බුලත්සිංහල විශ්ව පාරමී ධර්මාරාමයේ සංඝාවාසයට ගිනිතැබූ පුද්ගලයන් සොයා හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා කළු සෙරප්පු දෙකක ඉව ඔස්සේ ගෙදරකට ගියේය.
මහල්ලකු එහි සිටි අතර සෙසු අය නොසිටි බව පොලිසිය පවසයි.
එහි පදිංචිව සිටි අය ද එම ධර්මායතනයට විරුද්ධ බව පොලිසිය කියයි.
එම ධර්මායතනය ඉවත් කිරීමට උද්ඝෝෂණ සංවිධානයට මුල් වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුලරත්න මහතා පැවසුවේ මේ සිද්ධිය රඟපෑමක් බවයි.
පොලිසියට ද ඔහු දොස් කීවේය.
මේ පංසල අනවසර ඉදි කිරීමක් බවත්, බුලත් සිංහල පොලිසිය පැමිණිල්ල විභාග නොකර තමා අත්අඩංගුවට ගැනීමේ දොළදුකින් පසුවූ බවත්, තමා ක්‍රියා කළේ ප්‍රාදේශීය සභාවේ නීතිය අනුව බවත් සභාපති කීවේය.
විනාශ වු අවාසය වෙනුවට ඒ ආසන්නයේ තාවකාලික ආවාසයක් ඉදි කිරීම ගැමියෝ අදම ඉදිරිපත් වුහ.
විහාරාධිපති වෑවල සීලරතන හිමියන් පැවසුයේ අලුයම 3.30 ට හටගත් ගින්නෙන් තමාද සාමණේර භික්ෂූන්ද අනූනවයෙන් බේරුණු බවයි.
(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවදත්ත නම් අපා ගත උනා (දී)
මුළු රටම දන්නවා ඕක කලේ කවුද කියලා (දී)
ඔතනට තරහ කාරයෙකුගේ සෙරෙප්පු කුට්ටමක් දල පන්සල ගිනි තියන්න බැරිද? කවුරුත් දන්නවා වැඩේ කලේ කවුද කියල. පොලිසිය මෙච්චර බයද (දී)
අපිට කාටවත් බනින්නේ නැතුව දැන් ඔක්කොමලම එකතු වෙලා අපේ ආගම නගා සිටුවන්න කැපවෙමු. නැත්නම් අපේ ඔලුවට අත සෝදන කම් දන්නේ නැහැ. බුදුසරණයි.(නදී)
කොළඹ පිට වට රවුම් පාර කොට්ටාවේ ඉඳල කඩුවෙල හේවාගම හරහා ඉඳිවෙමින් තියෙනවා. ඒක පෑලියගොඩට එන්නත් පාලමක් දානවා ඇති එතකොට තවත් පාලම මොකටද? කැලණියේ පන්සල ගාවත් එකක් තියෙනවා. අර මෝදරින් කෙරවලපිටියට හදපු පාලමෙනුත් වැඩක් නෑ. එකෙන් මීගමු පාරට එන්න හොඳ පාරක් හදල නෑ. මීට වඩා රටේ පාලම අවශ්‍ය තැන තියෙනවා. (නදී)
සබාපති හරි,නීතියනම් කටත් එක වගේ තියෙන්න ඕන.පන්සලට වෙනම නීතියක් ද? (දී)
බුලත්සිංහල කියන්නේ ගම්බද පළාතක් , අන්‍ය ආගමික අයත් නැත , ඉඩම් ඕනෙතරම් තියෙනවා . තව පන්සලක් හදාගත්තාම වරද මොකක්ද ! සභාපති තුමා ලොකු වරදක් කරන්නේ ! මේක ලොකු පාපකර්මයක් ! (දී)
කොහොම වුණත් ඔය ප්‍රදේශිය සබාවල වැඩිහරියක් ඉන්නේ ගම්වල නගරවල චන්ඩි ඔය මිනුස්සුන්ට ආගමක් ධර්මයක් නැහැ ඕවට වැරදි කව්ද අපිම තමා.(අ)
බලල උනත් කලේ ලොකු දෙයක් (දී)
රටේ මොන දේ උනත් බොදු බල සේනාව කෝ කියලා අහන්නේ මානසික ලෙඩ්ඩු (දී)
මේවා කරපු අයටත් ඇප ලැබේ වී රජකලේ දඩුවම් යළිත් කියාත්මක කරමුද (දී)
මේ ප්‍රදේශිය සභාපතිලා ආණ්ඩුව පටන් ගත්ත දා, ඉඳල කරන්නේ ජාතික අපරාධ .ඉතින් මම ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තනතුර රටෙන් අහෝසි කරන ලෙසයි. රටේ යහපත උදෙසා .ලීල් ගුනවර්දන
