IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දේශීය බිත්තරේ ආඩම්බර බහි

(මහින්ද නිශ්ශංක)

දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට  පාරිභෝගිකයන්ට හිඟයක් තොරව  මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

දේශීය බිත්තර රුපියල් 60 - 65 ට අලෙවි කරමින් බිත්තර නිෂ්පාදකයන. අසීමිත ලාභ ලැබූ බවත් රජය බිත්තර ආනයනය කිරීමෙන් පසු බිත්තරයක මිල රුපියල් 40 - 45 දක්වා අඩු කිරීමට ඔවුන්ට සිදු වූ බව රාජ්‍ය වාණිජ විවිධ. නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි. වලිසුන්දර මහතා පැවසීය.

දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රටපුරා ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති බවත් ඒ මහතා කීය.

මේ අතර ලබන දෙසැම්බර් මාසය වනවිට රටේ දේශීය බිත්තරවලින් ස්වයංපෝෂිත වන බවත් එවිට දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට අඩු වන බවද සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කීය.

 



අදහස් (9)

දේශීය බිත්තරේ ආඩම්බර බහි

කිරිපුතා Tuesday, 22 August 2023 11:51 PM

එයාලම බිත්තර හදාගෙන එයාලටම තමා කන්න වෙන්නෙ . එක එක සංවිධාන හදාගෙන ගසාකනවා.

:       0       25

පැරකුම් Wednesday, 23 August 2023 06:59 AM

බොහොමයක් දේශීය නිෂ්පාදකයින් අසීමිත ලෙස පාරිභෝගිකයා ගසා කෑම බහුලව සිදුවන්නකි. රජයකින් සිදුවිය යුත්තේ නිශ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සාධාරන මිලක් ලබාදීමයි. අපේ රටේ සිදු නොවන්නේද එයමය. වැරැද්ද ඇත්තේ අකාර්යක්ෂම දූෂිත පාලකයින් බලයට පත් කරන ජනතාව අතේමය.

:       5       19

ashok Wednesday, 23 August 2023 08:36 AM

බඩ ඉරිගු වලට කන පැලෙන්න බදු ගහල තියෙන විද‍ේශ විනිමය ටිකට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනව. මුන් වගේ මී හරක්. බඩ ඉරිගු ලංකාවෙ ඹ්න තරම් වැවෙනව වවන්නත් පුලුවන් ප්‍රෂ්නයට උත්තරේ එකන තියෙන්නෙ. හැබැයි එතකොට මහ පරිමාන බිත්තර වෟාපාරිකයින්ටයි බික්කර ආනයනයෙන් කොමිස් ගහන උන්ටයි මුකුත් නැතුව යනව එකනයි ගේම කියෙන්නෙ.

:       9       12

soori Wednesday, 23 August 2023 09:07 AM

හොඳ වැඩේ බිත්තර කාරයට

:       0       20

Winsly Wednesday, 23 August 2023 10:58 AM

රජය මගින් ඔය වැනි ආයතන සම්බන්ධයෙන් නිවැරැදි විගණනයක් කරනවා නම් පාරිභෝගිකයින්ට සාධාරණයක් කරන්න පුළුවන්...

:       0       11

අරවින්ද මොනරවිල Wednesday, 23 August 2023 12:09 PM

ලංකාවේ කුකුලු ගොවිපලවල් වීශාල ප්‍රමණයක් වැහිලා... ඒ නිසා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට තමන්ගේ ආදායම් මාර්ග අහිමිවෙලා. ඒකට හේතුව ආණ්ඩුවේ මුග්ධකමයි උද්දච්චකමයි. සත්ව නිෂ්පාදනයේ ප්‍රධාන යෙදවුමක් වන බඩ ඉඟුරුවලට අධික බදු ගහලා බිත්තර මිල අඩු කරන්න බල කරනවා. ඊට පස්සේ තමගේ ගේමට බහිනවා. බිත්තර ආනයනය කරලා ඒකෙන් කොමිස් ගහනවා. රටේ මත්පැන් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නමුත් රටින් අරක්කු ගෙනැල්ලා විකුණන්න ආණ්ඩුව කල්පනා කරන්නේ නැහැ. මොකද ඒ බිස්නස් එක කරන්නේ තමන්ගේ එවුන් නිසා...

:       10       12

himal Wednesday, 23 August 2023 04:03 PM

වෙළෙඳපොළේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම එක්ක. බිත්තර නිෂ්පාදකයා සංවිධාන හදාගෙන මිල අසීමිතව වැඩි කරනවා නම් පාරිභෝගිකයා බිත්තර කන එක නතර කරන්න ඕන. ඒත් ඒකට ලංකාවේ මිනිස්සු ලෑස්තිද? ඒ නිසා රජය මෙතැනදී වෙළෙඳපළට මැදිහත්වෙලා සැපයුම වැඩි කළා. ඒකෙන් තමයි දේශීය බිත්තරේ මිල බැස්සේ. මොන නිෂ්පාදනේ ගත්තත් ඒකේ පිරිවැය අවම කරලා හොඳ තත්ත්වයේ භාණ්ඩ දෙන්න නිෂ්පාදකයා දැන ගන්න ඕන. බඩ ඉරිඟු අච්චර මෙච්චර හදනවා ඒවා අරන් කුකුළු කෑම හදන කතා කුකුළු ගොවිපළ හිමියෝ දැන ගන්න ඕනෑ. පුද්ගලික ආයතන විගණනය කරන්නයි, බඩ ඉරිඟු මිලට අරන් අඩු මිලට කුකුළු ගොවියට දෙන්නයි කොච්චර රජයේ නිලධාරීන් ඕනද? රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න සල්ලි මදි කියන ගමන් හැමදේටම රජය මැදිහත් වෙන්න කියන්නේ විකාරද?

:       1       8

kavidhu Wednesday, 23 August 2023 05:49 PM

රජයක් හැටියට නීතිය ක්‍රියා කරලා බිත්තර වැඩිමිලට දෙන අයට ලොකු දඩයක් ගැහුවා නම් වෙන රටවල්වලින් බිත්තර ගේන්න ඕනෑ නෑ... නමුත් නීතියක් නැති රටක බඩේ අමාරුවට අමුඩෙ ගහනවා වගේ වැඩ කරන්නේ...

:       0       2

Upali Thursday, 24 August 2023 07:27 AM

මෙය අනෙකුත් සංගම්වලට සමාන සංවිධානාත්මක මාෆියාවක්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1386 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2476 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 351 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1068 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9740 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3720 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site