IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘දස වසරක සිට ඉන්නේ තනියම’

 

   DSC_7452

 

ස්වකීය රංගන දිවියේ බලපරාක්‍රමය ඔහු මුදා හැරියේ “යශෝරාවයේ” බලදේව වෙතිනි. ඉනික්බිතිව ටෙලි නාට්‍ය හා සිනමා කලාව වෙතින් චරිතාංග රංගනයෙන් ඔහුගේ රංග පෞරුෂය මුදා හැරියේය. තම නාමයෙහි තරමටත් වඩා වාසනාවන්ත වූ ඒ රංග ශිල්පියා ලකී ඩයස් යැයි ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. සැබෑ කලාකරුවකු සමාජයට දියයුතු වූ ආදර්ශවත් බව, විනය, හරය, ගුණය සුරැකි ගමනක යෙදෙන “ලකී” මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ස්වාධීන රූපවාහිනිය රාත්‍රී 9ට විකාශය කරන ‘වර්ණ’ ටෙලි මාලාව ඔස්සේය. වර්ණ සමග නැවතත් රංගනයෙන් වර්ණවත් වූ ලකීගේ ගෙවීගිය ජීවිතය සහ වත්මන් ජීවිතයට සාපේක්ෂව හෙට දින ජීවිතයේ හැඩතල කෙසේ විය හැකිද? ඔහුගේ ජීවිතයේ මෙතෙක් අප්‍රකාශිත කතාවක හෙළිදරව්වක්ද මේ? නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ පෙනී නොසිටින ලකී සඳැල්ලට විශේෂිතව ලබා දුන් පිළිසඳරකි මේ.

 

DSC_7317


● වර්ණ නාට්‍යයේ චරිතය ගැන මුලින්ම කතා කළොත්?
මෙතෙක් මා දායක වූ චරිතවලට වඩා වෙනස්ම වර්ණයකින් දැකගත හැකි චරිතයක්. රුසියාවේ සිට පැමිණි මහාචාර්යවරයකුගේ චරිතයක් රඟපාන්න. ප්‍රේක්ෂකයින්ට එළැඹෙන කොටස් ඔස්සේ ඒ මහාචාර්යවරයා මුණ ගැසේවි.

 


● එතැනින් එහාට ඔබ රඟපෑ වෙනත් චරිත මොනවාද?
ළඟදීම තිරගත වීම් ඇරඹෙන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි චිත්‍රපටයේ ගජබා රජු ලෙස වෙනස් ස්වරූපයකින් රඟපෑමට ලැබුණා. ඊට අමතරව එළැඹෙන මාර්තුවේදී තිරගත වීමට නියමිත හාස්‍යමය තේමාවක් රැගත් වෙනස් ආකාරයක අපූරු නිර්මාණයක රඟපෑමට අවකාශය ලැබුණා. විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, හිමාලි සිරිවර්ධන, ලසන්ත පඩුකුඹුර සහ මා රංගනයෙන් ඊට දායක වෙනවා. එයත් වෙනස්ම චරිතයක්.

 

DSC_7393

 


● මේ විදියට රංගනයෙන් නිතර වෙනස් චරිත සමග හමුවන ඔබ සැබෑ ජීවිතයේ වෙනසක් වෙන්න යන බවටත් කසු කුසු තියෙනවා නේද?
ජීවිතයේ වෙනසක් වෙන්න යනවා කියන තැනට වඩා වෙනසක් විය යුතුය කියන තැනට මගේ ජීවිතය බලපෑම් කරනවා. ජීවිතයේ වෙනසක් වුවත් ඉන්පසු මගේ ජීවිතය වෙනස් නොකර මම වසර ගණනාවක් බලා සිටියා. ඒත් මගේ යාළුවෝ, හිතමිත්‍රාදීන්, කලා කේෂ්ත්‍රයේ මගේ හිතවතුන් ඇතුළු “ලකීට” ආදරය කරන බොහෝදෙනා මට මේ වෙනස විය යුතුය කියලා නිරන්තරයෙන් කියූ දෙයක්. වසර දහයකට වඩා කාලයක් මම අවිවාහකව ගත කරන්නෙ. නමුත් විවාහ ජීවිතයෙ වෙන්වීම ගැන මට ලෝකයට අඬබෙර ගහලා කියන්න ඕනෑ වුණේ නැහැ.

