බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා කැරුණු ප්‍රකාශයට විරෝධය දක්වමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
යුද අපරාධ ගැන ශ්‍රී ලංකාව ඉක්මනින් නොපිරික්සතොත් එක්සත් ජාතීන්ගේ සංවිධනය හා එක්ව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවත් කැමරන් පවසා තිබිණි.
දවටගහ මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා පූජාවට එක්වූ මුස්ලිම් බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්වූ අතර ඔවුන් සටන් පාඨ කියමින් ලිප්ටන් වටරවුමේ පැයකට අධික කාලයක් උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර්ෆාන් ඔබ හරි (නදී)
ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු දෙන එකමුතු විය යුතුයි. (නි)
ඔබ සියලු දෙනාට තිසරණ සරණයි මුස්ලිම් බැතිමතුනි. ඔබ පෙරසේම අදත් ලංකාවට ආදරය කරන බව අපට පෙනෙනවා (නි)
ළිඳේ ඉන්න ගෙම්බෝ දන්නේ නැහැ කව්ද ඩේවිඩ් කැමරන් කියලා. (නි)
මේ විරෝධය ජාත්‍යාලයෙන් ආ විරෝධයක ට වඩා බටහිර විරෝධී ඉස්ලාම් බල වේගයේ දේශීය ප්‍රකාශනයක්. ශ්‍රී ලංකාවේ දෙමල ත්‍රස්තවාදය ට බෞද්ධ හා ඉස්ලාම් විරෝධී වෙනත් ආගමික පුජකවරු ප්‍රසිද්ධියේම උඩ ගෙඩි දුන්නත් ඒ වට විරෝධය පළ කරන්න මේ ගොල්ලෝ ආවේ නැත්තේ මොකද කියන එක මට ප්‍රශ්නයක්.(නදී)
අගය කල යුතු වැඩක්.....(නදී)
අනේ සත්‍යයා ඔයා කියන දේ හරියට කියන්ඩකෝ තේරෙන්ඩ. කිසිම දෙයක් හරියට කියා ගන්ඩත් බැහැනේ මෙයාට.(නදී)
සාමාන්‍යෙයන් මුස්ලිම්වරුන් කොළඹ කරන උද්ගොෂනයකදී ප්‍රදාන ස්ථාන දෙකක් වේ. 1) දවටගහ පල්ලිය අසල 2) මරදාන සහිරා පල්ලිය අසල එයද සිකුරාදා දහවල් දවස තෝරා ගන්නේ විශාල වසයෙන් කට්ටිය රැස්වෙන නිසා. බොහෝ දුරට මෙවැනි දෙයක් සංවිදාන වෙනකොට දින කිහිපයකට පෙර දැන්වීම් බෝඩ් වල මෙය පල කරනු ලැබේ. ඊට පෙර දිනවලදී එය දුටු නොදුටු පිරිස් ඇත. කෙසේ නමුත් මෙය අගය කොට සලකනවා. (නදී)
යු.එස්.ඒ.,ඔයා එන්.ජි.ඕ.එකෙන් සල්ලි අරගෙනද.? .ඔයා හොද ජිනීවාවලට එහෙ ඉන්නවා සිංහල කීප දෙනෙක් බඩ ගෝස්තරය රැක ගන්න ඇමරිකාවටයි යුරෝපෙටයි දෙන.(නදී)
යු එස් ඒ ඔයා නම් මෝඩයි වගේ.(නදී)
මේ ගොල්ලෝ මේ ලංකාවේ පාරවල් වල කරන උද්ගෝෂණ නිසා ලන්ඩන් වල ලොකු මහා මාර්ග අවහිරයක් වෙලා . එංගලන්තේ කට්ටිය බය වෙලා . ඩේවිඩ් කැමරුන් හෙටම මේ කට්ටිය සමග සාකච්ඡාවක් තියාවි (නදී)
අන්න ලාංකිකයෝ.(නදී)
කෝ මෙතන අනිත් කට්ටිය. ඒ අය හැම සිද්දියකම තිරය පිටුපසට වෙලා ඉන්නේ මොකද . හැබැයි ,අපි දැක්කා යාපනේ තිබ්බ උද්ඝෝෂණය වෙලාවේ විතරක් එළියට බැහැලා මානව හිමිකම් වෙනුවෙන් කැමරන් ඉදිරියේ දගලපු විදිය. මේවා බොහොම කැත වැඩ හරිද. ජාතික ප්‍රශ්න ඉදිරියේ මේ අය බොහොම වැදගත්. (නදී)
අන්න ඊයේ එංගලන්තේ පාර්ලිමේන්තුවේ විශාල කලබලයක් ඩේවිඩ් කමරුන්ට අගමැති කම දාල යන්න කියලා . මේ ලංකාවේ ඔහුට විරුද්දව කිහිප දෙනෙක් කෑ ගහනවා කියලා. ලොකු බලපෑමක් මේ කරලා තියෙන්නේ. පැය 24 ම බි බි සි එකෙන් සහ සි එන් එන් වලින් පෙන්වනවා ලංකාවේ කලබලය . අනේ මෙහෙමත් මෝඩ රැලක්.(නදී)
මොලේ මෝරලා මදි වගේ මම කියන දෙය තේරුම් ගන්න. "එහි පස්සකෝ" හැබැයි මගෙන් දැන් අහන්න එපා(අ)
යම්කිසි දෙයක් අගයකොට සළකන්න දන්නේනැති මනුෂ්‍ය ජාතියක් ඉන්නකන් ලංකාවට කවදාවත් ඉදිරියට යාමට අවස්ථාව නොලැබේවි. ලංකාවට දෙවිපිහිටයි (නි)
අපි අතර මොන වගේ ප්‍රහ්න තිබුනත් රටට ප්‍රශනයක් එනවිට අපි එකාමෙන් නැගී සිටිය යුතුය්. රටක් නැත්නම් ජාතිය හා ආගම තිබෙයිද (අ).
