IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දවල්ටත් හෙඩ් ලයිට් ඕනෑ

බ්‍රහස්පතින්දා සිට බස්නාහිර පළාතේ  යතුරුපැදි  ප්‍රධාන ලාම්පුව දල්වාගෙන  දහවල් කාලයේ ධාවනය කළ යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එසේ කිරීමෙන් අනතුරු අවම වී ඇති බව පිටරට සමීක්ෂණ වලින් සොයාගෙන ඇතැයිද ඔහු කියයි.මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය නීතීගත කරන බවද රෝහණ මහතා සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

දවල්ටත් හෙඩ් ලයිට් ඕනෑ

සුජීව පද්මකුමාර Wednesday, 22 January 2014 09:32 PM

චාර්ජ් කරගෙන දුවන අය නම් අමාරුවේ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 22 January 2014 09:51 PM

මොන නීති දාල හරි කමක් නැහැ අහිංසක බයික් කාරයන්ට හොදක් වෙනවා නම්. මොකද බයික් වලින් ගමන් පහසුව සලසා ගන්නේ දුප්පත් මිනිස්සු. ලොකු සල්ලි කාරයෝ නෙවෙයි.(නදී)

:       0       0

නිලෙනු Thursday, 23 January 2014 02:34 PM

පිටරටවල් වල දවල්ටත් හෙඩ් ලයිට් දාන්නේ ඒ රටවල් වල දවල්ටත් අඳුර නිසා.(නදී)

:       0       0

කෙනත් - ඇමරිකාව Wednesday, 22 January 2014 09:58 PM

ඕනෑම දියුණු රටක දහවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන යාම අනිවාර්යයි. මේක හෙඩ් ලයිට් නොවෙයි , ඩේ ටයිම් රනින් ලයිට් කියන්නේ තරමක් අඩුවෙන් යන්තමින් දැල්වෙන මට්ටමක්. එය නවීන රථවල ඩී.ආර්.එල් ලෙස විකල්පයක් එනවා හෙඩ් ලයිට් වලට කලින්. එය තමන්ගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව සදහා එන්නක්. (නදී)

:       0       0

චමිල් Wednesday, 22 January 2014 10:01 PM

මේකෙනුත් හොඳට ජරාව කයි.(නදී)

:       0       0

රවී Wednesday, 22 January 2014 10:05 PM

මේක මීදුම තියෙන දවසට හොඳයි. නැත්නම් මේ අපේ රටේ අව්ව හොඳට තියෙන නිසා මේවා බොරු වැඩ. නිකම් දඩ එකතු කරන තවත් වැඩක් විතරයි.(නදී)

:       0       0

කසුන් Thursday, 23 January 2014 02:41 PM

රටවල් වල තියෙන දේශගුණය අනුව තමා එවැනි මාර්ග නීති වෙනස් වෙන්නේ. ඒත් ලංකාවේ අව්රුද්දෙ වැඩි හරියක්ම සූර්ය බැබලෙනවා. සමහරවිට මෙය නුවරඑළිය වැනි පළාත්වලට සුදුසු ඇති. නමුත් යම් නීතියක් නීතිගත කරනවානම් මුළු රටටම සරිලන ආකාරයට සැකසිය යුතු වෙනවා. මෙය හුදෙක් පොලිසියේ කව්රුහරි ලොක්කෙක් ලකුණු දමා ගැනීමක් හැටියට මම දකින්නේ. (නදී)

:       0       0

චින්තක Wednesday, 22 January 2014 10:10 PM

දඩ මුදල් වැඩි කර ගන්නද,නැත්තම් පොලිස් රාළහාමිලට වැටුප් වර්ධකයක් වශයෙන්ද ? (අ)

:       0       0

සමන්ත Wednesday, 22 January 2014 10:11 PM

අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ප්‍රශ්න අමතක කරන්න අලුතින් අවධානයට යොමු කරපු අලුත්ම ගොන් පාර්ට් එක මේකද (අ)

:       0       0

තිවංක Wednesday, 22 January 2014 10:29 PM

ඉස්සරහට අනතුරු අඩු කර ගන්න වාහනේ හෝන් එකත් ගහගෙනම යන්න කියයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 22 January 2014 10:35 PM

දැන් එතින් දෙවියනේ කියල බැටරි වලට ගහන බදු මුදල් 500% කින් වැඩි කරාවි.හරියට නැවෙන් බානකොට රුපියල් 140 යේ කිරි පිටි පැකට්ටුව අපි අපේ දරුවන්ට බොන්න දෙන්න ගන්න යනකොට රුපියල් 395 ක් වෙලා වගේ.(අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 22 January 2014 10:39 PM

තිලිණ.අදික මිදුමක් සහිත රට වලනම් මේක ක්‍රියාත්මක වෙනවා ඒක අනිවාර්යයි. ඒත් ලංකාවේ මෙච්චර පට්ට අවුවේ කොහොමද හෙඩ්ලයිට් එකෙන් අනතුරු අඩුකරගන්නේ.?ඔබ හරි. (අ)

:       0       0

සෑම් Wednesday, 29 January 2014 04:13 PM

එතකොට ලයිට් බිල ගෙවන්නෙ පොලීසියෙන්ද??? (අ)

