හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් දීමෙන් පසුව තමන්ට එල්ලවන දෝෂාරෝපණ ගැන කම්පාවට පත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (8) ප්‍රකාශ කළාය.
එම තීන්දුව ලබා දීම පිළිබඳ නීතිමය පැහැදිලි කීරීමක් කර දෙන්නැයි ඉල්ලා නීතිපති ගොනු කල මෝසම අද(08) සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය මේ බව කීය.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කළ බවත්, අවුරුදු 34ක් නීති ක්ෂේත්‍රෙය් කටයුතු කළ තමාට කිසිම නඩු විභාගයක් සුවිශේෂී නොවන බවත් මෙයද තවත් එක් නඩු විභාගයක් පමණක් යැයිද ඇය කීවාය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම වළකාලමින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් මතුවූ කරුණු කාරණා බොහොමයක් අසත්‍ය වන බවත් එදින අධිකරණය හමුවට ඉදිරිපත් වූ කරුණු පමණක් සලකා බලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වලකාලමින් එම අතුරු නියෝගය ලබා දුන් බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අධිකරණය හමුවේ කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුන්, ඔයා තමන්ගේ මෝඩකම පෙන්වන්න එපා. හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලද? ලංකාවේ නීතිය හැටියට පොදුරද මඩුල්ලට අභියාචනා කරන්න බැහැ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තමා ඉහළම අධිකරණය (නි)
මගේ නමින් ඇති 2015-06-09 03:15:51 අදහස මගේ නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)
සරත් ෆොන්සේකා මේ වගේ තින්දුවක් දෙන්න අධිකරණයට කොන්ද පන තිබුනේ නැත එදා. ඔහු කිසිම වරදක් කරලා තිබුනෙත් නැත. (ම)
චන්නගේ අදහස් දැක්වීම හරි වැදගත් . සදුන්ලට ඕව තේරෙන්නේ නෑ. (ර)
අනේ සදුන්ගේ ටිකිරි මොලේ . කොහෙද යන්නේ මල්ලේ පොල් කිවලු. ලංකාවේ මොන මිනිහද තමන්ගේ නඩුවක් අරගෙන පොදුරද සංගමයට ගියේ.? (ර)
මොනවා උතත් පිරිසිදුවට ලස්සනට කොළඹ නගරය තබා ගැනීම ගැනවත් සිතමු නේද.? (ර)
අධිකරණයට ගල් ගහපු කෙනා තමයි මේ කතා කියන්නේ (ම)
යහපාලනෙට යන්න කලින් ඒ පාරේ තියන බාධක ඉවත් කරගත යුතුයි කියන එක මේ යහ පාලන මහත්තුරුන්ට තේරුම් ගන්න බැරි මොකද? (ම)
මටනම් පෙන්නේ යහපාලනයට තව හත් හව්වක් නෙවෙයි විසිහත් ගව්වක් තියෙනවා. කෝටි ගානක හොරකම් ගැන චෝදනා තියෙන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න බැරිනම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? (ස)
මුළු රටම, මුළු අධිකරණයම, මුළු බැංකු කේෂ්ත්‍රයම යහපාලන බූවල්ලා වෙලාගත් අවධියක මෙතුමිය ලබාදුන් ඓතිහාසික තීන්දුවට හිසනමා ආචාර කරමු. (ම)
උසාවිය දෙන තීන්දු විවේචනය කරන්නන්ට එරෙහිව පියවර ගන්න බැරිද? (නි)
