සිල්රෙද්දක ඉව ඔස්සේ තේ වත්තක් තරණය කළ හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා 72 හැවිරිදි මාතාවක කෙළෙසූ බව කියන දෙදෙනකු සොයා දුන්නේය.
බදුරලියේ හැදිගල්ල කිරිමැටියාවල දුෂ්කර ගමේ තනිව ජීවත් වූ මවක කළෙසා ඇගේ රන් බඩු හා මුදල් ද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිල් රෙද්ද කටේ ඔබා ඇය කෙළෙසා රෙද්ද තේ පඳුරක් අස්සට විසි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ්මන් මං එහෙම ඇහුවේ අර'' සිල්'' රෙදි ගැන ලියලා තිබෙන දේ දැකලා (නි)
රටේ මොන අපරාධයක් වුනත් ආශ්චර්ය පළි නෑ.එහෙම කිව්වම ඒක වැරදි විදිහට බැලීමක්ද?ඒකට ආගමක් ඕනෙද ලාල් මහත්මයෝ? (ස)
අනේ පුළුවන් නම් ඔය දෙන්නා කෑගල්ලේ උසාවියට දාන්න.ඉතුරු ටික බලාගන්න පුළුවන් ඉන්පස්සේ. (නි)
72 හැවිරිදි කාන්තාවක් දුෂණය කළා කියන්නේ ආච්චි අම්මා කෙනෙකු දුෂණය කිරීමක්. මුන්ගේ මනස කොපමණ තිරිසන්ද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්. (නි)
මම මේ විදිහට මෙම අදහස පළ කළ ගමන් මට 'පතුරු යන්න' බනීවි. කට්ටිය බැන්නාට කමක් නැහැ.ලංකාවේ බහුතරයක් මිනිසුන් දැඩි ලිංගික අසහනයකින් පෙළෙති. එය සමාජයේ ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වා පැතිරී ඇත. යමක් කමක් ඇති අය කාටත් හොර රහසින් තම අවශ්‍යතාවයන් ඉටුකරගන්නා අතර, එවැන්නක් කළ නොහැකි අය මෙවැනි පහත් ක්‍රියාවන් කරමින් හිරේ විලංගුවේ වැටේ. මෙවැනි ක්‍රියා යම්තරමකින් හෝ පාලනය කිරීමට ගණිකා වෘත්තිය නීති ගතකළ යුතුය. දැන් ඔබ මගෙන් අසාවි මගේ පවුලේ අයකු මුලින්ම යොමු කිරීමට කැමතිද කියා? නැත. නමුත් මෙම රැකියාවේ රහසිගතව යෙදෙන බොහෝ පිරිසක් දැනටමත් ලංකාවේ සිටී. පසුගිය යුද සමයේ කොළඹට වඩා වැඩි ගණිකා පිරිසක් උතුරු මැද පළාතෙන් වාර්තා වී ඇත.මෙම වෘත්තියේ කැමැත්තෙන් යෙදීමට හැකි බොහෝ පිරිසක් ලංකාවේ සිටී, මෙයට විරුද්ධව අදහස් පළකිරීමට පෙර ඔබ ඔබගේ බිරිඳට හෝ පෙම්වතියට කොපමණ අවංක වී ඇත්දැයි මොහොතකට ඔබගෙන්ම විමසා බලන්න. කෙසේ වුවද මෙය දැලිපිහියෙන් කිරිකනවාක් බඳු ක්‍රියාවකි. (නි)
අපට තිබුනා කියලා උදම් අනන්නේ ශීලාචාර මිනිස්සු හිටි අතීතයක් විතරයි.මේ වගේ නඩු කල් මරන්නේ නැතුව ඉවරකරලා දඬුවමත් ඉක්මන් කළා නම් හොඳ නේද? ආගම ඉස්සරහට ගෙන මරණ දඬුවම කල් මැරීමත් මේ වගේ අපරාධ වලට තල්ලුවක්. (නි)
