සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ජනනේද්‍රීය වීඩියෝ ගත කළේ යැයි කියන ශී‍්‍රලාංකික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව බි‍්‍රතාන්‍යය පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රෆාල්ගා චතුරස‍්‍රයේ පඩිපෙල මත වාඩිවී සිට පඩිපෙල නැග එන හා බැස යන කාන්තාවන්ගේ සාය යටට සිය ජංගම දුරකථනයේ කැමරාව එල්ල කරමින් එම කාන්තාවන් වීඩියෝ ගත කරමින් සිට ඇතැයි සදහන්ය.
ජංගම දුරකථනය එහාට මෙහාට හරවමින් සිට ඇති බව කියන මොහුගේ හැසිරීම ගැන සැක සිතූ ට‍්‍රෆාල්ගා චතුරස‍්‍රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරිනියක් මොහුගේ ජංගම දුරකථනය ඉල්ලා එය පරීක්ෂා කළ විටදී එහි තිබූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇතැයි පැවැසේ.ඒවායේ ඇයත් පඩිපෙල නගින බසින අවස්ථා සටහන්ව තිබී ඇතැයි කියැවේ.
වෛද්‍යවරයා ලන්ඩනයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරනා බව සදහන්ය.හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ.
මැන්චෙස්ටර්හි වෛද්‍ය විනිශ්චය සභාව හමුවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලෙඩේ සනීප වෙන්න ඇති... (නි)
වැදගත් වෘත්තියකට ඇතුල්වෙලා ඉන්න අධම පුද්ගලයෙක්. (නි)
ඒ උනාට මෙයාගේ නෝනාගේ ආඩම්බර අඩු නැතුව ඇති. පන්සලෙත් ඉංග්‍රිසියෙන්ම වෙන්න ඇති කතාව. මහා මොළකාරයෝ මොකද මේ සත්තුවත් නොකරන වැඩ කරන්නේ? (නි)
දොස්තර මහත්තය කරලා තියෙන්න පර්යේෂණයක්. (නි)
වීඕජී කෙනෙක් වුණා නම් ඉවරයිනේ (නි)
එතකොට අර ප්ලේන් එකේ යකා නටපු ශ්‍රී ලංකික ක්‍රීඩකයා රටේ නම තියන්න ඇති මම හිතන්නේ (නි)
කොහේ ගියත් ශ්‍රී ලංකාවේ නම කනවා ! (නි)
මෙයා බලු දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. බලු වැඩ කරලා තියන්නේ (නි)
ෆේස්බුක් අප්ලෝඩ් කරන්න වෙන්න ඇති ;)..මෙහෙ ලේසියට පහසුවට ගන්න තියෙන එකම දේනේ...නිරුවත පෙන්නගෙන ඉන්න එක සුද්දියොන්ට අරුමයක් නෙමෙයි.ෆොටෝ ගන්න එක තමයි වැරදි. (නි)
මෙවැනි මානසික ලෙඩ්ඩු අප අතර බහුලයි. ඒත් දොස්තර කෙනෙක් එහෙම වුනාම ඒක ගොඩක් අනතුරුදායකයි. (නි)
දොස්තර වුනත් ලන්ඩන් ගියත් අපේ උන් හුඟ දෙනෙක් හැසිරෙන්නේ මෙහෙමයි.පන්සලේ හාමුදුරු කෙනෙකුත් ලන්ඩන් හිර ගේක ඉන්නවා.අපි හරි ජනප්‍රිය ජාතියක් මේ වගේ වැඩවලට .හැබැයි කතා කරනකොට නම් ඉතින්......... (නි)
දොස්තරලා තරම් අසහනකාරයෝ තවත් නැතුව ඇති. මේ අය කොහොමත් අසනීපවුන කාන්තාවන්ගේ සැගවුනු තැන් පරික්ෂා කරන්න සුරයෝනේ. සැවොම නොවේ සුළු පිරිසක් පමණි ......... (නි)
