ශ්රී ලංකාවේ දෙවැනි අදිවේගී මාර්ගය වන කොළඹ කටුනායක අදි වේගි මාර්ගය බැලීමට පැමිණි පිරිස් අද එහි සිත්සේ ගමන් කළහ.
අද උදෑසන පෑලියගොඩ සහ කටුනායක යන ප‍්‍රධාන පිවිසුම් මාර්ග වලින් අදිවේගී මාර්ගයට ඇතුළු වු ජනතාව මාර්ගය දෙපස සිරි නරඹමින් සිත් සේ සතුටු වූහ. ඇතැමෙක් අදි වේගී මාර්ගය අයිනේ ඇති කලපුවට බැස විනෝද වූ අතර තවකෙකු තුරු සෙවනේ රැදෙමින් එහි කාලය ගත කළහ.
තරුණයින් පාපැදි වලින් එහා මෙහා ගිය අතර බොහෝ පිරිස් ඉතා උනන්දුවෙන් එහි පයින් ගමන් කරනු දැකිය හැකි විය.
අද පෙරවරුවේ පෑලියගොඩ සිට කටුනායක දක්වා වු මැරතන් සහ පා පැදි දාවන තරග වලින් අනතුරුව එය ජනතාවට විවෘත විය. අද සිට ලබන 24 වෙනිදා දක්වා ජනතාවට අදි වේගී මාර්ගයේ පාගමනින් යා හැකි අතර රථවාහන ඇතුළු කිරීමට ඉඩ නොලැබේ.
මෙම තෙදින තුළ අදිවේගී මාර්ගයට පැමණෙන ජනතාව වෙනුවෙන් විවිධ සංස්කෘතික අංග සහ වැඩසටහන් ක‍්‍රියාත්මක වෙයි.
අද උදෑසන නවයට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතංග මහතා විසින් ජාතික කොඩිය ඔසවා පාපැදි තරගය ආරම්භ කළ අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එහි අවසානය සනිටුහන් කළේය.
කොළඹ කටුනායක අදි වේගී මාර්ගයේ දිග කිලෝමීටර් 25.8 කි. මං තීරු 6 කින් සමන්විත මෙහි පැයට කිලෝ මීටර 100 ක ධාවන වේගයෙන් ගමන් කළ හැක. පෑලියගොඩ සිට කටුනායකට යාමට ගතවන්නේ විනාඩි 20 කි.
පෑලියගොඩ, කෙරවලපිටිය, ජා ඇල සහ කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4 කි.
මීට වසර ගනනාවකට පෙර මෙහි ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර පසුව විවිධ හේතු මත අතර මග නතර වි ඇත. පසුව යළි ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත 2008 වසරේදීයි.
චීන ණය ආදාර යටතේ ඉදිවු මෙයට වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 කි.
මෙය ලබන 27 වෙනිදා ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්.... (ස)
ජයවේ ශ්‍රී ලංකා. (ස)
සන්තෝසයි ඇත්තටම උණුසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි,,, (ස)
තව තවත් අධිවේගී පාරවල් හැදීමට ශක්තිය ලැබේවා !!! (ස)
ගොඩක් සතුටූයි... අති ගරු ජනාධිපති තූමාට ගෞරවය හිමි විය යූතූමයි..! ජයවේවා..අපේ මවූබිම දිහා ගොඩක් ආඩම්බරෙන් බලන්න පූථවනි.. (ස)
නියමයි ශ්‍රී ලංකා. අපිට හරිම ආඩම්භරයි අපේ රට ගැන.ජය වේවා !!! (ස)
අධිවේගී පාරවල් වල අවශ්‍ය තාවය අපට දැනෙනවා. ඉතා හොඳ වැඩක්. මෙය කටුනායක හරහා මහනුවර මාර්ගයට සම්බන්ධ කරනු මැනවි. ඔබ සැමට ජය වේවා !!! (ස)
හරිම ...සතුටුයි ...ජය වේවා...තව තවත් මෙවැනි සුපිරි මාර්ග අපේ මව් බිමට ලැබේවා !!!! (ස)
හොඳ වැඩක් ශ්‍රී ලංකා. (ස)
ඉක්මනටම දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන්න ලැබේවා !! හැබැයි ගාස්තුව නම් ටිකක් වැඩියි. (ස)
හොඳ වැඩක්. ජය වේවා ශ්‍රී ලංකා !!! (ස)
ශ්රී ලංකාව සුපිරි මාවත් වලින් පිරි රටක් වේවා !!!! (ස)
ඇත්තටම ගොඩක් සතුටුයි. (ස)
අපේ තිලක් ඩුබයි මහත්තයා නම් ඔය අධිවේගී මාර්ගය පාවිච්චි කරන එකක් නැහැ කටුනායක ඉඳන් ගෙදර එන්න.. (ස)
නියමයි. ගොඩාක් සතුටුයි. (නි)
ලස්සනයි. නුවර පාරත් ඉක්මනට ඉක්මනට හදන්න. (නි)
ජය වේවා. තව තවත් මෙවැනි මාර්ග සෑදීමට ශක්තිය ලැබේවා! මගේ මවුබිමට දළදා සමිදු සරණයි. (නි)
මගේ රට තව තවත් දියුණු කිරීමට අතිගරු ජනාධිපතිතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
