IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දේවදත්තයා සොයා ග්‍රේරෝ ගෙයක් ළඟට යයි

බුලත්සිංහල විශ්ව පාරමී ධර්මාරාමයේ සංඝාවාසයට ගිනිතැබූ පුද්ගලයන් සොයා හොරණ පොලිසියේ ග්‍රේරෝ  සුනඛයා කළු සෙරප්පු දෙකක ඉව ඔස්සේ ගෙදරකට ගියේය.

මහල්ලකු එහි සිටි අතර සෙසු අය නොසිටි බව පොලිසිය පවසයි.

එහි පදිංචිව සිටි අය ද එම ධර්මායතනයට විරුද්ධ බව පොලිසිය කියයි.

එම ධර්මායතනය ඉවත් කිරීමට උද්ඝෝෂණ සංවිධානයට මුල් වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුලරත්න මහතා පැවසුවේ  මේ සිද්ධිය රඟපෑමක් බවයි.

පොලිසියට ද ඔහු දොස් කීවේය.

මේ පංසල අනවසර ඉදි කිරීමක් බවත්, බුලත් සිංහල පොලිසිය පැමිණිල්ල විභාග නොකර තමා අත්අඩංගුවට ගැනීමේ දොළදුකින් පසුවූ බවත්, තමා ක්‍රියා කළේ ප්‍රාදේශීය සභාවේ නීතිය අනුව බවත් සභාපති කීවේය.

විනාශ වු අවාසය වෙනුවට ඒ ආසන්නයේ තාවකාලික ආවාසයක් ඉදි කිරීම ගැමියෝ අදම  ඉදිරිපත් වුහ.

 විහාරාධිපති වෑවල සීලරතන හිමියන් පැවසුයේ අලුයම 3.30 ට හටගත් ගින්නෙන් තමාද සාමණේර භික්ෂූන්ද අනූනවයෙන් බේරුණු බවයි.

(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්)

 



අදහස් (0)

දේවදත්තයා සොයා ග්‍රේරෝ ගෙයක් ළඟට යයි

කපිල Friday, 13 September 2013 02:52 AM

මුට්ටියක පැසුණු රා වගේ ටිකක් අමුතු විදියට අඩාල වූ ජිවන රටාවකට උරුම කියන වටපිටාවක් මේ සිදුවීම සිදු වූ පළාත් අවට නිරීක්ෂණයෙන් දකින්න පුළුවන්. සමාජ විද්‍යාඥයන් මුණ කට සෝදා වැඩට බැසිය යුතු බව පවසම්. (අ)

:       0       0

තලංගම Thursday, 12 September 2013 06:36 PM

පන්සල් වලට මොන අවසරද ? සභාපති මුස්ලිම් ද , කතෝලික ද නැත්නම් ආගමක් නොදන්නා .........? (දී)

:       0       0

කුමාරිහාමි Friday, 13 September 2013 03:15 AM

ගිනිතියන්නත් පන්සලට ඇතුළුවෙලා තියෙන්නේ සෙරප්පු ගලවල (අ)

:       0       0

රීමා Thursday, 12 September 2013 07:00 PM

ඉදිකිරීම අනවසර වුනත් විසඳුම ගිනි තැබීම නෙවෙයි අනෙක පදිංචි පන්සලක්

:       0       0

රාහුල Thursday, 12 September 2013 07:11 PM

පළාත් සභා තියෙන ප්‍රදේශ වල බෞද්ධයිනි. මේ සිද්දිය ගැන ඔබේ අවදානය යොමු කරන්ඩ. (නදී)

:       0       0

දිනූෂ Friday, 13 September 2013 07:32 AM

ලැජ්ජයි (අ)

:       0       0

පිටිගල Thursday, 12 September 2013 07:27 PM

මට තේරෙන විදිහට නම් ඔකේ පිටුපස්සේ ඉන්නේ ඔය ප්‍රදේශීය සභාපති.. කාව හරි දාල ගිනි තියවලා. අරන් ගිහින් ධර්ම චක්කරේ දැම්මනම් විස්තර ඇතුව කියයි. බුලත් සිංහල පොලිසිය තීරණය ඔබේ අතේ. (දී)

:       0       0

මධුර Friday, 13 September 2013 08:26 AM

පන්සල ගිනි තියපු කෙනා නෙමේ ගිනිතියන්න උපදෙස් දුන්න කෙනා තමා හොයා ගන්න ඕන.(අ)

:       0       0

නිස්සංක දෝහා කටාර් Friday, 13 September 2013 01:49 PM

ඕකට ඔය බැදපු පොලිස් බල්ලෝ හරියන්නෙ නැහැ (නි)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 03:20 PM

බලන්න වෙලා තියන දේ. මේවා දිට්ට ධම්ම වේදනීය කර්මය නෙමෙයිද ? (නි)