"එම් ප්‍රනාන්දු" ඔබ කොහොමද කියන්නේ මේ සිංහල කෙනෙක් කියලා? (නි)
වෛද්‍යවරයා හෙළයෙක් වෙන්න ඕනෑ (නි)
අපේ රටෙත් කට්ටිය පඩි නගින්නේ බලාගෙනයි. ජනනේන්ද්‍රිය පේන්න පුළුවන්. (නි)
කෝ ගත්ත පින්තුර ටික? (නි)
මානසික රෝගයක්. අනේ පවු අසරණයා. (නි)
පොලිස් නෝනා බොරුනේ කියලා තියෙන්නේ. එයාලා අදින්නේ කලිසම් නේ. එයා ඔය පර්යේෂණයට කරුණු රැස් කරලා තියෙන්නේ.හරි අසාධාරනයි ඇල්ලුව එක. (නි)
අපි ඔක්කොම තවම ගහෙන් බැහැලා වැඩි කාලයක් ගත නොවුණු සත්තු. ස්වාභාවික තිරිසන් හැගීම්, ගති ගුණ එහෙමම අපේ ජානවල තියෙනවා. බාහිර උගත්කමින් හරි අභ්‍යන්තර මානසික හික්මීමෙන් හරි ඒ හැගීම් අඩු වැඩි වශයෙන් යටපත් කරගෙන තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. උන් හිටි ගමන් ඒ බාහිර 'මිනිසා' යටපත් කරගෙන අභ්‍යන්තර 'තිරිසනා' ඉස්මතු වෙනවා. (නි)
පින්තුර ගත්තේ පඩිපෙළ මාරුවෙනකොට. කැලේ මාරු වුනාට පුල්ලි මාරුවෙන්නේ නැහැ වගේ කියලා තේරුම් ගත්තා. (නි)
වෛද්‍යවරු බොහෝ විට කරන ලිංගික අතවර හසුවෙන්නේ නැහැ. විශේෂයෙන් ගැබිනි මවුවරු පරීක්ෂා කරන වෛද්‍යවරු මේ ගණයට අයත් ඒ අය ගැබිණි මවුවරුන්ව පොලඹවා ගන්නවා. නැත්නම් ඒ අයව අනවශ්‍ය පරීක්ෂා කිරීම් වලට ලක් කරනවා. දුප්පත් මිනිස්සු දන්නේ නැහැ දොස්තර මොනවා කරනවාද කියලා. ඕනෑ දෙයකට එකග වෙනවා. වැඩිපුරම කාම වැරදි සිදුවන්නේ රෝහල් වල බව අහලා තියෙනවා. (නි)
එංගලන්තයේ හදවත් තියෙන්නේ ඔය කියන ඉන්ද්‍රිය අසලද? අනේ මම සෞඛ්‍යය පාඩමට ඉගෙන ගෙන තියෙන්නේ බොරු නේ.' ."මට තේරුම් ගන්න අක්කේ බැරි මොකද'? (නි)
තංගල්ල පැත්තේ ප්‍රාදේශීය සබාවේ සබාපතිකමට සුදුසුකම් තියෙනවා. මේ දොස්තරගේ සම්පූර්ණ නම එංගලන්තේ පත්තර වල දාලා තියෙනවා පොටෝ එකත් එක්ක. (නි)
කාන්තාවන්ගේ හෘද රෝග සම්බන්ධයෙන් වෙන්නැති පරීක්ෂණය? තොරතුරු සොයමින් ඉන්න ඇති කිසියම්වූ සමානුපාතික ක්‍රමයක් තියෙනවද බලන්න? (නි)
දොස්තරට කන්තාවන්ගෙ හෘදය වස්තුව වැරදිලා වෙන වස්තුවකට කැමරාව එල්ල කරලා වගෙයි (දී)
මරු දොස්තර. අනුන්ගේ ගැහැනුන්ගේ ෆොටෝ ගන්නේ, එයාගේ නෝනගේ ෆොටෝ ගත්තා නම් ඉවරනේ. රට කන්නේ නැතුව (දී)
එන්ගලන්තේ ඉන්න කාන්තාවන්ගේ ජනනේන්ද්‍රිය බැලුවම හදවත පේනවද දන්නේ නැහැ (දී)
මෙයා දොස්තරයෙක් වුනාට බැල්මට් කෙනෙක් (දී)
ඔය ගොල්ල කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මෙයා එන්ගලන්තයේ ඉපදුන මෙහෙ හැදුනු වැඩුනු දොස්තර කෙනෙක්.වැරදි වැඩක් කලාම ලංකාව ගෑවුනු තැන උලුප්පනවා. (දී)
