IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා‘

‘‘දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල හා විමල් යන හතර දෙනාටයි මහින්ද ඕන වෙලා තියෙන්නේ. හතර දෙනාම දේශපාලන අනාථයෝ දිනේෂ් වාසුදේව ඔවුන්ගේ පක්ෂවලින් ඡන්දය ඉල්ලා මන්ත්‍රී වුනේ නැහැ. ගම්මන්පිලට පක්ෂයක්වත් නෑ. වීරවංශ ගැන කථා කරල වැඩක් නෑ.

මේ නන්නත්තාර කණ්ඩායමයි මහින්ද බලයට ගේන්න හදන්නේ. අවුරුදු 9ක් මුදල්, දේශපාලන හා මාධ්‍ය බලය පාවිච්චි කර ජයගන්න බැරිවූ මහින්ද ඔය විදියට ගියොත් තංගල්ල ප්‍රාදේශිය සභාවටත් ඉල්ලාවි. ඒකෙන් පැරදුණොත් සමුපකාර ඡන්දෙටත් එයි. ඒක එයාගෙ අයිතිය.

ජාතික ආණ්ඩුවක මුවාවෙන් අද ප්‍රෝඩාවක් කරනවා. පරාදවූ පක්ෂය යළි ආණ්ඩු බලයට ගෙන ඒමයි ඒ ප්‍රෝඩාව.

ජනාධිපති අරමුදලෙන් සාමාන්‍ය රෝගියකුට ලැබෙන්නේ රුපියල් එක් ලක්ෂ 75,000 යි. එහෙත් ඕස්ට්‍රේලියාවේ හෝටලයක ජනේලයකින් පනින්න ගිහින් කකුල කඩාගත්ත කෙහෙළිය රඹුක්වැල්ලට 2012 දි රුපියල් ලක්ෂ 100 ක් දීලා. හිටපු අගමැති දිමුට ලක්ෂ 292 ක් දීලා. මහින්ද රාජපක්ෂ එයාගෙ නමින් පලස්තීනයේ ගාසා තීරයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හදන්න කෝටි 13 ක් දීලා.

මාලදිවයිනේ පාරක් හදන්න ලක්ෂ 13,000 ක් දීලා. කොන්ත්‍රාත් එක ලංකාවෙ කෙනෙක්. ගලුත් ලංකාවෙන්. මේ හොරකම් නාස්තිකාර වැඩ එළිකරන්නේ ජවිපෙ පමණයි.‘‘

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මහරගම රැස්වීමකදී ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ කිවේය.

‘‘පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂ මහින්ද රාජපක්ෂ පළවා හැරීමට පෙරමුණ ගත් අයයි. මෛත්‍රීපාල මහත්තයා අප්‍රේල් 23 න් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා නොහලොත් එදා ඉඳල පාර්ලිමේන්තුව වර්ජනය කරන ලෙස අපි ඉල්ලනවා.‘‘

001_8506 001_8544 001_8593 001_8655



අදහස් (0)

‘දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා‘

සුදර්මන් Tuesday, 10 March 2015 09:57 AM

අලුතින් හිතන පිරිසකට රට බාරදෙන්න ඹ්න නේද ? පරණ දෙවල් අමතක කරලා පහුගිය අවුරැදු 14ට මේ පිරිස කරපු හොද දෙවල් බලමු නේද?(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 05 March 2015 06:33 AM

"අපිට මතකයි පසුගිය කාලයේ ලංගම බස්‌රථ 400 ක්‌ පමණ ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් සියල්ල ගිනි තිබ්බා. කර්මාන්ත ශාලා 30-40 ක්‌ ගිනි තිබ්බා. වතු අධිකාරිවරුන් අමු අමුවේ කපා කොටා ඝාතනය කළා. රටේ මිනිස්‌සු මරලා ඝාතනය කරපු යුගයේ වෙච්ච දේවලුත් අපට සිහිපත් කරන්න වෙනවා." (නදී)

:       0       0

රුවන් Thursday, 05 March 2015 06:33 AM

මේ ටික ඉන්නකම් රට කොහොම හදන්නද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 84 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2163 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 313 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 401 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1616 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1584 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site