බණ්ඩාරගම රඹුක්කන වෛද්‍යවරියකට අයත් සිව්මහල් නිවසට ඇතුළු වී වෛද්‍යවරිය බිය ගන්වා රුපියල් තිස් දහසක් හා රුපියල් 120000ක රන් බඩු සොරා ගත් බව කියන දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බණ්ඩාරගම රඹුක්කන වෛද්‍යවරියකට අයත් සිව්මහල් නිවසට ඇතුළු වී වෛද්‍යවරිය බිය ගන්වා රුපියල් තිස් දහසක් හා රුපියල් 120000ක රන් බඩු සොරා ගත් බව කියන දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යයේ ප්‍රතිඵල. ඔහොම යං. (අ)
අද කාලේ ජීවන වියදම බොහොම ඉහළයිනේ (නි)
කරපු අයව දුම් මැස්සක දාල කරෝල කරානම් හරි..(අ)
හැැබැයි මහල් හතරක් වෙලත් තිබුන දේ බැලුවහම හොරුන්ට හොඳ වැඩේ කියලා තමයි කියන්න වෙන්නේ (නි)
ආර්ථික ප්‍රශ්න නිසා පීඩිත වූ ජිවිත.... (නි)
මහල් හතරක නිවසක සීසීටීවී කැමරා නැද්ද? (නි)
අද රටේ හැමතැනම හොරු (නි)
දොස්තරලගේ ගෙවල් වල නිතරම මුදල් තිබෙන නිසා , හොරු දන්නවා වරදින්නේ නැහැ කියලා. (නි)
දැන් අපිටත් වෙන්නෙ හොරකම් කරන්න තමා. නැතුව මේ ලැබෙන සොච්චම් වැටුපෙන් පුද්ගලික අංශයේ සේවය කරන අපි කොහොම ජීවත්වෙන්නද? (නි)
තමන් ඉගෙනගන්න ඕනෑ කාලයේ මහන්සිවෙලා ඉගෙනගන්නේ නැහැ. ඉන්පසු රැකියාවක් කරන්න පුළුවන් වයසේ මහන්සිවෙලා එහෙම කරන්න කැමතිත් නැහැ. යන්තම් උසස් පෙළ පාස් වෙලා සමාගම් අධ්‍යක්ෂක කෙනෙක්ගේ වැටුප බලාපොරොත්තු වෙනවා. පරිගණක දැනුම ආදී වෙනත් අද කාලයේ අත්‍යවශ්‍ය කුසලතා මොනවත් නැහැ. වෘත්තීය දැනුම දියුණු කරගන්න උවමනාවක් නැහැ. උසස්වීම් නැහැ කියලා නහයෙන් අඩනවා. නැත්නම් ආණ්ඩුවට බනිනවා. අන්තිමට මහන්සිවෙලා ඉගෙනගෙන මහන්සිවෙලා හරි හම්බ කරන කෙනාගෙන් කඩාවඩාගෙන හරි ජීවත්වෙන්න ඕනෑ කියලා හිතනවා. (නි)
බහුතරකට ආර්ථික ප්‍රශ්න ඇතිවෙන්නේ තමන්ගේ ආදායමේ හැටියට ජීවත්වෙන්න දන්නේ නැතිකම නිසයි. පිටරට ගිය මගේ මිතුරෙක් කිව්වා ස්ථිර රැකියාවක් ලැබෙනතෙක් ඔහු කෑවේ යන්තම් එක ව්‍යාංජනයක් එක්ක බත් ටිකක් නැත්නම් පාන් පෙති කීපයක් කියලා. (නි)
කෙවින්, ඔබ හරි.අද ලංකාවේ ඇතිවීගෙන යන්නේ ඇති නැති පරතරයයි. නැති කෙනා තියෙන කෙනාගෙන් හොරකම් කරනවා.කව්රුහරි කමක් නැහැ. (නි)
ආර්ථික ප්‍රශ්න වලට යම් යම් විසඳුම් සොයා ගන්න පුළුවන්. මම ඉන්නේ කොළඹ බොහොම ඉඩකඩ අඩු, වත්තක් කියලා දෙයක් නැති තරම් තැනක. නමුත් මම පොඩි බිම් කඩක ගොටුකොල නිවිති මාළු මිරිස් අමු මිරිස් ආදී එලවලුපලා රැසක් වවනවා. මේ ඔක්කොම කරන්නේ රැකියාවකුත් කරන ගමන්. ගෙදරට එන අමුත්තන්ට මම සංග්‍රහ කරන්නේ මගේ පොඩි ගෙවත්තෙන් කඩා ගත්ත එළවලු ඇතුලත් කෑම වේලකින්. ඊළඟට මම සති අන්තයේ උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ට උපකාරක පන්තියක් පවත්තනවා. සැමියාගේ වැටුප මදි කියලා කන් කෙඳිරි ගාන්න වත් , සල්ලි අමාරුකම් ගැන හිතල පපුවේ අමාරු හදා ගන්නවත් අවශ්‍ය නැහැ. (නදී)
කවීන් රටේ ආර්ථිකය ගැන දරන මතයට මම විරුද්ධයි. (නි)