IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දොස්තර බීර බොන්න ගිහින් 45000ක බිලක් ගෙවයි

 බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්ට දැන්වූ බවත්, එවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ හැකි බවත්   නුරාධපුර සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.

කැබිතිගොල්ලෑවේ වෛද්‍යවරයකු කළ පැමිණිල්ලක් අනුව එම හෝටලය වැටලූ බවත්, රාත්‍රී දොළහෙන් පසුව මත්පැන් අලෙවි කළ නොහැකි බව බලපත්‍රයේ සඳහන් වුවත් ඉන් පසුවත් මත්පැන් අලෙවි කරන බව තහවුරු වූ බවත් රෝයි ප්‍රනාන්දු මහතා කීවේය.

මිතුරකු සමග හෝටලයට ගොස් බීර බෝතලයක්, දුම්වැටි පැකට්ටුවක් සහ මත්පැන් ග්‍රෑම් 200ක් මිලදී ගත් තමනට රුපියල් 45000කට ආසන්න බිලක් දුන් බවත්, එම බිලෙහි දක්වා ඇති දෑ තමන් මිලදී නොගත් බව කීවත් බිල නොගෙවා හෝටලයෙන් පිටතට ඒමට නොහැකි වූ බවත්, එම නිසා තමා සහ මිතුරා සතු මුදල් එකතු කර බිල  ගෙවූ බවත් වෛද්‍ය වරයා කියා ඇත.

හෝටලයෙන් තමන්ට මත්පැන් අලෙවි කළේ අලුයම එකට පමණ බවත් වෛද්‍යවරයා කියා තිබේ.

තනිව හෝ දෙදෙනකු රාත්‍රී සමාජ ශාලාවලට හෝ ඇතැම් හෝටල්වලට ගොස් මත්පැන් පානය කරද්දී, අඩ නිරුවත් කතුන් පැමිණ එම මේසයේම අසුන් ගන්නා බවත්, ඔවුන් අධික මිල ගණන් ඇති මත්පැන් බෝතල ගෙන්වාගෙන ඒවා බොන මුවාවෙන් බිමට හලන බවත්, ඉන් අනතුරුව ඔවුන් එම මේසයෙන් නැගිට යන බවත්, අවසානයේ එම මේසයේ සිටිනා පුද්ගලයාට කතුන්ගේ බිලත් සමග විශාල මුදලක් ගෙවීමට සිදු වන බවත් කියති.

එය ඇතැම් සමාජශාලාවල හා හෝටලවල කරන උපක්‍රමයක් බවත්, එවැනි තැන්වලට යන්නන් ඒ ගැන සැලකිලිමත් විය යුතු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (0)

දොස්තර බීර බොන්න ගිහින් 45000ක බිලක් ගෙවයි

අරුණ ගුණවර්ධන Thursday, 13 February 2014 03:21 AM

සිරිපාල මහත්තයාගේ කතාව හරියට හරි , ෂොට් එක ගුඩුස් දාල දාගෙන ටෙස් කඩලා බියිට් එකකක් හප හප වැව වටේ ගියානම් වැවත් හරියට මුහුද වගේ තමයි පෙන්නේ මාසයක් බොන්න තිබුන ඔය සල්ලිවලින් (දී)

:       0       0

සත්‍යයා Thursday, 13 February 2014 05:09 AM

වසර 2000 කටත් ඉහත ඉහාමත් විනීත මනුෂ්‍ය කොට්ටාශයක් ජීවත් වූ "අනුරාධ" නම්වූ මේ ශ්‍රේෂ්ට පුරවරය මේ තත්වයට පත්වෙන හේතු සාධක අප විසින් කල් තියා ජනතාවට හා බළධාරීන්ට දැන්වුවත් ඒවා නොතකා හැරීමේ ප්‍රතිපලයක් ලෙස ශුද්ධ නගරය අශුද්ධ වී තිබෙනවා. මේ පාලන ක්‍රමය දිගටම පැවතියොත් ලෝකයේ සුපිරි ගණිකා නිවාස සොයාගෙන විදේශ සංචාරකයින් කෙලින්ම අනුරාහපුරයට එන්න ඉඩ තියෙනවා. එතකොට "රුවන්වැලි" නමින් කැසීනෝත් බිහිවේවි. (අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 12 February 2014 03:25 PM

මම මෙතෙක් හිතලා තිබුනේ මේ තත්වය පවතින්නේ කොළඹ පමණයි කියලයි.(නදී)

:       0       0

කුමාරි Wednesday, 12 February 2014 03:31 PM

ඒ ගැන කොහේ සැලකිලිමත් වෙන්නද? කතුන් දැක්ක ගමන් ඇස් පෙනීම දුර්වල වෙනවා ඇති. (නදී)