මව්බිමට යම් ප්‍රශ්නයක් පැන නැගී ඇති අවදියක ආගම් බේදයකින් තොර නියම ජාතිකාභිමානයෙන් පෙරට විත් උද්ගෝෂණයක් කර හෝ තම විරුද්ධත්වය පළකිරීම ඉතාමත් අගය කළයුතු කාර්යයක්. එදා පරදේශීන්ගෙන් රට මුදවාගැනීමට සෑම අාගමකින්ම ජනතාව ඉදිරියට පැමිණියා සේම අදත් හෙටත් සමගියෙන් අත්වැල් බැද ඉදිරියට ආ හැකි පරපුරක් බිහිවේවායි පතමි. (නි)
මේක මෝඩ වැඩක්. (නදී)
අනිත් පල්ලියේ අය නැහැ.ඒකයි මට කණගාටු.(ස)
කස්ටිය මදි. (ස)
ජාතිය ආගම පක්ෂ නොබලා ලාංකිකයින් වශයෙන් කරපු උද්ඝෝෂණය ගැන හරි සතුටුයි. ඔයාලට ජය. (ස)
පළමුවෙන් ඉස්ලාම් ජාතිකයන්ට ස්තූති කරන්න ඕනි. එකමුතු වේ සංඛේතය ඔප්පු කිරීම ගැන ජය වේවා (ස)
ඔය දවට ගහ පල්ලියේ මුස්ලිම් පුජක තුමාලත් ඉන්නේ. (ස)
එකමුතුකමේ ශක්තිය මත ඔහොම යන්න. (ස)
අනේ බැලුවම පේනවා ඉන්නේ පල්ලියට ආපු මුස්ලිම් ජනතාවම තමයි කියලා. (ස)
මේ වාර්තාව තානාපති කාර්යාලයටත් දුන්නා නම් තමයි හොඳ, එයාට යවන්න කියලා. (නි)
අපේ ස්වාමින් වහන්සේලාත් නැති තැනක් නැහැනේ (නි)
මෙවැනි අවස්ථාවක ජාතිභේද නොබලා එකාමෙන් එකතුවන මුස්ලිම් ජනතාවට අපගේ ප්‍රණාමය. (නි)
අගය කලයුතු වැඩක්. පාට පක්ෂ ජාති කුල මළ අමතක කර අපේ බලය පෙන්විය යුතු කාලයක් මේක. (ස)
මධු, මේ වගේ ජාතික ප්‍රශ්නයක් ගැන මොනවා හරි කරද්දී ස්වාමීන් වහන්සේලා හිටියේ නැත්නම් තමා ප්‍රශ්නේ. (නි)
දැක්කා නේද නියම ශ්‍රී ලාංකිකයෝ? (නි)
ඔව් මර්වින්,මමත් බැලුවේ මේ ඒක තමයි. කට්ටිය මදි තමයි. (නි)
කට්ටිය මදි කියන කියන අයයි, මේකට ඇනුම් පද කියන අයයි ශ්‍රී ලංකාවේ අවාසනාවට ඉපදුනු පිරිසක් කියලයි මගේ අදහස. (නි)
මේ විදියට ඉන්න ඕනෑ ජාතිකයෙක් අපේ කියලා සළකන්න සිංහලයා පස්ස ගහන්නේ නැහැ. ඩේවිඩ් කැමරන් කොයිතරම් නොමේරූ පුද්ගලයෙක් ද...? (නි)
හරි හරි ඉර්ෆාන් මල්ලි,ප්‍රශ්නයක් නැහැ (නි)
දොන් සේතන්,බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉන්න (නි)
දොන් සේතං,කට්ටිය මදි,කට්ටිය මදි කිය කියා ඉන්නේ නැතුව මෙතනට ඇවිල්ලා සද්දේ දාන්නකො,ගෙදර ඉඳගෙන ඉන්නේ නැතුව. (නි)