විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති.
පසුගිය දෙසැම්බරයේ සිට මේ වරප්‍රසාදය දෙන බව රජය කීවේය.
එතෙක් මෙතෙක් ඒ සඳහා නිසි පියවර ගෙන නැතැයිද දැනගන්නට ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති.
පසුගිය දෙසැම්බරයේ සිට මේ වරප්‍රසාදය දෙන බව රජය කීවේය.
එතෙක් මෙතෙක් ඒ සඳහා නිසි පියවර ගෙන නැතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර, සිසිර, සිසිර දැන් ඇති නේද අහගත්තා. තවත් ඕනේ නම් විස්තර නැවත ලියල අහන්න. (නදී)
රෝයි, මට හිතෙන්නේ ඔබත් විදේශ රටක පදිංචි කෙනෙක් වගේ. (නි)
මම නම් ඉන්නේ ලංකාවේ. හැබැයි . හැමෝටම ලංකාවේ ජීවත්වෙලා හරියන්නේ නැහැනේ. රටට තිබෙන ආදරය වෙනයි තමන්ගේ දරු පවුල් ජීවත්කරන්න, දෙමාපියන්ට බලන්න තිබෙන වගකීම් වෙනයි. මේවා කලවම් කරගෙන පිටරට ඉන්න ලංකාවේ මිනිසුන්ට බනින්න යන්නේ කොහෙන්හරි දේශපාලක හයියක් ඇති උදවිය විතරයි. (නි)
එන්නේ රටට ආදරයටද? වෙන රටක පුරවැසිකම අරගෙන දැන් තමා මතක් වෙන්නේ රටේ අගය. (නි)
බිලියන් 1.3 ක් ඉන්න ඉන්දියාවෙන් ඉගෙනගන්න, ද්විත්ව පුරවැසිභාවය ගැන (නි)
මම දැන් විසි තුන් අවුරුද්දක් තිස්සේ ලංකාවට විදේශ විනිමය එවනවා. අවුරුද්දකට වතාවක් ඇවිත්, නිහඬව යම් සමාජ සේවයක්ද කර ආපසු මම ඉන්නා රටට යනවා. අපි තරුණ වියේ සිටම ලංකාවට බරක් නොවී රැකියාවල් නැහැ කියමින් ආණ්ඩුවට බැන බැන බෝක්කු උඩ. අතන මෙතන කාලය ගත නොකර ලද උගත් කමෙන් පිටරටක හරි රැකියාවක් සොයාගෙන දැන් එහි ජීවත් වෙනවා. සිරිර වගේ උදවිය ගේ අදහස් ගැන ඉතාම කනගාටුයි. (නදී)
තරංග, විදේශයක පුරවැසි භාවය ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය අනිවාර්ය දෙයක් නොවේ. කෙනෙකුට ව්‍යාපාරයක් පහසුවෙන්ම කරන්න අවශ්‍ය වන්නේ ඔබ පදිංචිව ඉන්න රටේ ස්ථීර පදිංචි වීසා එක පමණයි. ඔබට ඡන්ද බලය හැර අනිත් සියලු අයිතිවාසිකම් එ් රටට ලබාගන්න පුළුවන්. ස්ථීර පදිංචි වීසා ලබා ගැනීමට පෙර උනත් ව්‍යාපාර ලියාපදිංචියක් මගින් වෙනත් රටක ව්‍යාපාර ආරම්භ කළ හැකියි. ඔබලා ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන්නේ රට ගැන සිතා නොවේ. තමන් ගැන හිතලා කියලයි අපට වැටහෙන්නේ. (නදී)
ඇසල මම 80 අග භාගයේ උසස් පෙලට පෙනී සිට අවරුදු ගනනාවක් වයසට යනකන් සරසවියේ හිටිය කෙනෙක්. ඒ කාලයේ සරසවිය වරින්වර වසා දැමීම නිසා අපි අපහසුත්වයට පත් වුණා තමයි. නමුත් මම නම් පිටරට ගියේ ජේ වී පි පක්ෂයේ බලපෑමෙන් වුණ කලකිරීම් නිසා නෙවෙයි. ඉන් පසු ඇති වූ උගතුන්ව කානු පල්ලට ඇද දමා නුගතුන් උස් පුටු වල වාඩි කල දේශපාලන සංස්කෘතියක අපේ දරුවන්ට අනාගතයක් නැති නිසා. ඒ නිසා මම නම් ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියල ජේ වී පි එකට විතරක් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. (නදී)