ඔය අධිවේගි මාර්ග වල තිබෙන තත්ත්වය වෙන රටවල ඒවා සමග සංසංදනය කරන්න පුළුවන්ද?අපි රටවල් වල ඉදලා තිබෙන නිසා දන්න නිසයි අහන්නේ (නි)
සබරගමුවටත් කවදාද ඔය වගේ පාරක් එන්නේ? (නි)
සියල්ලටම පෙර මිනිස්සුන්ට කන්න දෙන්න, ඊටපසු පාරවල් හදන්න. මම නම් කියන්නේ එයයි (නි)
ලෝකයේ කිසිම රටක අපේ රටේ තරම් නොමිලයේ සේවා දෙන්නේ නැහැ.අපේ මිනිස්සු ඒක අවබෝධ කර ගත යුතුයි.අපේ රටේ අධ්‍යාපනය,සෞඛ්‍ය සේවයට වියදම් කරන මුදල්වලින් දවස ගානේ අධිවේගී මාර්ග හදන්න පුළුවන්.අපි රටට,දැයට සේවය කරන්න ඕනෑ.පටු අරමුණු වෙනුවෙන් පෙනී ඉන්න හොඳ නැහැ.එකමුතුව,එක්සිත්ව කැපවීමෙන් වැඩකර අපේ රට දියුණු කරමු.මේ දකින්නේ එම දියුණුවේ දොරටුවයි. (නි)
වඩාත් හොද වැඩක්. බඩු මිල, ඇමති මණ්ඩලය පහළ වැටෙනවා නම් තවත් හොදයි. ජනාධිපතිතුමනි, ඔබ සැමදාමත් අපේ නායකයා. ඔබට ජය! (නි)
බන්දුල පෙරේරා.අපි අවුරුදු 10යක් විදේශගත වෙලා දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදල් වලින් අරන් තිබෙන කාර් එක අධිවේගී මාර්ගයට ඇතුළු කරන්නවත් බැහැ.ඒත් අපි හදවතින් සතුටු වෙනවා (නි)
දිලංක, ඔයා දේශද්‍රෝභියෙක් වෙන්නද හදන්නේ? (නි)
ගෙවමුකෝ දැන් ඉතින්.....අපේ අනාගත හත්මුතු දරු පරම්පරාවටම මේ ණය ගෙවන්න වේවි (නි)
චීන ණය ආධාර යටතේ ඉදිවු මෙයට වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 කි. ඒ කියන්නේ ලක්ෂ වලින් කීයද මහත්තයෝ? (නි)
මේ ලෝකයේ කිසිම රටක කිසිම දෙයක් නොමිලයේ දෙන්නෙ නැහැ. ලංකාවේ නිදහස් කියන දේවල් දෙන්නේ පරිප්පු ,සීනි වලට බදු ගහලා. මේක කුමාරට දැනගන්න කියන්නේ , බන්දුල පෙරේරා, ඔබේ අදහස මොකක්ද? (නි)
තිලක් මහත්තයා, මොකද කාර් එක පාරට දාන්න බැරි? (නි)
අනේ ලොකු දෙයක්. මේ නුවරට යන පාරත් ඉක්මණටම හැදුවා නම් ලොකු දෙයක්. නැත්නම් අපි අඹේපුස්සෙන් එහාට යනවා කියන්නේ , සංසාරය එපා වෙනවා (නි)
තිලක්, හොද දේ හොද දෙයක් ලෙසත් නරක දේ නරක දේ ලෙසත් බලන්න පුරුදු වෙන්න.හැමදේම දේශපාලන කන්නාඩියෙන් බලන්න එපා. කවුරු කළත් හොද දේ හොදයි (නි)
'රට' යනුවෙන් අදහස් පළකරන පුද්ගලයාගෙන් මම අහන්නේ, ඔබ දරුවෝ හදන්නේ කවුරුවත් කන්න අදින්න දෙයි කියලා බලාගෙනද?අපට වැරදුනේ ඔන්න ඔතනයි.නිකන් කන්න,නිකන් ගන්න,නිකන් ඉන්න බලන නිසා රට අනාථ වුණා.මිනිසුනේ, අපිට මොළයක් තිබේ නම් ඒ මොළය පාවිච්චි කරන්න ඕනෑ (නි)
දිලන්කලා වගේ අය හැමදාම ලොකු කතා විතරයි. රට ගිහින් තිබෙනවලු. උඩරට වෙන්න ඇති මගේ හිතේ. (නි)
ඩුබායි වල තිලක්, ඔයාට තිබුනේ කාර් එක ගන්න පෙර ඒ සල්ලි වලින් ලංකාවේ කිසියම් ආයෝජනයක් කරන්න.පස්සේ කාර් එක ගත්තා නම් ඔයතරම් වැඩේ අමාරු වෙන්නේ නැහැ. (නි)
ජය වේවා! (නි)
වැනිලා, නිකන් දෙන්නේ කොහොමද? කවුද නිකන් දෙන්නේ? කොහෙන්ද? (නි)
මෙය සැලසුම් කලේ අවුරුදු 15 කටත් පෙරයි. කිසිම නායකයෙකුට වුවමනාවක් තිබුනේ නැහැ අවසන් කරන්න. අපේ ජනාධිපතිතුමා දෙවැනි සුපිරි අධිවේගයත් හැදුවා. නුවරට සහ යාපනයටත් යන්න මාර්ගය හදන්න. ජයවේවා. (නි)
යුරෝපා සංචාරකයෝ පුදුම වෙනවා ලංකාව පහුගිය අවුරුදු කිහිපය තුළ ලබා තිබෙන දියුණුව ගැන. (නි)
අතිගරු ජනාධිපතිතුමාට මේ කරනා සේවයට අපි සදා ණයගැතියි. ඔබට දීර්ගායුෂ සහ තෙරුවන් සරණයි. (නි)
