IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දොස්තර පුත්තු පිය ගුණ සමරති

පියාගේ වර්ෂ පුර්ණ  පිංකම වෙනුවෙන්  ඔහුගේ දොස්තර  දු දරුවෝ  හය දෙනා  සෙසු සහෝදරයෝ  සිව් දෙනාද සමඟ  එක්ව ඔවුන් අකුරු කළ  කිරම  කෝන්කරහේන  කණිෂ්ට විද්‍යාලයයේදී   අද (29) වෛද්‍ය සායනයක් ඇරැඹිණි.

නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට දෙදහසකට අධික ගැමියෝ පිරිසක් එහි ආහ.

කෝන්කරහේන  අළු කැටියාවත්තේ පදිංචිව සිටි පෙදරේරුවකු වු ඩබ්ලිව් පී පියසේන (71) මහතා ඉකුත් වසරේ  සැප්තැම්බර් මස 29 වැනිදා  මිය ගියේය.

සිය පියාට පිං පිණිස ගාල්ල කරාපිටිය රෝහලේ  හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය රංජිත් ධර්ම කිර්ති (46) එම රෝහලේ වෛද්‍ය නිලධාරිනි පද්මා කුමාරී (32),ගාල්ල දිස්ත්‍රික් දන්ත ශල්‍ය වෛද්‍ය  නිමල් ධර්ම කීර්තී (44) වලස්මුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයයේ වෛද්‍ය නිශාන්ත සිසිර කුමාර (38), ලුණුගම් වෙහෙර  සහකාර වනජීවී අධ්‍යක්ෂ  පශු වෛද්‍ය ආනන්ද ධර්ම කිර්ති (42), හා කරාපිටිය වෛද්‍ය පීඨයේ  අවසන් වසරේ ලක්මිණි චින්තා (25)  යන වෛද්‍ය දු දරුවෝ මේ සායනය සංවිධානය කළහ.

කාර්මික ඉංජිනේරු සරත් ධර්මකීර්ති (40) මැදමුලන කෘෂිකර්ම උපදේශක දුසන්ත සිසිර කුමාර (30), වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ  ඩබ්ලිව් පී  ඉන්ද්‍රාණි (36) හා රුහුණු විශ්ව විද්‍යාලයයේ  විද්‍යා පීඨයේ  උපාධි අපේක්ෂක  චාමර පුෂ්ප කුමාර (27) යන සහෝදර සහෝදර්යෝද ඊට සහාය වුහ.

ඔවුන්ගේ මව වු  විස්මුනිගේ  යන්දිනා (68) මහත්මිය වෛද්‍ය සායනය දැක බලා ගැනීමට පැමිණ සිටියාය.


 



අදහස් (0)

දොස්තර පුත්තු පිය ගුණ සමරති

ලාල් Sunday, 29 September 2013 10:05 PM

සෝම හාමුදුරුවෝ ඔයවගේ අම්මල තවත් ඇද්ද කියල හිතන්න බැ.ඒ දවස්වල මොන කැපවීමක් ඒ අම්මා කරන්න ඇද්ද?.මේ දරු වන්ගෙන් ඉටුවන සමාජ මෙහෙවරම ඇති ඔබ දෙපලට සසරේ දුකක් හිමි නොවන්නට.සියලු දෙනාටම දිගාසිරි.(නදී)

:       0       0

සරත් Monday, 30 September 2013 10:09 AM

රටට ආදර්ශයක් දෙන මෙවන් පවුලක් ගැන අසන්නට ලැබීමට තරම් අප වාසනාවන්ත වීමු.... (ස)

:       0       0

සරත් Monday, 30 September 2013 10:13 AM

අහන්නත් සතුටුයි. සැමට සුබ අනාගතය. මෑණියන්ට දීර්ගයුෂ. (ස)