 


● එහෙම නම්, ඇයි දැන් ඔබ ඒ ගැන කියන්න හදන්නෙ?
අපි ආපස්සට හැරිලා බැලුවොත්, අපේ කලා කේෂ්ත්‍රයේ බොහෝ චරිත අද විවාහ ජීවිතය දෙදරා ගියාම හෙට එය ලොකු ප්‍රවෘත්තියක් බවට පත් කරගත්තා. එය සත්තකටම කලාකරුවන් ලෙස සමාජයට පණිවුඩයක් දෙන උදවිය හැටියට නොකළ යුතු දෙයක්. එතැනදී දෙදෙනා වෙන්වෙලා පිරිමියා - කාන්තා පාර්ශ්වයට මඩ ගහනවා, පිරිමි - පාර්ශ්වය කාන්තාවට මඩ ගහනවා. අන්තිමට දෙන්නා මඩ තවරාගෙන, කුණු තවරාගෙන සමාජයේ ලජ්ජාවට පත්වෙනවා. කලාකරුවො හෝ විවාහ වෙලා වෙන් වූ චරිත එහෙම විය යුතු නැහැ. අපට එකට ජීවත් වෙන්න බැරි නම්, අපි කතාබහ කරලා එය විසඳාගත යුතුයි. මම එහෙම කළා. නමුත් කිසිම විටෙක අනෙක් පාර්ශ්වයේ ගෞරවයට හානි වන විදියට කවදාවත් කටයුතු කළේ නැහැ. අනෙක, මා එක්ක ජීවත් වූ පාර්ශ්වය කවදාවත් හෑල්ලුවට පත්කරන්න කැමති නැහැ. ඒත් මේ විදිහට වසර ගණනාවක් හිටපු නිසාම මම තනිවම අසීමිතව වේදනාවක් දරාගත්තා.

 

DSC_7310

 


● ගෙවී ගිය ජීවිතය ගැන ඔබ හිතන්නෙ කොහොමද?
ගෙවී ගිය ජීවිතය ගැන මට පසුතැවීමක් නැහැ. බෞද්ධයකු ලෙස කර්ම ශක්තිය කියන දේ ගැන මම විශ්වාස කරනවා. දුක් වේදනා - සැප - සතුට - එක්වීම් - වෙන්වීම් මේවා ඔක්කොම අපේ ජීවිතය එක්ක ගෙනා ඒවායි. මම ආදරයට - ආදරය කරන කෙනෙක්. ඒ වෙනුවෙන් පපුව වුණත් ගලවලා දෙන්න සූදානම් චරිතයක්, ආදරය වෙනුවෙන්. ඒ ආදරණීය ජීවිතය උදෙසා මම ඒ කැපවීම් කළා. පිරිමියෙක් එහෙම කළ යුතුයි. නමුත් ඉස්සරහාට දාපු ඒ ජියර් එක පස්සට වැටුණා. ඒත් අපේ දික්කසාදය සමාජයට මාතෘකාවක් වෙන්න ඉඩ හැරියේ නැහැ. ඒ නිසා ජීවිතය ගැන මට පසුතැවීම් නැහැ. ඒත් තවදුරටත් මම විවාහක නැහැ කියන එක මම ප්‍රකාශ කළ යුතුයි. නැතිනම් මම මොන තරම් මහත්මා ප්‍රතිපත්ති තබාගෙන ප්‍රතිපත්තිගරුකව ජිවත්වුණත්, ඇස්කන් හැරගෙන සිටින සමාජයේ වෙන කෝණයකින් බලන්න පුළුවනි. ආදරයට - ආදරය කරලා විවාහ වූ ජීවිතය මා බලාපොරොත්තු වූ විදියට සාර්ථක වුණේ නැහැ. ඒත් එහෙමයි කියලා මට වෛරයක් නැහැ.