:       0       0

සෝබනා Wednesday, 22 January 2014 10:40 PM

දඩ ගහන්න වරම සොයනවා.බෙල්ලට දැලි පිහිය තියල කප්පන් කනවා වගේ වැඩක් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ.මොලේ තියෙනවනම් තීරුම්ගන්න.(අ)

:       0       0

අකිල Wednesday, 22 January 2014 10:44 PM

එක හොදයි. එහෙන් මෙහෙන් අස්සෙන් දානකොට අඩුම තරමේ පොඩි එලියක්වත් අනිත් වාහන දකියි නේ. (අ)

:       0       0

ජනිත් Thursday, 23 January 2014 03:28 PM

ඇත්තටම මේ රටට ගැලපෙන්නෙ නෑ..ඔකත් උගුලක් තමයි.තව දඩ කොල ටිකක් ලියන්න හදන්නෙ.......(අ)

:       0       0

චමත් Friday, 24 January 2014 10:08 PM

ඔලුවෙන් හිටගෙන කිව්වත් ඉන්දියන් බයිසිකල් වලින් අනතුරු වෙනවා වැඩියි. එක අතකින් ඉතින් ජපන් කොරියන් වාහන වල මිල බැලුවම දුප්පත් මිනිස්සුන්ට වෙන ගන්න වාහන නෑනේ. මේවා පාලකයින්ගේ වැරදි. අනතුරක් වුනොත් එක්කෝ යතුරු පැදියක් ත්‍රී වීල් එකක්. ඇත්තටම දවල්ට හෙඩ් ලයිට් දාගෙන යනකොට ඕනෑම වාහනයක් කැපිලා පේනවා. (නදී)

:       0       0

යසිත් Thursday, 23 January 2014 03:55 PM

මේකත් සම්පූර්ණ වැසූ හෙල්මෙට් වගේ ටික දවසකින් නීතිගත කරගන්න බැරුව අමතක කරලා දායි.පොලිසියට වෙන වැඩ නැද්ද.පාරක යන්න නැ පුදුම තදබදයක් තියෙන්නේ.තව ලයිට් ගහගෙන යන්නත් කියන්නේ පිස්සුද.(අ)

:       0       0

රම්සි Friday, 24 January 2014 11:02 PM

මෝටර් සයිකල් සහ ත්‍රීවීල් අනිවාර්යයෙන්ම වමෙන්ම පැදවිය යුතු බවත්. ගැරඩියන් මෙන් ධාවන තීරු කපමින් ධාවනය නොකළ යුතු බවත් නීති පැනෙව්වා නම් මිට වඩා පලදායකයි. (නදී)

:       0       0

ලක්විඳු Friday, 24 January 2014 11:04 PM

මම කියන්නේ නැහැ ලයිට් එක දාන්න ඕන කොයි පැත්තේද කියලා. (නදී)

:       0       0

ප්‍රියා විජේසිංහ Friday, 24 January 2014 06:04 AM

වෙනසක් නං දකින්නේ නෑ.... මං නං කෝමත් දවල්ට හෙඩ් ලයිට් දාගෙන යන්නේ. ඒකේ පොඩි ලස්සනක් තියනවා. ඒ හින්දා. දැනට ඔන් ලයිට් බයික් වලත් ඒමයි. අනික මට ඉස්සරලම දැනගන්න ලැබුණේ දිවා කාලයේ හෙඩ් ලයිට් තහනම් කරනවා කියලා. එතකොට මැති ඇමතිලාගේ වාහන වල හෙඩ් ලයිට් දාගෙන යන්න අවසර තියනවා. යකාගේ රටක්නේ මේක. උන් පත් වෙන්නේ අපේ ඡන්දෙන්. අන්තිමේදි අපේ බදු වලින් හදාපු තාර පාරේ යන්නත් තුප්පැහි නීති ගේනවා අපිටම. මේකේ හරිනං උඩ ඉඳන් පහළට සුද්ද කරන්න ඕනි. ඒක කරන්නනං රට කන දේශපාලුවෝ ඉන්න දියවන්නාව ඒ පිටිං මහපොළවේ කිඳා බස්සන්න ඕනි.(අ)

:       0       0

උජිත් රොෂාන් Thursday, 23 January 2014 12:56 AM

ඔය අදහස පලකළ කෙනාට හතලිස් ඇඳරියද දන්නේ නැහැ.(නදී)

:       0       0

සජී Thursday, 23 January 2014 02:10 AM

මෙයාලත් දැන් හැම දෙයක්ම අනාගෙන ඉන්නේ.. ටිකකාලයකට කලින් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කළා, පස්සේ තහනම අයින්කළා, දැන් දවල්ට ලයිට් දමන් යන්නලු. තව ටික කාලයකින් කියාවිද දන්නේ නැහැ පදිකයන්ටත් දවල්ට විදුලි පන්දමක් දල්වාගෙන යන්න කියලා ... (අ)

:       0       0

නිමල් Wednesday, 22 January 2014 04:58 PM

හොද අදහසක්, මමත් දැකලා තියෙනවා වෙනත් රටවල මේක ක්‍රියාත්මක වෙනවා.(නදී)

:       0       1

කසුන් Wednesday, 22 January 2014 05:05 PM

මරු! ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල දන්වන්නත් ලේසියි.(නදී)