:       0       0

අනුර Sunday, 29 September 2013 10:44 PM

ඔබ සියලුදෙනාම උතුම් දරුවෝ. අනේ වාසනාවන්. දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

සිල්වා Sunday, 29 September 2013 04:51 PM

පිටබැද්දර ජයා මහත් ප්‍රහේළිකාවකට මැදිවෙලා වගෙයි (නි)

:       0       0

2500 යේ බන්දුල Sunday, 29 September 2013 04:53 PM

වාසනාවන්ත දෙමවුපියෝ (නි)

:       0       0

මධු Tuesday, 01 October 2013 06:12 PM

නිහතමානී වැදගත් පවුලක උගත් වැඩක් (නි)

:       0       0

තිලක් - ඩුබායි Monday, 30 September 2013 10:44 AM

රටට ආදර්ශයක් දෙන මෙවන් පවුලක් ගැන අසන්නට ලැබීමට තරම් අප වාසනාවන්ත වීමු.... (ස)

:       0       0

තිලක් - ඩුබායි Monday, 30 September 2013 10:45 AM

පින්බර පියෙක් ලොවට දායාද කළ ඒ පින්බර දරුවන් කළ මේ පින් කමෙන්, පියාණෙනි, ඔබට නිවන් සුව! (ස)

:       0       0

තිලක් - ඩුබායි Monday, 30 September 2013 10:49 AM

කෝන්කරහේන අළු කැටියාවත්තේ පදිංචිව සිටි පෙදරේරුවකු වු ඩබ්ලිව් පී පියසේන (71) මහතා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා මිය ගියේය.දරුවෝ 6 දෙනෙක්ම දොස්තරලා.ඉතිරි 4 දෙනාත් උපාධි ලබපු අය.අහන්න ලැබීමත් සතුටක්. (ස)

:       0       0

ජෝයි Sunday, 29 September 2013 05:15 PM

උසස් තැන් වලට ගියහම මුල අමතක වී මුදල් පසුපස හඹායන මිනිසුන් සිටින සමාජයක ඔබලා වැනි දරුවන් මේ ලක් දෙරණට ආභරණයක්... ඔබලා ඔය කළ කුසල කර්මයෙහි බල මහිමයෙන් දියුණුවෙන් දියුණුවට පත්වේවා!!! (නි)

:       0       0

තිලක් - ඩුබායි Monday, 30 September 2013 10:50 AM

අපි අපේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ආයෝජනය නම් ඔවුන්ට උගත් කමේ වටිනාකම පෙන්වල දීලා ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම. (ස)

:       0       0

පද්මිණි Sunday, 29 September 2013 05:25 PM

විහාර මහා දෙවි පරපුරේ කාන්තාවක් බව මේ මෑණියන් දිහා බැලුවම පෙනෙනවා. අපේ රටට වාසනාවන්. කාලෙකට පස්සේ සිත් පහන් වන දසුනක්. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 30 September 2013 12:03 AM

අගය කළයූතු වැඩක්. සියලු දෙනාටම දීර්ගායුෂ......!! (නි)

:       0       0

පුන්සර Monday, 30 September 2013 12:19 AM

පින්බර පියෙක් ලොවට දායාද කළ ඒ පින්බර දරුවන් කළ මේ පින්කමෙන්, පියාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 29 September 2013 05:54 PM

මෙවැනි වැදගතුන් අද අවශ්‍ය මේ රටේ දේශපාලනයටයි. එසේ වුණි නම් අපි අද මොනතරම් වාසනාවන්තයෝ වෙමුද? (නි)

:       0       0

මොහාන් Sunday, 29 September 2013 06:05 PM

ඔබ සියලු දෙනාටම දීර්ග ආයුෂ සහ තෙරුවන් සරණයි. (නි)

:       0       0

ටිරල් Sunday, 29 September 2013 06:07 PM

හරිම ආඩම්බරයි මේ පවුල ගැන. හොඳ දෙමාපියන්ගේ වාසනාව (නි)