මේ මානසික රෝගියා කොහොමද දොස්තර කෙනෙක් වෙන්නේ? මම නම් හිතන්නේ දොස්තර කෙනෙක් නෙවෙයි. (දී)
මෙයාගේ පර්යේෂණයට හෘදයක් අවශ්‍ය වෙන්න ඇති.පැත්ත මාරු වෙලා. (දී)
උපාලිගේ අදහස මමත් අනුමත කරනවා! ඩෙස්මන් මොරිස්ගේ "නිරුවත් වානරයා" සහ " මනුසත් උයන" කියන පොත්දෙකෙත් මෙය හොදටම පැහැදිලිකරලා තියෙනවා. මම හිතනවා උපාලි මේ පොත් දෙක කියවලා ඇති කියලා (දී)
රංජනී ඉන්නෙත් ඔය රටේනේ! එයත් මේකට අහුවෙලද දන්නේ නැහැ (දී)
මෙම වෛද්‍යවරයාගේ නම සිංහල වුණත්, ඉගෙනගෙන තියෙන්නේ එංගලන්තයේ. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. හැබැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වලට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන බව නම් විශ්වාසසි. (නි)
මේකට වරුණ මොකක්ද කියන්නේ! (අ)
අයියෝ ඕක සුලුදෙයක් මේක පරීක්ෂණයට අත්‍යවශ්‍ය කරුණු රැස් කරන්න ඇති.(අ)
කරන්න ගිය වැඩේ නැතුව වෙන වෙන දේවල් කරනවට හොඳ දඬුවම් දෙන්න (නි)
පඩිපෙළේ ජංගම දුරකථනය එහාට මෙහාට හැරවීම හා හෘද රෝග පර්යේෂණයක් ආරම්භ කිරීම වරදක්ද? (නි)
මේක කලේ නින්දෙන් වෙන්න පුළුවන් ....(අ)
අනුකම්පා කලයුතු මානසික රෝගියෙක්..(අ)
අය්යෝ දොස්තර අපේ රට කනවා, උගත් මෝඩයෙක් මානසික රෝගියෙක් (අ)
කොහේ ගියත් සිංහල කම පෙන්වන්නේ ඕනි එක .නැත්නම් ගතියක් නැ අපේ අයට.එක්කෝ ගහගන්නවා අනුන්ගේ කෙල්ලෙක් නිසා නැත්නම් හොදටම බීලා මරා මරාගන්නවා ජම්ම ගතිය කියන්නේ ඕකට තමා (අ)
නොදන්න නිසා අහන්නෙ. කාන්තාවන්ගේ ජනනේද්‍රීය කොහෙද තියෙන්නෙ? (නි)
මෙයා අර දේවාලයේ කපුරලට දෙවැනි නෑ, (අ)
ෂුවර් එකට හම්බන්තොට පැත්තේ කෙනෙක් වෙන්න ඇති (නි)
අර කට්ටිය මේක දන්නවද ? මරු (නි)
සැබෑ වෙනසක් තියනවද කියලා හොයන්න ඇති (නි)
ඕක තමයි මම කිව්වේ කරන රස්සාව අනුව මිනිස්සු වැදගතුන් වෙන්නේ නැහැ කියලා. හොයල බලන්න ඕනෑ මෙයා ලංකාව එපා කියලා ගියපු එක් කෙනෙක්ද කියලා. (නි)
මම හිතන්නේ නැහැ වැරැද්දක් කරලා ඇති කියලා.සමහරවිට යටට අඳින ඇඳුම් පිරිසිදුව තියෙනවද කියලා පරීක්ෂණයක් කරනවා ඇති.මොකද ජනේන්ද්‍රිය ෆොටෝස් ගහන්න ගැහැනු අය යටට ඇඳුම් අදින්නේ නැතුවද යන්නේ. (නි)
කැලේ මාරු උනාට පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. (අ)
ප්‍රනාන්දු මහත්තයා, මේක සිංහලකම නෙමෙයි. නියම හෙළයා ඕවා කරන්නෙ නැහැ (නි)
ප්‍රනාන්දු, ඔයා දන්නා දෙයක් නැහැ. (නි)
