IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේශපාලකයන් පැරදුණාම මුහුණවත් බලන්නේ නෑ

පරාද වු ක්‍රීඩකයන්, දිනපු ක්‍රීඩකයන්ට   අතට අත දී  පිළිගන්නවා. සිප වැළඳ ගන්නවා. එහෙත් දේශපාලකයන් එහෙම නෑ. පැරදුනාම ප්‍රතිවාදියාගේ මුහුණවත් බලන්නේ නෑ ඒක නරක ආදර්ශයක් යැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය. කළුතර පස්දුන් රට විද්‍යාපීඨයේ පැවැති රාජ්‍යසේවා ක්‍රීඩා උත්සවයේ ආරාධිතයා ලෙස සහභාගී වූ වෙල්ලම මහතා මෙසේ ද කීවේය. තමුන් වහන්සේලාගේ මෙම ක්‍රියාව දේශපාලකයන්ට හොඳ ආදර්ශයක්.ඡන්දයක් පැරදිලා යන කොට කාගෙවත් මුහුණ බලන්නේ නෑ. සමහර විට ගහත් ගන්නවා. හැබැයි ක්‍රීඩා කරල අත්දැකීම් තියෙන අය එහෙම කරන්නේ නෑ. දේශපාලනයට තෝරා ගන්නා විට උගත්කම වගේම ක්‍රීඩා සහතිකත් බලනවා නම් අද රටේ මැතිවරණයකින් පසු සිදුවන  දේවල් සිදුවන්නේ නෑ.

 

 



අදහස් (0)

දේශපාලකයන් පැරදුණාම මුහුණවත් බලන්නේ නෑ

ලලිත්-එස්.එල් Sunday, 29 September 2013 08:27 AM

කව්රු මොනා කීවත් පවුල් බලයට තමයි අපේ රටේ තැන තියෙන්නේ. පවුලේ කෙනෙක් උනාම ඔය මොකුත් නැහැනේ.(නදී)

:       0       0

ටෙනිසන් Sunday, 29 September 2013 08:54 AM

මීට වසර 50 ට පෙර ජංගම දුරකථන නැති, මචන්ලා නැති යුගයක මහා පාන්දර ඉංග්‍රීසි බසින් සිදුවූ දෙබසක් 1. සුබ උදෑසනක් 2.(සුබ)උදෑසනක්,උදෑසනක් 1.නරක ආරංචිය ලැබෙන්න ඇතිනේ,ඊයේ රැස්වීම වෙලේ අපේ මිනින්ස්සු ගල් ගහල බස් කිහිපයකට අලාබයි ,කනගාටුයි,අලාබය හදල එවන්න මම ගෙවන්නම්. 2.උබට පිස්සුද ගල් ගැහැව්වේ මාව එපා කියන මගේ ගමේ මිනිස්සුනේ. ඒක එච්චර නොහිතා වැඩේ ඉදිරයට කරගන පලයන්. දෙබස ගරු කොල්වින් ආර් ද සිල්වා හා ගරු ඇස් ද ඇස් ජයසිංහ අතර. සත්‍ය සිදුවීමක් දුර කතන ඇමතුම දෙන විට මගේ මාම ගරු සිල්වා මහතා ලග. මීට වසර 22 ට පෙර ඔහු මිය ගියේ මේ ජරා දේශපාලනය ගැන කලකිරීමෙන්. මනාප දේශපාලනයට තිත තබන තුරු හා අවංක උගතුන් මෙතනට එනතුරු ?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 29 September 2013 08:59 AM

දේශපාලනයට එන්න තරඟ කරනකොට එකිනෙකා කරන කියන , දේවල්වල හොඳම උදාහරණය වයඹෙන් ලැබුනා. ඇමතිතුමාලගේ පක්ෂේ උදවියගෙන්ම. ඔය ක්‍රීඩා තරඟ වලට ඉදිරිපත් වෙන ළමයි තමන්ගේ හැකියාවෙන් දක්ෂ කමේ තමයි ඉහලට නැත්නම් තැනකට එන්නේ. (නදී)

