IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දිසා පහක කොට්ඨාස 46කට නාය අනතුරු

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 46 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට දෙවැනි මට්ටමේ නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 27 පස්වරුවේ නිකුත් කර ඇති එම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්යේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම,බෝපේ පෝද්දල,අම්බලන්ගොඩ , තවලම,නෙළුව, යක්කලමුල්ල,අක්මීමන, ඉමදූව, බද්දේගම, නාගොඩ සහ ගාල්ල කොටුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත සහ ඔ්කේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ට‌මේ නිවේදනයද, වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කඹුරුපිටිය, කොටපොළ, තිහගොඩ, මාතර කඩවත්සතර , අතුරලිය, පිටබැද්දර,කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, හක්මන,වැලිපිටිය, අකුරැස්ස, සහ මාලිම්බඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.‍

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කිරිඇල්ල, නිවිතිගල, අයගම සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු පට්ටමේ නිවේදනයද කුරුවිට, ඇහැලියගොඩ, රත්නපුර, බලන්ගොඩ, කොලොන්න,ඉඹුල්පේ,ගොඩකවෙළ, ඇලපාත,කලවාන, ඔ්පනායක, සහ වැලිගෙපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

 



අදහස් (1)

දිසා පහක කොට්ඨාස 46කට නාය අනතුරු

එල්ලාවල Saturday, 28 October 2023 06:23 AM

නායයාමට හේතුවෙන්න පුළුවන් කරුණු ගැන ඔය ආයතනයේ අයට ජනතාව පැමිණිලි කළත් බලන්න යන්ත්‍ර සූත්‍ර නැහැ කියලා මගහරිනවා. මැණික් සම්පත් තියෙන දිස්ත්‍රික්ක වල බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපුවාම භූමිය නායයන්න හේතුවෙනවා.. සාමාන්‍යයෙන් ඒක කියන්න ගමේ ගොඩේ නූගත් වුණත් පරිසරය ගැන දන්නා වැඩිහිටියන් දන්නවා භූ කම්පනය හෝ සුනාමි ඇතිවීමට භූ තලයේ යටින් සිදුවන හේතු බලපෑම් කරනවා. ඉතින් බැකෝ පතල් කැපුවාම ජලය සිඳීම් වගේම භූමිය යටින් ඇදීගොස් වෙනත් ප්‍රදේශවල ගිලාබැසීම් හා නායයෑම් වෙනවා. ඒවා කියද්දී නිෂ්ශබ්ද වෙලා ඉන්න... මේ ආයතනයේ සේවකයින් යන්තමින් වැස්සත් එක්ක මෙරුවන් වගේ ඇවිල්ලා නිවේදන නිකුත් කරනවා... සාමාන්‍යයෙන් සෑම බැකෝ පතලක් සඳහාම බලපත්‍ර දීමට පෙර අවට පරිසරය ගැන විමර්ශනය කරනවා නම් ඔය අනතුරු ටිකක් හෝ අඩුවෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2017 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1059 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 351 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1575 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1107 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site