පරාද වු ක්‍රීඩකයන්, දිනපු ක්‍රීඩකයන්ට අතට අත දී පිළිගන්නවා. සිප වැළඳ ගන්නවා. එහෙත් දේශපාලකයන් එහෙම නෑ. පැරදුනාම ප්‍රතිවාදියාගේ මුහුණවත් බලන්නේ නෑ ඒක නරක ආදර්ශයක් යැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය. කළුතර පස්දුන් රට විද්‍යාපීඨයේ පැවැති රාජ්‍යසේවා ක්‍රීඩා උත්සවයේ ආරාධිතයා ලෙස සහභාගී වූ වෙල්ලම මහතා මෙසේ ද කීවේය. තමුන් වහන්සේලාගේ මෙම ක්‍රියාව දේශපාලකයන්ට හොඳ ආදර්ශයක්.ඡන්දයක් පැරදිලා යන කොට කාගෙවත් මුහුණ බලන්නේ නෑ. සමහර විට ගහත් ගන්නවා. හැබැයි ක්‍රීඩා කරල අත්දැකීම් තියෙන අය එහෙම කරන්නේ නෑ. දේශපාලනයට තෝරා ගන්නා විට උගත්කම වගේම ක්‍රීඩා සහතිකත් බලනවා නම් අද රටේ මැතිවරණයකින් පසු සිදුවන දේවල් සිදුවන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරක්කාර දේශපාලනයක යෙදිලා පැරදුණාම මුහුණ බලන්නේ කොහොමද? (නි)
ඉතින් ඔබතුමාගෙන්ම ඒක ආදර්ශයට දෙන්නකෝ. ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාව බලවත්නේ. ඔබතුමාගේ ප්‍රතිපත්ති අතරට ඒක තියාගන්න එතකොට ඒක තව කවුරුම හරි ආදර්ශයට ගනීවි.(නදී)
වෙල්ගම ඇමති තුමාගේ කතාව සම්පුර්ණ ඇත්තක්. එහෙත් පරදින කෙනාට එහෙම සිනහ වෙන්නට බැහැ. මොකද සියලුම ප්‍රාග් ධනය කාලය වියදම් කරලා එන්නේ , ආවට පසු පොලියත් එක්ක ඒවා අවුරුද්දෙන් සොයා ගන්න. ඉතින් පැරදුනාම සිනහ වෙලා විරුද්ධ කෙනාට හෝ තමන් පරද්දා දිනපු තමන්ගේ පැත්තේම කෙනා වුනත් පේන්නේ නයාට අඳු කොළ වාගේ.(නදී)
දේශපාලනය කරන බට්ටෝ තමයි ඔය විදියට හැසිරෙන්නේ. නමුත් බලන්න සමහරු රජගෙදරට ගිහින් අතට අත දීලා කෝපි කෝප්පයක් බිල, සුවදුක් කතා කරලා, ඊළග මැතිවරණය ගැනත් කතාකරගෙන ක්‍රියා කළයුතු ආකාරය පිළිබද සැළසුම් වලට සූදානම් වෙන අපුරුව (නි)
මහත්වරුන් සහ ක්‍රීඩකයෝ.(නදී)
මැතිතුමනි, අද ගහගන්න එක මරාගන්න එක සිරිතක් වෙලා. එක පාටියේ එක පවුලක් වශයෙන් ඉන්න අයත් ගහගන්නවා මරාගන්නවා. දේශපාලනය කියන්නේ මේකද. උගත්කම කියන්නේ මේකද, හැදියාව කියන්නේ මේකද. ඉස්සර හිටිය දේශපාලකයන් මෙහෙම චන්ඩියන් මෙන් හැසිරුනේ නැහැ. එම අයට තිබුන නියම හැදියාවක්. එයාල අවේ රටට සේවයක් කරන්න. මහජනයා කිවොත් එනවා. එපා කිව්වොත් නම්බු පිටින් ආයුබෝවන් කියල යනවා. එම අයට අපි අදත් ගෞරව කරනවා.(නදී)