ගාෙඩක් අය මට විරුද්ධව ලියලා. මට නම් කිසිම ඉරිසියාවක් නැහැ මම ඉන්නෙ අැමෙරිකාවේ. මට නම් ඕක වැදගත් නැහැ. මම අම්ම බලන්න ලංකාවට හැම මාස හයකට වරක් පැමිනෙනවා වීසා අරගෙන. සමාවෙන්න වැරදි දෙයක් ලිව්වා නම්. නැවත කවදාවත් මම මෙතන ලියන්නෙ නැහැ. (නදී)
පෙරේරා මහත්තයා කියල තියෙන දෙය ගැනත් හොයලා බලන්න. ඉන්දියාවේ තියෙන්නේ ඕ.සී.අයි කියන වැඩසටහන. ද්විත්ව පුරවැසි භාවය ඉන්දියාවේත් යුරෝපයේ සමහර රටවලත් නැහැ. උපන් රටට ආදරයක් (නදී)
ඇසළ සරසවියේ අවුරුදු කීයක් ගතකළාද ? ඔයා අත්දැකීමෙන්ද කියන්නේ? (නි)
ඇසළ, අපි සරසවියට ගිය කාලයේවත් රටේ ලොක්කන්ගේ පුතාලගේ ලියුම් වලින් ළමයින්ව සරසවියට ගත්තේ නැහැ. එම නිසා සරසවි අධ්‍යාපනය ගැන කතා කරන්න කලින් රටේ තත්වය ගැන දැනුවත් වෙන්න. හරි නම් අපිටත් වැඩිය ලංකාවේ ඉන්න ඔබ ඒ ගැන දැනුවත් වියයුතුයි. (නි)
දිවිත්ව පුරවැසිකම බොහෝ කලක් තිස්සේ තිබු දෙයක්. 1995 වන තුරු රුපියල් 5000 ගෙවා ගත් දෙයක්. එතනදී රුපියල් 20000 සහ 1998 වනවිට රුපියල් ලක්ෂයක් උනා. ඉන්පසුව ලක්ෂ 3.5 වී අනතුරුව ත්‍රස්තවාදයට වැට බඳින්න කියා නැවැත්තුවා. එහි සාධාරණ කමක් එ් කාලේ තිබුනා. මේ ලියන සමහරු නොදන්නවා උනත් දිවිත්ව පුරවැසිකම නිසා අපි බොහෝ දෙනෙක් ඩොලර් ලක්ෂ ගණන් රටට එව්වා විදේශ විනිමය හැටියට. බය නැතුව ඉඩම් සහ ගෙවල් ගන්න වගේම විදේශ මුදල් ගිණුම් වලටත්. අපි ලාංකික පුරවැසියෝ නොවුනා නම් ඒවා කරන්න බැහැ. ඒවගේම, මේ රටවල පුරවැසිකම නැතුව එහෙම එවන්න පුළුවන් මට්ටමේ රැකියා කරන්නත් බැහැ. එනිසා ද්විත්ව පුරවැසිකමට අපහාස කරන්න කලින් ඇත්ත හොයාගන ඉන්න. හැබැයි අපි රටට ආදරයෙන් කටයුතු කරද්දී ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නත් මෙය අවියක් වූනා. එ් නිසා තමා අන්තිමට මෙය නැවැත්තුවේ. තවම පොරුන්දුව ඉටු නොකිරීම ගැන නම් නිලධාරීවාදයෙනුත් අහන්න වේවි (නදී)
මහින්ද කේ ගොඩගේ, අපි අතින් හරි ගානක් සම්මාදම් කරන්නම් ඉල්ලුම් පත්‍ර ගාස්තු වලට. බැරිද ඔයා ඉන්න රටේ බන්දුල පෙරේරා නැතහොත් යහපාලට පුරවැසිකම ලබා දෙන්න. එතකොට එයාට එහෙ තියනවා කියන රාජ භවනේ වැඩට අනුගත වෙන්න පුළුවන්. (නදී)