:       0       0

අප්පුහාමි Sunday, 29 September 2013 06:31 PM

දිවංගත පියසේන මැතිතුමා සහ සුජීවත්ව සිටින යන්දනා මැතිණිය දෙපල අතිජාත දුහිතෘ රත්නයන් සහ පුත්‍ර රත්නයන් ස දෙනෙකු ඇතුළු තවත් දුහිතෘ , පුත්‍ර රත්නයන් සතර දෙනාද වශයෙන් දසදෙනකු මෙලොවට දායාද කළ ඉතාමත්ම පිංවත්, වාසනාවන්ත යුවලකි. මෙවන් දරු පිරිසක් ඇතිදැඩි කර මේ පුණ්‍ය භූමියට දායාද කිරීම ඇත්තෙන්ම විශ්වකර්ම ක්‍රියාවකි. සිය ආදරණීය පියතුමා වෙනුවෙන් මෙවන් පුණ්‍ය කර්මයක් කිරීමට ලැබීමත් ඉතා විරල භාග්‍යයකි. මේ රටේ දුප්පත්, අහිංසක, අසරණ ලෙඩුන් සුවපත් කිරීමට ඔබ තුමන් / තුමීයන්ලාට ශක්තිය, ධෛර්යය දෙගුණ තෙගුණ වේවා!!! (නි)

:       0       0

ඉන්ද්‍ර Monday, 30 September 2013 03:37 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල තමයි මේවා. බොහෝ කලක් සමාජ සේවය කිරීමට ධෛර්යය වාසනාව උදාවේවා! ඒ අම්මාටත් විශේෂ ඇගයීමක් කළයුතුයි.ලංකාදීපයේ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. නිතර හොද දේවල් ලියන්න (නි)

:       0       0

ටෙනිසන් Sunday, 29 September 2013 06:47 PM

ඉතාම කලාතුරකින් අහන්න දකින්න ලැබෙන දර්ශනයක්. බලන්නකෝ හැමෝගෙම අදහස්.ඒ ටිකම ඇතිනේ ඒ දිරිය මාතාවටත් මේ දු දරු පිරිසටත් දීර්ගායුෂ ලැබෙන්න. පියසේන මහතා නැවත නැවතත් මේ පුණ්‍ය භූමියේ ඉපද මෙවන් දරුවන් රටට දායාදකොට අවසාන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා ! (නි)

:       0       0

රෝහණ Monday, 30 September 2013 12:57 PM

අද අපට අසන්න ලැබුන ප්‍රවෘත්ති අතර එක්තරා උතුම් ප්‍රවෘත්තියක් තමා මෙය. මෙය අපේ රටටත් ආගමටත් සිංහල ජාතියටත් ආඩම්බරයක්. මෙවැනි දරුවන් ජාති ජාතිත් එකමුතු එක කුරුළු කැදැල්ලේ කුරුළු රංචුවක් වගේ ජීවත් වෙන්න වුමනයි. මෙම දෙමව්පියන් දෙදෙනාත් පෙර අත්මවල කල පින් වල මහිමය නිසා මෙවැනි දරුවන් පිරිසක් ලැබුනේ. අද ඇමතිවරුන්ගේ පුත්තු සල්ලිකාරයන්ගේ පුත්තු කරන්නේ මහපොලව උහුලන්නේ නැති අපරාධ. එහෙව් කාලයක මෙවන් රත්තරන් දරුවන් සිටීම වාසනාවන්තයි. (ස)

:       0       0

අපි සහ අපි Sunday, 29 September 2013 07:23 PM

චන්දි ,මේ ගමන තව අවුරුදු 10 -12 යනවා.මේ ගමනේදී ලංකාවට බොහෝ දේ කළ හැකි බව පේනවා.දිනෙන් දින අඩුපාඩු මග හැරගෙන නොනැවතී යාමට ජවය ලැබේවා!!! (නි)