සුද්දෝ ඇවිල්ලා මෙහෙ කුඩා පිරිමි ළමයි ගැහැණු ළමයි තම විකෘති ආශාවන් වලට යොදා ගන්න අතර, ඒ වැන්නන් නීතියේ රැහැනට අසුවු විට ඒ අයට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අදාල දඩ මුදල් හා නීතිමය අනුග්‍රහය දක්වයි. ඒවා බ්‍රිතානයේ පත්තරවල හෝ වෙබ් පීටුවල් වල පල නොවෙයි. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශිෂ්ට බව ලෝකෙට කියාපෑමට බාධාවක් බැවිනි. ඒ නමුත් බ්‍රිතාන්‍යයේ රාජකීයන්, ප්‍රසිද්ද නළුවන්, ක්‍රීඩකයන්ගේ නිරුවත් ජායාරුප, විඩීයෝ පට අනවසරයෙන් පල කර මාධ්‍ය නීතියෙන් බේරී ඉතා දක්ෂ ලෙස තම කටයුතු මානාව කරයි. ඒ වැනි ගොසිප් පුවත් පත් බ්‍රිතානයේ අතිශය ජනප්‍රිය අතර, ශිෂ්ට සම්පන්න සුදු මහත්වරු / මහත්වරියන් කොපි කෝප්පයක් තොලගාමින් එවැනි පත්තර බලමින් විනෝද වෙයි. (නි)
ෂුවර් එකටම කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇති. මේක බ්‍රිතාන්‍ය විසින් හිතාමතාම කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. ඒකයි කොන්දොස්තර දොස්තර වෙලා ඇත්තේ. (නි)
මේ වගේ දේවල් බුද්ධිමත් කියන අය කරන එකයි හිතට දුක.කලින් වතාවක ස්විස්ටර්ලන්තයේ ඉන්න ලංකාවේ ආචාර්යවරයෙක් ෆේස් බුක් හරහා හිතවත් කරගත් කරගත් ලංකාවේ තරුණියන් ලංකාවේදී සුපිරි හෝටල වලදී අස්වාභාවික ලිංගික ක්‍රියාවල නිරතවෙලා අත් අඩංගුවට අරගෙන තිබුනා.එයත් දොස්තර නෝනා කෙනෙක්ගේ සැමියෙක්.ලංකාවේ ගරුත්වය වගේම තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගන්න එකයි හොඳ. (නි)
මේ කුණු ශරිරය ගැන දන්නා අය මේ මොකද කරන්නේ .? (නි)
ලංකාවේදී අතපය කපල දාලා, ගර්භනී මව්වරුන්ටත් අතවර කරලා, ශිෂ්‍යාවෝ පරීක්ෂා කරන ඒවා වීඩියෝ කරලා, ලෙඩ්ඩුන්ට බේත් නොදී ක්‍රිකට් මැච් බල බලා ඉදලා ඒවා දුර දිග ගිහින් පොලිසියෙන් එන්න කිවුවත් නොගිහින් ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනකොට වර්ජන තර්ජන කරලා බේරෙනවා වගේ එහෙත් බේරෙන්න පුළුවන් කියලද දන්නේ නෑ හිතුවේ ? (නි)
නම මොකක්ද? ලංකාවට ඇවිල්ලත් ඕවා කළේ නැත්නම් තමා පුදුමේ. නම ප්‍රසිද්ධ කරන්න. (නි)
කාන්තාවන්ට ජනනේන්ද්‍රිය කියන එක තියනවා කියලා මම අද තමා ඇහුවේ (නි)
නැහැ ..නැහැ පොඩි සමීක්ෂණයක් ඒක, රටවල් අතර වෙනස බලන්න. (නි)
ලංකාවේ කන්න දෙයක් ඉතුරුවෙලා තියනවද? (නි)
එතකොට යට ඇදුම්? (නි)
අඩුකුලේ වැඩ කරන එක ජන්ම පුරුද්දක් කරගත්තු මෙහෙව් අය එක්ක ලෝකයේ දියුණු රටවල් සමග තරග කර ලංකාව ලෝකයේ ආශ්චර්යමත් රට බවට පත්කිරීම හීනයක් විතරයි. (නි)
සේරටම මුල ජනේන්ද්‍රිය. (නි)
ඒ කියන්නේ යට ඇදුම් අදින්නෙ නැති අයත් එංගලන්තේ ඉන්නවද? (නි)