 


● ගැලපීම් - නොගැලපීම් ගැන අතීතයේදී ඇයි ඔබට නොවැටහුණේ?
ආදරයේදී එය අන්ධයි කියන කතාව බොහෝ දුරට නිවැරදියි. මම එහිදී දාගෙන ඉන්න ඇත්තේ “ආදරය” නමැති අව් කණ්ණාඩිය විතරක් වෙන්න ඇති. එය මගේ දැක්මේ වරදක් වෙන්නත් ඇති. නමුත් කිසිම දවසක “ආදරය” කියන දේ මම වෛරයකට හරවා ගත්තේ නැහැ. තම සහකාරියට හෝ සහකරුවාට ආදරය කරන්නේ ඇතුළාන්තය ගැන 100%ක් නොදැනයි. ස්වභාවය එයයි. මම මගේ විවාහයට එළැඹුණේ ඉතාම කෙටි කාලයකින්. ඒ නිසා යම් යම් දේ තේරුම් ගැනීමට අපොහොසත් වෙන්න ඇති.

 

IMG-20150203-WA0001

 


● හෙට දවසේදිත් මේ විදියට ජීවිතය තනිකඩව ගෙවන්නද කල්පනාව?
මුලින් කී විදිහට කර්ම ශක්තිය හා දෛවය ගැන මම තදින්ම විශ්වාස කරනවා. ඒ වගේම වෙර දැරුවොත් දෛවය පරදවන්නත් පුළුවනි, ලෝකයේ සිදුවන දේ දිහා බලද්දී, සත්තකට මේ තනිකඩ ජීවිතය හොඳයි වගේ. ලෝකයට පෙනෙන්න මම හිනාවෙලා හිටියත් විටෙක ඇතුළාන්ත ජීවිතය අපායක් වගේ වෙන්න ඇති. මගේ මව්පියන්ට සත්තකටම මම අතීතයේදී එරෙහිවීම මගේ කර්මයට පසුව බලපාන්න ඇති. අද මහා උත්කර්ෂවත් ලෙස විවාහ උත්සව ගන්නවා. ඒත් හෙට එය සම්මුතිවාදී විවාහයක් වෙන්නෙ නැහැ. හරියට රටේ දේශපාලනය වගෙයි. අපේ සමාජය සම්මුතිවාදී නැහැ. හරිම විෂම වෙලා. ඒ නිසා සැබෑ අදරය, කියන දේ තවදුරටත් බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි ඉතින් සැබෑ “ආදරය” තියෙනවා නම් හොඳයි. එය මියෙනතුරුම මිනිසකුට වගේම සතුන්ටත් උරුම විය යුතු දෙයක්. ඒ නිසා මගේ ජීවිතයට ආදරය ආවොත් මගේ ජීවිතයේ අන්තිම හුස්ම පොද දක්වා මම ඊට ගෞරව කරාවි.


                            සඳුන් ගමගේ                               



අදහස් (0)

‘දස වසරක සිට ඉන්නේ තනියම’

නිමල් රාජපක්ෂ Tuesday, 01 March 2016 11:39 PM

ලකී, ආදරය කරන කාලෙට දෙදෙනාටම හරි ලෙන්ගතු බවක් දැනෙනවා. හැබැයි විවාහ වුණාට පසුව තමා පෙනෙන්නේ දෙන්නාගෙම අඩුපාඩු. මේක තමා පොදු ධර්මතාවය. එය ඔබට වගේම අපි කාටවුණත් පොදු බව සිතට ගන්න (නි)

:       0       0

සොපි Tuesday, 01 March 2016 09:58 AM

මිලානෝ ඔයා කියන්නේ ඇත්තමද ? (ර)

:       0       0

රංජිත් Thursday, 03 March 2016 09:11 AM

මෙයාට රඟපාන්න බෑ (බ)

:       0       0

ඇන්ඩි Tuesday, 01 March 2016 11:21 AM

මිලානෝ තරම් මිනිස්සුන්ට ගරහන කෙනෙක් මම නම් දැක නැත. (ර)

:       0       0

මිලානෝ Tuesday, 01 March 2016 11:53 AM

කරන කලට පව් මිහිරිය මී සේ... කියන්නාක් මෙන් ඇත්ත කණට ඇසෙන විට සමහරුන්ගේ දිවට තිත්තය. තිත්ත ඇත්ත කතා කිරීම ගැරහීමක් නොව හොඳ දෙයකි. (ර)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 01 March 2016 12:11 PM