පසුගිය දිනක අන්තර්ජාලයේ අපි නැරඹුවා නේපාලයේ මහා මාර්ග වල අති දුෂ්කර ගමන් යන මගී හා භාණ්ඩ ප්‍රවාහන කරන වාහන වල රියදුරන් විඳින දුක. මට ඉතාමත් ආඩම්බරයෙන් අපේ ආයතනයේ සේවය කරන එරටේ ශ්‍රමිකයින්ට පෙන්වන්න පුළුවන්. කුඩා රටක් වුවත් අපි අධ්‍යාපනය, විනය, බුද්ධිය වගේම ආර්ථික වශයෙන්ද දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ අපි කියන එක මම විශ්වාස කරනවා. මොනතරම් ඉන්දියානුවන් කයිවාරු ගැහුවත් අපේ රට හා සන්සන්දනය කිරීමේදී අපිට ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක අපි ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමාට සියලු ප්‍රසංශා හා ගෞරවය හිමිවිය යුතු අතර. තව තවත් අපේ රට දියුණු වේවා! මෙවැනි සංවර්ධන කටයුතු තුලින් තවත් ඉදිරියෙන් ඉදිරියට යාමට අපට හැකි වේවා! (නි)
රටේ සුන්දරත්වය මේ නිසා ලෝකයට විවර වුණා (නි)
ඉවසන්න බැහැ දෙසැම්බර් 13 වෙනකම්, කටුනායකින් බැහැලා මේ පාරෙන් ගෙදර යන්න. (නි)
මොන වරද කළත් මේවා හොද වැඩ (නි)
කුමාරන.අධිවේගී පාරවල් මොකටද රටේ මිනිසුන්ට හරියට කන්න අදින්න නැතුව? (නි)
තිලක්, ණයක් ගෙවලා හරි අපේ මාතෘ භූමිය වෙනුවෙන් යම්කිසි වගකීමක් ඉෂ්ට කරමු. අපි සතුරන්ගෙන් රට බේරාගන්න ජීවිත පූජා කළාද? බටහිර බලවේග අපිට එරෙහිව ක්‍රියා කරද්දී පිටරට වල ඉන්න අපි ඒවාට විරුද්ධව කොඩි ඔසවාගෙන පෙළපාලි ගියාද? මොනවද කළේ රට වෙනුවෙන්? අවම වශයෙන් අපේ දරුවන්ට සුන්දර රටක් හිමිවෙනවා කියලා හරි හිතලා පොඩ්ඩක් සතුටු වෙන්න. අපි විඳපු දුක්? අපේ දරුවන් නොවිඳ සැහැල්ලු හා පහසු ජීවිතයක් ගතකරයි. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්. ඔහේ එන්නේ කටාර් වල මොන පැත්තේද? මමත් කටාර් වල හිටපු කෙනෙක් නිසයි අහන්නේ.මොකද මෝඩ කතා කියන නිසා.(නදී)
කුමාරන,ඔවු. සුද්දා හොල්මන් වෙලා තියෙන්නේ ලංකාවේ නීතිය හා සාමය,ලෝකයටම ණය වෙලා ගිනි පොලියට ණය ආධාර යටතේ කරන සංවර්ධනය ගැන. (නි)
පාර සෑදීම හොද දෙයක්.අපේ විදෙස් ණය දැන් කොපමණ වැඩි වුණාද? (නි)
අනෙක් රටවල් එක්ක සසදනකොට ස්වභාවික පරිසරය අපේ රටේ ඉතා ඉහළයි. හරිම ලස්සනයි (නි)
ටිකිරි බණ්ඩා,ඔයා කියන්නේ මුළු රටම අනාථ මඩමක් වගේ නඩත්තු කරන්න කියලද? එහෙම නැත්නම් රටක යටිතල පහසුකම් සහ සංවර්ධනය අතර සම්බන්ධය තේරුම් ගන්නේ බැරිද? (නි)
හරිම සතුටින් ඉන්නේ අපේ රට මෙහෙම ලස්සනට තියෙනවා දකින්න අපි සිහින මවනවා. ඒවා මේ විදියට සැබෑ වෙනවා දකිනවිට සතුටක් දැනෙනවා. ජනපතිතුමනි, ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා. (නි)
අදිවේගී මාර්ගය කන්ඩ ද කියලා අහන හැම කෙනාටම මට කියන්නේ තිබෙන්නේ, කන්නයි කාපු දේ පිට කරන්න මාර්ගයකුත් තිබුනට මනුස්සයෙක් කියන්නේ එයිට වඩා එහා ගිය සිතිමේ ශක්තිය, ක්‍රියාත්මක විමේ ශක්තිය,අලුත් දේ සොයා ගැනීමේ ශක්තිය ඇති අයටයි. (නදී)
30ස් වසරක යුද්දය අවසන් කිරීමට මග පෑදුවා සේම, අප රටෙහි සිදුවන සීග්‍ර සංවර්දනය පිලිබදව ගෞරවය පවතින රජයට, රාජ්‍ය නායකයාට සහ බලදාරීන්ට අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය..ඒ ගැන විවාදයක් නොමැත.. මීට සමගාමීව රටෙහි පවතින මහා පරිමාන දුෂණ සහ අක්‍රමිකතා මෙන්ම මේකේ සංවර්ධන කටයුතු නිසා ජනතාව මුහුණ දෙන පාරිසරික සහ සමාජයීය ප්‍රසන වලට (උදා: රතුපස්වල/ මඩපාත) ඉක්මන්, ප්‍රායෝගික සහ මානුෂික විසදුම් ලබා දීමට කටයුතු කරන්නේනම් මේ සංවර්ධන වලින් රටට ලැබෙන පලදායීතාවය තවත් වැඩිවනු ඇත.. එහෙම නේද බන්දුල?(නදී)
ගොඩක් සතුටුයි ඔය පාර හදද්දි අපේම මිනිස්සු කොච්චර නම් උද්ඝෝෂන කරාද? ඒත් අද පර හදලා ඉවරයිනේ. රටේ අනගතයට සහ දියුනුවට ගොඩක් වටින්නේ අදි වේගී මාර්ග. රටේ දියුණුව පේන්නේ මහා මාර්ග වලින්. මම සුභ පතනවා රජයට.(නදී)