නිෂේන් සරසවියට යන යන ළමය එලියට එනකොට අවරුදු 30 ට කිට්ටුයි. වරද කාගේද අහල බලන්න ජේ වී පි එකෙන්. හරියට කියල දෙයි. (නදී)
සිසිර එතකොට ද්විත්ව පුරවැසිකම දෙන්නේ දේශපාලනයට එනවා නම් විතරද ? (නදී)
සිසිර කටින්ද ඔය කියන්නේ ? පසුගිය කාලයේ බුරුතු පිටින් ද්විත්ව පුරවැසියෝ ලංකාවේ දේශපාලනය කළා. සිසිර කට උස්සල එක වචනයක් මෙතන ඒ ගැන ලිව්වාද ? (නදී)
සිසිර බන්දුලට ජයවේවා ! (නදී)
මධුක, ඔය කෑ ගහන්නේ මෙතන ගොඩ දෙනෙක් ලියල තියන දේ කියවල හරි වෙනත් ක්‍රමයකින් දිවිත්ව පුරවැසි කම ගැන කරුණු හොයා ගෙනද. අපිට ඇති දේශපාලනයක් නැහැ. අපි පිටරට ගියේ 80 ගණන්වල අපේ අධ්‍යාපනයේ පිහිටෙන්. හැබැයි රටේ ශිෂ්‍යත්ව කාල රටට කණු තියල නෙමෙයි. කෙලින් පාරෙන් නියම විදිහට වීසා අරන් ගියේ. දිවිත්ව පුරවැසිකම ගත්තේ රටට අපි ඉගෙනගෙන ගත් දෙයින් නය ගෙවන්නත් එක්ක. අවුරුදු 20 ගානක් තිස්සේ ඩොලර් ලක්ෂ ගණන් එව්වේ එ් නිසා. අපේ රටේ ප්‍රධානම අදායම වන විදේශ විනිමයට ඒවත් එකතුවෙනවා. ඔයාල අපිට කෑගහන්නේ ඒවායේ ප්‍රතිපල විඳින ගමන්. පොඩ්ඩක් පොතක් පතක් කියවල ඉන්නකෝ ඉස්සෙල්ලම (නදී)
සමහරුන් මේ කාරණාව ගැන බලන්නේ හරිම පටු විදියට කියල මට හිතෙන්නේ. කවුරුන් උනත් තමන්ගේ ඉපදුන රට දාල යන්නේ නිකම් ඉන්න බැරිවාට නෙවෙයි. බහුතරයකට සාධාරණ හේතු තිබෙනවා. මගේ උගත් මිතුරියක් පිටරට පදිංචියට ගියේ එක්තරා දවසක රාජකාරියට කොළඹ විදියක ඇවිද ගිය ඇයට ප්‍රභූ ආරක්ෂක සේවාවේ කෙනෙක් ඉතා පහත් විදියට ප්‍රභූ රථයට ඉඩ දෙන්න පාරේ පැත්තකට වෙන්න කියලා ඇතිවුන කලකිරීමෙන්. ඒ පුද්ගලයා කතා කලා කියපු දේවල් මෙතන ලිව්වාට පල වෙන එකක් නැහැ. පසුගිය සමයේ රටේ උගත් පුරවැසියන්ට සැලකුවේ හරියට ජාතික අපරාධ කාරයන්ට වගේ. (නදී)
අපේ රටට ආදරෙයි. අනුර, ජයන්ත, ගිහාන්, ඔබලා සමග මම එකඟයි (නදී)
මධුක ඔයාට නම් ලංකාවේ හොඳට අත පය දිග ඇරලා ජීවත් වෙන්න කවුරු හරි දේශපාලුවෙකුගේ අනුග්‍රහය ලැබෙන්න ඇති. එත් අපිට එහෙම තත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා අපි පිටරට ගියා මිසක් ලංකාවට ඇති ආදරය අගය අඩු වුන නිසා ගියා නෙවෙයි. (නදී)
රෝයි මහතා ඔබ කොහොම කිවුවත් පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට එවන විදේශ විනිමය සහ ඔවුන්ගෙන් සිදුවන නිහඬ සමාජ සේවය අවතක්සේරු කරන්න බැහැ. ගිය සතියේ නිවාඩුවට පිටරට සිට පැමිණි මගේ අසල්වැසියෙකුගේ පුතෙක් ඈත පිටිසර දුප්පත් පාසලක දරුවන්ට නොමිලේ පාසල් උපකරණ සහ පාවහන් ලබාදෙන්න කටයුතු කළා. කිසිම ප්‍රසිද්ධියක් නැතුව. අපිත් ඒ ගමනට සහභාගී වුණා. ඒ ගැන දන්නා කෙනෙක් හැටියට ලියන්නේ. (නි)