:       0       0

අචිනි Sunday, 29 September 2013 09:52 AM

මෙය කියනවා දුම්රිය සේවය විනෂකරලා දාලා.(නදී)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 09:54 AM

ඡන්දෙ පැරදුනාම උන්නැහේල ඉන්නේ මරුවිකල්ලෙන් අහවල් සමාදානද ආයුබෝවන් දිනපු ඇත්තන්ට අංචියක් අදින්ට ක්‍රමයක් කල්පනා කරනවා ප්‍රතිපලේ ආපු වෙලාවේ ඉදලා හිත හදාගෙන කොහොමද අතට අත දෙන්නේ අපුච්චේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 29 September 2013 10:24 AM

වෙල්ගම ඇමතිතුමා පාරම්පරික ප්‍රවාහන ව්‍යාපාරයක් පවත්වාගෙන යන වැදගත් පරපුරක කෙනෙක්. අපි පොඩි කාලේ එතුමාල ගැන කතා කරනකොට අපේ තාත්තා කියනවා, "වෙල්ගම මුදලාලිගේ ලොරි කීයක් තියෙනවද කියල මුදලාලිවත් දන්නේ නැතුව ඇති "කියලා. ඒවගේ ම මුදලාලි සේවකයින්ටත් ඉතා හොඳින් සලකපු කෙනෙක් කියනවා මට මතකයි. ඉතින් එහෙම තාත්තෙක්ගේ පුතෙක් තමයි, අපේ ඇමතිතුමා. ඔබතුමාට මේ ජරා දේශපාලනේ වැරදි පෙන්නේ ඒකයි කියල මට හිතෙනවා. මමත් ඔබතුමාගේ ආසනයේම කෙනෙක් නිසා ඔබතුමාගේ පිරිසිදු දේශපාලනය ගැන කතාකරන්න චුට්ටක්වත් බය නැහැ. (නදී)

:       0       0

රෝහණ Sunday, 29 September 2013 10:58 AM

මැතිතුමනි, අද ගහගන්න එක මරාගන්න එක සිරිතක් වෙලා. එක පාටියේ එක පවුලක් වශයෙන් ඉන්න අයත් ගහගන්නවා මරාගන්නවා. දේශපාලනය කියන්නේ මේකද. උගත්කම කියන්නේ මේකද, හැදියාව කියන්නේ මේකද. ඉස්සර හිටිය දේශපාලකයන් මෙහෙම චන්ඩියන් මෙන් හැසිරුනේ නැහැ. එම අයට තිබුන නියම හැදියාවක්. එයාල අවේ රටට සේවයක් කරන්න. මහජනයා කිවොත් එනවා. එපා කිව්වොත් නම්බු පිටින් ආයුබෝවන් කියල යනවා. එම අයට අපි අදත් ගෞරව කරනවා.(නදී)

:       0       0

සේරම් Sunday, 29 September 2013 11:09 AM

මහත්වරුන් සහ ක්‍රීඩකයෝ.(නදී)

:       0       0

ගුණේ Sunday, 29 September 2013 12:11 PM

දේශපාලනය කරන බට්ටෝ තමයි ඔය විදියට හැසිරෙන්නේ. නමුත් බලන්න සමහරු රජගෙදරට ගිහින් අතට අත දීලා කෝපි කෝප්පයක් බිල, සුවදුක් කතා කරලා, ඊළග මැතිවරණය ගැනත් කතාකරගෙන ක්‍රියා කළයුතු ආකාරය පිළිබද සැළසුම් වලට සූදානම් වෙන අපුරුව (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 29 September 2013 12:51 PM

