්නේ නැහැ උත්සහ කරලා කීයකින් හෝ උදව් කරමු....? (ම)
ඔව් අපි හැමෝම එකතුවී මේ අසරණ දරුපැටියාගේ ජීවිත් ගොඩදමමු. අදම පටන් ගනිමු. මාසයක් පමණ අපි සියලුදෙනා උදව් කළොත් ඒ උත්සාහයෙන් ඒ කෙළිපැටික්කියගේ අසනීපය සුවකරගන්න හැකිවේවි. ඒ පිනෙන් අපි හැමෝගෙම දරුවන් නිරෝගී වේවා ...!!!! (නි)
ජීවන් හරි , අපි පටන් ගනිමු (අ)
රුපියල් 1000 ඒවා 3,998 ඕනේ (අ)
මගෙන් 5000ක් අද බැංකුවේ තැන්පත් කරනවා. හැමෝම උදවු කරමු. බුදු සරණි දියණියට
මමත් උදවු කරනවා (නි)
මමත් හෙට 1000ක් දාන්න ඕනෑ. හැමෝම පුළුවන් විදිහට උදව් කරන්න. මේ දරුවා බේරගන්න උත්සාහ කරමු. (නි)
අපි සදාකාලිකව ජීවත්වන්නන් නොවෙමු. ජීවත්ව ඉන්න අතරේ අනෙකුත් අයටත් ජීවත්වෙන්න උදව් කරමු. මෙවැනි අසරණ උදවිය රටේ අස්සක් මුල්ලක් නෑරම ඇති. ලංකාදීපයට ස්තුතියි මෙවන් අසරණයන් සොයා බලා පාඨකයින් දැනුවත් කරනවාට (නි)
අපිට එකතුවුණොත් මේක කරන්න බැරි නැහැ (නි)
ලංකාදීපයට ගොඩක් පින් මේවා අපිට කියනවට (ම)
පව් අසරන දරුවා සැවොම එකතු වෙලා උදව් කරමු ඇගේ ජිවිතය බේරා ගැනීමට ඔබට තෙරුවන් සරණයි (ම)
දයාබර ලංකාදීප කතෘතුමනි මේ අසරණ දරුවාගේ දැන්වීම සති කීපයක් යනතුරු ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කරන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . මන්ද බොහෝ පාඨකයින් ඔන්ලයින් මගින් නිව්ස් කියවන බැවින් සහ විශාල මුදලක් මේ අසරණ දෙමාපියන්ට සොයාගැනීමට ඇතිනිසාත් ..පුවත් පත බලන පාඨකයින් නිතර දකිනවිට මේ අසරණ දරුවාට යම්කිසි මුදලක් ආධාර කිරිමට නොපැකිලව ඉදිරිපත් වීමට නිව්ස් එක කියවන සෑම පාඨකයෙකුම කාරුණිකව ඉදිරිපත්වීම අනිවාර්යෙන්ම සිදුවේවි ......!!!! ඔබ සැමට සදා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි !!!! (ම)
මම සල්ලි දැම්මා (බ)
මගේ ආධාරය කඩිනමින් එවීමට සළස්වමි. පියාගේ දුරකතනයට ඇමතුමක් දී විස්තර ලබාගන්නට පුලුවන්නේ (නි)
ජීවන්, ඔබගේ ආරම්භය ඉතාමත් සුභයි. දැනට 1000/- ඒවා 12ක් එකතුවෙලා ගිණුමට බැරවෙලා ඉවරයි. 13 වෙනි එක මම දැම්මා. තව 3987 ඕනෑ. කතෘතුමනි, රූපවතිගේ අදහස ක්‍රියාත්මක කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
අපි හැමෝම හැකි අයුරකින් ආධාර කරමු (නි)
අපිට අයිති නැති අපේම කය නිසා නොවේද මේ සියලු දුක්? (නි)
මම මගේ මාසෙක පඩිය ඒ දරුවට දීමට තීරණය කළා ඒ ත් සමග 1000 කොටස් 313 ක් පමණ එකතුවෙලා හමාරයි ...ඔබ සැමගේ ආදාරයත් එකතු කරන්න දයාබර පාඨකයිනි...!දුප්පත් අපි එකතුවෙලා මේ ජීවිතෙත් ජීවත් කරවමු ...!!! (ම)
රුපවති ගේ අදහස ගොඩක් හොදයි මේ මුදල හොයා ගන්නකම් හැමදාම මේ පුවත පල කරන්න . ලංකාදීප ඔබ සැමට මේ පුවතට අනුග්‍රහය දැක් වීම ගැන ගොඩක් පින් . ඒ වගේම ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා!! (ම)
ගොඩාක් ස්තුතියි ලංකාදීප කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට! (නි)
මමත් රුපියල් 5000ක් දුන්නා (නි)
හැකිනම් දරුවාගේ පියාට රාගම රෝහලේ වෛද්‍ය රොහාන් සිරිවර්ධන මහතා හමුවන ලෙස දන්වන්න. වෛද්‍යතුමා පිළිබඳව යොමුව මෙතනින්. http://www.kln.ac.lk/medicine/depts/surgery/dr-rohan.html (නි)