පියාගේ වර්ෂ පුර්ණ පිංකම වෙනුවෙන් ඔහුගේ දොස්තර දු දරුවෝ හය දෙනා සෙසු සහෝදරයෝ සිව් දෙනාද සමඟ එක්ව ඔවුන් අකුරු කළ කිරම කෝන්කරහේන කණිෂ්ට විද්‍යාලයයේදී අද (29) වෛද්‍ය සායනයක් ඇරැඹිණි.
නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට දෙදහසකට අධික ගැමියෝ පිරිසක් එහි ආහ.
කෝන්කරහේන අළු කැටියාවත්තේ පදිංචිව සිටි පෙදරේරුවකු වු ඩබ්ලිව් පී පියසේන (71) මහතා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා මිය ගියේය.
සිය පියාට පිං පිණිස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය රංජිත් ධර්ම කිර්ති (46) එම රෝහලේ වෛද්‍ය නිලධාරිනි පද්මා කුමාරී (32),ගාල්ල දිස්ත්‍රික් දන්ත ශල්‍ය වෛද්‍ය නිමල් ධර්ම කීර්තී (44) වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ වෛද්‍ය නිශාන්ත සිසිර කුමාර (38), ලුණුගම් වෙහෙර සහකාර වනජීවී අධ්‍යක්ෂ පශු වෛද්‍ය ආනන්ද ධර්ම කිර්ති (42), හා කරාපිටිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ලක්මිණි චින්තා (25) යන වෛද්‍ය දු දරුවෝ මේ සායනය සංවිධානය කළහ.
කාර්මික ඉංජිනේරු සරත් ධර්මකීර්ති (40) මැදමුලන කෘෂිකර්ම උපදේශක දුසන්ත සිසිර කුමාර (30), වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ ඩබ්ලිව් පී ඉන්ද්‍රාණි (36) හා රුහුණු විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂක චාමර පුෂ්ප කුමාර (27) යන සහෝදර සහෝදර්යෝද ඊට සහාය වුහ.
ඔවුන්ගේ මව වු විස්මුනිගේ යන්දිනා (68) මහත්මිය වෛද්‍ය සායනය දැක බලා ගැනීමට පැමිණ සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක ප්‍රවෘත්තියක්. ඔබ සැමට ප්‍රණාමය! මියගිය පින්වත් පියාට නිවන් සුව පතමි! (නි)
මෙම පියාට නිවන් ලැබෙන්නට හේතු වාසනා වේවා! මතු ආත්මයෙත් ගුනයහපත් මෙම දරුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා.(නදී)
සෝම හාමුදුරුවෝ ඔයවගේ අම්මල තවත් ඇද්ද කියල හිතන්න බැ.ඒ දවස්වල මොන කැපවීමක් ඒ අම්මා කරන්න ඇද්ද?.මේ දරු වන්ගෙන් ඉටුවන සමාජ මෙහෙවරම ඇති ඔබ දෙපලට සසරේ දුකක් හිමි නොවන්නට.සියලු දෙනාටම දිගාසිරි.(නදී)
ඔබ සියලුදෙනාම උතුම් දරුවෝ. අනේ වාසනාවන්. දීර්ඝායු ලැබේවා! (නි)
අගය කළයූතු වැඩක්. සියලු දෙනාටම දීර්ගායුෂ......!! (නි)