තිලක්-ඩුබායි - කටාර් නොවේ දිව්‍යලෝකේ හිටියත් මම ශ්‍රීලාංකිකයෙක්. ලංකාවේ සිටින අයට වඩා විදේශ ගතව සිටින අයට තමා අපේ රටේ වටිනාකම ගොඩක්ම තේරෙන්නේ. මෙහෙ තිබෙන මහා මාර්ග වගේ අපේ රටේ මහා මාර්ග කවදා හැදෙය්ද කියලා අපිත් සිහින මවපු කාලයක් තිබුන ඒවා සැබෑ වෙනකොට ඒ ගැන සතුටුවෙන්නවත් දන්නේ නැති ඔයාල වගේ අය මෙලෝ රහක් නෑ.(නදී)
ශ්රී ලාංකිකයෙක් විදිහට අවංකවම ආඩම්බර වෙනවා මගේ රට ගැන. සමහර අය හොරා කන සල්ලිත් තිබ්බනම් කාටවත් නය නොවීම මේ දේවල් කරන්න තිබ්බා. රටට ආදරේ කරන ජනතා නියෝජිතයින් පත් කරගන්න තරමට අපේ මිනිස්සුන්ට බුද්දිය ලැබේවා කියා පතනවා. මගේ රට දිනේවා......(නදී)
ඇමරිකාවට ට දෙන නය ආදාර වලින් 70% ක් ගසා කාලා 30% ක වැඩකරනවා කියලා අන්තර්ජාලයේ විස්තර සහිතව සදහන් වෙනවා. අමරිකවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
හෙට අනිද්දට පාන් කාාලකට පරිප්පු ටිකට බත් ටිකට ගහන බදු මුදල 100% කින් වැඩි කලත් අනේ අපොයි කියල කියන්න වටින්නේ නැහැ. මොලේ පෑදෙන්නත් ඔනනේ.(නදී)
ගූඩ් ජොබ්ස්(නදී)
කුමරන් සහ ගෆුර්ට මම හදවතින්ම සුභ පතනවා. අදහස් වලට සමහර අයට රජයන් නිකන් කන්න බලන් ඉන්නේ.(නදී) .
3 විල් යන්න දෙන්නේ නෙද්ද මේ දවස් ටිකේ වත්?(නදී)
උණුසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි,(නදී)
දැන් මහත්තුරුන්ට තේරෙනවනේ මම ඩුබායි තිලක්ගෙන් එහෙම ඇහුවේ මොකද කියලා.(නදී).
මේ සිහිනය මාවත හදන්න පටන්ගත්තේ 1976 නොබැඳි සමුළුවේ රාජ්‍ය නායකයන්ට එන්නයි. මුල් වරට ළමයෙකු වශයෙන් නොබැඳි සමුළුවට දාල තිබුණු පාට පාට පිටරටවල කොඩි බලන්න පැලියගොඩ තිබුන කොන්ක්‍රීට් අට්ටාලය ආසන්නයට ගිය මම පහුගිය අවුරුදු 30 කට ආසන්න කාලයක් මගේ ජීවිතේ විවිධ අවස්ථා පසුකරමින් ඒ දෙස බලමින් එතනින් ගියා. ඒ සිහිනය සැබෑ වුනේ අවුරුදු 37 කට පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ සිහින සැබෑ කරන නායකයා නිසයි. සිංහල ජාතිය එතුමන්ට සලකන්නේ අද නෙවේ තව පරම්පරාවක් ගියාට පස්සෙයි. තව තවත් අපේ රටට දියුනවට අවශ්‍ය මෙවැනි ව්‍යාපෘති ලැබිය යුතුයි. අපේ රට ගැන හිතන අපේ මිනිසුන්ට මේව රැකගෙන රට ගොඩ නගන්න කියල ඉල්ලන්න කැමතියි. ලංකාව සුරපුරයක් වෙන දවස වැඩි ඈතක නෙවේ. (නදී)
තිලක් වගේ මෝඩයෝ හිටියොත් අපේ රට පස්සට යන එක අහන්න දෙයක් නෙවේ .හරි දේ අගය කරන්න. ගෆූර් මුස්ලිම් වුනත් රට ගැන දාලා තියෙන අදහස්වලට ගරු කරනවා .තිලක්ලා වගේ පටු විදියට හිතන අය නිසා තමයි අපිට යුද්දේ දිනගන්නත් පරක්කු උනේ. හදවතට තට්ටු කරලා අහන්න අපේ කොල්ලෝ රට වෙනුවෙන් ජීවිත අහිමි කර ගද්දි අපි මොනවද කරලා තියෙන්නේ රට වෙනුවෙන් කියල. මොන නායකයා ආවත් බඩු මිල ඉහල යන එක නතර කරන්න බැහැ.(නදී)
තව තවත් අධිවේගී පාරවල් හැදීමට ශක්තිය ලැබේවා !!! (නි)
බලධාරීන් මේ ගැන හොයලා බැලුවා නම් තමා හොඳ. අපේ මහජනතාවටත් කියන්න තියෙන්නෙ ඉවසිලිවන්තව කටයුතු කරන්න කියලා. බොහෝවිට පටුදේශපාලනය වගේම පටු ව්‍යාපාරික අදහස් දරන අයත් ඉන්න පුලුවන්. හොඳම දේ, රූපවාහිනී නාලිකා කීපයකට දැනුම් දීලා රටම දැනුවත් කරන එකයි. (නි)
පාරවල් දිගේ පයින් යන අය කොච්චර ඉන්නවද කියලා පේනවා. (නි)
සතුටුයි. නමුත් අපේ නිවෙස් වල මෙම ඉදිකිරීම් නිසා ඇතිවූ පිපිරුම් නම් තවම එසේමයි (නි)