කලින් පාලනයත් අපිට හොඳට මතකයි (නි)
මෙහෙම ගියොත් මේ රටට මොනවා වේවිද.මට නම් මේ තීන්දුව විශ්වාස නැහැ.මට ඕනෑ මේ ලංකාව හොඳ තැනක තිබෙනවා දකින්න.ගොඩක් හොඳ මිනිස්සු ජිවත්වුණ රටක් මේක.දැන් අපේ ළමයින්ටවත් මේක අපි හදන්න ඕනෑ.හොර වැඩ කළා නම් ඒවා කළ අයට දඩුවම් කරන්න ඕනෑ.පොඩි මිනිසුන්ට විතරද මේ හැමදේම. (නි)
ඉස්සර නම් රටේ ජනතාව දන්නවා තීන්දුව මොකක්ද කියලා. ජනවාරි 8 ට කලින් මේ රටේ උත්තරීතර අධිකරණයේ තත්වය ඒකයි. අද බොහෝදුරට අධිකරණය ස්වාධීනයි. මිනිස්සුන්ට හිතාගන්න බැරි නඩු තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ ඒ නිසයි. තමන්ගේ හදවතට විරුද්ධව තීන්දු දෙන හැම කෙනෙක්ම කම්පා වෙනවා. හදවතට එකඟව වැඩ කරන්න. (නි)
අපිට ඕනෑ නීතිය නොවෙයි යුක්තිය. එයින් තොර නීතියෙන් ජනතාවට වැඩක් නැහැ. (නි)
චන්න, මම කිව්වේ මොකක්ද කියලා තේරුම් අරගෙන කතා කළත් කමක් නැහැ. ලංකාවේ නීතියට බලපෑම් කරන්න පොදුරද මඩුල්ලට බැරි බව ඕනෑ කෙනෙක් දන්නවා. (නි)
මේ විනිසුරුවරිය රාජපක්ෂගේ නීති විද්‍යාල සමකාලීන යෙහෙලියක් කියලා එයාම කියල තිබ්බ,,, හොරාගේ යාලුවාගෙන් පේනයක් අහමුද? (ම)
හොරු අත්අඩංගුවට ගන්න බැරි රටක් මේක. (නි)
අබේරත්න-ටෝකියෝ, මෝඩකම පෙන්වන්න එපා. තමන්ට ඕනෑ තීන්දුව නොලැබුණාම තමයි මිනිස්සු අභියාචනා කරන්නේ. ඒක නීතියේ තිබෙන තවත් අවස්ථාවක්. (නි)
ලුසේනා කිව්වා හරි (නි)
"බොක්කේ බුදුරැස් හක්කේ දඩමස්"... දවසින් දවස රට අගාධයට යනවා. (නි)
ලුසේනා, ජනාධිපති තුමාට උවමනා නෑ මේ මෙතුමිය අත් අඩංගුවට ගන්න. (ර)
එතකොට ජනාධිපති කිව්වේ අධිකරණයට ඇගිලි ගහන්නේ නැහැ කියල විහිළුවටද? (බ)
තමන්ට උවමණා තීන්දුව නොලැබුණාම පොදුරද මණ්ඩලයට යන නායකයෝ ඉන්න රටක් මේක. (අ)
යහපාලනය දොරේ ගලනවා. (අ)
ගමේ ඉන්න ලපයි සිපයි එක එක දේවල් කීවාට මෙතුමිය ගණන් ගන්න එකක් නැහැ. එත් අට පාස් නැති දේශපාලුවන්ගෙන් ප්‍රශ්න ඈති. (ර)
ඔබතුමිය මොකට කම්පා වෙනවද? (ර)
දැන් එතකොට කවුද කෙල හල හල පස්සෙන් යන අය (ම)
පසුගිය නඩු තීන්දුව ගැන කියන කතා බොරුනම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ලෙඩ මලාට පස්සේ බඩ සුද්ද වෙන්න බෙහෙත් දීල වැඩක් නෑ (ම)
ඔබේ පෞද්ගලික සම්බන්ධකම් කුමක් වුවත් , ඔබ දැන් විනිසුරුවරියක් වන්නේ මුළු රටටමයි. ඒ නිසා කවුරු කොහොම කිව්වත් ඔබ අධිකරණ ක්‍රියාදාමයට අනුව , රටේ නීතියට අනුව වැඩ කළා නම්, අයි කම්පා වෙන්නේ? (ම)
සරත් ෆොන්සේකාට දුන්නේ මාරු ගේම (ම)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර කියන්නේ මේ රටේ ඉන්න උගත්ම විනිසුරුවරියක්. මෙතුමිය කවදාවත් අගවිනිසුරු පට්ටම පස්සේ කෙල හල හල ගියේ නැහැ. මෙතුමිය ලබාදුන් පසුගිය නඩු තීන්දු අරගෙන බැලුවොත් මොලේ ඇති සැමටම ඉතාම පැහැදිලිව ඒක පෙනෙනවා. (ම)