මේ විදිහට ලංකාවේ නැළවෙන නීති පද්ධතිය දැන් හරියන්නේ නැහැ. අපරාධකරයා අල්ලලා ප්‍රසිද්ධ ස්ථානවල තියලා බෙල්ල කපන දඩුවම දෙන්න ඕනෑ. එක දෙකක් මේ විදිහට දඩුවම් දුන්නා නම් මේ අපරාධ මේ තරම් වෙන්නේ නැහැ. පුදුමේ කියන්නේ මේවා වැඩිපුරම කරන්නේ සිංහල බෞද්ධ සමාජය. දැන් මට බනීවි.නමුත් මම කිවුවේ ඇත්තද බොරුද කියලා ඔය ඔළුගෙඩි වලට තේරෙනවා ඇති (නි)
මොහොමඩ් සිද්ධික්, මේ ආදර්ශය අපිට දුන්නේ කවුද කියලා දන්නවා නේද, මීට අවුරුදු 15 විතර පෙර පුගොඩ පැත්තෙන්. දැන්නම් මතකත් නැහැ වගේ ඇති නේද ? (නි)
එතකොට නරක ආදර්ශය ගන්න එකද ඔයාලගේ පුරුද්ද? (නි)
හැම තිස්සෙම බණ අහනවා කරන්නේ අපරාධ.බණේ ප්‍රශ්නයක් තියනවා නැත්නම් ඇයි මේ තරම් ඔයාලා නොමග යන්නේ? (නි)
හැමෝම උපාලිට දොස් කිව්වට එයා කිව්වේ මොකක්ද කියලා තේරුම් අරගෙන නැහැ. උපාලි අදහස් කරන්න ඇත්තේ ගොඩනැගිලි මහ පාරවල් හැදුවාට රටක සංවර්ධනය තියෙන්නේ නීතිගරුක සමාජයක් තුල බව. මොන සංවර්ධනය තිබුනත් බයක් නැතුව ජීවත් වෙන්න බැරි රටකින් වැඩක් තිබෙනවාද? (නි)
නාරද, ග්‍රේරෝ ට බනින්න එපා (නි)
අමිල, මටත් ඔයාගේ කතාවට ටිකක් එකග වෙන්න පුලුවන් (නි)
ඔය තියෙන්නේ ආශ්චර්යය. මේ යන ක්‍රමයට නම් හෙට අනිද්දා වෙනකොට ඇදුමක්වත් ඇදගෙන පාරේ බැහැලා යන්න බැරි කාලයක් උදා වෙනවා. (නි)
හරි ලාල්,මම එහෙම ලිව්වේ සුදු රෙදි,සිල් රෙදි පාවිච්චි කරන සියලුම දෙනාට නොවෙයි.ඒ රෙදි වංචාව උදෙසා පොරවාගෙන ඉන්න අය සඳහායි.සමහර දේ ලියද්දී වටෙන් ලිව්වමත් රසයක් තියෙනවනේ.සිල් රෙදි, සුදු රෙදි, සිව්රු, සුදු ලෝගු,කළු ලෝගු නොහොබිනා වැඩට යොදවාගන්න එක පවක්නේ. එහෙම නේද සහෝදරයා..? (නි)
මිනිසාගේ දියුණුව බලන්න. අපි සෑහෙන දියුණු වෙලා (නි)
වයසක මාතාව සුජිවත්ව සිටියදී දුෂකයන්ට දැඩි දඩුවම් ලැබේ යැයි සිතමි. ලංකාවේ අපරාධ වැඩි වීමට හේතු දඩුවම් දීමට ගතවන කාලය අවුරුදු වලින් තමා කියන්න වෙන්නේ. මාස කිහිපයකින් දඩුවම් නියම කරන්න ක්‍රමවේදයක් තිබේ නම් ....... මේ වගේ ප්‍රවෘත්ති අඩුවේවි (නි)
දුෂකයෝ කියනවා ඇති බල්ලොත් එක්ක බැහැ කියලා (නි)
නිර්නාමිකගේ අදහස මමත් අනුමත කරනවා. ලංකාවේ කොපමණ අපචාර සිදු වෙනවද? මේ මෑණියන්ට මෙවැනි ඉරණමක් අත් වෙයි කියලා හීනෙන්වත් හිතන්න පුලුවන්ද?දුරාචාරය අතින් දැන් ලංකාව පළමු තැන (නි)
මිනිසා බණ නම් ඇසුවා නිරන්තරේ ..... ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ (නි)