මේ දින 100 යේ ආණ්ඩුවේ ප්‍රතිලාභත් මෙසේ වෙයිද දන්නෙ නැහැ (නි)
පුද්ගලයෙකුට රටවල් දෙකක පුරවැසිබව තියාගන්න පුළුවන්.මට තේරෙන්නේ නැත්තේ ඇයි අපි වෙන රටක පුරවැසිබව ගත්තහම ආයේ ලංකාවේ එක ගන්නේ? අපිට ලංකාවේ එක නැතිවෙලා නැහැ.අපි ලංකාවේ ඉපදුන අය.පිටරටක කෙනෙක් අපේ රටේ පුරවැසිකම ගත්තා කියලා එයාට එයාගේ රටේ පුරවැසිබව නැතිවෙන්නේ නැහැ. (නි)
සිසිරට විරුද්ධව කතාකරන හැමෝටම මට නම් හිතෙන්නේ ඒ යටත් ද්විත්ව පුරවැසිකම තියෙනවද කොහෙද? නැත්තම් ඇයි මෙච්චර ඒ මනුස්සයාගේ ප්‍රතිචාරයට ගරහන්නේ? පසුගිය ආණ්ඩුවල කළ වැරදි නිවැරදි කරගෙන යාමයි මෙතනට වැදගත්. (නි)
අපිත් ඉන්නේ විදේශ රටක අවරුදු ගණනාවක් තිස්සේ.අපි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන රැකියාව සඳහා රට ගිය අය. මම හිතන්නේ මිනිසුන්ගේ තිබෙන ආසාවල් අඩුවෙන තරමට ඇතිවන බලාපොරොත්තු අඩුවෙයි.ලෝකය මීටවඩා සරලවෙයි (නි)
මාගලි, දැන් කලක පටන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකු ඕස්ට්‍රේලියානු පුරවැසිබව ගත්තොත් ශ්‍රී ලාංකික පුරවැසි බව ඉබේම අහෝසි වෙනවා. ඔය ප්‍රශ්නය දැන් කලක පටන් මෙහි සිටින ලාංකිකයන්ට තිබෙනවා. චන්ද්‍රිකා නෝනාගේ කාලයේ නම් එය එහෙම වුණේ නැහැ. නමුත් ඊටපසුව තත්වය වෙනස් වුණා. අනෙක් රටවල් ගැන නම් මම දන්නේ නැහැ. (නි)
මාගලි හා ලලිතා, ඕස්ට්‍රේලියාවේ ඒ නීතිය ඉස්සර ඉඳලම තිබුනා, තාමත් තියෙනවා. චන්ද්‍රිකා රජය කාලයේ තමා අපි ද්විත්ව පුරවැසිකම ගත්තේ ඔය හේතුව නිසා. එය අපේ ආණ්ඩුවක බලපෑම නොවේ. ඕනෑම රටක පුරවැසිකම ගන්නකොට වෙන පුරවැසිකම් තියනවද කියලා අහනවා. ඒ ගැන සාක්කි නැත්නම්, ඒ කියන්නේ ද්විත්ව පුරවැසිකම හෝ එවැනි වෙන යමක්, මුල් රටේ ගමන් බලපත්‍රය අලුත් රටට බාරදිය යුතුයි. එතනදී අපට තවදුරටත් අපේ රටේ ගමන් බලපත්‍රයක් ගැනීමට අයිතිය නැතිවෙනවා. අන්න ඒ නිසා තමා ඊට කලින් ද්විත්ව පුරවැසි සහතිකය දෙවන රටට දෙන්නේ. එතකොට අපේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නැවත ලැබෙනවා. (නි)
සිසිර බන්දුල පෙරේරා මහත්මයෝ, අතේ පැලවෙන බොරු කියන්න එපා. සෑම ඇමරිකානු පුරවැසියෙකුටම ශ්‍රී ලංකා රජය, අවුරුදු පහකට එහා මෙහා ගමන් කල [බහු] හැකි වීසා කාණ්ඩයක, වීසා අවසරපතක් වරප්‍රසාදය ඇත්තේ ඇමරිකානු ගමන් බලපත්‍ර ලාභීන්ට පමණයි. එය ඉතා සොච්චම් මුදලකට නිකුත් කර ඇත. එයට හේතුවත් මා මෙහි නොකිව්වාට, ඒ මන්ද කියා අපේ හිතවතුන්ට වැටහෙනවා ඇති. ඉතින් මෙවැනි පහසුකමක් ඇමරිකානු පුරවැසියන්ට තිබියදී සිසිර බන්දුල පෙරේරා මාස හයකට වරක් වීසා අරගෙන ලංකාවට පැමිණෙන්නේ ඇයි දැයි මට ගැටලුවකි. මෙතන චන්දෙන් පස්සේ එසැනහි ලියන්නැහැ කියලා එක්කෙනෙකුත් කිව්වා. එයා තාමත් වෙන නම් වලින් මෙතන බොරු ලියනවා. (නදී)