:       0       0

ඉෂාන් Thursday, 12 September 2013 03:27 PM

සුනඛයා ගමන් කළ යුත්තේ කොහේටදැයි අපි නම් දනිමු (නි)

:       0       0

දායකයා Thursday, 12 September 2013 07:58 PM

අනවසර උනා කියල මේ වගේ තුට්ටු 2 කේ වැඩ හොද නැ. (දී)

:       0       0

චමී Friday, 13 September 2013 08:51 AM

අපේ රටේ දැන් සිදුවෙන්නේ මේ වගේ දේවල්ම තමයි.(නදී)

:       0       0

රනා Thursday, 12 September 2013 03:38 PM

අරියදුවට ..පින් කරන ගමක්. (දී)

:       0       0

සශිමාල් Friday, 13 September 2013 02:14 PM

බුදු සමිඳු වැඩිය රටේ පන්සල් අනවසර වෙන්නේ කොහොමද? (ස)

:       0       0

තිලක් Thursday, 12 September 2013 08:13 PM

මනියම්ගම ගමේ රජමහා විහාරයක් තියෙනවා. ගමටත් හොදින් සේවයක් කෙරෙනවා. එත් එක පළාත් බබෙකුට තමන්ගේ ප්‍රතිරූපය හදන්න ඕනේ වෙලා තවත් ගලක් උඩ පන්සලක් හදනවා. මෙයින් ගම බේද වෙනවා සාසනය බේද වෙනවා මේ එකක් වත් අර බබාට වැඩක් නෑ ගමට වෙන වැඩක් කරලත් නෑ. එනිසා මේක හදනවා. කවදාහරි මෙහෙත් ඕවගේ පන්සල් ගිනි තියයිද දන්නේ නෑ. (දී)

:       0       0

සුජිත් Thursday, 12 September 2013 08:22 PM

මගේ ඉඩමක ගල් ලෙනක් තියනවා. මද සිවුරු ඇඳලා තල ඇත්ත අරන් සේරෙප්පුවත් දාන්නේ නැති හුදකලා හාමුදුරු කෙනෙක් කොහෙන්දෝ ඇවිත් මේකේ වස් වසන්න ඉල්ලුව. අපිත් බොහොම ශ්‍රද්ධාවෙන් අවසර දුන්න. වස් තුන් මාසේ වැඩ වසන්න. මෙන්න බොලේ වස් කාලේ ඉවර වෙනකොට දිසාපතිට බුද්ධසාසන ඇමතිට පළාතේ මන්ත්‍රීට ලියල මේ ඉඩම ආරණ්‍යයක් හදන්න පවරලා දෙන්න කියල. මන්ත්‍රී තුමා පුද්ගලිකවම දිසාපතිට ලිපියක් දීල මේක කාලාන්තරයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව වැඳුම් පිදුම් කරන ස්ථානයක් කියල බොරු දායක සභාවකුත් ලියාපදිංචි කරලා. බොහොම අමාරුවෙන් අයින් කලේ. අන්තිමේ තමයි දැනගත්තේ මේක හොර මහණෙක් කියල. (දී)

:       0       0

ආනන්ද Friday, 13 September 2013 09:06 AM

දැන් ලංකාව පාලනය කරන්නේ විධායකයද, ව්‍යවස්ථා දායකයද, අධිකරනයද, පොලිසියද, හමුදාවද? එහෙමත් නැත්නම්  ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහජනතාවද?  ඒ ඔක්කොම නැතුව ප්‍රා සභාපති හා ප්‍රා මන්ත්‍රී උතුමන්ලා ද. මම දන්නෙනෑ ඒකයි.(නදී)

:       0       0

රියාස් Thursday, 12 September 2013 03:46 PM

දෙමාපියනුත් මරලා දාන කාලෙක මෙවැනි දේවල් සාමාන්‍යයයි (නි)

:       0       0

අසංක Thursday, 12 September 2013 08:24 PM

මුළු රටම දන්නවා ඕක කලේ කවුද කියලා (දී)

:       0       0

අමිළ කටුනායක Friday, 13 September 2013 09:11 AM

ඇයි අපහාස කරන්නේ?(නදී)

:       0       0

අශෝක Thursday, 12 September 2013 08:25 PM

ඔතනට තරහ කාරයෙකුගේ සෙරෙප්පු කුට්ටමක් දල පන්සල ගිනි තියන්න බැරිද? කවුරුත් දන්නවා වැඩේ කලේ කවුද කියල. පොලිසිය මෙච්චර බයද (දී)

:       0       0

චින්තා Thursday, 12 September 2013 08:29 PM

අපිට කාටවත් බනින්නේ නැතුව දැන් ඔක්කොමලම එකතු වෙලා අපේ ආගම නගා සිටුවන්න කැපවෙමු. නැත්නම් අපේ ඔලුවට අත සෝදන කම් දන්නේ නැහැ. බුදුසරණයි.(නදී)