:       0       0

කුමාර Thursday, 23 January 2014 05:24 PM

අදට ගැලපෙන්නෙ බල ශක්තිය අඩුවෙන් වැයවන ක්‍රම .නමුත් මෙසේ දවල්ට ලයිට දමාගෙන යෑමෙන් ඉන්ධන වැයවීම බ්ල්බ් බැටරි ආනයනය වෙනුවෙන් අධික විදෙශීය විනිමයක් වැය කිරීමට සිදුවේ .මේ තීන්දුව නිසා අනතුරු අඩුවේ යැයි සිතිය නොහැකියි .ඉදිරියේදි දිවා කාලයේදී පයින් යන අයටත් ලන්තෑරුමක් අරගෙන යා යුතු යැයි කියා පොලීසිය නීතියක් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා (දිල්)

:       0       0

මහේෂ් Wednesday, 22 January 2014 05:10 PM

මෙමගින් මෝටර් සයිකල් වල බැටරි වල ආයුකාලය අඩුවෙනවා. ඒකටත් විසදුමක් දුන්නොත් වැදගත්.(නදී)

:       0       0

චන්දන Thursday, 23 January 2014 04:31 AM

මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් හැටියට දකින්න බැහැ. අපේ රටේ අනතුරු දෙස බැලුවම. වීශේෂයෙන් බස්නාහිර පළාතේ අනතුරුවලට මුලික හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි බස්නාහිර පළාතේ පාවිච්චි වෙන යතුරුපැදී ප්‍රමාණය ඉතා අදිකවීම. සතියේ දිනවල කොළඹ නගරයට ඉතා විශාල ගණනක් රැකියා සඳහා යතුරුපැදි වලින් එනවා. අනෙක් හේතුව තමා මේ අයගේ කිසිම හික්මීමක් නොමැතිකම. කොළඹ නගරයට උදේට ගමන්කරන අනෙකුත් රියදුරන්ට මේ යතුරුපැදි කරුවන් හරිම කරදරයක්. ඔව්න් මාර්ග නීති ගැන කිසිම තැකීමක් නැහැ. කොහෙන් හරි රිංගලා තමන්ගේ ගමන යන්න බලන්නේ. පොලිසිය කලයුත්තේ බස්නාහිර පළාතේ යතුරුපැදි කරුවන්ගේ හා ත්‍රීවීලර් කරුවන්ගේ මේ නොහික්මුණ හැසිරීම සම්බන්දයෙන් යම්කිසි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 24 January 2014 09:18 AM

මම දැකල තියෙනවා හොඳට වෙරි උන උදවිය මහ දවල් හෙඩ් ලයිට් දාගන යනවා.(අ)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 04:59 AM

අවබෝධයෙන් වැඩක් කරනවා නම් පොලිසිය කොයි තරම් නරක වැඩ කලත් හොඳ වැඩක් කළත් අපි ඒකට ගරු කරන්න ඕනේ. නමුත් මේ අදහස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කිරීමෙට ගත් තීරණයෙන්ම පේනවා, ලංකාවට මෝටර් සයිකල් බැටරි හා බල්බ් ගෙන්වන මිනිහෙකුගේ අවශ්‍යයතාවයක් වැනි දෙයකට මෙය ක්‍රියාත්මක වෙන බව. වසරේ මාස කිහිපයකට පමණක් හොඳ සූර්යාලෝකයක් ලැබෙන හා මීදුම් සහිත කාලගුණ ඇති රටවල මෙය ක්‍රියාත්මක වෙන බව වටහා ගෙන, ලංකාවේ හපුතලේ, නුවරඑලිය වැනි පළාත්වලට මෙය අනිවාර්ය කරන්න තිබුනා. (නදී)

:       0       0

පෙරුමාල් Wednesday, 22 January 2014 05:25 PM

පයින් යන අයත් හෙඩ් ලයිට් පෙන්න ගෙන ගියානම් තවත් අඩු වෙයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 January 2014 05:38 PM

මොන රටේද ඔය කියන සමීක්ෂණ කරලා තියෙන්නේ? දවල්ටත් අදුර මීදුම් වගේ තියන රටවලද? ලාම්පුව දල්වාගෙන දහවල් කාලයේ ධාවනය කිරීමෙන් අනතුරු වැළකෙන ආකාරය පහදා දෙන්න.(නදී)

:       0       0

සම්පත් Wednesday, 22 January 2014 05:47 PM

මහේෂ් වෙත, බැටරිය වගේද ජීවිතය.... බැටරිය බැස්සොත් අලුත් එකක් දා ගන්න. මම දන්න විදියට නම් ලයිට් දාගෙන ගියා කියලා බැටරියේ ආයු කාලයේ වෙනසක් වෙන්නේ නැ. ඒත් ලයිට් දාගෙන තල්ලු කරගෙන ගියොත් නම් කියපු කතාව හරි යයි.(නදී)

:       0       0

ගම්ස්‍යා Thursday, 23 January 2014 06:13 AM

මෙයා හොඳ විහිළු කාරයෙක්. රටේ අනිත් ඔක්කොම අපරාද දැන් නවතාල ඉවරද ???(අ)

:       0       0

සමන් Thursday, 23 January 2014 07:02 PM

ලොක්කෙක් ඇටෙරි නැවක් ගේනවද දන්නේ නැහැ (අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 January 2014 05:50 PM

ලයිට්නම් දාගෙන ගියාට කමක් නැහැ. අදහස හොඳයි. නමුත් සමරක් හෙඩ් එක නැතුවම යනවනේ. එතකොට තමයි අනතුරු වෙන්නේ.(නදී)

