කණ්ඩායම් සංගීතයේ නව වෙනසක් එක්කිරීමට බලාපොරොත්තුවන "Professor" සංගීත කණ්ඩායම සිය පළමු ගීතය වන %දිවියේ ආශා^ ගීතය සමගින් කරළියට පැමිණියේය. මේ එම සංගීත කණ්ඩායම පිළිබඳවය.
"Professor" සංගීත කණ්ඩායමේ සමාජිකයන් හඳුන්වා දුන්නොත්?
අපේ බෑන්ඩ් එකේ හය දෙනෙක් ඉන්නවා. කණ්ඩායම් නායකයා තමයි රිදම් සහ ගායනය දෙකම කරන්නේ. ඔහු දිවුලන් රොසයිරෝ වාස්, කීබෝඩ් වාදනයෙන් ඩිල්ෂාන් දසරත්, ලීඩ් ගිටාර් වාදනයෙන් අශාන් පෙරේරා, ඩ්‍රම්ස් වාදනයෙන් නිසල් විතානගේ, පර්කෂන් වාදනයෙන් හර්ෂ පෙරේරා, බේස් ගිටාර් වාදනයෙන් ප්‍රියාන් කාරියවසම් සහභාගි වෙනවා.
පළමු ගීතය ගැන කිව්වොත්?
ගීතයේ නම තමයි "දිවියේ ආශා", මෙම ගීතයෙන් කියැවෙන්නෙ සමාජයේ වෙන දෙයක් ගැන. වයසින් වැඩිමල් හෝ බාල ලස්සන ගෑනු ළමයෙක් දැක්කාම කොල්ලෙක් එක එක විදියට හිතනවා. මෙහෙම හිතමු, රැප් පැත්තට බර අය ඉන්නවා, ඩීසන් විදිහට ඉන්න අය ඉන්නවා, ආගම දහමට ළැඳි අය ඉන්නවා. අපි මෙවැනි චරිත තුනක් අරගෙන ඒ තුන්දෙනාට එකම ගෑනු ළමයාව ඒ තුන්දෙනාගේ කොණයෙන බලද්දි කොහොමද පෙන්නේ කියන දේ සංකල්පයට තමයි මේ ගීතය නිර්මාණය වුණේ.
ගීතයක් එක්කද සංගීත කණ්ඩායම හඳුන්වා දෙන්නේ?
අපි කලින් වෙඩින්, උත්සව, ඩිනර් ඩාන්ස් වගේ දේවල්වලට සංගීතය සැපයුවා. අපි සංගීත කණ්ඩායමක් එක්ක එළියට එන්නේ %දිවියේ ආශා^ ගීතය එක්ක.
සංගීත කණ්ඩායමේ ආරම්භය?
අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ තමයි සංගීත කණ්ඩායම ආරම්භ කළේ. ඒ කියන්නේ 2007 අවුරුද්දේ. අපි තව සිංදු කිහිපයක්ම කළා.
අද බිහිවෙන සංගීත කණ්ඩායම් අතරින් "Professor" සංගීත කණ්ඩායම කොහොමද තම අනන්‍යතාව ගොඩනගා ගන්නේ?
ලංකාවෙ බොහෝ සංගීත කණ්ඩායම් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉලෙක්ට්‍රික් බෑන්ඩ් පැත්තට යන්නෙ නැහැ. පොපෝ එකෝස්ටික් පැත්ත තමයි බලන්නෙ. ලංකාවෙ ජනප්‍රිය වුණු සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ අය එහෙම වෙන්න හේතු වුණේ ඒ අයගේ දෙයක් දුන්නු නිසයි. "Professor" නම දැම්මෙත් ප්‍රධාන සංගීත කණ්ඩායමක එක් කෙනෙක්. එයාගෙ නමත් එක්ක මේ වගේ වෙනසකට යන්න.
ඉදිරි කටයුතු?
අපි තව ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ලබන අවුරුද්දේ මුල වගේ ඒ ගීත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
උදව් කරපු පිරිසක් ඇත?
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේදේ කරගෙන යාමට පසුබිම සකසලා දුන්න මීගමුවෙ උපනගරාධිපති දයාන් ලන්සා මහතාට. ඒ වගේම සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගෙ පවුලේ සාමාජිකයෝ සහ අපිත් එක්ක හැමදාම හිටපු අයටත්, සංගීත නිර්මාණයේදී අපිට ලොකු ශක්තියක් වුණ දෙනුවන් පෙරේරාටත් ස්තුති කළ යුතුයි. මෙම ගීතයෙ පද රචනය සහ ගී තනුව ඔහුගෙයි. ඒ වගේම මියුසික් සහ මාස්ටරින් කරපු දුලිප් මිරැන්ඩෝටත් විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි. මොකද සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වගේම ඒ දෙදෙනත් ලොකු කැපවීමක් කළා.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'දිවියේ ආශා' ගෙනඑන 'Professor' සංගීත කණ්ඩායම