:       0       0

තිලක් Thursday, 12 September 2013 08:38 PM

කොළඹ පිට වට රවුම් පාර කොට්ටාවේ ඉඳල කඩුවෙල හේවාගම හරහා ඉඳිවෙමින් තියෙනවා. ඒක පෑලියගොඩට එන්නත් පාලමක් දානවා ඇති එතකොට තවත් පාලම මොකටද? කැලණියේ පන්සල ගාවත් එකක් තියෙනවා. අර මෝදරින් කෙරවලපිටියට හදපු පාලමෙනුත් වැඩක් නෑ. එකෙන් මීගමු පාරට එන්න හොඳ පාරක් හදල නෑ. මීට වඩා රටේ පාලම අවශ්‍ය තැන තියෙනවා. (නදී)

:       0       0

සේනක Thursday, 12 September 2013 03:57 PM

මෙවන් පාප කාර්ම වලට වුවන් අපා ගත වනවා සිකුරුයි (දී)

:       0       0

වරුණ Thursday, 12 September 2013 04:08 PM

අනවසර ඉදිකිරීමක් උනත් ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්න පන්සලක් කියල මේ මිෂනාරි සභාපතිට තේරෙන්නේ නැද්ද? (දී)

:       0       0

ක්.ග.ගීති Thursday, 12 September 2013 09:09 PM

සබාපති හරි,නීතියනම් කටත් එක වගේ තියෙන්න ඕන.පන්සලට වෙනම නීතියක් ද? (දී)

:       0       0

උපුල් Wednesday, 18 September 2013 12:38 PM

ඔය මනුස්සයා කවුරු උනත්, මනුස්ස ලෝකේ ඇප ලැබුනත්, සංසාරෙන් නම් ඇප ලැබෙන්නේ නෑ. සංඝ භේදය අනිවාර්යයෙන් අපාගත වන අකුසලයක්. නැවත කල්ප ගණනාවකට මිනිසත් බව ලබනවා බොරු. (ස)

:       0       0

පියල් Thursday, 12 September 2013 09:16 PM

බුලත්සිංහල කියන්නේ ගම්බද පළාතක් , අන්‍ය ආගමික අයත් නැත , ඉඩම් ඕනෙතරම් තියෙනවා . තව පන්සලක් හදාගත්තාම වරද මොකක්ද ! සභාපති තුමා ලොකු වරදක් කරන්නේ ! මේක ලොකු පාපකර්මයක් ! (දී)

:       0       0

වජිර Thursday, 12 September 2013 04:11 PM

දැන් දැක්කානේ කවුද මේකට සම්භන්ද කියලා (දී)

:       0       0

නිමල් ජයසිංහ Friday, 13 September 2013 10:09 AM

සතර දිගින් වඩිනා මහා සංඝයාගේ පරිහරණයටයි පෙරදී පන්සල් තිබුනෙ.පසුව ඒවා සංඝයාගේ පුද්ගලික පරිහරණයට පමණක් යටත් වුනා.පසුව ඇති හැකි ඝංඝයා වහන්සේට පෞද්ගලික දේපල ලෙසම පන්සල් සාදාගත් අතර ඒවා අතිශයින්ම පෞද්ගලිකවී අසපු බවට අද පත්වී තිබෙනවා.පුද්ගලයින් ලෙස ගිහියන්ගේ මෙන්ම පැවිද්දෝද අද භෞතික සම්පත් කෙරෙහි ලොල්වීම තුල මෙසේ ක්‍රමයෙන් පරිහාණියට ලක්වෙනවා.මෙහිදී මට සිහිවන්නේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවානෙ ‘පතිරූපදේශ වාසෝච‘ කියලා. මේ හාමුදුරුවරු ඒ අනුව කටයුතු කලොත් හොදා.ගිහියන්ට පිස්සු හැදුනට හාමුදුරුවරු පිස්සුව වැළදගන්න හොඳ නැහැ.කොසොල් මහ රජු දුටු සිහින 16 අදට හරියටම ගැලපෙනවා. (ස)

:       0       0

නිමල් Thursday, 12 September 2013 09:33 PM

කොහොම වුණත් ඔය ප්‍රදේශිය සබාවල වැඩිහරියක් ඉන්නේ ගම්වල නගරවල චන්ඩි ඔය මිනුස්සුන්ට ආගමක් ධර්මයක් නැහැ ඕවට වැරදි කව්ද අපිම තමා.(අ)

:       0       0

ළමය Thursday, 12 September 2013 04:27 PM

පන්සල් ඉදි කරන්න අවසර ගන්න ඕන ද? දන්නේ නැති නිසා අහන්නේ (දී)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 04:39 PM

අන්‍යාගමික දේවස්ථාන කඩපු වීරයෝ කෝ දැන්? (නි)