මම කියන්නේ ඔය සභාපතිව සැක පිට අත්අඩංගුවට ගන්න (දී)
සභාපතිව තමයි මටත් සැක (දී)
මගේ ඉඩමක ගල් ලෙනක් තියනවා. මද සිවුරු ඇඳලා තල ඇත්ත අරන් සේරෙප්පුවත් දාන්නේ නැති හුදකලා හාමුදුරු කෙනෙක් කොහෙන්දෝ ඇවිත් මේකේ වස් වසන්න ඉල්ලුව. අපිත් බොහොම ශ්‍රද්ධාවෙන් අවසර දුන්න. වස් තුන් මාසේ වැඩ වසන්න. මෙන්න බොලේ වස් කාලේ ඉවර වෙනකොට දිසාපතිට බුද්ධසාසන ඇමතිට පළාතේ මන්ත්‍රීට ලියල මේ ඉඩම ආරණ්‍යයක් හදන්න පවරලා දෙන්න කියල. මන්ත්‍රී තුමා පුද්ගලිකවම දිසාපතිට ලිපියක් දීල මේක කාලාන්තරයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව වැඳුම් පිදුම් කරන ස්ථානයක් කියල බොරු දායක සභාවකුත් ලියාපදිංචි කරලා. බොහොම අමාරුවෙන් අයින් කලේ. අන්තිමේ තමයි දැනගත්තේ මේක හොර මහණෙක් කියල. (දී)
කරදරයක් නැතුව ආවාසේ පවත්වාගෙන යන්න ඕනෑ නම් පින් කැටේ යතුර බාරදෙන්න ඕනෑ කෙනා මම කියන්න ඕනෑ නැහැනේ. වැඩේ කිරිගහට ඇන්නා වගේ හරියනවා. (නි)
මුට්ටියක පැසුණු රා වගේ ටිකක් අමුතු විදියට අඩාල වූ ජිවන රටාවකට උරුම කියන වටපිටාවක් මේ සිදුවීම සිදු වූ පළාත් අවට නිරීක්ෂණයෙන් දකින්න පුළුවන්. සමාජ විද්‍යාඥයන් මුණ කට සෝදා වැඩට බැසිය යුතු බව පවසම්. (අ)
ගිනිතියන්නත් පන්සලට ඇතුළුවෙලා තියෙන්නේ සෙරප්පු ගලවල (අ)
ලැජ්ජයි (අ)
පන්සල ගිනි තියපු කෙනා නෙමේ ගිනිතියන්න උපදෙස් දුන්න කෙනා තමා හොයා ගන්න ඕන.(අ)
අපේ රටේ දැන් සිදුවෙන්නේ මේ වගේ දේවල්ම තමයි.(නදී)
දැන් ලංකාව පාලනය කරන්නේ විධායකයද, ව්‍යවස්ථා දායකයද, අධිකරනයද, පොලිසියද, හමුදාවද? එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහජනතාවද? ඒ ඔක්කොම නැතුව ප්‍රා සභාපති හා ප්‍රා මන්ත්‍රී උතුමන්ලා ද. මම දන්නෙනෑ ඒකයි.(නදී)
ඇයි අපහාස කරන්නේ?(නදී)
සතර දිගින් වඩිනා මහා සංඝයාගේ පරිහරණයටයි පෙරදී පන්සල් තිබුනෙ.පසුව ඒවා සංඝයාගේ පුද්ගලික පරිහරණයට පමණක් යටත් වුනා.පසුව ඇති හැකි ඝංඝයා වහන්සේට පෞද්ගලික දේපල ලෙසම පන්සල් සාදාගත් අතර ඒවා අතිශයින්ම පෞද්ගලිකවී අසපු බවට අද පත්වී තිබෙනවා.පුද්ගලයින් ලෙස ගිහියන්ගේ මෙන්ම පැවිද්දෝද අද භෞතික සම්පත් කෙරෙහි ලොල්වීම තුල මෙසේ ක්‍රමයෙන් පරිහාණියට ලක්වෙනවා.මෙහිදී මට සිහිවන්නේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවානෙ ‘පතිරූපදේශ වාසෝච‘ කියලා. මේ හාමුදුරුවරු ඒ අනුව කටයුතු කලොත් හොදා.ගිහියන්ට පිස්සු හැදුනට හාමුදුරුවරු පිස්සුව වැළදගන්න හොඳ නැහැ.කොසොල් මහ රජු දුටු සිහින 16 අදට හරියටම ගැලපෙනවා. (ස)
ඕකට ඔය බැදපු පොලිස් බල්ලෝ හරියන්නෙ නැහැ (නි)
බුදු සමිඳු වැඩිය රටේ පන්සල් අනවසර වෙන්නේ කොහොමද? (ස)
සිංහලයිනි,නුඹලට මේ මොකද වෙන්නේ? (නි)