ගොඩක් සතුටුයි. නමුත් මේ ගැනත් සිතන්න. ප්‍රවාහනයට අදාල ඉතාම සරල දෙයින් පටන් ගනිමු. දකුණට සිග්නල් දමා වමට හරවන, ඉදිරියෙන් එන වාහනයට හෙඩ් ලයිට් ඩිම් නොකරන, සුක්කානමෙන් නොව හෝන් එකෙන් රිය පදවන, බස් රථ වලදී අනුන්ගේ කරේ නිදිකිරන, ආසනයේ 3/4ක වාඩි වී අනෙකාට 1/4ක් පමණක් දෙන, ඉදිරියෙන් වාඩි වී සිටින මගියාගේ උරහිස කැඩෙන වේගයෙන් වීදුරු අරින වහන මිනිසුන් සිටින රටක අධිවේගී මාර්ග හැදුනත් ආසියාවේ ආශ්චර්යය වෙන්න තව කාලයක් ගත වේවි. (නි)
රට දියුණු වනවාට අකමැති අයත් අප අතර නැත්තේම නැහැ (නි)
තිලක් ඩුබායි ගැන අමුතුවෙන් කිව යුතු නැත. උගත්කමක් තිබුණා නම් ඔහුට වෙන දියුණු රටකට යන්න තිබුනා. ඔහුට තිබෙන්නේ ඩුබායි වල මිනිසුන්ගේ මනසක් කියලා පේනවා දමන ප්‍රතිචාර දුටුවම (නි)
බන්දුල මහතා තිලක් ඔය පාරේ යන්නේ නැහැ කටුනායක සිට රතුපස්වලට යන්න තිලක්ට කෙටි පාරක් තියෙනවා. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර්, නුඹ වගේ සහෝදරයෝ ඉන්න අපේ රට මොනතරම් වාසනාවන්තද? අපේ සිංහල අයම කුහකකම් මේකේ ලියනකොට නුඹේ වචන රත්තරන්...! නුඹ අපේම පවුලේ එකෙක් වගේ දැනෙන්නේ. ස්තුති කරන්න වචන නැහැ....!! (නි)
සිරිලක දේ සිරිසැප දේ... ජය වේවා ජනපතිතුමනි! (නි)
ඇත්තටම ගොඩක් ආඩම්බරයි මට මගේ රට මේ වගේ දියුණු වෙනවා දකින්න. ජනාධිපතිතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මේ මාර්ගය ඉදිවෙන්නට තිබුනේ මීට වසර හතළිහකට පනහකට පමණ උඩදී. මේ පාර හදන්න පෑලියගොඩ පිවිසුමේ වැඩ පටන්ගත්තේ. ඊටපස්සේ ඒ අසම්පුර්ණ පිවිසුම ඡන්ද බැනර් ගහන්න වෙළඳ දැන්වීම් ගහන්න පාවිච්චි කළා. කැලණිය පහුකළ විට දුම්රිය පාර හරහාත් කොටසක් ඉදිකර තිබුන. නමුත් ඒ කාලේ ලෝක බැංකුවයි මුල්‍ය අරමුදලයි ඇරෙන්න මේවට ණය දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ කාලේ චිනය කියන්නේ බොහොම අමාරුවෙන් දියුණුවෙන්න දඟලන රටක්. නමුත් අපේ රටේ සුද්දට සාදු කියන්නේ නැති ආණ්ඩු මාරුවෙන් මාරුවට ආ නිසා සුද්දෝ අපට උදව් කළේ නැහැ. අද තිබෙන්නේ රට ගැන හිතන ආණ්ඩුවක්. මේ පාර අවුරුදු පනහක් ප්‍රමාද වෙලා හරි හදපු එක අපේ වාසනාවක්. මේ වගේම අවුරුදු පනහක් පසුවුණු අපේ ආර්ථිකයත් හරිහැටි ගොඩගත්තොත් රටම දිනුම්. (නි)
ණය ගැන කතා කළොත් සෑමදෙනාම ඉඩමක් අරගෙන ගෙයක් හදන්නේ ණය අරගෙනයි. මුදල් එකතු කරලා කරන්න ගියොත් අපේ ජීවිතය තිබෙන සීමිත කාලය තුල එය කළ නොහැකියි. ණය අරගෙන හරි අපේ ජීවිත කාලය තුල අපට මේවා දැකගැනීමට අවස්ථාව ලැබීම ගැන අපට සතුටුයි. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබ වගේම මටත් හිතුනා කටාර් වල ඉන්න කාලේදී. කවදා අපිට ඒ වගේ පාරවල් ලැබෙයිද කියලා. එදා අපේ රට ගැන දුක් වුණා. එහෙත් අද සතුටු වෙනවා. තිලක් වගේ අයට උත්තර දෙන්න ඔබේ කාලය නාස්ති කරන්න එපා. (නි)
චින්තක මල්ලි, ඔය පාර හදන්න පටන්ගත්තේ ඩඩ්ලිගේ ආණ්ඩුව කාලේ. ඒ කාලේ සුද්දෝ හැදුවේ ලංකාව ඒ අයගේ ආසියානු ආර්ථික මධ්‍යස්ථානය කරන්න. නමුත් ආණ්ඩු පෙරළියෙන් පස්සේ පෑලියගොඩ පිවිසුම වැඩ නැවතුනේ එළියට ආ කම්බි මළකඩ කකා යද්දී. ඔය පාරේ තවත් කොන්ක්‍රීට් ඉදිකිරීමක් කැලණිය පසුකළ විට රේල්පාර හරහා තිබෙනවා. (නි)
හොද දෙයක් (නි)
