පිළියන්ඳල විජිතපුර පදිංචිව සිටි ශකිලා පෙරේරා (48) දෙදරු මව ඝාතනය කොට ගෙවත්තේ වළදැමීමේ සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇගේ දෙවැනි සැමියා මෙම මස 25 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙෂ කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
මහනුවර මැණීක්හින්න සිරිමල් පෙදෙස පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වාසනා පැතුම් ලක්මිණී ජයවර්ධන එම තැනැත්තාය.
නිවසේ භාණ්ඩ සියල්ල ශකිලාගේ පෙර විවාහයේ වැඩිමහල් දරුවා වෙත රුපියල් ලක්ෂ දහයක බැඳුම්කරයක් මත ලබාදීමට මහේස්ත‍්‍රාත්වරයා ඊයේ (20) පොලිසියට නියෝග කළේය.
ඉතාලියේ වසන සිය බිරිඳ වකුගඩු අමාරුවකින් පෙළෙන නිසා එයට ප‍්‍රතිකාර ගැනීමට යැයි පවසමින් සැකකරු ශකිලා පෙරේරාට අයත්ව තිබූ නිවස තමන්ට විකිණූ බව එම නිවස මිලට ගත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.ඒ සදහා ඇටෝනි බලපත‍්‍රයක් යොදාගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුදෙන්නෙක් උස්මහත්වෙච්ච ඉන්නකොට මොන මිනිස්සුද .රටක් වටිනා දරුදෙන්න හදනගෙන ඉන්නැතුව ත්වමිනිහෙක් පස්සේ ගිය එක නොමන වැඩක් නෙමෙයිද(අ)
දවසක් පැල නැති හේනේ .. අකාල මහා වැසි වැටුනා .... තුරුලේ හංගාගෙන මා ... ඔබ තෙමුනා අම්මේ ... පායනතුරු හිටි පියවර ඔබ තෙමුනා අම්මේ .. කාමාසාව යටපත් කරගෙන දරුවෝ ගැන හිතුවනම් ඒ දරුවෝ බැරි කාලෙක කටට වතුර උගුරක් හරි දානවා නේද අම්මේ ?(නදී)
දෙවෙනි සැමියා බොහොම බාලයි. පළමු සැමියා බොහොම වැඩිමල් ඇති. තේරීම වැරදි, සැප සමඟ දුක නොවේද අම්මේ! (ස)
නිමල් වගේ හැමෝම හිතනවා නම් ගැහැණු වුන අපි හරිම වාසනා වන්තයි. නිමල් ඔබ විවාහ වුන කෙනෙක් නම් ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා ඇති. එය තව තවත් සාර්ථක හා සතුටින් ඉන්න ලැබේවා ''යි'' මා ප්‍රර්ථනා කරනවා..!! මේ ගැහැණිය එක එක දවසට එක එක පිරිමින් පස්සේ නොයා කෙනෙක් විවාහ කරගෙන තමන්ගේ දරුවන්ටත් උගන්වමින් සාර්ථක ජිවිතයක් ගෙවන්න ඇති. නමුත් අපිට බැහැ දෛයිවය වෙනස් කරන්න, මට දුක මෙච්චර දේ තිබිලත් බල්ලෙක් බළලෙක් වගේ පොලවට පස් වෙන්න සිදු වුනාට. මේ පාපතරයට නීතියෙන් ගැලවුනත් කවදාවත් සැනසීමක් නැහැ. මැරෙන්න මොහොතක් තියා හෝ පඩිසන් දෙනවාමයි. සොයුරිය ඔබට මතු උපදින කිසිදු ආත්ම බවයක මෙවන් රුදුරු ඉරණමකට මුහුණ දීමට නොවේවා.(නදී)
ඇයි මේ තරම් භාවාත්මකව මේ ගැන හිතන්නේ. අපරාධ වල ස්වභාවය අනුව හිතා ගන්න බැරිද මේ පින්බර සුන්දර දිවයිනට මෑතක සිට කන කොකා හඬලන බව. ඇයි හිතන්නේ නැත්තේ මේ තත්වයට වග කියන්න ඕනේ කවුද?? රට බල්ලට ගිහිල්ලා කියන්න මා නම් පැකිලෙන්නෙ නැහැ. (ස)
පත්තරේ යන සියලුම අපරාධ වලට අනියමි සමිබන්ධතාවයක් හෝ දෙවන විවාහයත පාර්ශවකරුවකු සමිබන්ධ වෙලා තියෙන බව තමයි පෙනෙන්නේ. අධ්‍යාත්මිකව දැඩි බැදීමක් නැති එවන් එකතුවීමි හා සමිබන්ධතා වලින් ඉවත් වීමට හිතට ගන්න එක හොදයි. විනාශයක් කර ගන්නවාට වඩා. (නදී)
රෝස්, කොහොමත් ලස්සන ගැහැණියකට ඉල්ලුම වැඩියි. බෙහෝවිට යමක් කමක් කරගන්න බැරි අයතමයි ලෝකෙට කියන්නෙ අනේ මම මේ ළමයි නිසා නැවත බැන්දෙ නැහැ කියලා. ඇත්ත ටිකක් වෙනස්. නිමල්ගේ අදහසට 100% ක් එකඟයි. රේණුක, ළමයි ලොකුවෙනකම් හිටියොත් 70 පැනලා තමයි බඳින්න වෙන්නෙ. නිමල් හිතන විදිය හරි. හොද කෙනෙක් බැඳගත්තා නම් මෙයත් සතුටින් ඉඳියි. (නි)