:       0       0

සෂික Wednesday, 22 January 2014 05:51 PM

ශ්‍රී ලංකා පොලීසියේ නවතම සොයා ගැනීම. අනෙකුත් සියළුම අපරාධ නැවත්වූ පොලීසියට අපගේ උත්තමාචාරය. පයින් යන අයටත් විදුලි පන්දමක් අරන් යන්න කියමු. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 22 January 2014 05:52 PM

දවල්ටත් හෙඩ් ලයිට් නැහැ කියලා දඩ ගහන්න පුලුවන්නේ.(නදී)

:       0       0

නාමල් Thursday, 23 January 2014 06:53 AM

බොහොම හොදෙයි , හැම රටකම තියෙනව දියුනු ,මම ලංකාවේදී දැකල තියෙනවා ,යතුරු පදෙය පෙන්නේ නැහැ (අ)

:       0       0

බන්ඩා Wednesday, 22 January 2014 05:54 PM

කාලෙකට පස්සේ පොලිසියෙන් ධනාත්මක චින්තනයක්.(නදී)

:       0       0

සන්ත Thursday, 23 January 2014 07:16 AM

මේක හොද අදහසක් මේකෙන් අනතුරු අඩුවෙනවා....(අ)

:       0       0

ප්‍රෂ්පමාල් Wednesday, 22 January 2014 06:00 PM

පයින් යන අය කෑලි තුනේ ටෝච් එකක් අරගෙන යන්න. මොකද, කහ ඉර පනින කොටවත් ගහන්න.(නදී)

:       0       0

උපාලි Thursday, 23 January 2014 07:30 AM

ගොඩක් හොද වැඩක්. ඕන වහනයකට පෙන්වා මෝටර් බයික් එක.නිතිය හරියට කරන.ජය පතනවා. (අ)

:       0       0

අරවින්ද Wednesday, 22 January 2014 06:03 PM

මේකෙන් ඇක්සිඩන්ට් වැඩි වෙනවා. (නදී)

:       0       0

රොසාන් Wednesday, 22 January 2014 06:07 PM

පාරේ තියන ලයිට් කණු වල ලයිටුත් දාල තිබ්බනම් තවත් හොඳයි.(නදී)

:       0       0

චමින්ද Wednesday, 22 January 2014 06:08 PM

ජපන් හොන්ඩා බයික් ගොඩක් අවා ඔන් ලයිට්. ඒ රටවල ඒක අනිවාර්යයි. අපේ අයට කිවාම ලෝකේ නැති දේවල් කියනවා මහේෂ් වගේ. (නදී)

:       0       0

කසුන් Wednesday, 22 January 2014 06:08 PM

අදහස හොඳයි. බැටරි වල ආයුකාලය ගැන කව්ද බලන්නේ.(නදී)

:       0       0

දිලි Wednesday, 22 January 2014 06:11 PM

ඒක නම් නියම වැඩක්. ලංකාවේ පොලිසියටත් පොඩ්ඩක් මොලේ තියෙනවා නේද? (නදී)

:       0       0

නයි Saturday, 25 January 2014 09:17 AM

මෝඩ යෝජනාවක් . ස්කැන්ඩිනේවියානු රටවල තමා මුලින්ම මෙම නීතිය ගෙනාවේ ,එම රටවල වැඩ වැඩි කාලයක් මීදුම සහිත අඳුරු ස්වභාවයක් තියෙන නිසා. ජර්මනියෙවත් මෙම නීතිය පසුගිය අවුරුද්ද දක්වාත් තිබුන බවක් මට පෙනුනේ නැහැ. සූර්ය ආලොකයෙන් බබලන ශ්‍රී ලංකාවට මෙය ගැලපෙන්නේ නැහැ. බල්බ් වලටත් බටරිවලටත් ආයුෂ කාලයක් තියෙනවා. මේක නිසා රටේ තියන විදේශ විනිමය තව තවත් පිට රටවලට ඇදී යනවා. මේක කොමිස් කාක්කෙකුගේ හෝ කපටි දේසපලුවෙකුගේ මාෆියා යෝජනාවක්. මගේ රට යන විදිය ගැන මට හරි කනගාටුයි මිතුරනේ ! මේ ආලෝකයද ආශ්චර්ය.? (අ)

:       0       0

සුරංග Wednesday, 22 January 2014 06:15 PM

මෙමගින් මෝටර් සයිකල් වල ‍‍පෙටිටල් පරි‍භොජනය ඉහල යනවා ඒ මුදල ‍ගෙවන්‍‍නේ ‍පොලීසි‍යෙන්ද ? (නදී)

:       0       0

සුරංග Wednesday, 22 January 2014 06:16 PM

රෑටත් ලයිට් ඩිම් නොකරන අය දවල්ට ඇහැ කනවෙන්නම ගහගෙන යයි. (නදී)

:       0       0

නුවන් Wednesday, 22 January 2014 06:18 PM

වෙන රටවල මේ දේ කරන්නේ ඒ ඒ රටවල තියෙන භූගෝල පසුබිම මත හිරු එලිය මදි කම හා මීදුම් සහිත කාලගුණ තත්වයන් නිතර ඇතිවන නිසා. මේක කව්රු හරි ලගදී රට ගිය පොලිස් නිලදරයෙක්ගේ ලංකාවට වටින්නේ නැති වැඩක්.(නදී)