වෙල්ගම ඇමතිතුමා පාරම්පරික ප්‍රවාහන ව්‍යාපාරයක් පවත්වාගෙන යන වැදගත් පරපුරක කෙනෙක්. අපි පොඩි කාලේ එතුමාල ගැන කතා කරනකොට අපේ තාත්තා කියනවා, "වෙල්ගම මුදලාලිගේ ලොරි කීයක් තියෙනවද කියල මුදලාලිවත් දන්නේ නැතුව ඇති "කියලා. ඒවගේ ම මුදලාලි සේවකයින්ටත් ඉතා හොඳින් සලකපු කෙනෙක් කියනවා මට මතකයි. ඉතින් එහෙම තාත්තෙක්ගේ පුතෙක් තමයි, අපේ ඇමතිතුමා. ඔබතුමාට මේ ජරා දේශපාලනේ වැරදි පෙන්නේ ඒකයි කියල මට හිතෙනවා. මමත් ඔබතුමාගේ ආසනයේම කෙනෙක් නිසා ඔබතුමාගේ පිරිසිදු දේශපාලනය ගැන කතාකරන්න චුට්ටක්වත් බය නැහැ. (නදී)
ඡන්දෙ පැරදුනාම උන්නැහේල ඉන්නේ මරුවිකල්ලෙන් අහවල් සමාදානද ආයුබෝවන් දිනපු ඇත්තන්ට අංචියක් අදින්ට ක්‍රමයක් කල්පනා කරනවා ප්‍රතිපලේ ආපු වෙලාවේ ඉදලා හිත හදාගෙන කොහොමද අතට අත දෙන්නේ අපුච්චේ.(නදී)
මෙය කියනවා දුම්රිය සේවය විනෂකරලා දාලා.(නදී)
දේශපාලනයට එන්න තරඟ කරනකොට එකිනෙකා කරන කියන , දේවල්වල හොඳම උදාහරණය වයඹෙන් ලැබුනා. ඇමතිතුමාලගේ පක්ෂේ උදවියගෙන්ම. ඔය ක්‍රීඩා තරඟ වලට ඉදිරිපත් වෙන ළමයි තමන්ගේ හැකියාවෙන් දක්ෂ කමේ තමයි ඉහලට නැත්නම් තැනකට එන්නේ. (නදී)
මීට වසර 50 ට පෙර ජංගම දුරකථන නැති, මචන්ලා නැති යුගයක මහා පාන්දර ඉංග්‍රීසි බසින් සිදුවූ දෙබසක් 1. සුබ උදෑසනක් 2.(සුබ)උදෑසනක්,උදෑසනක් 1.නරක ආරංචිය ලැබෙන්න ඇතිනේ,ඊයේ රැස්වීම වෙලේ අපේ මිනින්ස්සු ගල් ගහල බස් කිහිපයකට අලාබයි ,කනගාටුයි,අලාබය හදල එවන්න මම ගෙවන්නම්. 2.උබට පිස්සුද ගල් ගැහැව්වේ මාව එපා කියන මගේ ගමේ මිනිස්සුනේ. ඒක එච්චර නොහිතා වැඩේ ඉදිරයට කරගන පලයන්. දෙබස ගරු කොල්වින් ආර් ද සිල්වා හා ගරු ඇස් ද ඇස් ජයසිංහ අතර. සත්‍ය සිදුවීමක් දුර කතන ඇමතුම දෙන විට මගේ මාම ගරු සිල්වා මහතා ලග. මීට වසර 22 ට පෙර ඔහු මිය ගියේ මේ ජරා දේශපාලනය ගැන කලකිරීමෙන්. මනාප දේශපාලනයට තිත තබන තුරු හා අවංක උගතුන් මෙතනට එනතුරු ?(නදී)
කව්රු මොනා කීවත් පවුල් බලයට තමයි අපේ රටේ තැන තියෙන්නේ. පවුලේ කෙනෙක් උනාම ඔය මොකුත් නැහැනේ.(නදී)
ඔය වයඹ පළාතෙන් මනාප වලින් පැරදුනෙත් රටේ ඉහළ පෙළේ පුතෙක් සමග දැන් රටේ "ජනප්‍රිය" ක්‍රීඩාවක් කරපු ක්‍රීඩකයෙක් නේද? කෝ එයාගේ ඔය කියන "සංයමය" ඡන්දෙට පෙරවත් ඡන්දෙන් පසුවවත් ඔබතුමා දැක්කද? නැත්නම් ඔබතුමා දීර්ග නින්දකින් පසුව අවදි වුණේ දැන්ද? ඔබතුමාගේ වචන ඉතාමත් මිහිරි කන්කළු බව ඇත්ත. එහෙත් එය අපේ රටට කොයිතරම් ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. කොහොම නමුත් ඔවැනි ප්‍රකාශයක් වුණත් අපිට ආශ්වාදයක්. එය මහා නියගයකට පසුව ඇදහැලෙන වරුසාවක් වගෙයි දැනෙන්නේ ජනතාවට. (නි)
පැරදුණොත් ඔය කොහොමහරි ඉන්න බැරියෑ (නි)