:       0       0

සිරිපාල Wednesday, 12 February 2014 03:37 PM

ඉතින් දොස්තර මහත්තයෝ ඇයි ලගින් වාඩි වෙනකම් බලන් හිටියේ? එහෙනම් ඉතින් බිල ගෙවන්නම වෙනවා. නැත්නම් පාඩුවෙ වාඩි වෙලා යාලුව එක්ක බිව්ව නම් හරි. එහෙම බිව්වත් ක්ලබ් එකක නම් ඉතින් බිල ලොකු වෙන එක අරුමයක් නෙමේ. බිල ප්‍රශ්නයක් නම් බාගෙකුයි බයිට් එකයි සිගා පැක් එකයි අරන් යන්න තිබුනනේ මුහුද පැත්තට වගේ.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Thursday, 13 February 2014 07:34 AM

අනේ මන්දා දොස්තර මහත්තුරුම කියනවා ලෙඩ්ඩුන්ට මත්පැන් , දුම්වැටි පාවිච්චිකරන්න එපා කියලා. එහෙම කියල ලෙඩ්ඩුන්ගෙන් සල්ලි අරන් දොස්තර මහත්තයම තහනම් වෙලාවේ ඒවා පාවිච්චිකරනවා.(නදී)

:       0       0

හේලි Thursday, 13 February 2014 07:55 AM

රාත්‍රී සමාජසාලා වල තත්වයේ අද ප්‍රමිතියක් නැහැ. ප්‍රධාන පෙලේ හෝටල් වල පමණක් සමාජශාලා තිබුණු යුගයේ ඒවායේ තත්වය උසස්ව තිබුනා.මේ තත්වය ඇති උනේ තොර තෝංචියක් නැතිව "කැරෝකේ "නමින් සමාජශාලා බිහිවීමට පටන්ගත් දා සිටයි. ඒවා සමාජශාලා නමින් පවත්වාගෙන යන ප්‍රමිතියක් නැති හොර ගුහාවල් පමණයි. හොඳම දෙය වන්නේ තමන් හට යාමට සුදුසුයි සිතන පුද්ගලයන් හට පමණක් එවැනි තැන වලට යන්නට ඉඩදී පිළිගත හැකි මට්ටමේ සමාජශාලා වලට යන එක පමණයි. ගුබ්බැයම් වලට රිංගන්න ගිහින් අපහසුතාවයට පත්වනවාට වඩා එය නුවනට හුරුයි. (නදී)

:       0       0

කොටගම Wednesday, 12 February 2014 04:15 PM

සිරිපාල අයියේ අනුරාධපුරෙත් මූදක් තියනවැයි? (නදී)

:       0       0

ධම්ම Wednesday, 12 February 2014 04:38 PM

පාන්දර එකට ගෙදර හෝ රෝහලේ සිටිය යුතු වැදගත් මහත්තුරු ඉන්නේ තැබෑරුමේ. ඉතින් රටක් සමාජයක් හැදෙයිද? (දී)

:       0       0

අතුල Wednesday, 12 February 2014 04:54 PM

මුහුද පැත්තට ගිහින් බොන එකත් දැන් නීති විරෝදී. ප්‍රසිද්ද තැන්වල බිම තහනම් . (දී)

:       0       0

දිනේෂ් Wednesday, 12 February 2014 05:37 PM

සිරිපාල නුවරටත් වරායක් ඕන කියල කියපු මිනිස්සු හිටියනේ (දී)

:       0       0

සාරංග Wednesday, 12 February 2014 06:33 PM

දොස්තර මහත්තයා උනත් පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනා.(නදී)

:       0       0

නන්ද Wednesday, 12 February 2014 06:53 PM

දොස්තර දන්නවද දන්නේ නැහැ ඔතන වැඩකරන කාන්තාවන්ටත් ගෙවන්න ඕනා කියලා.(නදී)

:       0       0

අශෝකා Friday, 14 February 2014 05:17 PM

මේ මගේ වරද දෙයියෝ , මට සමා වෙන්න (දී)

:       0       0

අනුරාධ Wednesday, 12 February 2014 07:31 PM

බියර් එකක් බොන එක බේබදු කම නොවෙයි. නමුත් බියර් එකකට පමණක් බාර් එකකට යන එකේ තේරුමක් නැහැ. හේතුව නිතරම තමන්ගේ නිලය සහ තත්ත්වය හිතේ තිබිය යුතු නිසයි. මම නම් කාමරේදී බොනවා මිස එක එක තෙන් වල යන්නේ නැහැ. මොකද මත උනොත් මට මාව අමතක වෙයි කියා බයයි. (අ)

:       0       0

කුමාර් Wednesday, 12 February 2014 08:08 PM

ඔව් ඔව් ඉතින් බෞද්ධ කම රැකගන්න ගෙදර ඉඳන් බොන එක තමය් හොඳ, හනේ මගේ කට!!! කුමාර් (දී)

:       0       0

විධුෂක Wednesday, 12 February 2014 09:16 PM

කුම්බලාවෝ මාළු කෑව නම් විදවපන් බලලෝ! කියල තියෙන්නේ කට කහනවාට නෙමෙයිනේ.(අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 12 February 2014 09:53 PM

දොස්තර මහත්තයත් කරන්නේ ඕන් නැති වැඩනේ.ඔය ටික අරගෙන (අ)

:       0       0

චමින්ද Wednesday, 12 February 2014 10:42 PM

දම්ම වගේ බොරු උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3947 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 117 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 207 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 16 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 120 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 248 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site