ෆස්රුල් ගෆූර් -නුඹ වගේ සහෝදරයෝ ඉන්න අපේ රට මොනතරම් වාසනාවන්තද? හොඳ දේට හොඳ කියන්න බැරි උපන් මවුබිම අගය කරලා කතා කරන්න බැරි අපේ සමහර අය කියන දේ බලන කොට නුඹේ වචන රත්තරන් අපේ පින්වන්ත මවුබිමට. ...!මට හිටිය විශ්වවිද්‍යාලෙ මුස්ලිම් ගුරුවරයෙක්. අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතයට පුදුම ගරුත්වයක් තිබුනේ. බුදුදහමටත් ඒ මහතා හොදින් දන්නවා, නුඹ වගේම තමයි. ස්තුති කරන්න වචන නැහැ....!! (නදී)
ලංකාව ගැන අවතක්සේරු කරලා කතා කරන මිනිස්සුන්ව ඔය හදන අධිවේගී මාර්ගවල වළවල් වලට දාල වහන්න ඕන. අපේ දේ අගය කරන්න බැරි මිනිස්සු. (ස)
මා නිවැරදි කිරීම ගැන ඔබට ස්තුතියි ලලිත්. (නි)
මේ අදහස් දැක්කම හිතෙන්නේ ලංකාවේ මෝඩ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනවා කියන එකයි. පාරවල් හැදෙන්න ඕනේ, ඒත් අනිත් මුලික කාරණා අමතක කරලා නෙමෙයි. අනික මේවයින් ලැබෙන අදායම චීනෙට යන්නේ. ඇයි අපේ රටේ මිනිස්සුන්ට මේවා කරන්න බැරි. සිංහලයා මොඩයා කියලා දේශපාලුවෝ දන්නවා. (ස)
මම ලංකාවට ඇවිත් දිහ්රම් මාරු කර ගන්න හිල්ටොන් හොටෙල් එක ළඟ තිබෙන එක්ස්චේන්ජ් එක ළඟදී හොඳට ඇඳ පැලඳ ගත්තු ගැහැණු කෙනෙක් ආවා.මම හිතුවේ සල්ලි මාරු කරන්න ආවා කියලා.පස්සේ ෆයිල් එකක් පෙන්වලා කියනවා මම හිඟා කන කෙනෙක් කියලා හිතන්න එපා.මම නීතිඥ මහත්මියක් ළඟ ලේකම් කෙනෙක් හැටියට වැඩ කරනවා.මගේ අම්මා අසනීප වෙලා. අම්මව සහ මගේ දරුවන් 3 දෙනාට කන්න අදින්න දෙන්න විදිහක් නැහැ.උදේට රැකියාව කරලා හවසට උදව් ඉල්ලන්න යනවා.මට උදව්වක් කරන්න කියලා.මම ඒ අසරණ ගැහැණියට උදව් කරලා ගෙදර එනකොට තවත් ඒ වගේම අසරණ ගැහැණු කෙනෙක් උදව් ඉල්ල ගෙන ගෙදර එනවා.ඒ අයගේ කතාවත් මේ හා සමානයි.ඉස්සර හිඟා කෑවේ වැරහැලි ඇඳ ගත්තු බොහොම අසරණ අය.ඒත් අද ලංකාවේ හිඟා කන්නේ රැකියාවක් කරන එඋදවිය. (ස)
ෆස්රුල් ගෆූර්, ඔබ වගේ හිතන මුස්ලිම් සහෝදරයෝ මේ රටේ ඉන්නවා නම් , කවදාවත් සිංහල මුස්ලිම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔබට මගේ ප්‍රණාමය. (නි)
අනුරුද්ධ කියන දේ වැරදියි. කොටසක් වැරදි කරනවා. ඒ අය තමයි අපට මතක තියෙන්නේ. හිතන්න අපි බස් එකක යනකොට අපිට අපහසු ලෙස යමෙක් හැසිරුණා නම් එයා බොහෝ කලක් අපේ හිතට එනවා. අපි කොච්චර බස් වල යනවද. කරදරයක් නැතුව ආ දාට අපි ළඟින් හිටි මිනිහා කවුද කියලා මතක නැහැනේ. (නි)
රූපා, රැවටෙන්න එපා.ලංකාවේ ඡන්දයකින් ජනතා අදහස් නිවැරදිව ප්‍රකාශ නොවෙනවා වගේ මෙතනත් මුදලට වර්ණනා කරන කට්ටියක් ඉන්නවා.ඒ අය විවිධ නම් වලින්,විවිධ ජාතීන් හැටියට,විවිධ රටවලින් අදහස් ප්‍රකාශ කරනවා.ජනතා අදහස් දැන ගන්න ජනතාව අතරට යන්න. (නි)
කලන,මම නම් සත්‍ය කියන්න ගිහින් දේශද්‍රෝභියෙක් වෙලා ඉවරයි.ඔයාටත් එහෙම වෙන්න ඕනෑද? (නි)
රට වටේ අධිවේගී මාර්ග.ඒත් අපේ පැත්තේ හවස 7තෙන් පස්සේ වැඩි දෙනාට ගෙදර යන්න බස් එකක් නැහැ.කාට කියන්නද? (නි)
තිලක් කටාර් වල හිටියේ 1970 විතරද? (නි)
සුපිරි මග හැදීම ගැන ප්‍රශ්නයක් මට නැත. නමුත්, ගණන් හිලවු ගැන පොඩි ප්‍රශ්නයක් ඇත. කිලෝමීටර් 126 වන දක්ෂිණ අධිවේගී මාර්ගයට වියදම් වුනේ ඇමෙරිකානු ඩොලර් මිලියන 741යි. ඒ කියන්නේ කිලෝමිටරේට මිලියන 5.88යි. මෙතන කිලෝමීටර් 25.8 ට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක්, ඒ කියන්නේ කිලෝමිටරේට ඇමෙරිකානු ඩොලර් මිලියන 13.56ක්. සුපිරි ගැහිල්ලකුත් සිදු වෙලා වගේ. (ස)