:       0       0

අචිර Thursday, 12 September 2013 10:07 PM

බලල උනත් කලේ ලොකු දෙයක් (දී)

:       0       0

දනුෂ්ක ගයාන් Thursday, 12 September 2013 10:14 PM

රටේ මොන දේ උනත් බොදු බල සේනාව කෝ කියලා අහන්නේ මානසික ලෙඩ්ඩු (දී)

:       0       0

රුවන් Thursday, 12 September 2013 04:46 PM

පන්සලක් ඉදිකළොත් අනවසරයි???? (නි)

:       0       0

රොෂාන් Thursday, 12 September 2013 04:48 PM

මේක කළ කෙනා සිංහල බෞද්ධයෙක්ද? (නි)

:       0       0

රුවන් Thursday, 12 September 2013 04:48 PM

ලංකාව සිංහල,බෞද්ධ රටක් (නි)

:       0       0

දේවප්‍රිය Thursday, 12 September 2013 10:27 PM

මේවා කරපු අයටත් ඇප ලැබේ වී රජකලේ දඩුවම් යළිත් කියාත්මක කරමුද (දී)

:       0       0

රාහුල Thursday, 12 September 2013 04:55 PM

බීබීසී,සිංහල රාවය, රාවනා බලය මේ ගැන නිහඬ ඇයි? (නි)

:       0       0

එල් ගුනවර්දන Thursday, 12 September 2013 10:35 PM

මේ ප්‍රදේශිය සභාපතිලා ආණ්ඩුව පටන් ගත්ත දා, ඉඳල කරන්නේ ජාතික අපරාධ .ඉතින් මම ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තනතුර රටෙන් අහෝසි කරන ලෙසයි. රටේ යහපත උදෙසා .ලීල් ගුනවර්දන

:       0       0

අසහා Thursday, 12 September 2013 10:36 PM

මම කියන්නේ ඔය සභාපතිව සැක පිට අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

ආශා Thursday, 12 September 2013 10:36 PM

සභාපතිව තමයි මටත් සැක (දී)

:       0       0

ව්රාජිත Thursday, 12 September 2013 10:43 PM

දේවදත්ත නම් අපා ගත උනා (දී)

:       0       0

චමින්ද Thursday, 12 September 2013 05:11 PM

බොදු බල සේනාව කොහෙද ? (නි)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 05:16 PM

කෝ සේනාව කියලා අහන්න එපා. එයාලට ගොඩක්, වැදගත් රාජකාරි තියෙනවා. (නි)

:       0       0

අසේල Thursday, 12 September 2013 05:25 PM

ඕනෑම ආගමකට තමන්ගේ ආගම අදහන්න ආගමික ස්ථානයක් පවත්වා ගෙන යන්න නිදහස තිබෙනවා (නි)

:       0       0

කමල් Thursday, 12 September 2013 05:39 PM

ග්‍රේරෝ බැඳපු බල්ලෙක්ද? (නි)

:       0       0

කපිල Thursday, 12 September 2013 06:01 PM

පන්සල් නෙමේ ඕනෙම ඉදිකිරීමක් කරන්න අවසර ගන්න ඕනේ... (දී)

:       0       0

ටෘත් Friday, 13 September 2013 11:41 PM

සිංහලයිනි,නුඹලට මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

රන්ජනී Thursday, 12 September 2013 06:21 PM

කෝ අර කට්ටිය දැන් .මේවා පටන් ගත්තේ කව්ද ?(දී)

:       0       0

ලලිත් Friday, 13 September 2013 02:18 AM

කරදරයක් නැතුව ආවාසේ පවත්වාගෙන යන්න ඕනෑ නම් පින් කැටේ යතුර බාරදෙන්න ඕනෑ කෙනා මම කියන්න ඕනෑ නැහැනේ. වැඩේ කිරිගහට ඇන්නා වගේ හරියනවා. (නි)

:       0       0

ස්ටීව් Thursday, 12 September 2013 06:24 PM

කොහොමත් අනවසරයෙන් ඉදි කලා නම් අනවසර ඉදි කිරීම් තමයි මොකද මීට කලින් දැක්කා නේ අනවසර ඉදි කිරීම් කියල දේවස්ථාන පල්ලි කඩලා ගිනිතිබ්බා එතකොට ඔය දැන් කමෙන්ට් දාපු අය ඒවාට කතා කලේ එයාල හරි කියල නේ (දී)

:       0       0

සලිකා Thursday, 12 September 2013 06:27 PM

පුදුමාකාර දෙශපාලුවෙක් ක්. (දී)

:       0       0

හසිත් Thursday, 12 September 2013 06:32 PM

පන්සලක් ඉදි කලොත් අනවසරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1204 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7846 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4011 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 327 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1601 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1701 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29092 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site