පින්බර පියෙක් ලොවට දායාද කළ ඒ පින්බර දරුවන් කළ මේ පින්කමෙන්, පියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල තමයි මේවා. බොහෝ කලක් සමාජ සේවය කිරීමට ධෛර්යය වාසනාව උදාවේවා! ඒ අම්මාටත් විශේෂ ඇගයීමක් කළයුතුයි.ලංකාදීපයේ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. නිතර හොද දේවල් ලියන්න (නි)
ඉතාමත්ම අනගි කටයුත්තක්. ඒ වගේම සෑම අතින්ම යහපත් දෙයක් (නි)
අපේ ලොකු අක්කත් ඔය වගේමයි. (නි)
ඔබ සැමට දීර්ඝායුෂ වේවා! (නි)
ආදර්ශමත් වැඩක්. ආදර්ශමත් පවුලක්.සැමට දිගාසිරි.(නි)
රටට ආදර්ශයක් දෙන මෙවන් පවුලක් ගැන අසන්නට ලැබීමට තරම් අප වාසනාවන්ත වීමු.... (ස)
අහන්නත් සතුටුයි. සැමට සුබ අනාගතය. මෑණියන්ට දීර්ගයුෂ. (ස)
රටට ආදර්ශයක් දෙන මෙවන් පවුලක් ගැන අසන්නට ලැබීමට තරම් අප වාසනාවන්ත වීමු.... (ස)
පින්බර පියෙක් ලොවට දායාද කළ ඒ පින්බර දරුවන් කළ මේ පින් කමෙන්, පියාණෙනි, ඔබට නිවන් සුව! (ස)
කෝන්කරහේන අළු කැටියාවත්තේ පදිංචිව සිටි පෙදරේරුවකු වු ඩබ්ලිව් පී පියසේන (71) මහතා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා මිය ගියේය.දරුවෝ 6 දෙනෙක්ම දොස්තරලා.ඉතිරි 4 දෙනාත් උපාධි ලබපු අය.අහන්න ලැබීමත් සතුටක්. (ස)
අපි අපේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ආයෝජනය නම් ඔවුන්ට උගත් කමේ වටිනාකම පෙන්වල දීලා ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම. (ස)
අද අපට අසන්න ලැබුන ප්‍රවෘත්ති අතර එක්තරා උතුම් ප්‍රවෘත්තියක් තමා මෙය. මෙය අපේ රටටත් ආගමටත් සිංහල ජාතියටත් ආඩම්බරයක්. මෙවැනි දරුවන් ජාති ජාතිත් එකමුතු එක කුරුළු කැදැල්ලේ කුරුළු රංචුවක් වගේ ජීවත් වෙන්න වුමනයි. මෙම දෙමව්පියන් දෙදෙනාත් පෙර අත්මවල කල පින් වල මහිමය නිසා මෙවැනි දරුවන් පිරිසක් ලැබුනේ. අද ඇමතිවරුන්ගේ පුත්තු සල්ලිකාරයන්ගේ පුත්තු කරන්නේ මහපොලව උහුලන්නේ නැති අපරාධ. එහෙව් කාලයක මෙවන් රත්තරන් දරුවන් සිටීම වාසනාවන්තයි. (ස)
නිහතමානී වැදගත් පවුලක උගත් වැඩක් (නි)
විහාර මහා දෙවි පරපුරේ කාන්තාවක් බව මේ මෑණියන් දිහා බැලුවම පෙනෙනවා. අපේ රටට වාසනාවන්. කාලෙකට පස්සේ සිත් පහන් වන දසුනක්. (නි)
මේ පවුලේ ලොකු පුතා මොලේ ඇති යහපත් දරුවෙක් වෙලා මග පෙන්වා පවුලම ගොඩදැම්මා. ලබන ආත්මෙදි මගේ අයියා වෙන්න කියලා පතනවා. මෙය කියවද්දී සතුටු කදුලු බේරෙනවා.(නදී)
ආදර්ශමත් පියෙකු වෙනුවෙන් දූ දරුවන්ගේ සාදාරණයක්. මුළු රටටම ආදර්ශමත් පින් කමක්.(නදී)
වාසනාවන්ත දරු පිරිසක්, ලෝකෙට ආදර්ශයක්, මේ පිනෙන් ඔබ සැමට නිදුක්,නිරෝගී සුව ලැබේවා! (නදී)