වෙල්ගම ඇමති තුමාගේ කතාව සම්පුර්ණ ඇත්තක්. එහෙත් පරදින කෙනාට එහෙම සිනහ වෙන්නට බැහැ. මොකද සියලුම ප්‍රාග් ධනය කාලය වියදම් කරලා එන්නේ , ආවට පසු පොලියත් එක්ක ඒවා අවුරුද්දෙන් සොයා ගන්න. ඉතින් පැරදුනාම සිනහ වෙලා විරුද්ධ කෙනාට හෝ තමන් පරද්දා දිනපු තමන්ගේ පැත්තේම කෙනා වුනත් පේන්නේ නයාට අඳු කොළ වාගේ.(නදී)

:       0       0

හේරත් Saturday, 28 September 2013 09:48 PM

පිස්සුද අයියා, පැරදුනාම බංකොලොත්.වියදම් කළ සල්ලි කන්දරාව කව්ද දෙන්නේ? කෝ පඩිය...ගෑස්...පොලිස්...ඉඩම්...? ක්‍රිකට් මැච් වගේද මේක. (නි)

:       0       0

නීල් රණා Saturday, 28 September 2013 10:15 PM

1505 ඉඳලම පරදේශක්කාරයින්ට රට පාවලා දීපු දේශපාලකයෝ ඉන්න රටේ, පැරදුණු එකාගෙ හුණු කිල්ලෝටේ විතරක් ඇරලා බලන්නේ කුමටද? (නි)

:       0       0

අසෝක Sunday, 29 September 2013 03:03 PM

ඉතින් ඔබතුමාගෙන්ම ඒක ආදර්ශයට දෙන්නකෝ. ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාව බලවත්නේ. ඔබතුමාගේ ප්‍රතිපත්ති අතරට ඒක තියාගන්න එතකොට ඒක තව කවුරුම හරි ආදර්ශයට ගනීවි.(නදී)

:       0       0

අමර Saturday, 28 September 2013 11:00 PM

ලංකාදීප ප්‍රධාන කතෘතුමාට, ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මෙවැනි පුවත් අපට දැනගන්න සළස්වනවාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. (නි)

:       0       0

ධම්ම Saturday, 28 September 2013 11:17 PM

'කටහැකරකම' තියෙනවා නම් හොඳටෝම ඇති.ලංකාවේ දේශපාලනයට වෙන මොනවත් ඕනෑ නැහැ. (නි)

:       0       0

චානක. Saturday, 28 September 2013 11:18 PM

දේශපාලකයෝ එතරම්ම නරුමයෝ කියලා තේරුම් ගන්න මේ දේශපාලකයාට පුළුවන් වෙලා.මොහු වෙන්න ඇති දේශපාලකයන්ගෙන් දැනට සිටින අවංකම දේශපාලකයා. (නි)

:       0       0

චින්තක Saturday, 28 September 2013 11:25 PM

වෙල්ගම මහත්තයා කවදත් කෙලින් ඇත්ත කතා කරනවා. හැබැයි ඕවා වේදිකාවේ කිව්වා කියලා දේශපාලකයෝ හැදෙන්නේ නැහැ. ඔවුන්ට නීති දාලා, කැඩුවොත් මන්ත්‍රීකම ගලවනවා කියලා කළොත් විතරක් හැදෙයි....! (නි)

:       0       0

සිසිර Saturday, 28 September 2013 11:37 PM

ටිකක් වෙනස් කෙනෙක්. (නි)

:       0       0

මිනිපෙ Sunday, 29 September 2013 12:14 AM

ඇමතිතුමනි,ඡන්ද කරන්න විශාල මුදලක් හා ශ්‍රමයක් යොදන්න වෙන බව ඔබතුමා හා අපි කව්රුත් දන්නා කරුණකි.ඡන්දෙ දිනුවොත් ඔය හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඉබේම වගේ ලැබෙයි.දිනන්නේ නැත්නම් ඉතින් වෙන්නේ උඩ බලාගෙන චන්ද්‍රයාට බුරන්න වෙන එකයි. (නි)