මේ අල්ලපු අයගේ නම් දාලත් නැතුව මොන ජාතියේද කියලා තීරණය කළේ කොහොමද මොහොමඩ් සිද්දික්? දේශපාලකයෙක්ද දන්නවද? ධර්මයේ වැරදි කියලා අපාගත වෙන්න එපා. මිනිස්සුන්ට විස කැවිලා වතුරෙත්. හාල් කිරි වල හැමදේටම වහ දාන්නේ කවුද? මේවායින් මිනිස්සුන්ගේ මොළේ අවුල් වෙන්න පුළුවන්. හේතු හොයන්න ආදර්ශ එන්න ඕනෑ ඉහළින් පහළට. දහමේ විදියට. දැන් මොනවද වෙන්නේ ඉහළ? (නි)
උපාලි ...ඔයාල වගේ කුහක මිනිස්සු ...?හැම එකකටම ආස්චාර්ය ගාවගන්න එපා ..ඒක වනචාර්‍ය වැඩක් ..නැහැදිච්ච ...දුරාචාරය අතින් එවැනි අසීලාචාර්‍ය වැඩ වෙනවා.(නදී)
ග්‍රේරෝට වැඩිකල් ඉන්න හම්බවෙන එකක් නැහැ ... (ස)
වයසක අයට කරදර කිරීමත් ආසියාවේ ආශ්චර්ය ද (නදී)
නොපෙනුනාට බොහෝ සුදු රෙදි..,බොහෝ සිල් රෙදි තුල ඔහොම් අය ඉන්නවා..ඉන්නවා ආයිබොවන්.(නදී)
ලොකු ලොක්කෝ හිටගෙන කරනකොට පොඩි උන් දුව දුව කරනවා.(නදී)
ඉස්සර බල්ලො වැරදි කලාම මිනිස්සු බල්ලට හොයල ගහනවා. දැන් මිනිස්සු වැරදි කලාම බල්ලො මිනිස්සුන්ව හොයනවා. (ස)
රෝසා පොල්ල ගෙනෙන් කොල්ලෝ මරන්න ! (ස)
ඇයි නාරද ඔයාට ග්‍රේරෝ ගැන මුකුත් අමාරුවක් තියෙනවද? (ස)
අමිල..;ඉස්සර බල්ලෝ කරපුව දැන් මිනිස්සු කරනවා. දැන් බල්ලෝ බලන් ඉන්නවා.(නදී)
අනේ අනේ තරම, නාකි ගැහැනියකටවත් ඉන්න දෙන්නේ නැහැ.(නදී)
දැන් මිනිස්සු සුනඛයින් වගේ. (ස)
හොරණ ඉන්න දිසා විනිසුරියට ඔය නඩුව වැටුනොත් හොඳයි .... එතුමිය ඔය වගේ දේවල් වලට ඉතා තදින්න්ම නිතිය ක්‍රියාත්මක කරන කෙනෙක්. (ස)
යම රජුන්ට අමුතු වෙන් දඩුවම් ලෑස්ති කරන්න වෙනවා. (ස)
මේ ග්‍රේරෝ ගැන නම් මට හරි ආඩම්බරයි. මෙන්න නියම "බල්ලො". නිතරම මෙයාගේ වික්‍රමයක් ගැන අහන්න ලැබෙනවා. ඇමෙරිකාවේ හිටියනම් මෙලහකටත් චිත්‍රපටියක් හදල. තව තවත් මේ වගේ පුහුණු කරන්න. මෙයාගේ පුහුණුකරුටත් මගෙන් මල් මිටක්!(දිල්)
වෛරයෙන් කිසි දෙයක් ලියන්න එපා මහින්ද කිව්ව වගේ පනින්නේ නැතිව,'' ලියන්න පෙර සිතා බලන්න.''අනේ මන්ද කවදා හැදෙයිද කියල?(දිල්)
ග්‍රේරෝට සහ ග්‍රේරෝ බලු පුහුණුකරු මහතාටත් මල් මිටක්. මේ අපරාධකාරයින්ට ලොකු දඬුවමක් දිය යුතුයි. (නි)
ලක්ෂ්මන්, මොන ආගමේද...? එයා බලන්නේ වැරදි විදිහට. (ස)
බලන් ගිහාම නියම බල්ලා ග්‍රේරෝ නෙමෙයි. (ස)
ආගමික නායකයන් අනුන්ගේ අඩු පාඩු හොයනවා මිසක් එයාලගේ රාජකාරිය කරන්නේ නෑ. එතකොට මේ වගේ දේවල් වලක්වන්න බෑ. (ස)
ලාල්, මා අන් ආගම් වලට ගරු කරන බෞද්ධයෙක්.මා වැරැද්දක් දුටුවේ උපාලි ලියා ඇති'' ආසියාවේ ආශ්චර්ය'' සම්බන්ධවයි. (ස)