:       0       0

මහේෂ් Thursday, 23 January 2014 08:19 AM

අනිත් රටවල් වල විදියටම මෙවැනි අත්හදා බැලීම් ද කරලා බලන එක ගොඩක් වටිනවා. මේක අනුකරනය කිරිමක් වුනත් .... බලනකොට හැමදේම අනුකරනය කිරිමක්ම තමයි අපි හැමෝම කරන්නේ... (අ)

:       0       0

තරිඳ Wednesday, 22 January 2014 06:28 PM

ජයට තවත් අදායම් මාර්ගයක්.(නදී)

:       0       0

ධනු Wednesday, 22 January 2014 06:33 PM

දවල්ටත් හොඳට පෙනෙයි නේද? (නදී)

:       0       0

ඉසුරු Thursday, 23 January 2014 09:02 AM

මේක මහ වැඩක් නැති වැඩක්. පොලිසියට හොඳයි දඩගහන්න. (නදී)

:       0       0

දිනුෂ Thursday, 23 January 2014 08:23 PM

මම හිතන්නේ පොලිසියට වාසි වෙන විදියේ නීතියක් මිස අනතුරු අඩු කර ගන්න ඉවහල් වෙන දෙයක් විදියට සාර්ථක නැහැ, පොලිසියට නඩු හොයන්න දඩ ගහන්න ජරාව කන්න ක්‍රමයක් හොයනවා වෙන්න ඕන, මේ නිතිය අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලයි මගේ විශ්වාසය, (අ)

:       0       0

සුමී Wednesday, 22 January 2014 06:55 PM

අදහස නම් හොදයි... ඒත් නරකද.? වේග සීමාවක් පැනව්වා නම් පැයට කිලෝම්ටර් 40 වැඩි අයට අදාල වෙන විදියට.(නදී)

:       0       0

දුමින්ද Wednesday, 22 January 2014 06:58 PM

මමත් දැකලා තියෙනවා සමහර රටවල්වල දවල්ටත් ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන යනවා. මම අහපුවම ඒ අය කිව්වෙ ඒක නීතියක් කියලා.. හැබැයි අනතුරු අවම වෙන්නෙ කොහොමද කියලනම් මටත් අවබෝධයක් නෑ..(නදී)

:       0       0

ආරියසේන Wednesday, 22 January 2014 07:01 PM

වැස්ස ,හිම,අඳුර ඇති අයහාපත් කාලගුණයක් ඇති දිනවල නම් සැම වාහනයකම දහවල් කාලයේ හෙඩ් ලයිට් දල්වාගෙන අනිවාර්ය කල යුතුයි. (නදී)

:       0       0

තිලින Wednesday, 22 January 2014 07:04 PM

සුද්දටම බැන බැන උන්වම කොපි කරනවා. කොහොමත් අදික මිදුමක් සහිත රට වලනම් මේක ක්‍රියාත්මක වෙනවා ඒක අනිවාර්යයි. ඒත් ලංකාවේ මෙච්චර පට්ට අවුවේ කොහොමද හෙඩ්ලයිට් එකෙන් අනතුරු අඩුකරගන්නේ.? (නදී)

:       0       0

චන්දිම Wednesday, 22 January 2014 07:05 PM

වැඩේ නම් හොදයි, ඔය නිසා තමයි සමහර බයිසිකල් වලඔන් ලයිට් ක්‍රමය ආවේ. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිකලයක ඔය වැඩේ කරන්ට ගියාම බැට්රි ලයිෆ් එක නම් අඩුවෙනවා ෂුවර්.(නදී)

:       0       0

අසෝක Wednesday, 22 January 2014 07:12 PM

ඒ කියන්නේ රැට යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්න එපා කියලද? මේක අන්‍යාගමික කුමන්ත්‍රණයක්ද කොහෙද. පොල්තෙල් පහනක් හරි ඉටිපන්දමක් හරි ලන්තෑරුමක් හරි දල්වාගෙන ගියොත් කමක් නැද්ද? (නදී)

:       0       0

ශාලිත Thursday, 23 January 2014 08:37 PM

වෙන රටවල් වලින් තව මොන තරම් නම් ආදර්ශ ගන්න තියෙනවද? අපේ රටේ පොඩි අවුලකට තියෙන්නේ, අන්තිමේට කරන්න ඕන දේ මුලින්ම කරන එකනේ. කැමති උනත්, අකමැති උනත් වැඩක් නෑ, හරි උනත්,වැරදි උනත් කමක් නෑ. ලයිට් ගෙන යන්න හිත හදා ගන්න (අ)

:       0       0

එර Thursday, 23 January 2014 09:51 AM

ඒ වැඩේ ගොඩාක් හොඳයි (අ)

:       0       0

නිශ්ශංක Wednesday, 22 January 2014 07:14 PM

හුටා බලු මගුල් ඉවරවුනා විතරයි මේ මොකද අමු කැවිලද? (නදී)

:       0       0

රටවැසියා Thursday, 23 January 2014 10:03 AM

මලා, මෙච්චර කල් පැද්දෙ දවල්ට විතරයි ලයිට් වැඩකරන්නෙ නැති නිසා. දැන් ඒකත් හමාරයි. (අ)