ලංකාවේ තිබුණු හොඳම මොළ ටික දැන් තියෙන්නේ පිට රටවල. අපි මෙහෙට ඇවිල්ල හොඳට ඉගෙනගෙන මේ රටවල් දියුණු කරනවා. ලංකාවේ ගොන් රාලලා වාද කරකර ඉන්නවා ද්විත්ව පුරවැසිකම දෙන්නද එපාද කියල. ලින් මැඩියනට දූපත් මානසිකත්වයෙන් එහාට හිතන්න බැහැ (නදී)
මාගලි , ඔයා දන්නා බම්බුව . දන්නේ නැත්නම් දන්නා තැනකින් අහගන්න මෙතන තමන්ගේ ඔලුවේ තියන දේ දාන්නෙ නැතුව. හරියටම දන්නවා වගේ කියනවා "පිටරටක කෙනෙක් අපේ රටේ පුරවැසිකම ගත්තා කියලා එයාට එයාගේ රටේ පුරවැසිබව නැතිවෙන්නේ නැහැ" කියලා (බ)
ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් එවන මුදල් කියලා මතක තියාගන්න.(හේ)
සිසිර ට ඊර්ෂ්‍යාද? ඔයාට පුළුවන් වුණා නම් ඔයා ගන්නේ නැද්ද ඔය ප්‍රංශයේ වගේ රටක පුරවැසිකම? (නි)
අැයි මෙච්චර දගලන්නෙ ද්විත්ව පුරවැසිකම ගන්න. වෙන රටක පුරවැසිකම ගත්තේ ලංකාව හොද මදි නිසා නේද ? (නදී)
සිසිර ඔයා වගේ නෙමෙයි දක්ෂකම් හැකියාවන් තියෙන කට්ටිය පිටරට ගියේ අපේ පුද්ගලික ප්‍රශ්න විසඳාගන්න. ඒ ගියත් අපි හම්බ කරන මුදල් අපේ ලංකාවේ ඉන්න අපේ පවුලට තමයි යවන්නේ. එ්කෙන් අපි ලංකා ආර්ථිකයට දායාදයක් කරනවා. එ්ක අමතක කරන්න එපා. පිට රට පුරවැසිකම් ලැබුවත් ලංකාවේ අපේ දේපල තියෙනවා ඒවා විකුනන්න අපි කැමති නෑ. කොයි රටේ පුරවැසිකම් ලැබුවත් ලංකා පුරවැසිකම අත්හරින්න බෑ. මොකද අපි ලංකාවට ආදරෙයි, කවදා හරි අපි ලංකාවට එනවා. ඔය තරම් කුහක විදිහට හිතන්නෙපා. පිට රටක හිටියත් අපිත් ලාංකිකයෝ (නදී)
සිසි ට මතක නැද්ද පහුගිය ආණ්ඩුව පාලනය කළේ ද්විත්ව ඇමරිකා පුරවැසිකම් තියන පාලකයෝ. එතකොට දිත්ව පුරවැසිකම් තියන පාලකයෝ රට පාලනය කරන්න පුළුවන්. නමුත් අනිත් සාමාන්‍ය රට ඉන්න ජනතාවට ද්විත්ව පුරවැසිකම් දෙන්න බෑ. මොකද්ද මේකේ තියෙන සධාරණය ? (නදී)
අපි දන්නවා ඔය කට්ටිය ගැන. ගණන් ගන්න එපා (නි)
ඔහොම යමු. හදිසි වෙන්න එපා. පස්සේ දෙන්නම් කියලා කිවුවනේ (නි)
රජයක් විසින් මිනිසුන්ගේ අවශ්‍යතා සහ අයිතීන් ලබාදිය යුතුයි (නි)
ලෝචන,ආශ්චර්ය එනතෙක් වසර ගණනක් හිටියා නම් මේවා කරනතුරු දින 100ක් ඉන්න බැරි ඇයි? (නි)
වෙනත් රටක පුරවැසි බව ලබන්නේ ලංකාවේ ඉන්න සියලු පක්ෂ වල හොර දෙටු දේශපාලකයෝ රටකාල රට පාවා දීපු දවසකට එම රටේ නතරවෙන්න. එ්කවත් තේරෙන්නේ නැද්ද? (නදී)
