IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දේශීය පරීක්ෂණය ජූනියේ - මූල්‍ය අපරාධ විමර්ශන අංශය දිගටම

යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැබ්මරයේ අවසන් කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය.

විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, ඔහු එය පිළිගත් බවත් ජනපති කීවේය.

සිරිසේන මහතා මෙසේ ද කීවේය.

‘විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.

විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.

මහා පරිමානයේ වංචා ගැන සෙවීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නෑ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා.

ව්‍යවස්ථා දායක සභාව ළඟදී පිහිටුවනවා. ලබන මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය ගැන පක්ෂ අතර ප්‍රශ්න තිබෙනවා. මනාප ක්‍රමය ඉවත් කළ යුතු ද නැද්ද එවැනි ප්‍රශ්නයක්. ඒ ගැන අදත් හෙටත් (20,21) සාකච්ඡා කරනවා.

ලබන ඡන්දය වෙනුවෙන් මේ සතියේ ම නාමයෝජනා කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ගැන ජනාධිපති කාර්යාලයය වෙනම පරීක්ෂණයක් පවත්වනවා. (බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණාගේ සමාගමට අනිසි ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසි කළ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයෙදී ඔහු ඊට සෘජුවම සම්බන්ධ නැතැයි අගමැතිට වාර්තා කර තිබිණි.)‘

 



අදහස් (0)

දේශීය පරීක්ෂණය ජූනියේ - මූල්‍ය අපරාධ විමර්ශන අංශය දිගටම

පිවිතුරු යහපාල Wednesday, 20 May 2015 11:00 AM

අරලිය ගහ මන්දිරෙන් නැහැ කිව්වනම් ඉතින් නෑම තමයි.ඒ නිසා අපරාදේ ඔය විමර්ශන වලට යන වියදමත් ඉතුරු කරන් තව තව කලගුණ සලකල කීකරු ළමයෙක් බව පෙන්නන්න..(බ)

:       0       0

අමිල් Wednesday, 20 May 2015 06:51 AM

නියම නායකයෙක්. ඔබතුම වගේ තීරණ ගන්න අය තමා අවශ්‍ය. (ර)

:       0       0

අනුර Wednesday, 20 May 2015 07:51 AM

රටේ සංවර්ධනය හොදින් කරගෙන යන්න පොර්ට් සිටි එක නවතන්න එපා ඒ තුළින් සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා ගහකොළ පරිසරය සතා සීපාවා රැකගැනීම අපි කාගේත් වගකීමක් විල්පත්තු රක්ෂිතය විතරක් නෙමෙයි මුළු රටේම රක්ෂිත රැකගන්න ඕනි! (බ)

:       0       0

වැකෝ Wednesday, 20 May 2015 09:07 AM

හමුදාවන් බොරුවට පාවාදෙන්න එපා. මෙතෙක් හොර ගිවිසුම් වලට අනුව දීපුවට මොනවාද ලැබුණු ප්‍රතිචාර? (ස)

:       0       0

අනුරුද්ද Wednesday, 20 May 2015 09:14 AM

වැකෝ, හමුදාවන් බොරුවට පාවා දුන්නේ යුද්දේ ඉවරවුන ගමන් බැන්කි මුන් හම්බවෙලා පරීක්ෂනයක් කරන්නම් කියපු අය. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 09:44 AM

මහජනතාවට වගකියන විනිවිද පෙනෙන සාධාරන නායකත්වයක් , හොර බොරු නැති අවංක මනුස්සයෙක් , ජනපති තුමනි ඔබගේ ආරක්සාව අංක එක , රටේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය කරන ශක්තිය , ධෛර්ය, අධිෂ්ඨානය තෙරුවන් ගුණ බලෙන් නොඅඩුව ලැබේවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 116 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 144 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 240 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 838 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 560 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 376 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site