:       0       0

ඇෆ්ගන් සිසිර Sunday, 29 September 2013 12:58 AM

වෙනස් තාලෙක ඇමතිකෙනෙක් (නි)

:       0       0

සමන්ත Sunday, 29 September 2013 01:10 AM

ලංකාවේ මැතිවරණ වලට රැකියා විරහිත උපධිධාරින්ට පමණක් තරග කිරීමේ අවස්ථාව දිය යුතයි. මේ අය උගත් නිසා මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. රැකියා ප්‍රශ්නෙත් විසදෙනවා. එක්කෙනෙකුට එක වරකට වඩා තරග කිරීමට ඉඩ නොදිය යුතුයි (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 29 September 2013 02:40 AM

ක්‍රීඩා සහතික එහෙම කොහොමද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

චමත් Sunday, 29 September 2013 04:31 AM

උගත් වැදගත් අය තමයි තරගයකදී හෝ දේශපාලනයේදී පරාජයට පත්වූ පසු ජයග්‍රහණය කළ අයට හෝ කණ්ඩායමට සුබ පැතීමක් කිරීමට පෙළබෙන්නේ. අද දේශපාලනය කිරීමට ඇති සුදුසුකම් නම් නුගත්කම , චණ්ඩිකම, සමාජ වීරෝධී ක්‍රම මගින් මුදල් ඉපයීමට ඇති හැකියාව යනාදියයි. ඉතින් මෙවැනි පුද්ගලයන්ගෙන් අපිට ජයග්‍රහණය කළ අයට හෝ කණ්ඩායමට සුබ පැතීමක් බලාපොරොත්තු විය හැකිද? මෙවැනි අයගේ ඊළග අරමුණ නම් ජයගග්‍රහණය කළ අයට ඊළගට ඇදීමට ඇති 'අංචිය' ගැන සිත සිතා සිටීමය. (නි)

:       0       0

උපාලි Sunday, 29 September 2013 05:10 AM

අපි දන්නා හැටියට වෙල්ගම ඇමතිතුමා නම් වැඩක් කරන හොඳ මිනිහෙක්. ඒ නිසා එතුමාගේ මුහුණ බලන්න නම් කවුරුත් අකැමති වෙන එකක් නැහැ. ඒ කොහොම වුනත් එතුමා පරදින්න වැඩකරන බවක් තවම පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

මසූඩ් Sunday, 29 September 2013 05:52 AM

වෛරක්කාර දේශපාලනයක යෙදිලා පැරදුණාම මුහුණ බලන්නේ කොහොමද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 29 September 2013 06:28 AM

පැරදුණොත් ඔය කොහොමහරි ඉන්න බැරියෑ (නි)

:       0       0

අනුරාධ Sunday, 29 September 2013 06:46 AM

ඔය වයඹ පළාතෙන් මනාප වලින් පැරදුනෙත් රටේ ඉහළ පෙළේ පුතෙක් සමග දැන් රටේ "ජනප්‍රිය" ක්‍රීඩාවක් කරපු ක්‍රීඩකයෙක් නේද? කෝ එයාගේ ඔය කියන "සංයමය" ඡන්දෙට පෙරවත් ඡන්දෙන් පසුවවත් ඔබතුමා දැක්කද? නැත්නම් ඔබතුමා දීර්ග නින්දකින් පසුව අවදි වුණේ දැන්ද? ඔබතුමාගේ වචන ඉතාමත් මිහිරි කන්කළු බව ඇත්ත. එහෙත් එය අපේ රටට කොයිතරම් ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. කොහොම නමුත් ඔවැනි ප්‍රකාශයක් වුණත් අපිට ආශ්වාදයක්. එය මහා නියගයකට පසුව ඇදහැලෙන වරුසාවක් වගෙයි දැනෙන්නේ ජනතාවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 986 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 432 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 587 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1988 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1995 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 871 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22562 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site