පැත්ත ගියත් ඇත්ත කියන මිලානෝ පිටිගල. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 01 March 2016 12:40 PM

නිළියකට පෙම් කලෙමි. ඔබට අමතකයි, මට තව මතකයි. (ර)

:       0       0

අයිවන් Tuesday, 08 March 2016 06:24 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

තාරුකා Monday, 29 February 2016 03:41 PM

මම කැමැති දක්ෂ හොඳ පෞරුශයක් තියන කෙනෙක්, දීර්ඝායුෂ ලැබේවා....(බ)

:       0       0

මිලානෝ Monday, 29 February 2016 10:23 AM

විවිධ රටවලට මෙයා ගියාම රසිකයන් සමග සාප්පු සවාරි යන්න හරි හපනා හැබැයි බඩු සියල්ල අරන් ගෙවීමට යද්දී හැමදාම මෙයාට පර්ස් එක ගේන්න අමතක වෙනවා. ඉතින් එතන ඉන්න අහිංසකම රසිකයා බිල ගෙවන්න අහුවෙනවා. (බ)

:       0       0

නන්දන Monday, 29 February 2016 03:59 PM

ඔබට ජය හා සතුට ලැබේවා (බ)

:       0       0

තුෂාරී Tuesday, 01 March 2016 01:22 PM

ඇත්ත කියන්නත්, බිම වාඩිවෙන්නත් කාහටවත් බියවිය යුතු නැත. (ර)

:       0       0

මිලානෝ Monday, 07 March 2016 02:04 PM

සුමිත්‍රා බස්නායක, ගහ රන් තැඹිලි වුනත් මඩ වලකට පොල් කඩන්න කවුද කැමති? (බ)

:       0       0

දුෂ්ශන්ත Thursday, 03 March 2016 11:58 AM

දක්ෂ නලුවෙක්.(හේ)

:       0       0

රාජා Monday, 07 March 2016 08:32 AM

ආදරය කරන කාලේ හැමෝටම එයට වඩා තවත් සුන්දර දෙයක් නැහැ. එත් විවාහ උනාම අදහස් ගලපා ගැනීම හරිම අමාරු දෙයක් . මම හිතන්නේ ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනවා. එත් එකට විසසදුම වෙන්නීමම කියලා මම හිතන්නේ නැහැ. මොකද කොයිතරම් නොගැලපීම් තිබුනත් බැදීම් ශක්තිමත් වෙන්නේ කසාද බැදපු අය අතර විතරයි. (ර)

:       0       0

පාලිත Monday, 29 February 2016 11:52 AM

ඔබට ජය. (ර)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 29 February 2016 05:43 PM

ඔව් ඔව් පිටිගල මිලානෝ ඔයා කියන්නේ ඇත්ත නමුත් මේ අමතකවීමේ රෝගය ගොඩාක් කලාකරුවන්ට සාප්පු සවාරි ගියාම හැදෙන ලෙඩක්. කොච්චර තාත්විකව රඟපානවද කියන්නේ රසිකයෝ පොරකාලා ගෙවන්නේ හරියට 'අයියණ්ඩිය බිය නොවන්න ගෙවන හැටි මම පෙන්වන්නම්' කියන්නාක් වගේ. (අ)

:       0       0

නිම්මි Tuesday, 01 March 2016 03:34 PM

අනේ! මම නම් ආසා නැහැ මෙයාට. (නි)

:       0       0

චමත් සිඩ්නි Monday, 29 February 2016 07:30 PM

මිලානෝ පිටිගල, වැඩිහරියක්ම නිළියන්ට නේද මේ පසුම්බිය අමතකවීම තියෙන්නේ? (නි)

:       0       0

කුමාරසිංහ Friday, 04 March 2016 05:42 PM

මම නම් කිසිම දෙයක් කියන්නේ නැහැ (නි)

:       0       0

ජානිස් Friday, 04 March 2016 06:01 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

කුෂාන් Tuesday, 01 March 2016 09:56 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 05:43 PM

ආයේ එකතුවීමක් ගැන හිතන්නේ නැද්ද? එහෙම වෙනවා නම් මොනතරම් සුන්දරද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 23 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 416 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4980 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1676 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 793 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37814 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24921 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site