:       0       0

අසෝක Wednesday, 22 January 2014 07:17 PM

තව ටික කලකින් කියයි හෝන් එක ගහගෙනම යන්න කියලා. ඊට පස්සේ කියයි බ්රේක් එක ගහාගෙන යන්න කියල ඊට පස්සේ කියයි සිග්නල් 4 ම ගෙන යන්න කියලා. නිකම් ඉන්න බැරි නිසා නීති හදනවා. මේ නීති සියල්ල ඔය යක්ෂයෝ වගේ වාහන එලවන දේශපලකයෝන් සහ සනුහරේටත් බලපානවද? නැහැ නේද ? (නදී)

:       0       0

ධනුෂ්ක Sunday, 26 January 2014 04:29 PM

මහ මෝඩ වැඩක්. (දිල්)

:       0       0

ධනුෂ්ක Thursday, 23 January 2014 10:16 AM

මේක අනතුරු අඩු වෙන්න බලපාන්නේ නැහැ. කරන්න ඕනේ රියදුරු බලපත්‍රය දෙනකොට අ.පො.ස ස.පෙළ සමත් සියලු දෙනාට විතරක් ලබාදීමට කටයුතු කිරීම.(නදී)

:       0       0

චතුරංග Wednesday, 22 January 2014 07:26 PM

අදහස නම් ගොඩක් හොදයි. බස්නාහිර පළාතේ විතරක් නෙවෙයි අනෙක් පළාත් වලත් ක්‍රියාත්මක කරන්න ඕනා.(නදී)

:       0       0

අසෝක Wednesday, 22 January 2014 07:31 PM

මට දවසක් වැරදිලා මහා දවාලේ යතුරුපැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන ගියා. හැම තැනදීම ස්ලෝව් කරාම " ඕයි තමුසේ ලයිට් දාගෙන යන්නේ තමුසෙට පිස්සුද ? කියල මිනිස්සු කැ ගහල තියෙනවා. මම හෙල්මට් දාගෙන හිටපු නිසා ඇහුනේ නැහැ. සමහරු බස්වලින් ඔලුව එලියට දාල අතිනුත් මිරිකනවා වගේ සඥාවක් දුන්නා. අන්තිමේදී පැලියගොඩ පොලිසිය ළඟ පොලිස් කාරයෙක් නවත්තල කිව තමුසේ මහා මෝඩයෙක්නේ ඕයි දවල් ලයිට් දාගෙන යන්න. මේ නිසා අනතුරු වෙන්න පුළුවන් කියල දඩ කොලයක් දෙනවා කියලා. යන්තම් ඇග බේරගෙන ෂේප් වුනා.(නදී)

:       0       0

ගිහාන් අනුරුද්ධ Thursday, 23 January 2014 10:50 AM

නියමයි! මේකෙන් යතුරු පැදි කරුවන් ගැන තියෙන අවධානය වැඩිවෙනවා. ජපානය,ඉතාලිය, ‍වගේ බයික් නිෂ්පාදනය කරන රටවල්වල 1997 අවුරුද්දෙ ඉඳන් වගේ යතුරු පැදි නිෂ්පාදනය කරන්නේ ලයිට් නිවන්න බැරි විදිහටග ඒකට හේතුව තමයි යතුරු පැදි කරුවන් පිළිබඳව අනෙක් රියදුරන්ගේ වැඩි අවධානයක් ලබා ගැනීම. ජයවේවා !!! (අ)

:       0       0

අනුර Wednesday, 22 January 2014 07:39 PM

ඔය කියන විදියට මේ රටේ අනතුරු වෙන්නෙ යතුරුපැදි වලින් විතරද? අනිත් වාහන වලට ඒ නීතිය නැද්ද? ඒවා වලින් අනතරු වෙන්නෙ නැද්ද? (නදී)

:       0       0

රවී Wednesday, 22 January 2014 07:41 PM

බොහෝ විට මහා මාර්ගයේදී වැරදි නොකර පොලිස් නිලධාරීන් දඩ කොල නිකුත් කල හුගක් රියදුරු මහතුන් කරන වැඩක් තමා ඉදිරියෙන් එන සියලුම වාහන වලට ඉදිරියේ පොලිස් නිලධාරීන් සිටින බවහෙඩ් ලයියි පත්තු කර දැන්වීම. එය කරන්නෙ ඇත්තටම පොලිසියත් එක්ක තියන කේන්තියට. ඒ නිසා දැම්ම නීතියක්ද මේක ? (නදී)

:       0       0

කමල් ජයලත්ගේ Wednesday, 22 January 2014 07:45 PM

ලයිට් එකට ඇහැ ගියාම අවදානේ වෙන පැත්තකට යන බව මේ නූගත් අයට කියල දෙන්න පුළුවන් කෙනෙක් පහල වේවා.(නදී)

:       0       0

සුපුන් Wednesday, 22 January 2014 07:53 PM

ඒ මදිවට දුම් පරීක්ෂාව කරපු වාර්තාවත් ඕනලු. මොලයක් තියෙනවා නම් ඕන මෝඩයෙකුට උනත් තේරෙනවා ඒක නැතුව ආදායම් බලපත්‍ර දෙන්නෙ නෑ කියලා. ඒත් පුදුමෙ කියන්නෙ ඒකවත් තේරෙන්නෙ නැති අයයි තනතුරේ ඉන්න එකනෙ.(නදී)