සිසිර, ලංකාවෙන් පිට ඉපදිච්ච අපේ දරුවන්ට ලංකාව ගැන හැගීමක් නෑ, එ්ත් ලංකාවේ ඉපදුන අපි කැමතියි ලංකාවට ඇවිත් යන්න. ද්විත්ව පුරවැසි කම ගන්න ඕනේ ඒක වෙන රටක පුරවැසි කම ගත්තම අවලංගු වෙන නිසා. වෙන රටක පුරවැසි කම ගන්නේ ලංකාව හොඳ නැති නිසා නෙමෙයි, ඒක ලොකු පහසුවක් නිසා ඒ රටේ ජීවත් වෙන්න. මේ ඔක්කොම ප්‍රශ්න අපේ රටේ හරි දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා. බලයට එන පුද්ගලයාගෙන් පුද්ගලයාට එ්ක වෙනස් වෙනවා. රටක් විදිහට අපි දැන් හිතන්න ඕනේ සැලසුමක් ඇතිව සාධාරණ සමාජයක් තුල හැම කෙනෙක්ම එකතුවෙලා ලංකාව දියුණු කරන්න සැලසුමක් මිසක් එකිනෙකාට ඇගිල්ල දික් කර කර කාලය කා දමන්න නෙමෙයි. අපි ද්විත්ව පුරවැසි කම ගන්න කැමතියි අපිට අපි ඉපදුන රට දියුණු කරන්න දායක වෙන්න. (නදී)
මේ සිසිර, අපි ද්විත්ව පුරවැසිකම ඉල්ලන්නේ අපේ අයිතියට. අනෙක අපි එවන විදේශ මුදල් වලින් නෙමෙයිද ගත් ණය ගෙවන්නේ? (නි)
පිටරට අවුරුදු ගණන් හිටියත් තවම මොලේ කලඳක් පෑදිලා නැති බොරුවට තප්පුලන, ණයට කඩේ ගිය කට්ටියට නියම වැඩේ. පිටරට පුරවැසියෝ උනාට, ලංකාවේ නරුම දේශපාලකයින් ගේ බොරු බේගල් ගැනවත් නිවැරදිව වටහා ගන්න බැරි පුහු දේශප්‍රේමීන්. සුද්දන්ව ඇලජික් උනත්, ඒ රටවල්වල පුරවැසිකම ගත්ත අපේ දේශප්‍රේමියන්ට අනේ පව් (නධී)
සිසිර මට දෙන්ඩ ඔයාගේ ලිපිනය, මම පැහැදිලි කරන්නම් හේතුව. ඇයි ලංකාවේ අය පිටරට පුරවැසි බාවය ගත්තේ කියලා. (නදී)
සිසිර, බොහොමයක් රටවල පුරවැසිකම ලබාගත්තට උපන් රටේ පුරවැසිකම නැතිවෙන්නේ නැහැ. මේක බලපාන්නේ ලංකාවේ අය විදේශයක පුරවැසිකම ගත්තම උනාට ප්‍රංශ කෙනෙක් ලංකාවේ පුරවැසිකම ගත්තම එයාගේ ප්‍රංශ පුරවැසිකම නැතිවෙන්නේ නැහැ. ඒත් ලංකාවට උදව් කරන්න එනකොට ඔයාල අහන්නේ නැහැ නේද ඇයි මේ විදේශ මුදල් වලින් අපේ රටට උදව් කරන්නේ කියලා (නදී)
මමත් ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ කෙනෙක්. ඒ හැම රටකම බලන්න සහ ඉගෙනගන්න තිබෙන දේවල් බොහෝමයි. නමුත් එකක් කිවයුතුයි. මම ඉපදුන මගේ රත්තරන් මවුබිම තරම් නම් මේ එක රටක්වත් ජීවත්වෙන්න හොඳ නැහැ. මොන පැත්තෙන් බැලුවත් මගේ සුන්දර රට තරම් හොඳ නැහැ.වෙනත් රටවල පුරවැසිකම ගන්න අය මොන හේතුවක් උඩ ඒ රටවල පුරවැසිකම ගන්නවද දන්නෙ නැහැ. මම නම් කියන්නෙ අපේ රටේ මොනවාහරි ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇති (නි)
සිසිර , ඒක එක්සත් ජාතීන් පිළිගත් මුලික මිනිස් අයිතිවාසිකමක් (නි)
අපරාදේ කඩේ ගියේ නේද ? ඊළඟ පාරවත් හංසයාට දීල බලන්න අනේ (නදී)