මේ ගැහැනු කෙනාගෙ පලමු විවාහය කොච්චර නීරස වුනාද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා දෙවන විවාහයක් කරගත්තට වැරැද්දක් නැහැ. ගැහැනු කෙනෙක් වෙලත් ළමයිත් පිටරටක උගන්නන ගමන් ළමයින්ටත් සෙතක් හදල තමනුත් සතුටින් ඉන්නයි බලන්න ඇත්තේ. ළමයි අසරණ කරල මේ මිනිහත් එක්ක ගිහින් නෙමෙයිනේ. නමුත් වැරදුනේ වයසට නොගැලපෙන අදුර්මිෂ්ටයෙක් බැඳගත්ත එකයි. ළමයි ඉන්නව කියල තරුණ කාලෙ දික්කසාද වුන හැමෝම නොබැඳ ඉන්න කියල හිතන්න තරම් අපේ කට්ටිය තවමත් ක්‍රි.පූ ගනන් වල ඉන්නේ. හැබැයි අනිත් වැඩ සියල්ලෙන් 21 වෙනි ශත වර්ෂේ.(නදී)
මට කාන්තාව ගැන දුකත් හිතෙනවා. මංගල දැන්වීමක් දාලා ඉදිරි කාලේ දරුවොත් දීග ගියාට පස්සේ තනි නොතනියට කෙනෙක් සොයා ගත්තා නම් හොදයි.තනියම විසීම ආසියානු රටක ගැහැණියකට බොහෝදුරට අසීරු කරුණක්.බටහිර පන්නයට ළමා කාලේ ඉදලා හැදුන වැඩුන කෙනෙක්ට ප්‍රශ්න අඩුයි.දෙවන සැමියත් එදා ඇයගේ අදහස් අනුව ගැළපෙන්න ඇති. ඔහුව දැඩි ලෙස විශ්වාස කරන්න ඇති. ඇයට සමාව දෙන්න.උපදින සෑම භවයකදීම ඇයට මෙවන් ඉරණමක් නොලැබේවා කියලා පතමු.තනි වූ ගැහැනුන්ට දොස් කියන්න එපා සොහොයුරු/ සොහොයුරනි. (නි)
මේ කුලී රථයේ රියදුරු මම එහෙම නම්,ශකිලව මරන්නෙත් නෑ (අ)
රෝසා,කොච්චර වයසට ගියත් ඉතින් ආශාව කියන දේ නැති වෙන්නේ නැහැනේ නේද? (නි)
හේමන්ත ., පත්තරේ විස්තර තියෙනවා බලන්න.., දරු දෙන්න පිටරට ඉගෙන ගන්නවලු අම්මගෙන් කෝල් එකක් වත්, කිසිම ආරංචියක්වත් නැති නසා පොඩි පුතා තමයි හොයල තියෙන්නේ.., මේ මනුස්සය පලවෙනි විවාහය නීතියෙන් දික්කසාද වෙලාලු , පස්සේ මේ මනුස්සයව දෙවෙනි පාරට බැදලාලු.., කොහොම වුනත් ලෑලි හතරවත් නැතුව අවසන් ගමන් ගියේ පුරුවේ කරපු ලොකු පවකට වෙන්න ඇති....!!! (අ)
අම්ම කෙනෙක් උනාම දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ දරුවෝ පාරට දල කොල්ලෝ අල්ලා ගන්න ගැහැනුන්ට වෙන්නේ මේක තම, ගනුන්ට රට ගිහින් අවම ලංකාවේ මිනිහ හොද නැහැ, (අ)
අම්මා නැතුව මට එහෙම නම් ඔය මොකුත් එපා.මගේ අම්මා මට වටිනවා මුළු ලෝකයටම වඩා (නි)
නොනිම් ආශා.... (නි)
සම්පත් සොයා ගත්තට පස්සේ, උපරිම සැප ලබාගන්න යනවා ,ඒ සැප මරුවාගෙන් කෙළවර වෙනවා.(ස)
මේ කාන්තාවගේ ඔය කියන දෙවන සැමියා වුනා කියන්නේ ,මෙයා රට ගිහින් ආව වෙලේ ගුවන් තොටුපලේ සිට ගෙදරට ගිය කුලී වාහනයේ රියදුරාලු .විදේස ගතවෙලා ලංකාවට එන කාන්තාවන්ට මේක හොද පාඩමක් දුරදිග නොබලා හදිසි අනිසි තීරණ ගන්නවාට. (අ)
රෝස, වෙන කෙනෙක් ගේ අතින් මැරුම්කන එක නොමනා වැඩක් ද ? (අ)
අනේ පව් දරුවන්.අම්මාගේ නොමන වැඩ හින්දා පොලිසි ගානේ උසාවි ගානේ දුක්විදිනවා (නි)
ඉදිරියේදීම මේ රූමත් ශකිලාගේ කතාවේ විස්තරයක් ලංකාදීපයේ පලකරාවි කියලා හිතනවා.(නදී)
හේමන්ත, හොද අදහසක් සමග වටිනා සිතුවිල්ලක් (නි)
දරුවන්ට දේපළ ලබාදීම හොදයි (නි)
මෙවැනි වැඩ තරයේ හෙළා දකින අතර මෙවැනි මිනිසුන් උල තැබීමට යෝජනා කරමි (නි)
විස්තර ටිකක් දාන්නකෝ, එතකොට මේ ළමයි කොහෙද මෙච්චරකල් හිටියේ? (නි)
ලොකු දෙයක් පුතාට පවරපු එක. මේ මිනීමරුවා සල්ලි නිසා වියරු වැටුන කෙනෙක්. මෙම සිද්ධිය ලංකාවේ ගැහැනුන්ට හොඳ පාඩමක්, ළමයින් සිටිනා (නි)
"වාසනා" "පැතුම්" "ලක්මිණි" වචන නම් හරිම ලස්සනයි. ඒත් ඒ ලස්සන වචන වලටම සීමාවෙලා. (නි)