රකිත්. සුපිරි මඟ හැදීම ගැන ප්‍රශ්නයක් මට නැත. නමුත්, ගණන් හිලවු ගැන පොඩි ප්‍රශ්නයක් ඇත. කිලෝමීටර් 126 වන දක්ෂිණ අධිවේගී මාර්ගයට වියදම් වුනේ ඇමෙරිකානු ඩොලර් මිලියන 741යි. ඒ කියන්නේ කිලෝමිටරේට මිලියන 5.88යි. මෙතන කිලෝමීටර් 25.8 ට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක්, ඒ කියන්නේ කිලෝමිටරේට ඇමෙරිකානු ඩොලර් මිලියන 13.56ක්. සුපිරි ගැහිල්ලකුත් සිදු වෙලා වගේ. රකිත්, ඔන්න රකිත් ඔයත් දේශද්‍රෝහියෙක් වෙන්න දගලනවා.මාව නම් දේශද්‍රෝහියෙක් කරලා ඉවරයි. (ස)
මම ඉන්නේ ගනේමුල්ලේ ඒ උනාට මේ සැරේ කටුණායක ඉඳලා පෑලියගොඩට ගිහින් ආපහු පෑලියගොඩ ඉඳලා ගනේමුල්ලට යනවා. ජයවේ ශ්‍රී ලංකා, ජනාධිපති තුමා ඇතුළු රජයේ සියලුම දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා අපේ රටට දළදා හිමි සරණයි !!! (ස) Dayaratne Weerakkody Oman
තිලක්, දේශද්‍රෝහියෙක් කියා හංවඩු ගැහුවත් නැතත් මගේ මතය නොපැකිලව ප්‍රකාශ කරමි. (ස)
රකිත්.මොකෝ හැමදාම සුනාමි එනවා කියල එකක්ය. (ස)
තිලක්, සුපිරි ගැහිලි ගහන අයට කියන්නේ දේශප්‍රේමින් කියලනේ. ඒ නිසා මා දේශද්‍රෝහියෙක් වුවාට කම් නැත. (ස)
රකිත්.ඔය වැඩ වලින් දුක් විඳින්න සිද්ධ වෙන්නේ අපේ අනාගත දරු පරම්පරාවටයි.ඒක නො තේරෙන මෝඩයෝ ඉන්නේ ලංකාවේ.මොලේ උඩ ඉඳගෙන අදහස් දාන උදවිය ඉන්නේ ලංකාවේ. (ස)
ගොඩක් ලස්සනයි .. හරිම ස්තුතියි... (ස)
දිලංක ඔබ හරි. (ස)
තිලක් ඩුබායි මහතාගේ අදහස කවුරුත් පැහැදිලිව තේරුම් ගන්න. ඔහු පවසන්නේ අධිවේගී මාර්ග හැදුවට කමක් නැතිලු., එහෙත් ඕව හදන්න ඕනේ අප රටේ සල්ලි වලින් මිසක් ණයට අරගෙන ඒවා ඔය අධිවේගී මාර්ගය පරම්පරා තුනකට චීනයට විකුණමින් නොවේ කියන එකයි. (ස)
එළ.. (ස)
තව තවත් අධිවේගී පාරවල් හැදීමට ශක්තිය ලැබේවා!!! (ස)
හොඳ දේට හොඳයි කියන්න බැරි ගුණමකුවෙක් වෙන්න හොඳ නැහැ.ඇත්තටම හොඳ වැඩක්. (නි)
බණ්ඩාර මල්ලි, සිංහල මුස්ලිම් අපි අතර වෙනසකුත් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ. නමුත් එක්තරා කොටසකට නැති දේවල් ඇතිකරන්න අවශ්‍ය වෙලා තිබෙනවා දැන්. අපි එක්වෙමු, එකා වගේ වැඩ කරමු. ජාතිවාදය, ආගම්වාදය පරාජය කරමු. අපි මුස්ලිම් නොව, හින්දු නොව, කිතුන් නොව , බෞද්ධයන් නොව අපි ශ්‍රී ලාංකිකයෝ කියා හදවතින්ම පිළිගනිමු. කවදාවත් අපට වරදින්නේ නැහැ. බටහිර බලවේග නොව පිටසක්වල බලවේග වලටත් අපිව පරාජය කරන්න බැහැ. රටක් හැටියට ඉදිරියට යන්න අපේ එකම බලවේගය එය තමා සහෝදරයා. (නි)
ඇත්තෙන්ම හොද දෙයක්.ජනාධිපතිතුමනි, ඔබට දිරිය ශක්තිය තව තවත් ලැබේවා!අපේ මවුබිම සෑම අතින්ම දියුණු කරන්න හැකිවේවා! (නි)
ඉතා හොඳ වැඩක්. දිලංක ඇයි ඔයා මේවා පිටරට දේවල් එක්ක සංසන්දනය කරන්න හදන්නෙ. (ස)
තිලක් ඩුබායිට වම දකුණ මාරුව වෙලා . අම්ම තාත්තා වැරදිලා. ඩුබායි වලම ඔටුවෝ නවාගෙන ඉන්න තිලක්. (ස)
ඔය තිලක් ඩුබායි, ඩුබායි ගියෙත් ණය වෙලා . ඉතින් රට හදන්න දියුණු කරන්න ණය උනාම මොකද ? ඔය මැද පෙරදිග යන බොහෝ අය යන්නේ ඉඩ කඩම් විකුණලා කන කර විකුණලා ණය වෙලා . දියුණු වෙන්න කියලා. (ස)
මං ඩුබායි තිලක්ගෙන් අහන්නේ.අධිවේගී මාර්ග හදන්නෙ නැතුව හිටියොත් අනාගත පරපුර සැප විඳිනවද?මෙච්චර කාලයක් හිටිය නායකයෝ විදේශ ආධාර අරන් අධිවේගී මාර්ග ඉදි කලේ නෑ .ඒත් අපි සැප විඳිනවද? (ස)
නුවන්.ඇමරිකාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.තේරුම් ගැනීම ඔබට බාරයි. (නි)
