තමා යම් අක‍්‍රමිකතාවක් හෝ මුදල් වංචාවක් කතරගම දේවාලයේ බස්නායක නිළමේ හැටියට කර ඇත්නම් ඉවත් විමට පෙර වහාම පරික්‍ෂණයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන්ද පොලිස් පතිගෙන්ද ඉල්ලා සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා බස්නායක නිළ මැදුරේ මාධ්‍ය හමුවේ දි පැවසිය.
‘මා රාජපක්‍ෂ පවුලේ අයකු විම නිසා මා හට ද විවිධ දේශපාලඥයින් බෝරු චෝදනා කරමින් මඩ ගසනවා. සෑම දිනකදීම දේවාලයේ කුණු ට‍්‍රැක්ටර් කුණු අදින්න යැව්වත් දේවාලේ බඩු පන්නනවා කියනවා.
මම 2006 සිට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලයේ ශත පහක් මම අයථා ලෙස භාවිතා කර නැහැ. හිටපු ජනාධිපති තුමා මගේ ඥාතිකම මත මට රජයෙන්ද උපකාර කරමින් කතරගම පෙරහැර කිරිමටත් දේවාලයේ පෞරාණික පුද චාරිත‍්‍ර නිසි අයුරින් කිරීමටත් අවස්ථාව ලැබුණා.පෙර සිටි බස්නායක නිළමේ වරුන් සිදු කළ කිසිදු සමාජ සේවාවක් නතර කළේ නැහැ.
මට ලබන මාර්තු 17 දක්වා කාලයක් නිළයේ කාලය තිබුණත් මා ඒ කාලය දක්වා සිටිමට බලාපොරොත්තුවක් නැහැ.
කතරගම දේවාල භුමියෙත් නගරයෙත් සංවර්ධන රැසක් කිරීමට මට හැකි වුණා.
‘මම ඉවත් වුවාට පසුව චෝදනා කරන්න එපා ‘ ජනපතිගේ විශේෂ බලතල යටතේ මේ නිලයට පත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසීන්ද්‍ර කියන්නේ වංචා කාරයෙක් නොවෙයි. එතුමාගේ කාලේ දේවාල භූමිය සංවර්දනය වුනා. ඔබතුමාට කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. පගා වලට මන්ත්‍රීවරු බාගනිපු අයට වැඩිකල් පාලනය ගෙනියන්න බැහැ කතරගම දෙවියන් ඕවා බලා ගනීවි. (නදී)
" වරදක් කලත් සිතකින් නොවෙයි " (නදී)
කෙනෙකු වරදක් කර ඇති බව සැක සහිත නම් ඒ බව රටේ පවතින නීතියට අනුව ඒ ගැන සොයා බලන්න ඕනි. ඊට පස්සේ ඇත්තටම වරදක් කරල තියෙනව නම් ඔහු සතු දේපල වලින් අලාභය අය කර ගන්න ඕනි. ඒ වගේ අයට ඉන් පසු තනතුරු හෝ වගකීම් පැවරීමෙන් වලකින්න ඕනි. කෙනෙකුට චරිත සහතිකයක් දෙන විට ඔහු ගැන සත්‍ය තොරතුරු සදහන් කරන්න ඕනි. ඒ ගැන සැලකිලිමත් වෙලා සුදුසු වගකීමක් පැවරීම තමා සුදුසු......(අ)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවානෙ බස්නායක නිළමෙතුමා. (අ)
හා හා... තවත් මොනවද කියන්න ඕනෑ? (නි)
ඔබට මේ මඩ ගහන්නේ විරුද්ධවාදීන් විතරක් කියලා හිතන්න එපා. ඕවයේ අපි නොදකින පැති තිබෙනවා. කවුද දන්නේ ඊළඟට ඔබ මහනුවර පැත්තේ උසස් තනතුරකට වුණත් යන්න අවකාශ තිබෙන බව දැන, ඒක වළක්වන්න තමන් නොහිතපු පාර්ශවයක් කළ දෙයක්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නයේදී පිට මිනිස්සු විතරක් සැකකරන්න යන්න එපා. (නි)
දෙවියෝ තමා දන්නේ....... (නි)
මතක නැද්ද දෙවිනුවර උපුල්වන් දේවාලයේ පින් පෙට්ටියට වුන සන්තැසිය. ඒ නිසා මම නම් දෙවියන්ගේ දේව කාරිය කළ පමණින් දේශපාලකයන් කියන කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. මම මේ මෙතුමාට දොසක් කියනව නෙවෙයි, නමුත් දේශපාලනයයි දේව කාරියයි එකට යන දේවල් නෙවෙයි. ඒක දැන් මෙතුමාත් තේරුම් ගන්න ඇති අහක යන කුණු ගොඩක් ඇඟට පහත් වුන වෙලාවේ. (බ)
දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අයනේ! (නි)
දෙවියන්ගේ දෙය කෑවොත් දඬුවම් ලබනු ඇත (නදී)
දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අය. ඉතින් එම මුදල් අසාධාරණ ලෙස ගසාකන අයට සොබා දහම විසින් සම සමව ප්‍රතිපල ලබා දේවි (නදී)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ තමයි (නි)
දේවාලයේ පින් කැටයට වැටෙන මුදල් කන්දරාවේ හැටියට වංචාවක් සිදුවුණත් හොයන්නේ කොහොමද? බිලක් අරගෙන නොවෙයිනේ පින් කැටේට මුදල් දමන්නේ, පුජා වට්ටියට මුදල් තියන්නේ... ඔය අභියෝගය අනුව හොරකම් කළා කියලා ඔප්පු කරන්න නම් බැහැ තමයි. (නි)
දේවාලවල දෙවියන්ගේ සල්ලි ඕන නැහැ. ලංකාවේ පන්සල්වල දේවාලවල ඔය පෙට්ටි සේරම ඉවත්කරන්න. තේරෙන්නේ නැත්නම් පකිස්ථාන් ෆිල්ම් එකක් බලන්න (නදී)
ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉන්න ලාංකිකයන් ගෙන් අහන්නකෝ දිලාන්. (නදී)
කතාව නම් ඇත්ත. ඔප්පුකළ හැකි චෝදනා ඇත්නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළයුතුයි. එහෙම නැතුව මඩගැසීම නම් වැරදියි (නි)
එසේනම් අඹුදරුවන් කඩිමුඩියේ විදෙස්ගත කළා යැයි කියන ආරංචිය බොරුවක්ද? (නි)
ඔය මහත්තය ගැන අපි දන්නවා. (නදී)
දෙවියන් සියල්ල දෙස විමසිල්ලෙනි (නි)
බයවෙන්න එපා.හොරකම් කර නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ඒත් අන්තිමට දෙවියෝ බැලුවේ නැහැනේ! (නි)