IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දූෂණ හොයන්න විනිසුරු මඬුල්ලක්?

දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග එක්ව අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය රණවක සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබේ.

අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් නිවේදනයේ සඳහන් වේ.

දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි.



අදහස් (0)

දූෂණ හොයන්න විනිසුරු මඬුල්ලක්?

සෑම් Tuesday, 03 January 2017 08:32 PM

මේ යන විදියට දුෂිතයන් සොයාගෙන නඩු දමා දඬුවම් කරනකොට ඊළඟ ශත වර්ෂය ලබාවි (නි)

:       0       0

ද සිල්වා Tuesday, 03 January 2017 10:10 PM

අනේ අපිව බොරුවට රවටන්න මහජන මුදල් නිකරුනේ නාස්ති නොකර ඉන්න. පහුගිය ආණ්ඩුවේ සිටින හොරුන් කළදේවල් ඡන්දෙට කලින් සාක්ෂි සහිතව ඔබලා ඔප්පු කරලා පෙන්නලා ඔවුන්ට දඩුවම් දෙනවා කිවුවා. නමුත් දැන් ඔබලා ක්‍රියාකරන්නේ අන්ධයන්, ගොළුවන්, බිහිරන් ලෙසයි. ඔබල කරන්නේ නොසෑහෙන දඩ සහ බදු ගසමින් ජනතාව අමාරුවේ දමන එකයි. අවුරුදු දෙකක් මේ නාඩගම බලමින් සිටියා. රාජපක්ෂ පවුලත් අපට එපා. දැන් අපේ බත්පතෙනුත් සූරාකන රජපවුලත් අපට එපා (නි)

:       0       0

නයන් Tuesday, 03 January 2017 11:38 PM

ඉතාම හොඳ තීරණයක්. මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් සිද්ධියෙන්ම පරීක්ෂණ ආරම්භ කළොත් පළුදු වී ඇති රජයේ ප්‍රතිරූපය හා ජනතා විශ්වාසය යළි ගොඩ නඟාගෙන ඉතිරි වසර තුනවත් මහජන සේවයට යොමුවිය හැකියි. (නි)

:       0       0

කෝනාර Tuesday, 03 January 2017 11:51 PM

පහුලිය කාලේ හිටපු හොර ඇමතිලා, හොර නිලධාරීන් ඒ පුටු වලම ඒ වරප්‍රසාදම ලබමන්, යහපාලනය ගෙනෙන්න ඡන්දය දුන් අපිට විලිස්සමින් තවමත් යහතින්. (නි)

:       0       0

මෂූඩ් Wednesday, 04 January 2017 12:32 AM

යෝජනාව හොඳයි. එසේම දූෂිත දේශපාලකයන් පාර්ලිමේන්තුවේදි විනිසුරුතුමන්ලා විවේචනය කිරීමට නොහැකි ලෙසත් නීති හැදිය යුතුයි (නි)

:       0       0

යෝනක Wednesday, 04 January 2017 01:53 AM

අන්න ඒ වැඩේ නම් නියමයි (නි)

:       0       0

සමන් Wednesday, 04 January 2017 02:33 AM

මහා බැංකු මගඩියෙන්ම පටන්ගන්න සර්... (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 04 January 2017 03:29 AM

ලංකාවේ සමහර නීති වෙනස් වෙන්න ඕන‍ෑ කාලේ ඇවිල්ලා. අලුත් ව්‍යවස්ථාවට කලින්, තියෙන නීති වෙනස් වෙන්න ඕනෑ (නි)

:       0       0

සුනිල් Wednesday, 04 January 2017 06:23 AM

නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑ කියලා අපේ මුතුන්මිත්තෝ කිව්වේ කට කහනවට නොවේනේ. (නි)

:       0       0

පද්මිණි Wednesday, 04 January 2017 06:31 AM

මේ කියන්නේ මෙතෙක් පත් කල දුෂණ විමර්ශන, අපරාධ විමර්ශන, එකී නොකී කොමිෂන් සභාවල් දුෂිතයි කියල නේද? (ර)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 04:31 PM

මොකද කියන්නේ අර වාහන අනතුර ගැන? ඒ ළමය දුක්විඳිනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 91 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4969 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4157 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6750 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 940 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1663 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site