:       0       0

ෆ්‍රී Monday, 30 September 2013 07:07 AM

ඉතාමත්ම අනගි කටයුත්තක්. ඒ වගේම සෑම අතින්ම යහපත් දෙයක් (නි)

:       0       0

රණා Monday, 30 September 2013 07:53 AM

අපේ ලොකු අක්කත් ඔය වගේමයි. (නි)

:       0       0

තනුජා Sunday, 29 September 2013 07:37 PM

පිරිහෙමින් යන සමාජයක ජීවත් වෙන සියලු ජනතාවට මෙය පූර්ව ආදර්ශයක්.මියගිය පියාට නිවන් සුව පතන අතර ජීවත්ව සිටින මවට සහ ඔබ තුමන්ලාට/තුමියන්ට බුදුසරණයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 September 2013 03:08 PM

වාසනාවන්ත මවු පිය යුවලක් වගේම කල ගුන දත් දුරු පිරිසක් , ජරා ජීර්ණ උන සමාජයට හොඳ ආදර්ශසයක් ඔබවන් උතුම් දු දරුවන් තවත් දස දහස් ගණනින් මගේ පින් බිමට ලැබේවා.(නදී)

:       0       0

2500 යේ බන්දුල Sunday, 29 September 2013 03:08 PM

මේ පවුලේ ලොකු පුතා මොලේ ඇති යහපත් දරුවෙක් වෙලා මග පෙන්වා පවුලම ගොඩදැම්මා. ලබන ආත්මෙදි මගේ අයියා වෙන්න කියලා පතනවා. මෙය කියවද්දී සතුටු කදුලු බේරෙනවා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 29 September 2013 03:13 PM

ආදර්ශමත් පියෙකු වෙනුවෙන් දූ දරුවන්ගේ සාදාරණයක්. මුළු රටටම ආදර්ශමත් පින් කමක්.(නදී)

:       0       0

සරත් Monday, 30 September 2013 08:04 AM

ඔබ සැමට දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

මීසා Sunday, 29 September 2013 07:44 PM

ඔබ සියලු දෙනාටම දීර්ගායුෂ සහ තෙරුවන් සරණයි. (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:51 PM

ආදර්ශමත් වැඩක්. ආදර්ශමත් පවුලක්.සැමට දිගාසිරි.(නි)

:       0       0

කිත්සිරි Monday, 30 September 2013 09:02 AM

සතුටුදායක ප්‍රවෘත්තියක්. ඔබ සැමට ප්‍රණාමය! මියගිය පින්වත් පියාට නිවන් සුව පතමි! (නි)

:       0       0

රන්ජනී Sunday, 29 September 2013 03:43 PM

වාසනාවන්ත දරු පිරිසක්, ලෝකෙට ආදර්ශයක්, මේ පිනෙන් ඔබ සැමට නිදුක්,නිරෝගී සුව ලැබේවා! (නදී)

:       0       0

ධම්ම Sunday, 29 September 2013 03:46 PM

මෙවන් ප්‍රියජනක ප්‍රවෘත්ති නිතර ඇහෙනවානම් අප තව ගොඩාක් කල් ජීවත්වේවි.(නදී)

:       0       0

රාමා Sunday, 29 September 2013 03:57 PM

හරිම ආඩම්බරයි මේ පවුල ගැන. හොඳ දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවෝ, අපේ ගම්පලාතටම එළියක් මේ වගේ ගම්බද ගුණ යහපත් ළමයි. ඔබ සැමට සුබ අනාගතයක්.(නදී)

:       0       0

තිස්ස Sunday, 29 September 2013 09:52 PM

මෙම පියාට නිවන් ලැබෙන්නට හේතු වාසනා වේවා! මතු ආත්මයෙත් ගුනයහපත් මෙම දරුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 794 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 362 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 533 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1817 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1853 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 847 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22524 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22489 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site