IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා

2016-06-24-ent-158

දස්කොන් ටෙලිනාට්‍යය මාස ගණනාවක් පුරා රූපගත කිරීම් සිදු කර අවසාන රූපගත කිරීම් සිදු කෙරෙමින් තිබිණි. සියලූ වැඩ දමා එහි ‘‘සුර ගුණේගේ’’ චරිතයට පණ දෙමින් සිටි රුවන් පෙරේරාට රූපගත කිරීම් අවසානයේ දී දස්කොන් නිර්මාතෘ ජැක්සන් ඇන්තනි අපූරු චරිත සහතිකයක් ලබා දුන්නේය.

 

‘‘පුතා උඹ මේකේ සම්මානයට පාත‍්‍ර වන මට්ටමේ අපූරු රංගනයක් කළා. මේ රඟපෑම කවදාහරි ඇගයීමට ලක්වේවි.’’

 

2016-06-24-ent-156රුවන් ‘‘සුරගුණේ’’ට ජීවය දුන් අපූර්වතාව පිළිබඳව රුවන් තුළම විශ්වාසයක් ගොඩනැගීමට ජැක්සන් ඇන්තනීගේ එම ප‍්‍රකාශය සමත් විය. සම්මානයක් පිළිබඳ බලාපොරොත්තුවක් රුවන්ගේ සිතේ එවලේ පිළිසිඳ නොගත්තත් එදා රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නළුවා ලෙස නිර්දේශ වූ මොහොතේ සම්මානයක් පිළිබඳ හැඟීමක් රුවන්ගේ සිතට නොදැනුනා නොවේ. කෙසේ හෝ පසුගියදා නිමා වුණු රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය ජැක්සන් අනුමාන කළ පරිද්දෙන්ම රුවන්ට හිමි විය. රත්නපුරයෙන් කොළඹ කලා කෙත සොයා ගත් රුවන් පෙරේරා, සම්මානනීය වී සිටින මේ මොහොතේ ‘‘සඳැල්ල’’ හා දොඩමළු වූයේ මෙසේය.

ඔබ මෙගා නාට්‍ය ගණනාවකින් අපව පසුගිය කාලේ හමුවුණා. ඒත් ‘‘දස්කොන්’’ සුරගුණේ චරිතයෙන් ද බහුතර පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ. ජැක්සන් ඇන්තනී නිර්මාණවේදියා හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ සහායකයා ලෙස වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. ‘‘අබා’’ චිත‍්‍රපටය කරපු කාලේ තමයි ජැක්සන් සර් සහ මම අතර විශාල අවබෝධයක් ඇති වුණේ. ඉන් පස්සේ සුරගුණේ චරිතයට මාව තෝරා ගත් බව පැවසීමෙන් පසු මමත් ඒ චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. කොණ්ඬේ වැව්වා, රැුවුල වැව්වා. නියපොතු වැව්වා, කොටින්ම බුලත්විට කන්නත් පුරුදු වුණා.

 

සුරගුණේට බාහිරව සූදානම් වූ හැටි ඔබ පැවසුවා. ඒ සඳහා අභ්‍යන්තරව සූදානම් වුණේ කොහොමද?

පිටපත ලැබුණු විගස ඒ පිළිබඳ කියවමින් අවබෝධයක් ලබා ගත්තා. සුරගුණේ කියන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ජීවිතය කැප කරන්න වුණත් සූදානමින් සිටින කෙනෙක්. ඒ වගේම තමන්ගේ අරමුණ කරා ශක්තිමත්ව ගමන් කරන කෙනෙක්.

නාට්‍ය රූපගත කිරීම් කරන්න කලින් ජැක්සන් සර් මම දෙබස් උච්චාරණය කරන විදිය ගැන බැලූවා. මුහුණේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා. ජැක්සන් සර් අවශ්‍ය දර්ශනය තිතටම හදලා තමයි ටේක් එකට ගියේ. දස්කොන් තිර පිටපත බැලූවාම එහි දෙබස් අමාරුයි කියලා හොඳටම වැටහෙනවා. ඒ නිසා මම ඒවා ගෙදරදි හයියෙන් කණ්ණාඩිය දිහා බලාගෙන කියෙව්වා. ඒ නිසා රූපගත කිරීම්වලදී මට අපහසුවක් වුණේ නැහැ. දර්ශන තලයේදීත් සමහර වෙලාවට අලූත් දෙබස් ලියා දුන්නු අවස්ථා තිබුණා. ඒ වෙලාවට ජැක්සන් සර් කිව්වා, රුවන්ට මේවා පාඩම් කරන්න පුළුවන්නේ කියලා.

ජැක්සන් ‘‘සුරගුණේට’’ සම්මාන ලැබෙන බව අනුමාන කළත් ඔබ සම්මානයට නිර්දේශ වන්නේ ජැක්සන්ගේ පුතා සමගයි.

ජැක්සන් සර් කිව්වේ මට සම්මානයක් ලැබුණොත් එහි ගෞරවය ලැබෙන්නේ ජැක්සන් සර්ට කියලා. මම නැගී එන නළුවාට නිර්දේශ වී සිටින්නේ අකිල හා හේමාල් එක්ක කියලා මම දැන ගත්තේ නිර්දේශිත නාම ප‍්‍රකාශයට පත් කරපු දවසේ. ඒ දෙන්නා කියන්නේ සිනමා ක්‍ෂේත‍්‍රයේ තරු දෙකක්. අකිල කියන්නේ මගේ ගුරුතුමාගේ පුතා. අකිල මුලදීම මට කිව්වා මේක ඔයාට හම්බ වෙන්න ඕන සම්මානයක් කියලා. කොහොම නමුත් හිතේ තිගැස්මක් මට තිබුණා.

 

සම්මානයේ බර හොඳට දැනෙනවා ද?

ඇත්තටම ඔව්. ගොඩාක් දැනෙනවා. මම සම්මානය ගන්න තැන ඉඳන් මම ඒක අරගෙන ආපහු ඒක අරගෙන පල්ලෙහාට බහිනකම් මං බැස්සේ කොහොමද කියලා මට මතක නැහැ. මං සම්මානය ගත්තේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීතුමාගෙන් කියලා ඇත්තටම සම්මානය අරන් තත්පර කීපයකින් තමයි මම යථා තත්ත්වයට ආවේ.

රුවන් අපිට වැඩිපුරම හමුවුණේ මෙගා ලේබලය වැදුණු නිර්මාණවලින්. ඉදිරියටත් දස්කොන් වගේ හොඳ නිර්මාණවලින් ද අපි හමුවන්න හිතන් ඉන්නේ.

ඇත්තටම මම කැමතියි දිගටම හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මම ජීවිතය ලස්සනයි, රුවන් මාලිගා, සඳ පිණි බිඳක, සඳ එළිය, රෝස කටු, කුටු කුටු මාමා, සුජාතා, බිනර මලී, දියණියෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවක චරිත නිරූපණය කළා. මම මෙගා නිර්මාණවලට සම්බන්ධ වුණේ රඟපෑමට තිබෙන ආශාව නිසා. පේ‍්‍රක්ෂකයා සතුටු කරන්න දෙයක් කරන්න ලැබුණොත් මෙගා ද ප‍්‍රසාංගික ද කියලා නොසිතා මම රඟපානවා.

 

අමිල චින්තක ගමගේ

ඡයාරූප - ඉෂංක සුනිමල්

 

2016-06-24-ent-157



අදහස් (0)

දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 92 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 161 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 166 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 198 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1148 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 753 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38836 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site