දින පහක් ඇතුලත අනුරාධපුර දසාවේ තැන් දෙකකදී විදුලි සැර කවා අලි පැටවුන් දෙදනකු මරා දමා ඇත.
පසුගිය 19 වැනිදා විහාරහල්මිල්ලෑවේදී අලියකු මැරූ ඉන්දික රොෂාන් පුෂ්පකුමාරට රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් උසාවියෙන් නිම විය.
22 වැනි දා රාත්‍රියේදී උළුක්කුලමේදී අලියකු මරා දැමු පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ගෙන් වැඩක් නැහැ. තමන්ගේ බලය පවත්වාගෙන යන්න හැකි නම් ඒ ඇති(අ)
දෑත් ශක්තිමත් කරන්න කියල ආණ්ඩුව ට බැඳුන නම් අලි එකෙක් වත් අකාලයේ ඔහොම මැරෙන්නේ නැහැ. (අ)
පොලිසියට මේවාට වගකිව යුතු අය සොයන්න බැරි ඇයි (අ)
දයාව සහ සෙනෙහස ඉතා සමීප සම්බන්ධතාවක් ඇති ගුණයන් ය. අපට දයාන්විත හදවතක් තබේ නම්, සෙනෙහස පහසුවෙන් ම උපදින්නේ ය. කවරකු හෝ පීඩාවෙන් පෙළෙන විට එම පුද්ගලයා වෙත ගොස් ඔහුගේ දුක තුනී කිරීමට අපට කැමැත්තක් සහ වුවමනාවක් ඇති වන්නේ ය. දයාව නැත හොත් කරුණා ගුණය වෙත දුක තුනී කිරීමේ කැමැත්ත ඇත. අපේ කැමැත්තෙන් ම තවෙකකුගේ දුක තුනී කිරීමට ඉදිරිපත් වීමේදී විශේෂයෙන් ම මේ හැඟීම ඇති වන්නේ ය. මෙම කාරණය පැහැදිලි කිරීමට පහත දැක්වෙන කථාව උදවු වනු ඇත. වතුර පිරුණු මඩ කඩිත්තක ගෝනුස්සකු ගිලෙනු දුටු මිනිසකුට එම සතා බේරාගැනීමේ අදහසක් ඉක්මනින් ම ඇති වුණි. වහා ම ක්‍රියාත්මක වූ මිනිසා තම අත දිගු කොට ගෝනුස්සාව ජලයෙන් උඩට ගෙන වියළි බිම මත තැබුවේ ය. ගෝනුස්සා මිනිසාට දෂ්ට කළේ ය. පාර හරහා පැනීමට අදහස් කළ ගෝනුස්සා පාර පනිනවා යැ යි සිතමින් නැවතත් ගියේ මඩකඩිත්ත වෙතට ය. නැවතත් ඌ මඩේ එරී දඟලමින් ගිලෙනු දුටු මිනිසා දෙවන වරටත් ඌ බේරාගත් අතර, ඒ වර ද දෂ්ට කරනු ලැබී ය. ඒ ස්ථානය පසු කර යමින් සිටි කෙනෙක් මේ සිද්ධිය දැක, මිනිසාට මෙසේ පැවසී ය: “ඔබ ඔය තරම් මෝඩ ඇයි? දැන් දුටුවා නේ, එක වරක් නො වෙයි දෙවරක් ම ඔබට දෂ්ට කළා. ගෝනුස්සකු ගලවාගැනීමට උත්සාහ කිරීම මෝඩ වැඩක්.” මිනිසා ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය: “මහත්මයා, ඒ ගැන මට කරන්න දෙයක් නෑ. දෂ්ට කිරීම ගෝනුස්සන්ගේ ස්වභාවය යි. මගේ ස්වභාවය ගලවාගැනීම යි. ගෝනුස්සා ගලවාගැනීමට උත්සාහ කිරීම හැර වෙනත් යමක් මට කළ නොහැකි යි.”
බුද්ධිමත් මිනිස් සතාගෙන් අනිකුත් සතුන්ට වන හිරිහැර කරදර බෙහෙවින්ය, (අ)
. වැටවලට විදුලි සැර යෙදීම දැන් බහුල වෙලා. එය නැවත්වීමට නම් විශාල දඩ නියම කල යුතුයි. (අ)
ලංකාවේ අලි අල්ලා ගල්කරන්නට ඕනේ මිනිසුන්ට අලින්ගෙන් හරි කරදර (අ)
ඇයි මේ අපරාධ නවත්වන්න වැඩ නොකරන්නේ? (අ)
මහා අපරාදයක්. (අ)
පව්....අපි උන්ගේ නිජ බිම් අල්ල ගෙන උන්ටම දඩුවම්දෙනවා(අ) .
ඇයි කිසි වැඩපිලිවෙලක් යොදන්නේ නැත්තේ.(නදී)
මේ පව්කාරයින්ට දෙන දඩුවම් මදි. මෙහෙම ගියොත් අනාගතයේදී ලංකාවෙන් අලි සම්පත තුරන්වෙලා යාවි. අලින් ආරක්ෂා කරගැනීමට ඉක්මන් පියවර ගත්තොත් හොදයි.(නදී)
අලියන්ට දෙයියන්ගේ සරණයි.(නදී)
හෙන ගහන අපරාදයක්. (නදී)
මේ වටින සතුන් විනාශ කරන්න දගලන රටක් මම නම් දැක්කේ නැහැ. කැලෑ රජානනි ඔබට නිවන් සුව.(නදී)
අලියෙක් ලක්ෂ එක හමාරද? (නදී)
අහෝ දෙවියනි! කුමන ශාපයක්දෝ මේ.(නදී)