සිසිර, මිනිස්සු වෙන රට වල වලට යන්නේ ලංකාව හොද නැති නිසාම නෙවේ. ඒ ඔයාගේ ඉරිසියාවට හිතෙන දෙයක්. ඕනේ කෙනෙක් කැමතියි තමන්ගේ සහ තමන්ගේ දරුවන්ගේ යහපත ගැන හිතන්න. එහෙම හිතල තමයි වෙන රටකට යන්නේ. එහෙම ගියා කියල තමන්ගේ මව් රට සහමුලින්ම අමතක කරන්න ඕනේ කියල නීතියක් නැහැ නේද ? ඔහොම කිව්වට පිට රට ඉන්න අයගෙන් උදව් ඉල්ලනකොට නම් ඔය තර්ක නැහැ නේද ? ලංකාවේ ජරා ජීර්ණ දේශපාලනය නිසා රට හැර ගිය අය කොපමණ ඉන්නවද ? තමන්ට කැමති කාලෙක අාපහු ලංකාවට එන්න ඒ අයට හිතෙනවා නම් එ්කේ තියෙන වැරැද්ද මොකක්ද ? - මම නම් ලංකාවේ පුර වැසියෙක්. (නදී)
නැහැ සිසිර. මහින්දට අපිට රස්සාවල් දෙන්න අපහසු නිසා අපිට පිටරට වලට යන්න උනා. (නදී)
සිසිර ඔබගේ දැනුම පිලිබඳ මම කනගාටු වෙමි. දිවිත්ව පුරවැසිකම ඉල්ලන්නේ ශ්‍රී ලාංකිකයන් මිසක් වෙනත් ජාතියක් නොවෙයි. ඔවුන් කලකට පෙර වෙන රටකට ගියේ විවිද හේතුන් නිසා. සමහරු රැකියා වලට, තවත් සමහරු අධ්‍යාපනයට යනාදී කරුණු සඳහා. ඔවුන් රට වෙනුවෙන් කරන සේවය අව තක්සේරු කිරීම ඉතාම කණගාටුයි. ඔවුන් රටේ මුදල් නාස්ති කරමින් රටට බරක් නොවීය. ඔවුන් පිටරට සිට යුද්දය වෙනුවෙන් විශාල ලෙස විවිද ආකාරයට දායක උණා. තවත් නොයෙක් ආකාරයට රටට සේවය කරනවා, මුදල් එවනවා. එහෙත් අපේම සමහර ශ්‍රී ලාංකිකයන් හිතන්නේ ලංකාවේ ජීවත් වන අය ගැන පමණයි රටට සේවය කරන්නේ කියලා. මේ වෙනකක් නොව ඉරිසියාවයි. මෙය හුදෙක් ලිව්වේ මේ පිලිබඳ හරියට කරුණු නොදන්නා අයගේ දැන ගැනීමටයි. (නදී)
සිසිර එහෙම කියන්නේ ඔයා වෙන රටකට පය ගහලා නැති නිසානේ. මේක ගැන මීට වැඩ ඉතා පුළුල් විදිහට බලන්න පුළුවන් වෙන්න ඕනා. ඇමෙරිකාව පවා තම පුරවැසියෙක් තව රටක පුරවැසියෙක් උනොත් එයාව රටට අහිමි කර ගන්නේ නැතුව තියාගන්න මේ ක්‍රමය යොදනවා. එය මානව සම්පත රඳවා ගැනීමක්. නමුත් පුරවැසිකම ගන්න බොරු කියලා සරණාගත තත්වයෙන් අරන් තිබෙනවා නම් ඒ අයට දෙන්න හොඳ නැහැ (නදී)
ප්‍රංශයේ ඉන්න 100%ක්ම අපේ රට පාවා දීල තමා මේ පුරවැසිකම අරගෙන තියෙන්නේ. එ්ක හින්ද මේ දගලන්නේ (නදී)
සිසිරට දැනුමේ අඩුවක්ද නැත්තම් ඉරිසියාවද ? (නදී)
සිසිර, ලංකාව හොද මදි නිසා නෙමේ. අපි මේ රටවළ වැඩ කරළා එවන සල්ලි වලින් තමයි රටේ ආර්තිකයේ කොටසක් පියවෙන්නේ. මෙහෙ මම පුරවැසි බාවය ගත්තෙ මගෙ බිස්නස් කරන්න ලෙහෙසි වෙන්න. දැන් මට අවුරුද්දට මාස 3ක් ලංකාවෙ ඉන්න පුලුවන්. ජිවිතය සාර්ථක කරගන්න විදින දුක දන්නෙ අපි විතරයි. මෙහෙ කොච්චර හොඳ උනත් ලංකාව අපේ රට. (නදී)
