කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ අද උදේ 10.12ට වැඩ බාර ගත්තේය. ඔහු එහි හත්වැනි අධ්‍යක්ෂවරයාය. වැඩ බැලූ අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය සුජාතා සේනාරත්න විසින් නව අධ්‍යක්ෂ පිළිගනු ලැබීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සෙත්පිරිත් දේශනා කළහ.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන ජාසිංහ මහතා එහි දී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ‘‘මම මහ ගෙදර ආවා වගේ හැඟීමක් තමයි මට දැන් ඇති වෙන්නේ. ආසියාවේ තියෙන විශාලම රෝහල ලෙසයි අපේ මෙම ජාතික රෝහල සැලකෙන්නේ‘‘. අට දාහකට ආසන්න පිරිසක් ජාතික රෝහලේ සේවය කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භයම යහපත් .සුවහසක් රෝගීන් සුවපත් කරන්න ආසියාවේම විශාල රොහල් තව තවත් කාර්යක්ෂම වේවා ....
කෝ මේ පුෂ්පා මිස්?
මෙයත් නැකතට වැඩ කරන එක්කෙනෙක් වගේ. කට්ටිය දකින්න ඇතිනේ සිකුරුගේ තරම, ඉතින් ඕක අපේ දෛවය වෙනස් කරනවා කියල කියන කතාව මහා බොරුවක්. නැකතෙන් නොවෙයි හොද කලදසාව යන්නේ තමන් කල්පනාවෙන් මොලේ පාවිච්චි කරලා කරන වැඩ වලින්.
ලඟම ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න...
මූණෙනම් කිසි ප්‍රියමනාප බවක් පේන්න නෑ....
සිකුරු ගුහයා ඔබ හරි. මොලේ පාවිචිචි කිරිමෙන් තමයි. එහෙම නැත්නමි ඒ මොලේ දාන්න ඕනා ඇලේ.
බල්ලොත් එක්ක බැ.....
සපත්තු දා ගෙන පිරිත් අහන අයටද පිරිත් කියන අයටද ලජ්ජා නහරේ නැත්තේ ???? ............
පුෂ්පත් එක්ක බැ.....
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හාමුදුරුවෝ බලාගෙන ලගට ගන්නෙ. ධාතුසේන රජතුමා වගේ වෙඳ පරපුර හදන්න, අනුකම්පාව, දයාව,සෙනෙහස හදවතේ තබගෙන. ඔබට ජය ස්‍රී
ආගමික වැඩසටහන් වලට සහභාගී විය යුතු ආකාරය ගැන කියා දෙන්න වෙයි වගේ...අනේ කාලේ වනේ වාසේ.....
මේ තනතුරු දැරිය යුතු වන්නේ පරිපාලනය ඉගෙන ඇති පරිපාලකයෙක්. මේක වෙනස් වෙන්න ඕනේ.
රජයේ සේවකයෙක් ස්ථාන මාරුවීමක් ලබා නව සේවාස්ථානයේ වැඩ භාරගන්නා අවස්ථාවට රටේ සුපතල සංඝයා වහන්සේ ඇවිත් මොනවද කරන්නේ? මේ රටේ ලොකුම විද්‍යාත්මක සේවාව ඉටුවෙන තැනත් මෙහෙම පාරභෞතික අදහස් වලට යටවෙලා නම් රටට දෙයියන්ගේ පිහිටයි. අපිත් බෞද්ධයෝ තමයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය එතෙරවීම පිණිස ඇති පහුරක් මිස කරතබාගෙන යා යුත්තක් නොවෙයි කියායී. මෙහෙම බුදුන් වැඳලා පටන් අරන්, පහුවදා ඉඳන්ම සේවක ඉල්ලීම් ඉටු නොවෙන අවස්තාවක ඔවුන් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් "අදාළ නිලධාරීන් / සේවකයින් නැතිවාට රෝහල් සේවය ඉතා විධිමත්ව පවත්වාගෙන ගියා..." කියලා විෂය භාර ඇමති සතුටුකරන්න ගල් පැලෙන බොරු ඇදබාවී.