මෙවන් ප්‍රියජනක ප්‍රවෘත්ති නිතර ඇහෙනවානම් අප තව ගොඩාක් කල් ජීවත්වේවි.(නදී)
හරිම ආඩම්බරයි මේ පවුල ගැන. හොඳ දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවෝ, අපේ ගම්පලාතටම එළියක් මේ වගේ ගම්බද ගුණ යහපත් ළමයි. ඔබ සැමට සුබ අනාගතයක්.(නදී)
පිටබැද්දර ජයා මහත් ප්‍රහේළිකාවකට මැදිවෙලා වගෙයි (නි)
වාසනාවන්ත දෙමවුපියෝ (නි)
උසස් තැන් වලට ගියහම මුල අමතක වී මුදල් පසුපස හඹායන මිනිසුන් සිටින සමාජයක ඔබලා වැනි දරුවන් මේ ලක් දෙරණට ආභරණයක්... ඔබලා ඔය කළ කුසල කර්මයෙහි බල මහිමයෙන් දියුණුවෙන් දියුණුවට පත්වේවා!!! (නි)
වාසනාවන්ත මවු පිය යුවලක් වගේම කල ගුන දත් දුරු පිරිසක් , ජරා ජීර්ණ උන සමාජයට හොඳ ආදර්ශසයක් ඔබවන් උතුම් දු දරුවන් තවත් දස දහස් ගණනින් මගේ පින් බිමට ලැබේවා.(නදී)
මෙවැනි වැදගතුන් අද අවශ්‍ය මේ රටේ දේශපාලනයටයි. එසේ වුණි නම් අපි අද මොනතරම් වාසනාවන්තයෝ වෙමුද? (නි)
ඔබ සියලු දෙනාටම දීර්ග ආයුෂ සහ තෙරුවන් සරණයි. (නි)
හරිම ආඩම්බරයි මේ පවුල ගැන. හොඳ දෙමාපියන්ගේ වාසනාව (නි)
දිවංගත පියසේන මැතිතුමා සහ සුජීවත්ව සිටින යන්දනා මැතිණිය දෙපල අතිජාත දුහිතෘ රත්නයන් සහ පුත්‍ර රත්නයන් ස දෙනෙකු ඇතුළු තවත් දුහිතෘ , පුත්‍ර රත්නයන් සතර දෙනාද වශයෙන් දසදෙනකු මෙලොවට දායාද කළ ඉතාමත්ම පිංවත්, වාසනාවන්ත යුවලකි. මෙවන් දරු පිරිසක් ඇතිදැඩි කර මේ පුණ්‍ය භූමියට දායාද කිරීම ඇත්තෙන්ම විශ්වකර්ම ක්‍රියාවකි. සිය ආදරණීය පියතුමා වෙනුවෙන් මෙවන් පුණ්‍ය කර්මයක් කිරීමට ලැබීමත් ඉතා විරල භාග්‍යයකි. මේ රටේ දුප්පත්, අහිංසක, අසරණ ලෙඩුන් සුවපත් කිරීමට ඔබ තුමන් / තුමීයන්ලාට ශක්තිය, ධෛර්යය දෙගුණ තෙගුණ වේවා!!! (නි)
ඉතාම කලාතුරකින් අහන්න දකින්න ලැබෙන දර්ශනයක්. බලන්නකෝ හැමෝගෙම අදහස්.ඒ ටිකම ඇතිනේ ඒ දිරිය මාතාවටත් මේ දු දරු පිරිසටත් දීර්ගායුෂ ලැබෙන්න. පියසේන මහතා නැවත නැවතත් මේ පුණ්‍ය භූමියේ ඉපද මෙවන් දරුවන් රටට දායාදකොට අවසාන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා ! (නි)
චන්දි ,මේ ගමන තව අවුරුදු 10 -12 යනවා.මේ ගමනේදී ලංකාවට බොහෝ දේ කළ හැකි බව පේනවා.දිනෙන් දින අඩුපාඩු මග හැරගෙන නොනැවතී යාමට ජවය ලැබේවා!!! (නි)
පිරිහෙමින් යන සමාජයක ජීවත් වෙන සියලු ජනතාවට මෙය පූර්ව ආදර්ශයක්.මියගිය පියාට නිවන් සුව පතන අතර ජීවත්ව සිටින මවට සහ ඔබ තුමන්ලාට/තුමියන්ට බුදුසරණයි. (නි)
ඔබ සියලු දෙනාටම දීර්ගායුෂ සහ තෙරුවන් සරණයි. (නි)