සිසිර මහත්තයෝ, ඔය කතා කිව්වනම් නරකද ද්විත්ව පුරවැසිකම තියාගෙන ලංකාවේ දේශපාලනය කරන්න ආපු දේශපාලකයන්ට. (නදී)
මම නම් එදාම දැනගත්තා ඕක ප්‍රෝඩාවක් කියලා. (නදී)
සිසිර බොහොමයක් උගතුන් රටින් පිට වුයේ පසුගිය දශකයක කාල සීමාවේ. ලංකාව හොඳ නැතිව නෙවෙයි. පුරවැසියන් හැටියට නිදහසේ ජීවත් වීමට සහ තමන්ගේ උගත්කම කුසල තාවය මත රැකියාවක් වත් ලැබීමට අවස්තාවක් නැති වුන නිසා. දේශපාලකයන් පස්සේ ගොස් රැකියා ගන්න තරම් තත්වයකට වැටෙන්න අකමැති නිසා. ලැබෙන වැටුපෙන් අඹු දරුවන් නඩත්තු කර මහලු දෙමව්පියන්ට සලකා ගන්න ගැණු සහෝදරියන් බන්දලා දෙන්න බැරිනම් මිනිස්සු පිටරටකට ගිහින් හරි ඒ දේවල් කරන්න ඕන නේද ? මගේ බිරිඳ ජනප්‍රිය බාලිකා පාසලක ආදී ශිෂ්‍යාවක් වෙලත් බාලම දරුවාව ඇගේ පාසලට ඇතුලත් කර ගත්තේ නැහැ. දේශපාලකයන්ගේ ලයිස්තු වලින් ළමයින් දමලා. සරසවියට යන යන ළමය එලියට එනකොට අවරුදු 30 ට කිට්ටුයි. ඊළඟට රැකියාවක් කරන කම් එ්ත් කන්න බොන්න දෙන්න වෙනවා. ළමයින් එක්ක පිටරට ගිය අයට ඒ අයගේ සරසවියට ළමයා අර්ධ කාලින රැකියා කරමින් ඉගෙන ගන්න නිසා මහා ජීවන බරක් නැහැ. මගේ ළමයා කම්කරු රැකියාවක් කරමින් උසස් අධ්‍යාපනය කරනවා. අපිත් උදව් කරනවා. නමුත් හිතට බරක් නැහැ. අපි පිටරට ගියේ මහා සැප විඳින්න නෙවෙයි. මිනිස්සු හැටියට නිදහසේ ජීවත් වෙන්න. ළමයින්ට උගන්වා ගන්න. හැමදාම මේ ඉන්න රටේ ඉන්නෙත් නැහැ. මැරෙන්නේ ලංකාවට ඇවිත්. අපි අපේ මව්බිමට සැමදාම ආදරෙයි. (නදී)
සිසිර ඕක අපෙන් අහලා වැඩක් නැහැ. ඡන්දෙන් පස්සේ රට හැර ගිය අයගෙන් අහන්න. (නදී)
අපි පිටරට ගියේ අපේ උගත්කමට හරි යන රැකියාවක් හෝ උසස් වීමක් හැකියාවට තැනක්, අපේ දරුවට අඩු ගානේ මම ගිය පාසැලවත් ලබා ගන්න ඉඩ දුන්නේ නැති නිසා. දේශපාලනය පුරවැසියන් හැටියට අපේ ඔලුව කාපු නිසා. එහෙම නැතිව මව් බිම එපා වෙලා නෙවෙයි. කොහේ හිටියත් අපි ලංකාවේ ඉඳන් රට කන සමහර දේශපාලකයන්ට සහ නිලධාරීන්ට වඩා ලංකාවට ආදරෙයි. (නදී)
ඔය නීතිය පාස් වුනේ ඕස්ට්‍රේලියාවෙන් ගොඩ බැස, ඡන්ද කැඩීම සදහා පැමිණි පුද්ගලයා සඳහා පමණයි. එහෙම නැතුව ද්විත්ව පුරවැසිකම අයදුම් කළ අනිකුත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොවේ. (නදී)
අපිට නම් වෙනත් රටක පුරවසිකමක් නැහැ. හැබැයි පිටරට ගියේ නම් දේශපාලක ඉත්තන් නොවී ලංකාවේ රස්සාවක් වත් ලබා ගැනීමට බැරි වුන නිසා. කොහේ හිටයත් කොන්ද කෙලින් තියාගෙන නීති ගරුක පුරවැසියන් හැටියට ජීවත් වෙන්න බැරි නම් වැඩක් නැහැ. (නදී)
සිසිර බන්දුලට ජයවේවා ! (නදී)