:       0       0

තිස්ස Wednesday, 22 January 2014 07:55 PM

හොද වැයමක්. ඉදිරියෙන් එන විට පේනවා සාර්ථක වේවා මගේ පැතුම්.(නදී)

:       0       0

හිරාන් Wednesday, 22 January 2014 08:00 PM

මෙච්චර අව්ව තියෙන රටේ සයිකලයක් පේන්නේ නැත්නම් පුදුමයි.(නධී)

:       0       0

ගයාන් Thursday, 23 January 2014 11:54 AM

එතකොට කොහොමද බැටරි චාර්ජ් වෙන්නේ(දිල්)

:       0       0

දිනූ Saturday, 25 January 2014 05:06 PM

මානසිකව වැටෙනවා එක අතකින්. අසාධාරණ ලෙස පාලනය කිරීමක් මේක (අ)

:       0       0

විජේබණ්ඩාර Wednesday, 22 January 2014 08:07 PM

මේ කියන ක්‍රියාව කළාය කියල කිසිම කෙනෙකුට බරපතල හානියක් වෙන්නෙත් නැහැනේ. අනතුරු අඩුවෙනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හරින්න. ලෝකය පැතලි වස්තුවක්ය කියපු ඉස්සර කාලේ ලෝකය ගෝලාකාරයි කියපු බුද්ධිමතුන්ට මරණ දඬුවම ලබාදුන්නා. නුතනය එහෙම නොවුනත් අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න ගියාම පණ්ඩිතයෝ නොයෙක් බාධක එල්ල කරන එක හොඳ නැහැ. එය ක්‍රියාත්මක උනාවේ. අපි බලා හිඳිමු.(නදී)

:       0       0

සෑම් Thursday, 23 January 2014 12:14 PM

මේක ඕස්ට්‍රේලියාවේ මම දන්නා කාලේ ඉඳලා (වසර 22 ට වඩා) තිබුන නීතියක්. මෙහෙ බයිසිකලය පන ගන්වනකොට ලාම්පු දැල්වී තිබෙන ආකාරයට තිබිය යුතුයි. නමුත් දැන් වසරකට හෝ දෙකකට කලින් ඉහත නීතියෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බව ඔප්පු වී ඇති බව පවසා අනිවාර්යයෙන්ම ලාම්පු දල්වා බයිසිකල් පැදවීමේ නීතිය ඉවත් කළා. කැමතිනම් තවමත් ලයිට් ගෙන ගියහැකියි. නමුත් ඉස්සර වගේ දවල්ට ලයිට් නැතිව ගියාට දඩ ගහන්නේ නැහැ. (අ)

:       0       0

විකී Thursday, 23 January 2014 12:14 PM

කව්ද දන්නේ නෑ මේ අදහස දුන්න මොඩය (අ)

:       0       0

විපුල Wednesday, 22 January 2014 08:10 PM

මුන්ට පිස්සු.(නදී)

:       0       0

සුමිත් Wednesday, 22 January 2014 08:10 PM

දැන් පොලිසිය කාලෙන් කාලෙට මේ වගේ අනුවණ වැඩ කරයි නේද? . (නදී)

:       0       0

සිරා Thursday, 23 January 2014 12:32 PM

ෆුල් ෆේස් හෙල්මට් දාන්න එපා කීවෙත් අනතුරු අඩුකරන්නනේ නේද ?(නදී)

:       0       0

විරාජ් Wednesday, 22 January 2014 08:32 PM

මෙසේ ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්නේ සෑම අතුරු පාරකින්ම ප්‍රදාන පාරට දානවිට රවුම් කන්කාඩි සවිකර තියනවා. ඒ කන්නාඩිය හරහා අනික් වාහන වලට හොඳට පේනවා. ඒ නිසයි ජපානය ඒ නීතිය පනවලා තියෙන්නේ. (නදී)

:       0       0

නිමාලි Thursday, 23 January 2014 12:47 PM

ඉර එලිය හෙඩ් ලයිටය මට පරාවර්තනය වුනාම එය කාර් රථයේ කන්නාඩිය මත පරාවර්තනය වන්නේ ඇසට දරා ගැනීමට නොහැකි තරම් එළියක් සහිතවයි. මෙය අනතුරු වැඩි වීමට හේතු විය හැකිය. (නදී)

:       0       0

නානයක්කාර Thursday, 23 January 2014 01:05 PM

චන්දනගේ කතාව හරියටම හරි. උදේට පාගොඩ වැලි පාරේ ඉඳන් පිටකෝට්ටේ ට ගියොත් බලන්න පුළුවන් නුගේගොඩ පැත්තට එන බයික් ත්‍රී වීල් පාරේ කොයි පැත්තෙන්ද යන්නේ කියල.(දිල්)

:       0       0

දර්ශිකා Wednesday, 22 January 2014 08:45 PM

දවාලේ යතුරු පැදි ප්‍රධාන ලාම්පුව දල්වාගෙන යන්නේ සෑම අතුරු පරකින්න්ම ප්‍රදාන පාරට දමද්දී රවුම් කන්නාඩි සවි කර තිබෙනවා. .ඒ කන්නාඩිය හරහා අනික් වාහනවලට හොදට පේනවා. ඒ නිසයි ඒ නීතිය ජපානයේ තියෙන්නේ. .කොහොමද ලංකාවේ වදුරු මොලේ ? (නදී)