ආඩම්බරයි මගේ රට ගැන. තවත් දියුණු වේවා, මේ සමගම මනුෂ්‍යත්වයද දියුණු වේවා. බඩු මිල නම් කොහෙත් වැඩියි , උදාහරණයක් ලෙස මම ජීවත්වන ලොස් ඇන්ජලීස් නගරයේ නිවසක් කුඩා ගෙවත්තක් හිමි හැමෝම හැකි පමණ එළවලු පලතුරු ඉතා ක්‍රමානුකුලව වවා ගන්නවා. සතියකට කෑමට බීමට ඩොලර් 150 පමණ සාමාන්‍ය පවුලකට වැයවීම මෙමගින් අඩුකරගනීමයි ඒ අය කරන්නේ. මිනිස්සු හරි උත්සහවන්තයි කඩිසරයි. අපේ රටේ බහුතරයකට සාමාන්‍ය නාගරික ඇමෙරිකනුවෙකුට වැඩිය විශාල නිවසක් ගෙවත්තක් තිබෙනවා, නමුත් කෘෂිකාර්මික රටක් වෙච්ච අපි මේ ගොවිකම දැන් දකින්නේ මදිකමක් විදිහට (හැමෝම නොවෙයි) . නව පරපුරේ හැමෝටම ඕන ණයවෙලා හරි ඉතා නවීන වහනයක් ගෙන ඉඩම පුරාම අති විශාල නිවසක් හදාගෙන ලෝකෙටම නය වෙලා ජීවත්වෙන්න. එතකොට මේ නය පියවන්න රෑ දවල් නැතුව අවිවේකීව වැඩකරන්න වෙනවා. මේ රටාවට නැතුව සහනශීලීව දිවි ගෙවන්න පොඩි ගෙවතු වගාවක් කරගන්න විවේකයෙන් දරුවන් සමග කල් ගෙවන්න දහමෙහි හැසිරෙන්න කාලයක් රටාවක් අපි ඇතිකරගන්න ඕනා. (නදී)
කෙනත්. ඔබගේ අදහස අගය කරනවා.(නදී)
අප කුඩා කල සිට වින්ද අසිරිය නැතිවේදෝයි අද උදේ අදිවේගී මග බලන්න ගිය විට හිතුනා. අප ද්‍රව්‍ය හිස්බෝගතල් හැම තැනම කලුපවේ පේනවා. කර්මාන්ත ශාලා දානවා කියලත් ආරංචියි. අපිට වෙන්නේ බොයිලේරු දුමට මැදි වෙලා ඉන්නයි. මේ පැත්තේ කඩොලාන පරිසරයක් තියෙන්නේ මගේ වත්තේ විතරයි.(නදී)
කටුනායක හයි වේ එක හදලා තියෙන්නේ කලපුව සහ මුතුරාජවෙල ගොඩ කරලා. තිලක් ලංකාවට ආවම පාරවල් දෙකේම ගිහිල්ල බලල මේකට ලියන්න නිකන් මනස්ගාත ලියන්න එපා ගාලු පාරටත් ඔය වගේ කතා කියපු අය අද සද්ද නැතුව ඒකේ යනවා (නදී)
මට මීගමුව සිට කොලඹට දවසට පැය ය 2 ගානේ පැය 4 ක් යනවා. සදුදා සිට යන්නේ විනාඩි 20 ගානේ විනාඩි 40 පරණ විදියට මට මසකට විනාඩි 120 x 2 x 20 = 4800 අලුත් විදියට විනාඩි 20x 2x 20 = 800 මසකට විනාඩි 4000 එතොකට දවස් කීයක් ඉතුරුද පුදුමයි නේද ? (නදී)
මේ රට ලස්සන කිරීමට හා දියුණු කිරීමට අතිගරු ජනාධිපති උතුමාණන් විසින් ගනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව ගෞරවපූර්වක ස්තූතිය එතුමන් වෙත පුද කළ යුතුමය. (නි)
ජූඩ්, විනාඩි 20ක් කටුනායක සිට පෑලියගොඩ දක්වා. මීගමුව සිට කොළඹට පැයක්වත් යයි. ඒත් පැය 2 ට වඩා නම් හොඳයි. ඒ වගේම එක පැත්තට රු 300 ගානේ දවසට රු 600 යි මාසෙට රු 12000 ගෙවීම ප්‍රශ්නයක් නැද්ද? (නි)
මට නම් අදිවේගී මගක් ඕනේ පෑලියගොඩ සිට කොටුවටයි. නැතුව කටුනායක සිට කොටුවට නෙමෙයි.(නදී)
මන්ස්යිල් නෙදර්ලන්තයේ ඉන්නේ ඔක්කොම බුද්දිමත් අයද? ඩුබායි තිලක් අඩු මානසික තත්වයක් තිබුනට , මේ රටේ වැඩ කරන්නේ වැඩි හරියක් ලංකාවේ උගත්තු .අපිත් දැන් ලංකාවට යනවා රටට සේවයක් කිරීමට. (ස)
මුලින්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙමි, මෙවැනි දියුණුවක් කරා රට ගෙන යාමට උනන්දු වීම ගැන. සමහර රටවල මෙවැනි නිදහස් මාර්ගයන් සෑදීමට රජයේ මුදල් හිර කරන්නේ නැත. එම රජයන් මෙවැනි මාර්ග සැදීමට සමාගම් වලට කොන්ත්‍රාත්තුව බාර දෙනු ලබයි. එම සාමාගම් රජයේ අධීක්ෂණය යටතේ හා උපදෙස් අනුව එම මාර්ගය ඔවුන්ගේ වියදමින් ඉදිකරනු ලබයි.ඉන්පසු ඉන් ලැබෙන අදායම අවුරුදු ගණනාවක් එම සමාගම් වලට හිමිවනු ඇත. මෙයින් රජය කිසි කෙනෙකුට ණය වෙන්නෙත් නැත, මාර්ගයත් සෑදෙන්නේය. එයින් වන හානියක් නම් මම දකින්නේ නැත. ඒ වාගේම මෙම අධිවේගී මාර්ගයට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ස්ථිර වේග කැමරා පද්ධති [ ස්පීඩ් කැමරා ] සවි කළා නම් සියල්ල සර්ව සම්පුර්ණ වනු ඇත. (නි)
ජනාධිපතිතුමාට සුභපතන අතර ඔබතුමා කොටි සෙවණැලි වලින් ප්‍රවේශම් වෙන්න (නි)