පිස්සුද අයියා, පැරදුනාම බංකොලොත්.වියදම් කළ සල්ලි කන්දරාව කව්ද දෙන්නේ? කෝ පඩිය...ගෑස්...පොලිස්...ඉඩම්...? ක්‍රිකට් මැච් වගේද මේක. (නි)
අපි දන්නා හැටියට වෙල්ගම ඇමතිතුමා නම් වැඩක් කරන හොඳ මිනිහෙක්. ඒ නිසා එතුමාගේ මුහුණ බලන්න නම් කවුරුත් අකැමති වෙන එකක් නැහැ. ඒ කොහොම වුනත් එතුමා පරදින්න වැඩකරන බවක් තවම පෙනෙන්නේ නැහැ. (නි)
උගත් වැදගත් අය තමයි තරගයකදී හෝ දේශපාලනයේදී පරාජයට පත්වූ පසු ජයග්‍රහණය කළ අයට හෝ කණ්ඩායමට සුබ පැතීමක් කිරීමට පෙළබෙන්නේ. අද දේශපාලනය කිරීමට ඇති සුදුසුකම් නම් නුගත්කම , චණ්ඩිකම, සමාජ වීරෝධී ක්‍රම මගින් මුදල් ඉපයීමට ඇති හැකියාව යනාදියයි. ඉතින් මෙවැනි පුද්ගලයන්ගෙන් අපිට ජයග්‍රහණය කළ අයට හෝ කණ්ඩායමට සුබ පැතීමක් බලාපොරොත්තු විය හැකිද? මෙවැනි අයගේ ඊළග අරමුණ නම් ජයගග්‍රහණය කළ අයට ඊළගට ඇදීමට ඇති 'අංචිය' ගැන සිත සිතා සිටීමය. (නි)
ක්‍රීඩා සහතික එහෙම කොහොමද දන්නේ නැහැ නේද? (නි)
ලංකාවේ මැතිවරණ වලට රැකියා විරහිත උපධිධාරින්ට පමණක් තරග කිරීමේ අවස්ථාව දිය යුතයි. මේ අය උගත් නිසා මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. රැකියා ප්‍රශ්නෙත් විසදෙනවා. එක්කෙනෙකුට එක වරකට වඩා තරග කිරීමට ඉඩ නොදිය යුතුයි (නි)
වෙනස් තාලෙක ඇමතිකෙනෙක් (නි)
ඇමතිතුමනි,ඡන්ද කරන්න විශාල මුදලක් හා ශ්‍රමයක් යොදන්න වෙන බව ඔබතුමා හා අපි කව්රුත් දන්නා කරුණකි.ඡන්දෙ දිනුවොත් ඔය හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඉබේම වගේ ලැබෙයි.දිනන්නේ නැත්නම් ඉතින් වෙන්නේ උඩ බලාගෙන චන්ද්‍රයාට බුරන්න වෙන එකයි. (නි)
ටිකක් වෙනස් කෙනෙක්. (නි)
වෙල්ගම මහත්තයා කවදත් කෙලින් ඇත්ත කතා කරනවා. හැබැයි ඕවා වේදිකාවේ කිව්වා කියලා දේශපාලකයෝ හැදෙන්නේ නැහැ. ඔවුන්ට නීති දාලා, කැඩුවොත් මන්ත්‍රීකම ගලවනවා කියලා කළොත් විතරක් හැදෙයි....! (නි)
දේශපාලකයෝ එතරම්ම නරුමයෝ කියලා තේරුම් ගන්න මේ දේශපාලකයාට පුළුවන් වෙලා.මොහු වෙන්න ඇති දේශපාලකයන්ගෙන් දැනට සිටින අවංකම දේශපාලකයා. (නි)
'කටහැකරකම' තියෙනවා නම් හොඳටෝම ඇති.ලංකාවේ දේශපාලනයට වෙන මොනවත් ඕනෑ නැහැ. (නි)
ලංකාදීප ප්‍රධාන කතෘතුමාට, ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මෙවැනි පුවත් අපට දැනගන්න සළස්වනවාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. (නි)
1505 ඉඳලම පරදේශක්කාරයින්ට රට පාවලා දීපු දේශපාලකයෝ ඉන්න රටේ, පැරදුණු එකාගෙ හුණු කිල්ලෝටේ විතරක් ඇරලා බලන්නේ කුමටද? (නි)