2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක දිවි නැගුම අරමුදල් වංචා කළැයි කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේ චෝදනා බාර දුන්නේය. එම් වී කරුණාරත්න මහාධිකරණ විනිසුරු හමුවේ නඩුව කැඳවිණි.
චෝදනා කියවා තේරුම් කර දීම අගෝස්තු 30 වැනි දා ට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාර දෙන ලෙසට නියෝග කළේය.
බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු සාටකයටත් නිග්රහයක් මෙයාලා කරන්නේ (නි)
28 දා පාද යාත්රාව කරන්න පුලුවන්වෙයිද දන්නේ නැ.එනපොට කොහමවුනත් කිසිම හොරකමක් හා වංචාවක් නොකළ අයට පමණක් සහභාගිවීමට විවුර්ත ආරාධනාවක් කලොත් ජනතාවට බලාගත හැකිවේවි පිරිසිදු චරිත ටිකක් . (ර)
රටේ නිතිය පැත්තෙන් මටනම් අපේ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. (ර)
අනේ ඉතින් මොන චෝදනා ගෙනාවත්, මෙතුමාට ඒවා ගැන නොසැලී ජනතාවට වැඩ කරන්න තියෙන ආසාව ගැන අපි ටිකක් සොයාබැලිය යුතුයි. (ර)
තිලක්, ඒක හරියට හරි. මොවුන්ගේ මෙම ක්රියාදාමයට අතකොළුව කරගන්නේ දේශපාලන බලයයි. 3 න් වන ලෝකයේ රටවල මෙම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් රටට ජනතාවට පරිපාලනයට දැඩි ලෙස හානි පමුණුවනවා (නි)
රට කරන්න කියලා බාරගන්න සියලු දෙනාම කරන්නේ රට කන එකනේ. (නි)
රුපියල් 2500 න් හිසට වහළක් කෙසේවෙතත් වැසිකිළියකට වහළයක්වත් සැදිය හැකිද? මොවුන් මේවා දුන්නේ ඡන්ද අල්ලස් ලෙස නොවේද? (නි)
මෙයා ගත්ත සල්ලි නම් අල්ලන්න වෙන්නේ නැහැ. පේනවා නේද මුහුණ. (නි)
අහිංසකයෙක් කන්න නැතුව බඩගින්නට පොල් ගෙඩියක් හොරකම් කළත් හිරේ දාන අපේ රටේ කෝටි ගණන් හොරකම් කළවුන්ට අැප දෙනවා. රටේ තියෙන්නේ නීති දෙකක්. එම නිසයි පිටරැටියන් කියන්නේ ලංකාවේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියා. (නි)
ජනතාවටනම් එහෙම තත්වයක් නෑ. (ර)
එනපොට හොඳ නැහැ. විදුලි පංකාවකුයි, පිඟන් කෝප්පයි, සුදු වෑන් එකකුයි සූදානම් කරගන්න. සල්ලි,ආදරය මේ වචන දෙක අති භයානකයි. අවසානය දරුණුයි. (නි)
මෙයාලා තමයි අර මනුස්සයාවත් කෑවේ (නි)
රාජපක්ෂලා කියද්දී සමහරුන්ට සුළුදිය ගිහින් ඉවරයි. (නි)
බලයට එන්න පොරකන්නේ කරපු හොරවැඩ වහගන්න. රාජපක්ෂ නාමය විනාශකළ අය තවමත් කියන්නේ ඔවුන් වැරදි නොකළ බවයි (නි)
2015 ජනාධිපතිවරනය එනකම්ම අවු:10ක් තිස්සේ ඔයාල දැනගෙන හිටියේ නැද්ද ගෙවල් නැති, වැසිකිළී කැසිකිළි නැති දුප්පතුන් රටේ ඉන්න බව. (ර)
දැන්නේ මෙයාලට ජනතාව ගැන මතක් වෙලා තියෙන්නේ. (ර)
හිරිහාරකාරී තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවා. (ර)
ජනතාවට නම් හැමදාම ඔය කියන තත්වය තමා. අපි ගැන හිතන්න එපා. (ර)