ඔය මනුස්සයා කවුරු උනත්, මනුස්ස ලෝකේ ඇප ලැබුනත්, සංසාරෙන් නම් ඇප ලැබෙන්නේ නෑ. සංඝ භේදය අනිවාර්යයෙන් අපාගත වන අකුසලයක්. නැවත කල්ප ගණනාවකට මිනිසත් බව ලබනවා බොරු. (ස)
කෝ සේනාව කියලා අහන්න එපා. එයාලට ගොඩක්, වැදගත් රාජකාරි තියෙනවා. (නි)
සුනඛයා ගමන් කළ යුත්තේ කොහේටදැයි අපි නම් දනිමු (නි)
අරියදුවට ..පින් කරන ගමක්. (දී)
දෙමාපියනුත් මරලා දාන කාලෙක මෙවැනි දේවල් සාමාන්‍යයයි (නි)
මෙවන් පාප කාර්ම වලට වුවන් අපා ගත වනවා සිකුරුයි (දී)
අනවසර ඉදිකිරීමක් උනත් ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්න පන්සලක් කියල මේ මිෂනාරි සභාපතිට තේරෙන්නේ නැද්ද? (දී)
දැන් දැක්කානේ කවුද මේකට සම්භන්ද කියලා (දී)
පන්සල් ඉදි කරන්න අවසර ගන්න ඕන ද? දන්නේ නැති නිසා අහන්නේ (දී)
අන්‍යාගමික දේවස්ථාන කඩපු වීරයෝ කෝ දැන්? (නි)
පන්සලක් ඉදිකළොත් අනවසරයි???? (නි)
මේක කළ කෙනා සිංහල බෞද්ධයෙක්ද? (නි)
ලංකාව සිංහල,බෞද්ධ රටක් (නි)
බීබීසී,සිංහල රාවය, රාවනා බලය මේ ගැන නිහඬ ඇයි? (නි)
බොදු බල සේනාව කොහෙද ? (නි)
බලන්න වෙලා තියන දේ. මේවා දිට්ට ධම්ම වේදනීය කර්මය නෙමෙයිද ? (නි)
ඕනෑම ආගමකට තමන්ගේ ආගම අදහන්න ආගමික ස්ථානයක් පවත්වා ගෙන යන්න නිදහස තිබෙනවා (නි)
ග්‍රේරෝ බැඳපු බල්ලෙක්ද? (නි)
පන්සල් නෙමේ ඕනෙම ඉදිකිරීමක් කරන්න අවසර ගන්න ඕනේ... (දී)
කෝ අර කට්ටිය දැන් .මේවා පටන් ගත්තේ කව්ද ?(දී)
කොහොමත් අනවසරයෙන් ඉදි කලා නම් අනවසර ඉදි කිරීම් තමයි මොකද මීට කලින් දැක්කා නේ අනවසර ඉදි කිරීම් කියල දේවස්ථාන පල්ලි කඩලා ගිනිතිබ්බා එතකොට ඔය දැන් කමෙන්ට් දාපු අය ඒවාට කතා කලේ එයාල හරි කියල නේ (දී)
පුදුමාකාර දෙශපාලුවෙක් ක්. (දී)
පන්සලක් ඉදි කලොත් අනවසරයි (දී)
පන්සල් වලට මොන අවසරද ? සභාපති මුස්ලිම් ද , කතෝලික ද නැත්නම් ආගමක් නොදන්නා .........? (දී)
ඉදිකිරීම අනවසර වුනත් විසඳුම ගිනි තැබීම නෙවෙයි අනෙක පදිංචි පන්සලක්
පළාත් සභා තියෙන ප්‍රදේශ වල බෞද්ධයිනි. මේ සිද්දිය ගැන ඔබේ අවදානය යොමු කරන්ඩ. (නදී)
මට තේරෙන විදිහට නම් ඔකේ පිටුපස්සේ ඉන්නේ ඔය ප්‍රදේශීය සභාපති.. කාව හරි දාල ගිනි තියවලා. අරන් ගිහින් ධර්ම චක්කරේ දැම්මනම් විස්තර ඇතුව කියයි. බුලත් සිංහල පොලිසිය තීරණය ඔබේ අතේ. (දී)
අනවසර උනා කියල මේ වගේ තුට්ටු 2 කේ වැඩ හොද නැ. (දී)
මනියම්ගම ගමේ රජමහා විහාරයක් තියෙනවා. ගමටත් හොදින් සේවයක් කෙරෙනවා. එත් එක පළාත් බබෙකුට තමන්ගේ ප්‍රතිරූපය හදන්න ඕනේ වෙලා තවත් ගලක් උඩ පන්සලක් හදනවා. මෙයින් ගම බේද වෙනවා සාසනය බේද වෙනවා මේ එකක් වත් අර බබාට වැඩක් නෑ ගමට වෙන වැඩක් කරලත් නෑ. එනිසා මේක හදනවා. කවදාහරි මෙහෙත් ඕවගේ පන්සල් ගිනි තියයිද දන්නේ නෑ. (දී)