:       0       0

සනත් Wednesday, 22 January 2014 08:48 PM

මෙහි යම් ඇත්තක් තියෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. දවසක් පේරාදෙණිය - නුවර ප්‍රධාන පාරේ තිවිල් එකක් යු ටර්න් එකක් අරන් මගේ බයිසිකලය හැප්පුන වෙලාවේ ඔහු කිවේ ' ඔයාගේ බයිසිකලය නම් දැක්කේ නැහැ ඊට පිටි පස්සෙන් ආපු බස් එකනම් දැක්කා කියලා' බයිසිකල් වගේ පොඩි වාහන ඇහැට දර්ශනය වෙනවා අඩුයි ඒ නිසා ලයිට් දමන් ගියොත් එයට අවධානයක් යොමුවෙනවා . අනික බයිසිකලය ඉතාම අනාරක්ෂිත වහනයක් නිසා අන් අයගේ අවධානය යොමුවිය යුතුයි. (නදී)

:       0       0

චම්පිකා Wednesday, 22 January 2014 08:54 PM

මෙහෙමත් රටක්. අනේ අපේ රටේ අනාගතය... මේකත් අශ්චර්යේම එක කරුණක් වෙන්න එති . මොලේ කොහෙද දන්නේ න තියෙන්නේ ...(අ)

:       0       0

සේරම් Thursday, 23 January 2014 01:58 PM

හොඳ අදහසක් තමයි. ඒත් මාර්ග නීති උල්ලංඝනය කිරීම රජය අදායම් මාර්ගයක් කරගෙන මේවා වලක්වන්න රජයට අවංක උවමනාවක් නැති බව පිටරටවල් හා සංසන්දනය කලවිට අපිට පේනවා. මම ජීවත් උන රටවල සිවිල් පොලිසිය නිතරම අපි අතර ඉන්නවා ඒක නිසා කවුරුවත් කොහෙදිවත් වැරදි කරන්නේ නෑ. (නදී)

:       0       0

සෑන් Thursday, 23 January 2014 02:02 PM

මේක මහා විහිළුවක්. පාරේ යන මිනිස්සුන්ටත් දැන් ලාම්පු පත්තු කරගෙන යන්න කියයි. මේකෙන් සිදුවෙන්නේ යතුරුපැදියේ විදුලි පද්දතිය ඉතා ඉක්මනින් දුර්වල වෙන එක විතරයි. රටේ ජනතාවගේ සල්ලි හුරගෙන කන තවත් මගඩියක් මේක කරනවා නම් මීට වැඩිය දේවල් තියනවා කරන්න.(නධී)

:       0       0

චන්න Wednesday, 22 January 2014 09:16 PM

අනේ මන්ද මේකේ තියන සමහර අදහස් බැලුවම කට්ටියගේ මොලේ ගැන හිතා ගන්න පුළුවන්. තමන් නොදන්නා දේවල් වලට දන්නවා වගේ අදහස් පල කරන්න එපා 1. හෙඩ් ලයිට් දැම්මට පෙට්ට්‍රල් වැඩිපුර දහනය වෙන්නේ නෑ.එහෙම වෙන්න නම් නැවතිලා හෙඩ් ලයිට් දාන්න ඕනේ. 2. බයිසිකලේ හෙඩ් ලයිට් දැම්මම වෙනත් වාහන වල රියදුරන්ට ඒ පිළිබද වැඩිපුර අවදානයක් යොමු වෙන නිසා බයිසිකල් යට කරගෙන යන එක අඩු වෙනවා (අ)

:       0       0

අල්විස් Thursday, 23 January 2014 02:05 PM

හොද වැඩක් සාර්ථක උනොත් හොදයි..රියදුරු බලපත්‍රය දෙනකොට ටිකක් හරි අධ්‍යාපන සුදුසු කමුත් බැලුවොත් හොදයි.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 22 January 2014 09:18 PM

මේ පිළිබඳව සොයාබලන්න ඇමති කෙනෙක් සහ උප ඇමති කෙනෙක් පත් කරන්න කියල මම යෝජනා කරනවා, කවුද මගේ යෝජනාව මේක ස්ථිර කරන්නේ? (w)

:       0       0

සුපුන් Wednesday, 22 January 2014 09:21 PM

මෝඩ හරක් වගේ බොරුවට කෑ ගහන්න එපා. හෙඩ් ලයිට් දාගෙන ගියාම ඉස්සරහ ඉන්න ලොකු වාහන වලට බයික් එක විශේෂයෙන් පේනවා අවධානය ගිහින්. නැතිනම් බයික් කාරයොන්ව යට කරගෙන යනවනේ.(අ)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 22 January 2014 09:22 PM

අවුරුදු 30කට පෙර පවා මෙය බොහෝ රටවල නීතියෙන් නොවුවත් පුරුද්දක් වශයෙන් යතුරු පැදිකරුවන් දවාලෙත් හෙඩ් ලයිට් දමාගෙන ධාවනය කලා. මෙය නීතියක් නොකර අවවාදයක් ලෙස යෝජනා කලානම් වඩා හොඳයි. නැත්නම් බල්බය පිච්චුන දාට අලුත් එකක් ගන්ඩ පංචිකාවත්තට යන්ඩ වෙන්නේ බස් එකේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 521 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2319 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1162 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1079 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3596 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 481 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site